IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


'හුනුවටය' නාට්‍යය උතුරේ දෙමළෙන් පෙන්වයි

20161115North-1යුද්ධයෙන් පසුව උතුරු, නැගෙනහිර ජනතාවට මුහුණදීමට සිදුවන එදිනෙදා ගැටලු හා එම ගැටලු ජයගන්නා ආකාරය ඇතුළත් 'හුනුවටය' සිංහල නාට්‍යය දෙමළ බසින් පරිවර්තනය කර 'වෙන්කට්ටි වට්ටම්' නමින් උතුරේ ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇතැයි ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක පරාක්‍රම නිරිඇල්ල මහතා පැවසීය.

20161115North-7හෙතෙමෙ මේ බව පැවසුවේ, මේ දිනවල උතුරු පළාතේ ප්‍රදර්ශනය කෙරෙන 'හුනුවටය' වේදිකා නාට්‍ය‘යේ දෙමළ පරිවර්තනය වූ ‘වෙන්කට්ටි වට්ටම්' නාට්‍ය ප්‍රදර්ශනය වූ අවස්ථාවකට සහභාගි වෙමිනි.

සාමය තේමාව කරගත් නාට්‍යයක් නිෂ්පාදනය කර එය උතුරු පළාතේ ප්‍රදර්ශනය කර සංහිඳියාව ගොඩනැගීමට උත්සාහ දැරීමකට වඩා එම පළාත්වල ජනතාවගේ හදවතට සමීප සිංහල නාට්‍යයක් දෙමළට පරිවර්තනය කර ප්‍රදර්ශනය කිරීම හරහා සංහිඳියාව ගොඩනැංවීම වඩා වැදගත් බව හෙතෙම පැවසීය.

'හුනුවටය' සිංහල නාටකය "වෙන්කට්ටි වට්ටම්" නමින් දෙමළ භාෂාවට පරිවර්තනය කර ඇත්තේ 'කුලදේ ෂන්මුගලිංගම්' නැමති දෙමළ නාට්‍ය පිටපත්කරුවාගේ පරිවර්තනයක් ඇසුරින් බවත්, ඊට යුනෙස්කෝ සංවිධානයෙන් මූල්‍ය අනුග්‍රහය ලැබුණු බවද නිරිඇල්ල මහතා පැවසීය.

පරාක්‍රම නිරිඇල්ලයන්ගේ 'හුනුවටය' සිංහල නාට්‍ය‘යේද, දෙමළ නාට්‍යය වූ 'වෙන්කට්ටි වට්ටම්' නාට්‍යයේත් ගෲෂාගේ චරිතයට පණපොවනුයේ 'ලීලාවතී සෙල්වරාජ්' නැමැති දෙමළ තරුණියයි.

20161115North-2

 

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පරාක්‍රම නිරිඇල්ල මහතා,

"හුනුවටය කතාවේ දෙමළ පරිවර්ථතය වුණු 'වෙන්කට්ටි වට්ටම්' නාට්‍යයේ ගෲෂාගේ චරිතය දෙස බලන විට ඇය මුහුණදෙන ගැටලු හා ප්‍රශ්න සියල්ලක්ම පාහේ උතුරු නැගෙනහිර වැසියන් යුදසමයේදී විඳි ගැටලුවලට බොහෝ සෙයින් සමානයි. මේ නිසා එම නාට්‍යය ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව යළි විමසා බලන, ඔවුන්ගේ දුක කතාකරන ඔවුන්ගේම නාට්‍යයක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා 'වෙන්කට්ටි වට්ටම්' නාට්‍යයට උතුරු, නැගෙනහිර දෙමළ ප්‍රෙක්ෂකයන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා." යනුවෙන් පැවසීය.

වවුනියාව - මධුෂංඛ අමරසිංහ

20161115North-6 20161115North-320161115North-5



අදහස් (0)

'හුනුවටය' නාට්‍යය උතුරේ දෙමළෙන් පෙන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකා-ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍ර සංගමයක්
2025 මාර්තු මස 28 102 1

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.


දියේ ගිලී හමුදා භටයා මරුට
2025 මාර්තු මස 28 218 0

පහළ දිවුල්වැව වැවේ දිය නෑමට ගිය හමුදා භටයෙකු දියේ ගිලී මියගිය බව කපුගොල්ලෑව පොලිසිය කියයි.


මීළඟ පොලිස්පති පුටුවට කාටද?
2025 මාර්තු මස 28 2753 7

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් පහකිරීමේ යෝජනාව ඉදිරිපත් වීමත් සමගම එම ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු අතර සීතල යු


හෂීෂ් සමඟ සූපවේදීයා අත්අඩංගුවට
2025 මාර්තු මස 28 675 2

රුපියල් ලක්ෂ අටකට ආසන්න වටිනා හෂිෂ් මත්ද්‍රව්‍ය සමඟ සූපවේදියෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි.


වළදමා තිබූ ගිනි අවියක් සොයාගනී
2025 මාර්තු මස 28 446 1

බදුරලිය කෙලින්කන්ද ප්‍රදේශයේ පාළු ඉඩමක වළදමා තිබූ ගිනි අවියක් සහ ජීව පතුරම් කීපයක් සොයා ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි.


තැනින් තැනට සවස 2.00 පසු වැසි
2025 මාර්තු මස 28 72 0

බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙප


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 485 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 685 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1380 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site