IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


අමරසිරි පීරිස් දුටු ‘උන්මාද සඳ’

”උන්මාද සඳ” ගීතය මෙසේ ගයනු ලබන්නේ ප‍්‍රවීණ සංගීතවේදී විශාරද අමරසිරි පීරිස් විසිනි. මෙම ගීතය සංගීතවත් කළේ ආශා විජයන්ති වීරසිංහ වන අතර පද රචනය අසංගි විජේසූරියගෙනි.

මෙතෙක් කලක් ”හන්තානට පායන සඳ” වෙතින් හමුවූ අමරසිරි ”උන්මාද සඳ” වෙතින් දැන් හමුවේවි.

මෙම ගීතය පිළිබදව හා ප‍්‍රසංගය පිළිබඳ විස්තර පැවැසීමට මෙම ගීතයේ පද රචනයෙන් සහ මෙම ප‍්‍රසංගය සංවිධානය කරනු ලබන අසංගි විජේසූරිය සඳැල්ල අප සමග එක්වූයේ මෙලෙසිනි.

මෙය මගෙ 11 වෙනි ගීතය. මම මීට කලිනුත් ගීත රචනා කළා. මගේ ගීත ප‍්‍රසිද්ධ ගායකයන් කිහිපදෙනෙක්ම ගායනා කරලා තියෙනවා. මම අවුරුදු 7ක් රජරට ප‍්‍රදේශයේ රැුකියාව කළා. එහිදී මම ස්වභාව සෞන්දර්ය, ඓතිහාසික පසුබිම හා පූජනීයත්වය යන කාරණා 3 ම ගොඩක් වින්දා. ඒ සුන්දරත්වය මගෙ නිර්මාණ හැකියාවට විශාල පිටිවහලක් වුණා. එක් පෝය දවසක මම රැුකියාවට ගිහින් එනකොට කනදරා වැවේ වම් පැත්තට සඳ එළිය වැටිලා රිදී තලාවක් වගේ බබළනවා දැක්කා. ඒ අවස්ථාවේ මම දැක්ක ස්වභාව සෞන්දර්ය අනූන දර්ශනය නිසා තමයි පළමු ගී පදය මගෙ හිතට ආවේ. අනිත් කාරණා මගෙ යහළුවන්ගෙ සහ මගෙ ජීවිතයේ විවිධ පේ‍්‍රමනීය අත්දැකීම්, විරහ කාරණා පදනම් කරගෙන කාලයක් අරගෙන තමයි මම ලිවුවේ. උපේක්ෂා සහගත පෙම්වතිය මුර්තිමත් කිරීමටයි මම මේ ගීතය ලිවුවේ. විරහ වේදනාව විඳින පෙම්වතියගෙන්, පෙම්වතා සමාව අයදින ලෙස මෙම ගීතය ඉදිරිපත් වෙනවා.

20170202Amarasiri-1මේ ගී පද ලියලා, අවුරුද්දක්, 2ක් විතර මම තියාගෙන ඉන්නකොට මගේ සංගීත ගුරුවරු කිහිපදෙනෙක්ම මේ ගී පද මාලාව අමරසිරි පීරිස් මහතාට සුදුසුයි ඔහුට යොමු කරන්න කියලා යෝජනා කළා. මගෙ හිතවතෙක් හරහා මෙම පද මාලාව අමරසිරි පිරිස් මහතාට යොමු කළාම එතුමා ගීතයක් කරන්න කැමති වුණා. එතුමා කැමතිවෙලා දවස් තුනකට පසු මෙම ගීතයේ රෙකෝඩින් කරලා ඉවර කළා. ඇත්තටම, එතුමා ජ්‍යෙෂ්ඨයෙක් ලෙස නවකයන්ට ලබාදෙන ඉඩ ප‍්‍රස්ථාව ඉතා විශාලයි.

මෙම ගීතයෙ වීඩියෝව මගෙ නිෂ්පාදන ආයතනය වන ෆීමික්ස් කි‍්‍රයේෂන්ස්’ ආයතනයෙන් කළා. මෙම වීඩියෝව සඳහා රංගනයෙන් නුවන් ශ්‍රී දමිත් කුමාර සහ මල්ෂි ප‍්‍රනාන්දු දායක වෙනවා. දැනට සියලූම මාධ්‍යවල මෙම ගීතය ප‍්‍රචාරය වෙනවා. මෙම ගීතයේ වීඩියෝව නිර්මාණය කළේ අනුරාධපුර ප‍්‍රදේශයේදී.

”උන්මාද සඳ” පළමු ප‍්‍රසංගය පෙබරවාරි මස 11 වන දින සවස 3.00ට සහ සවස 7.00ට ප‍්‍රසංග 2ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අනුරාධපුර, ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ රංග ශාලාවේදී තමයි මෙම ප‍්‍රසංගය පැවැත්වෙන්නේ. ”ෆීමික්ස් කි‍්‍රයේෂන්ස්” ආයතනයෙන් හා අන්තර්ජාලය හරහා කි‍්‍රයාත්මක වන හරිත අගෝස්තු සමාජ සත්කාරක මිතුරු හවුලෙන් තමයි මෙම ප‍්‍රසංගය සංවිධානය කරන්නේ. අනුරාධපුරයෙන් මෙම ප‍්‍රසංගය ආරම්භ කරලා ලංකාව පුරා ප‍්‍රසංග 30ක් පමණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙම ප‍්‍රසංගයේ සංගීතය මෙහෙයැවීම ප‍්‍රවීණ සංගීතවේදී නාලක අංජන කුමාරගෙනුත් ප‍්‍රසංගය ඉදිරිපත් කිරීම ප‍්‍රවීණ මාධ්‍යවේදී වසන්ත රෝහණගෙනුත් සිදුවෙනවා. සෑම ප‍්‍රසංගයකදීම අලූත් නිර්මාණකරුවෙක්/දක්ෂ සිසුවෙක් රටට හඳුන්වාදීමටද බලාපොරොත්තු වෙනවා.

මෙම ප‍්‍රසංගය ගැන 0787571729 දුරකථන අංකයෙන් විමසිය හැකියි.

සඳුනි ඉමල්කා 



අදහස් (0)

අමරසිරි පීරිස් දුටු ‘උන්මාද සඳ’

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නාමල් තාත්තාගේ වැරදි පෙන්නයි
2025 මාර්තු මස 28 406 1

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධ


චාමරට එරෙහිව තවත් චෝදනා: ’’කෝප්’’ අල්ලස් කොමිසමට යයි
2025 මාර්තු මස 28 631 2

සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර


’’මියන්මාර භූ කම්පනයෙන් එරට ලාංකිකයන්ට අනතුරක් නෑ’’
2025 මාර්තු මස 28 349 0

මියන්මාරයේ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්‍රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කිසිවෙකුට අහිතකර බලපෑමක් එල්ල වූ බවට තොරතු


මීරිගම - කඩවත අධිවේගේ වැඩ කඩිනම් කරන්නැයි ජනපති උපදෙස්
2025 මාර්තු මස 28 576 1

මහනුවර - කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම - කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්⁣ට උපදෙස් ලබා දුන්නේය.


ලක්ෂ අටකට අවුරුදු තෑගි මලු ලැබෙන්නේ මෙහෙමයි
2025 මාර්තු මස 28 421 1

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 8කට අලුත් අවුරුදු සමයේ සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපත


දක්ෂිණ අධිවේගීයේ බස් රථයක ගින්නක්
2025 මාර්තු මස 28 805 1

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගත් බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 511 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 702 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1398 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site