IMG-LOGO

2025 මාර්තු මස 30 වන ඉරිදා


ආසියාවේ හොඳම නිරූපිකාව පියුමි හංසමාලි

2016-12-24-ent-31

නිරූපිකාවක ලෙස ප‍්‍රකටව සිටින පියුමි හංසමාලි පසුගියදා තුර්කියේ ඇන්ටාලියා නුවරදී පැවැති ආසියානු නිරූපිකා තරගයට ඉදිරිපත්වූ අතර, එහිදී ආසියාවේ හොඳම නිරූපිකාවට හිමි කිරුළ හිමි කර ගත්තාය. ඒ කිරුළට අමතරව සැන්ඳෑ කාලයට වඩාත් උචිත විලාසිතා අංශය සඳහා වු අංශයේ ජයග‍්‍රහණයද හිමි කර ගත්තේ ඇය විසිනි. ඒ ගැන සහ ඇයගේ කලා කටයුතු ගැන කියන්නට සඳැල්ල සමග එක් වු මොහොතකි මේ.

 

පියුමි මේ ලැබූ ජයග‍්‍රහණය ගැන විස්තරයක් කළොත්?

2016-12-24-ent-32ආසියාවේ හොඳම නිරූපිකාව කිරුළ වෙනුවෙන් මේ තරගය පැවැත්වුණේ තුර්කියේ ඇන්ටාලියා නගරයේදීයි. ආසියාවේ රටවල් පනහක විතර නිරූපිකාවන් මීට සහභාගී වුණා. එහිදී ජයග‍්‍රහණය හිමිවුණේ ශ්‍රීලංකාව නියෝජනය කළ මටයි.

 

කා එක්කද ඔබට සටන තිබුණේ?

රටවල් පනහෙම නිරූපිකාවන් එක්ක ලොකු සටනක් තිබුණා. එයාලා ඔක්කොම එකිනෙකාට නොපැරදෙන තරමේ සුන්දර රූ සපුවකින් යුතු රුවැත්තියන්. ඒ ලස්සන ගර්ල්ස්ලා දැක්කාම මට බයත් හිතුණා. ඒත් මම සටන අත්හැරියෙ නැහැ.

 

එහෙම නම්, ඒ ලස්සන ළඳුන් පරදා ඔබට ජය ලැබුණු විශේෂ හේතුව මොකක්ද?

එය නිරූපන ශිල්පිණියන් දායකවූ තරගයක්. මම නිරූපිකාවක ලෙස මෙරට නිරූපන වේදිකාවේදි බොහෝ අත්දැකීම් ලබා ඇති කෙනෙක්. ඒ අත්දැකීම් මේ තරගය ජය ගැනීමට මට වඩා වාසිදායක වුණා. කොහොමටත් තරගයකට හෝ ඕනෑම කලා කටයුත්තකදී ඊට ඉදිරිපත් වුණාම මම මගේ දායකත්වය උපරිමයෙන් ලබා දෙන කෙනෙක්. ඒ වගේම සටනට මුහුණ දෙනවා හැර පසු බසින චරිතයක් නෙවෙයි.

 

පියුමි ගැන මෙරට සමාජජාලා අඩවිවල නිතර පුවත් මැවෙනවා. ඔබ ඒවා කඩාගෙන යන්න හදන චරිතයක්ද?

ඇයි එහෙම හිතෙන්නේ?

 

හිතෙන්නේ කියන්නේ එහෙම නේද වෙලා තියෙන්නේ ?

දැන් එහෙම දෙයක් වේගෙන යන බව පෙනෙනවා. ඒක මම හිතලා කරන දෙයක් නම් නෙවෙයි.

 

හැබැයි නිතරම පියුමිට ”ෆේස්බුක්” නැතුවම බැහැ වගේලූ නේද?

ෆේස්බුක් එකේ පෙනී සිටිනවා. ඒක මම විතරක් කරන දෙයක් නෙවෙයි. දැන් කාලයේ කවුද ෆේස්බුක් නැත්තේ නේද?

 

පියුමි කියන්නේ, විසේකාර, දඟකාර, හැඩකාර සුන්දර චරිතයක්ද? නැත්නම් කොහොම කෙනෙක්ද?

ඔය සියල්ලෙහි සම්මිශ‍්‍රණයක්. හැබැයි මම මවක්. මගේ යාළුවෝ එක්ක කාලය ගත කරද්දී එයාලට මම හොඳ මිතුරියක්. නමුත් මවක් ලෙස මම මගේ වගකීම් සහ යුතුකම් කිසි විටෙකත් පැහැර හැරිය කෙනෙක් නෙවෙයි. ඒ සියල්ලෙහි වගකීම් දරාගෙන සුන්දරව ජීවත් වන කෙනෙක්.

 

ජීවිතය මොකක් කියලද හිතන්නේ?

පුදුමාකාර දෙයක්. ගැහැණියක වී ඉපදුනාම සමාජයෙන් කතා අහන්න වගේම, සෑහෙන්න දුක් ගැහැට වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ආසියාවේ ස්වභාවය එහෙමයි. නමුත් දෙවියන් වහන්සේ දුන් ජීවිතයට අප මුහුණ දිය යුතුයි. විටෙක මට ජීවිතය එපා වී මැරෙන්න හිතනෙ තරමේ ප‍්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් මැරෙන එක එක් මොහොතක් විතරයි. ජීවිතය කියන්නෙ ඊට වඩා විශාල දෙයක්. මම මවක්. දැන් මට ඕනෑම දෙයකට මුහුණ දීලා ජීවත් වෙන්නෙ දරුවා වෙනුවෙන්. ඒ නිසා මම වඩා ශක්තිමත් ගැහැණියක්.

 

ෆේස්බුක් ඇතුළු සමාජජාලා අඩවි ඔස්සේ නිතර පෙනී සිටින ඔබ ගැන එක එක්කෙනා එක් එක් විදිහට හිතන්න පුළුවනි. කොහොමද ඔබට වටපිටාවෙන් ලැබෙන ප‍්‍රතිචාර?

බොහෝ දෙනාගෙන් හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නේ. ෆේස්බුක් එකේ මිතුරු වු සහෝදරයින් බොහෝ විට මාව දැක්කාම අක්කේ ඔයා හරිම ලස්සනයි. ඔයාගේ මූණට අපි හරි ආසයි. ඒ වගේ ප‍්‍රතිචාර දක්වනවා. ඒ අතරේ වැඩිහිටි කාන්තාවන් අතර මට ඔරවන අයත් සිටිනවා. නමුත් කිසිම කෙනෙක් මාව විවේචනය කරන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් කියන්න තියෙන දේ මූණටම කියන කෙනෙක්. මගේ යාළුවන්ට වුණත් එහෙමයි. කවුරු හරි මට එරෙහිව තැන තැන මොනව හරි කියලා තිබුණා නම් ඒකත්් කෙළින්ම අහන කෙනෙක්. මොකද මාව වට්ටන්න කාටවත් බැහැ. වැටෙන්න තරම් මානසිකත්වයක මම නැහැ.

 

”එවන්න දිනන්න” කියලා. සමහරු ඔබට විහිළු කරනවා නේද?

මම පෙනී සිටින වෙළඳ දැන්වීමක් නිසයි. ඒක හරි ජනප‍්‍රියයි.

 

පියුමි ඔබ විටෙක රඟපානවා. නමුත් රඟපෑමෙන් කාර්ය බහුල වෙලා නැහැ නේද?

ඇත්තටම මම ගොඩ බදා ගත්තා වගේ ඔක්කොම චරිත බාර ගත්තේ නැහැ. අනෙක ජීවිතය පැය 24 ම කාර්ය බහුල වෙන්නත් කැමති නැහැ. හරි ගාණට බැලන්ස්ව ගෙනි යන්න කැමතියි. චරිත වුණත් තෝරා ගන්නෙ මට කරන්න පුළුවන් ඒවා විතරයි. බැරි දේ තෝරා ගන්නෙ නැහැ. මේ දිනවල ටෙලි නාට්‍ය කිසිවකට දායක වුණේ නැත්තෙ ඒ නිසයි. ඊළඟ අවුරුද්දෙ නිර්මාණ කීපයක් බාරගෙන තියෙන්නේ. රිතු ටෙලි නාට්‍යයෙන් පසුව පසුගිය කාලයේ දී උදයකාන්ත මහතාගේ ”වස්සානයේ සඳ” චිත‍්‍රපටයට දායක වුණා. එය මගේ දෙවැනි චිත‍්‍රපටියයි.

 

මේ ආසියානු නිරූපණ කිරුළ එක්ක මුදල් ත්‍යාගයක් ලැබෙන්න ඇති නේද?

ලැබුණා. ඒ තරගයට සහභාගී වූ නිරූපිකාවන් සියල්ලටම විවිධ ත්‍යාග සහ මුදල් ලැබුණා. ඇත්තටම එය හොඳට වියදම් කරලා සංවිධානය කර තිබුණු පැජන්ට් එකක්.

 

2016-12-24-ent-33



අදහස් (0)

ආසියාවේ හොඳම නිරූපිකාව පියුමි හංසමාලි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ටිරාන් අලස් CID යට කැඳවයි
2025 මාර්තු මස 30 69 0

හිටපු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හෙට (01) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.


ලක්ෂ 30ක දුම්වැටි කටුනායකින් පන්නන්න බැරිවෙයි
2025 මාර්තු මස 30 24 0

රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන්


ට්‍රාන්ස්ෆෝමර් තඹ වයර් කැපූ අයෙක් මාට්ටු
2025 මාර්තු මස 30 95 0

ලංකා විදුලි බල මණ්ඩලයට අයත් වෝල්ට් 33000 විදුලි ට්‍රාන්ස්ෆෝමරවල තඹ සහිත වයර් කපා සොරාගන්නා කල්ලියක පුද්ගලයෙකු වයර් කපමින් සිටියදී අද (30) අත් අඩංගුවට ගත්


මුදල් වංචාවකට නාවික සෙබළා අත්අඩංගුවට
2025 මාර්තු මස 30 83 0

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගිණුමකින් රුපියල් 2,420,162 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් නාවික සෙබළෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්


මන්ත්‍රී බංගලා කුලිය ’’රිවර්ස්’’
2025 මාර්තු මස 30 643 0

මාදිවෙල මන්ත්‍රී බංගලාවල කුලිය තවත් වසර දෙකක් යනතුරු වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.


අප්‍රේල් 8 දා සිට කැලිප්සෝ සංචාරක දුම්රිය නානුඔය දක්වා
2025 මාර්තු මස 30 363 0

ලබන අප්‍රේල් 8 දා සිට සෑම අගහරුවාදා දිනකම කැලිප්සෝ දුම්රිය ධාවනය නානුඔය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 578 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 720 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1438 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site