ඉස්සර බැඳි පෙම හිත්වල සුවඳයි
යළි පුබුදන්න බැරි
එක්කළ අතැඟිලි ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකි
කලෙක හිත නැලවූ මේ ගී හඬ යළිත් නින්නාද දෙන වග දැනගන්න්ට ලැබුණේ අහම්බෙනි.
වරක් ඇසී සිත් පත්ලෙහි නිදන්ගත වූ කල්හි, ඕනෑම ගීතයක් නිධානයක් බවට පත් වන්නේය. ඉනික්බිති රසික ජනතාව ඒ ගී නිධානය මහත් ආදරයෙන් රැකගනිති. යළිත් ඇසෙන විට අමන්දානන්දයට පත්වෙති.
එහෙත් වර්තමානයේ මෙලෝ රහක් නැති බොළඳ, නීරස පදමාලා ගායනා කරන ගායකයන්ගේ තුට්ටු දෙකේ ගීත, කිසිදවසක හදපත්ලේ නිදන්ගත වන්නේ නැත. ඒවා සාගරයට වැටුණු කුණු මල්ලක් මෙන් පතුල්ගත වෙයි.
එවන් වාතාවරණයක ඉස්සර බැඳි පෙම, අතීතයේදී ගීත චමත්කාරයට පත් කළ පේ‍්‍රමයක් සේම විටින් විට පිපී හිත සුවඳවත් කරයි. ඉස්සර බැඳි පෙම ගීතවත් කර සවන් පිනවූ සෝමසිරි මැදගෙදර ගේ තිස් වස් ගී ප‍්‍රණාමය (ඊයේ) 19 දා රාත‍්‍රියේ මහරගම යූත් රඟහලේදී පවත්වන්නට යෙදිනි.
සෝමසිරි මැදගෙදර නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වලපනේ, තෙරිපැහැ නම් ගම්මානයේ උපන් දරුවෙකි. නවසිය අසූ ගණන්වල ජාතික තරුණ සේවා සභාව ආරම්භ කළ පසුව එහි සභාපති චරිත රත්වත්තේ මහතාට තරුණ සේවා සභාවට අනුබද්ධව යොවුන් ගී කණ්ඩායමක් පිහිටුවීමට වුවමනා විණි. මේ යොවුන් ගී කණ්ඩායමට බඳවා ගැනීම සඳහා සාමාජිකයන් ඉල්ලා තිබූ පුවත්පත් දැන්වීමට තෙරිපැහැ සෝමසිරි මැදගෙදර ද ඉල්ලූම් පත‍්‍රයක් දැම්මේය. ‘‘මාව දිස්ත‍්‍රික් මට්ටමින් තේරුණා. ඊට පස්සෙ යොවුන් ගී කණ්ඩායමට බඳවා ගන්න තරග විනිශ්චය මණ්ඩලය ඉදිරියට මම ගියා. මහාචාර්ය සනත් නන්දසිරි මගෙ ඉස්සරහ ප‍්‍රතාපවත් යෝධයෙක් වගේ ඉන්දැද්දී මම ගීත ගායනා කිරීම ආරම්භ කළා.
මම තේරුණා. යොවුන් ගී කණ්ඩායමේ පළමුවෙනි සාමාජිකයා විදිහට බඳවා ගත්තේ මාව. සෝමසිරි මැදගෙදරට, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, පස්සේ චන්ද්‍රලේඛා පෙරේරා, තේජා දමයන්ති ගුණවර්ධන, ධම්මිකා කරුණාරත්න, මාෂල් ජනතා කියන අනෙකුත් සාමාජිකයන්ගේ එකතුවීමෙන් යොවුන් ගී කණ්ඩායම බිහිවුණා.
අපේ ගුරුවරුන් වුණේ විශාරද නිහාල් ගම්හේවා සහ විශාරද ෂර්ලි වෛජයන්ත ගුණසිංහ යන දෙදෙනා. අවිස්සාවේල්ලෙ බටංගල පුහුණු මධ්‍යස්ථානයේ තමයි අපිට පුහුණුවීම් තිබුණෙ.
අපේ යොවුන් ගී කණ්ඩායම නව ආරක ගී සම්ප‍්‍රදායක් හඳුන්වා දුන්නා. සීත කඳුයායේ ගැයෙන ගී රාවේ, තවලම් අපි යනවා, ජයතු ජයතු, දොර කවුළුවෙන් එබී බලා වගේ ගීත බොහොම ජනප‍්‍රිය වුණා. ඒවා රසිකයන් බොහොම ආදරයෙන් වැළඳ ගත්තා. කොටින්ම මේ කාලෙ රටේ ජනප‍්‍රිය වෙලා තිබුණු, හින්දි ගී රැුල්ලට විරාමයක් තියන්න අපේ යොවුන් ගීත සමත්වුණා. ඒවාගේම මේ ගී කණ්ඩායම් සංගීතයේ හැරවුම් ලක්‍ෂයක් බවට පත්වුණා. රටපුරාම සංගීත සංදර්ශන පැවැත්වුණා. අපි ඒවට සහභාගී වුණා.’’
එහෙත් 1984 වසරේ ජූනි 16 වෙනිදා සෝමසිරි මැදගෙදරට ජාතික තරුණ සේවා සභාවේ ප‍්‍රධාන කාර්යාලයේ සහකාර නිලධාරි තනතුරක් ලැබිණි. මේ තනතුර බාර ගැනීමට යොවුන් ගී කණ්ඩායමෙන් සමුගන්නට සෝමසිරිට සිදුවිණි. එහෙත් මොකක්දෝ වාසනාවකට ඔහුගේ ගීත ගායනයට ඉන් විරාමයක් තැබුණේ නැත.
ඊට පස්සෙ මම ගුවන් විදුලි තැටියෙකට ගීත ගායනා කළා. ගීත හතරක්, රිදවන්නෙපා මේ තරම්, ඔබේ ආදරේ මහා සාගරේ, සඳයි තරුයි නිසංසලේ, අසා ඇති අපි.
මේ ගී හතරම නොසිතුව විදිහට ජනප‍්‍රියත්වයට පත්වුණා. යොවුන් ගී කණ්ඩායමේ තිබුණු වෙනස් ආරක ගීත ගායනා කළ මම, මේ ගී හතරත් එක්ක වෙනස්ම රසික පිරිසකට ළං වුණා.’’
මේ වකවානුව කැසට් පටය ජනප‍්‍රියත්වයට පැමිණ තිබුණු යුගයයි. අලූතින් කැසට් පට බිහිවන මේ යුගයේදී සෝමසිරි කැසට් පටයකට ගීත ගායනා කළේය.
‘‘මගෙ මංගල කැසට් පටය නිකුත් වුණේ 1986 දී. මංගල යහන නමිනුයි මේ කැසට් පටය නිකුත් වුණේ.
ඊට පස්සෙ 1989 දී අහිංසකාවිය ඔබට නොවේ, 1992 දී සිතක් බිඳුණු පසු කියන කැසට් පට දෙක නිකුත් වුණා. මේ වෙද්දී සන්ෆ්ලවර් සංගීතයට ඉදිරිපත් කරන කැසට්පට හොඳට අලෙවි වුණා. කොටින්ම ඒක රැුල්ලක් වෙලා තිබුණා. සන්ෆ්ලවර් සමඟ සෝමසිරි මැදගෙර කියලා 2000 දියි 2001 දියි කැසට් පට දෙකක් ඉදිරිපත් කරන්න මට අවස්ථාව ලැබුණා. මේ කැසට් දෙක උණු කැවුම් වගේ විකිණෙන්න පටන් ගත්තා.
ඊට පස්සෙ 2004 දි සුවඳ හාදුවක් කියන ගී එකතුවයි, 2011 දී පහන් වැටක් කියන ගී එකතුවයි නිකුත් වුණා.’’
ඒ වෙනකොට කැසට් පට අභාවයට ගොස් සංගීත තැටිය ඉදිරියට ඇවිත් තිබූ යුගයයි. මේ නිසා පරණ කැසට් පට පවා සී.ඞී. තැටිවලට නැගුණි. කෙසේ වෙතත් මේ වනවිට සෝමසිරි මැදගෙදර ගැයූ ගීතාවලියෙන් ගීත රාශියක්ම ජනප‍්‍රියත්වයට පත්ව තිබේ.
ඔබේ ආදරේ, සඳයි තරුයි, ඔබගෙ දෝතින් පිදු ආදරේ, පිපෙනවාලූ මල්, රාමලාන් සඳ, ඉස්සර බැඳි පෙම, මුතු මුතු වැස්සේ, අහිංසකාවිය ඔබට නොවේ, හිතන්නෙපා ඔබ අහිතක් ඒ ජනප‍්‍රිය ගීතාවලියෙහි මිහිරිම ප‍්‍රතිපලයි. සෝමසිරි මැදගෙදර නමට අනන්‍ය වූ ගීතාවලියයි.
මේ ගීතාවලියත් සමඟ ලියැවුණු නොමැකෙන සටහන් ද තිබිය හැකිය.
‘‘බන්දුල ජයසිංහයි, ලලිත් වසන්තයි ගීත රචකයන් වුණේ මට සිංදු ලියලා. ලලිත් වසන්ත ලියපු පළවෙනි සිංදුව තමයි ඒ මල් වසන්තයේ. ඊට පස්සෙ තමයි ලලිත් වසන්ත දිගට හරහට සිංදු ලියන්න පටන් ගත්තෙ.’’
සෝමසිරි මැදගෙදර සංගීත අධ්‍යක්‍ෂවරයකු ද වූයේය. ශ‍්‍රියානි අමරසේන නිෂ්පාදනය කළ ඉරබටු තරුව ටෙලිනාට්‍යයෙන් සංගීත අධ්‍යක්‍ෂණය ආරම්භ කළ ඔහු ඊට පසු හොල්මන් බෝට්ටුව, දෙපෙති, දෙනෙත්රා වැනි ටෙලිනාට්‍යය වලටද සංගීත අධ්‍යක්‍ෂණය කළේය.
කෙසේ හෝ වේවා මේ වනවිට සෝමසිරි මැදගෙදර ගැයූ ගීත තුන් සීයකට වඩා වැඩියි. ඒ අතරන් යුග ගීතද රාශියකි. නීලා වික‍්‍රමසිංහ, දීපිකා ප‍්‍රියදර්ශනී, මාලනී බුලත්සිංහල, ප‍්‍රදීපා ධර්මදාස, ශෂිකා නිසංසලා ආදීහු සෝමසිරි සමඟ යුග ගීත ගැයූ ශිල්පිනියන්ය.
එහෙත් මෙම ප‍්‍රසංගයේදී සෝමසිරි සමඟ යුග ගී ගැයුවේ ධම්මිකා කරුණාරත්න සහ යශෝධා රසාංජලීය. මේ අතරින් ධම්මිකා, සෝමසිරි සමඟ යොවුන් ගී කණ්ඩායමේ ගී ගැයූ ශිල්පිනියක වූවාය. යශෝධා රසාංජලී වූ කලී සෝමසිරිගේ දියණියයි. ඇය ගැයුවේ මුතු මුතු වැස්සේ කියන ගීතයයි. මේ ප‍්‍රසංගයේදී ගැයුණු සුවිශේෂතම ගීතය වූයේ මහාචාර්ය සනත් නන්දසිරි සමඟ සෝමසිරි මැදගෙදර ගැයූ යුග ගීතයයි.
‘‘පියතුමනි ඔබ උදුල සඳ මඬලයි
මැණික් තුරුකැට පිරිවරාගත් පහන් රේඛාවයි
පුතුනි; නිලඹර අතුල නල රැල්ලයි
සුහුල් වන මල් දෑල සිහිලැල් රිදී ගංගාවයි’’
‘‘සනත් නන්දසිරි සර් කියන්නෙ මට මගේ පියා වගේ කෙනෙක්. එතුමා තමයි මගෙ ජීවිතේ බොහොම අවස්ථාවලදී මට පියෙක් වගේ වුණේ. මගෙ මුල්ම ගීතයක් වුනු ‘‘සඳයි තරුයි’’ ගීතයට සංගීතය සැපයුවෙ සනත් සර්. මගෙ විවාහයට අත්සන් කළෙත් සනත් සර්. මගෙ පුතාගෙ විවාහයට අත්සන් කළෙත් සනත් සර්, මෙන්න මේ බැඳීම නිසා මම මේ පියxපුතු ගීතය ගායනා කරන්න සනත් සර්වම තෝරා ගත්තා.’’ සෝමසිරි මැදගෙදර ඔහුගේ කතාබහ අවසන් කළේය.
ඔහුගේ හඬින් තවත් අලූත් ගීතයක් ගායනයවීම ගැන හිතේ උපන් සතුටින් යුතුව අපි ඔහුගෙන් සමුගත්තෙමු.
ශාන්ත කුමාර විතාන
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
කොළඹට යළි වසන්තය ගෙන ඒම සඳහා කොළඹ මහ නගර සභාවේ බලය තම පක්‍ෂයට ලබාදෙන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ පුහුණු වෛද්‍යවරිය අපයෝජනයට ලක් කළ හිටපු හමුදා සෙබළා පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් අද (28) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රා
පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ’’කප්රුකට සවියක් - වැඩි ඵලදාවක්’’ යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීම මාර්තු 30 වැනිදා සිට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරය කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි
ශ්රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ඉස්සර බැඳි පෙම හිත්වල සුවඳයි