IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


දිවි රඟමඬලින් සමුගෙන ගිය දයා තෙන්නකෝන්

ලාංකේය සිනමාවේ විශිෂ්ට රංගන ශිල්පියකු වූ දයා තෙන්නකෝන් මහතා පසුගියදා සිය ජීවිත රඟ මඩලෙන් සමුගත්තේය. ඒ වන විට 79 හැවිරිදි වියේ පසුවූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19වන  ඉරිදා)  පෙරවරු 11.00 ට මාලඹේ තලාහේනේ පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ.

මේ ඔහුගේ කලා දිවිය පිළිබඳ කෙරෙන කෙටි විමසුමකි.


 

1941 වසරේ නොවැම්බර් 29 වන දින උපත ලැබූ තෙන්නකෝන් මහතා මූලික අධ්‍යාපනය ලැබීමට මහනුවර ධර්මරාජ විදුහලට ඇතුළත් වූයේය. පසුකලෙක ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයකු වූ ධර්මසේන පතිරාජ ඔහුගේ පාසලේ සමීප මිතුරකු වීය. පතිරාජ හෙවත් ‘පතී‘ සමග එක්ව කටයුතු කිරීමේ අත්දැකීම් පසුකලෙක දයාගේ දිවියට ආශිර්වාදයක් වූවාට සැක නැත.

තරුණ තෙන්නකෝන් උසස් අධ්‍යාපන කටයුතු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිවිසියේය. පතිරාජ එහිදීද ඔහුගේ සගයා වීය.

දයාත් - පතීත් සරසවි සිසුන් ලෙස ඉගෙනුම් ලබමින් සිටියදී සුගතපාල සෙනරත් යාපා චිත්‍රපටයක් කිරීමට රචනා කළ පිටපතද අතැතිව විශ්වවිද්‍යාලයට පැමිණියේය. විශ්වවිද්‍යාල ජීවිතය හා තිර පිටපත ගැළපේද යන්න බැලීමට ඔහු එසේ පැමිණ සිටියේය.

ඔහු තවත් පිරිසක් ද සමඟ මේ ගැන සාකච්ඡා කරමින් පිටපත අලුතින් ලියූ අතර, මේ සෑම සාකච්ඡාවකටම පාහේ දයා තෙන්නකෝන්ටද සහභාගී වීමට අවස්ථාව ලැබිණි. ඒ අනුව, සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව’ සිනමාපටයට රංගනයෙන් දායක වන්නට ඔහුට අවස්ථාව සැලැසිනි. එයද නාථ නමැති සරසවි සිසුවකුගේ භූමිකාවකටය. එය ඔහුගේ පළමු සිනමා පිවිසිම වීය.

දයාගේ මෙන්ම ශ්‍රී ලාංකේය සිනමාවේ සිහින කුමාරයා වූ විජය කුමාරතුංගගේත් පළමු චිත්‍රපටය ‘හන්තානේ කතාව‘ම විය‍

කෙසේවුවත් සරසවියෙන් පිටවී රැකියාවක් සොයමින් සිටි අවධියේදී ගුවන් විදුලි සංස්ථාවේ රැකියා සඳහා පළ කළ ඇබෑර්තු වෙනුවෙන් ඔහු ඉල්ලුම් කළේය. ගුවන් විදුලි නිවේදකයකු වීමටද ඔහුගේ ආශාවක් විය. ආශාව ඉටුකරමින් ඔහුට රැකියාව ලැබිණි. එවකට ලංකාවේ එකම විද්යුත් මාධ්‍ය ආයතනය වශයෙන් පැවති ගුවන් විදුලි සංස්ථාවෙන් කළ ප්‍රචාරක කටයුතු සඳහාද කලා කටයුතු සඳහා ද දයා තෙන්නකෝන් දායකවූයේය.

මේ අතරේදී බන්දුල ජයවර්ධන මහතාගේ ‘බෝසතාණන්’ නාට්‍යයෙන් වේදිකාවට අවතීර්ණ වන දයා තෙන්නකෝන් පසුව නාමෙල් වීරමුණිගේ ‘නැට්ටුක්කාරි’, සුගතපාල ද සිල්වාගේ ‘හිත හොඳ අම්මණ්ඩි’ වැනි නිර්මාණවලටද රංගනයෙන් එක් වූයේය.   සුගතපාල ද සිල්වාගේ ම ‘දුන්න දුනුගමුවේ’, ‘සත සහ සත’, ධර්මසේන පතිරාජගේ ‘කොරා සහ අන්ධයා’ වැනි වේදිකා නාට්‍ය ගණනාවකට ද දායක වීමට ඔහුට අවස්ථාව හිමිවිය. එවකට මෙම නාට්‍යය සම්බන්ධයෙන් වැඩි කතාබහක් සිදුනොවුණද පසුකලෙක එය ඉටුවිණි.ෙ

විමල් කුමාර ද කොස්තා දයා තෙන්නකෝන් මහතාගේ සගයා වීය. ‘කොරා සහ අන්ධයා’ නාට්‍යයේ ප්‍රධාන භූමිකා දෙකට පණ දුන්නෝ ඔවුහු දෙදෙනා වෙති‍ෙ

වේදිකාවේදී ඔහු පෑ ප්‍රතිභාව හඳුනාගත් සිනමා අධ්‍යක්ෂකවරු ඔහු සමඟ කටයුතු කිරීමට කැමැත්ත පළ කළහ. ඒ අනුව, ‘අහස් ගව්ව’, ‘එයා දැන් ලොකු ළමයෙක්’, ‘සෙයිලම’, ‘බඹරු ඇවිත්’, ‘කරුමක්කාරයෝ’, ‘කිණිහිරියා මල්’, ‘සක්මන් මලුව’, ‘සොල්දාදු උන්නැහේ’ ඇතුළු සම්මානනීය සිනමාපට රැසකට ඔහු රංගනයෙන් දායක වූයේය

මාලනී ෆොන්සේකා සමඟ බහුලව රංගනයෙන් දායක වී ඇති හෙතෙම එවකට කැපී පෙනුනු රංගන ශිල්පීන් වූ ඩබ්ලිව්. ජයසිරි, අමරසිරි කලංසූරිය, ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග වැනි අය හා සමීපව ඇසුරු කළේය. යහපත් සහ සුන්දර මිනිසකු වූ තෙන්නකෝන් මහතා සමාජ දේශපාලන සංස්ථා සහ කලා ක්ෂේත්‍රය පිළිබඳව ද වෙනස්ම ආකාරයේ මත දරන දැනුමැති අයෙකු විය.

වේදිකාව, සිනමාව පමණක් නොව ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක් වූ දයා තෙන්නකෝන් මහතා ‘තට්ටුගෙවල්’ ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත්තේය. ‘කඩුල්ල’ ඔහු දායක වූ තවත් ප්‍රමුඛ පෙළේ ටෙලි නාට්‍යයකි.

‘සක්මන් මළුව’ චිත්‍රපටයේ රංගනය උදෙසා දයා තෙන්නකෝන් මහතා සරසවිය සම්මාන උලළේ කුසලතා සම්මානයකින්ද පිදුම් ලැබූ අතර මීට අමතරව විවිධ සම්මාන හිමිවිය.

 

දිවි මඬලට සමුදුන් දයා තෙන්නකෝන් මහතානෙනි, ඔබට සුබ රැයක්!

 

සැකසුම ඩිල්ෂානි චතුරිකා දාබරේ

ඡායාරූපය - දයාන් විතාරණ



අදහස් (7)

දිවි රඟමඬලින් සමුගෙන ගිය දයා තෙන්නකෝන්

සංජීව Sunday, 19 April 2020 06:50 AM

තවත් ප්‍රවීණ කලාකරුවෙක්ගේ නික්මයාම. නිවන් සුව පතමි.

:       0       0

ravi Sunday, 19 April 2020 06:56 AM

හොඳ නළුවෙක් , හොඳ මනුස්සයෙක් .. කනගාටුයි .

:       0       6

jagath Sunday, 19 April 2020 07:13 AM

සුබ ගමන් මහතාණෙනි...

:       0       11

Swarna Sunday, 19 April 2020 08:32 AM

අප අතර සිටින දක්ෂ විශිෂ්ට කලාකරුවන් අපෙන් වෙන්වීම ඉතාමත් කණගාටුදායකයි. දයා තෙන්නකෝන් මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි...!!!

:       0       20

Raveendra Sunday, 19 April 2020 10:45 AM

දක්ෂ නළුවෙක්. ඔබට නිවන් සුව අත් වේවා !!!!

:       0       0

විජිත් Sunday, 19 April 2020 03:09 PM

නිවන් සැප ලැබේවා...!!!

:       0       10

Ariyadasa dissanayake Tuesday, 21 April 2020 04:09 AM

උප්පාද වය ධම්මිනෝ. නිවන් සුව ලබත්වා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මෝදි 4වැනිදා මෙරටට
2025 මාර්තු මස 28 75 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන 4 සිට 6 වැනිදා දක්වා ශ්‍රී ලංකාව නිල සංචාරයක යෙදෙන බව


ලක්ෂ අටකට අවුරුදු තෑගි මලු ලැබෙන්නේ මෙහෙමයි
2025 මාර්තු මස 28 225 0

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 8කට අලුත් අවුරුදු සමයේ සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපත


දක්ෂිණ අධිවේගීයේ බස් රථයක ගින්නක්
2025 මාර්තු මස 28 443 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගත් බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි


මහවැලි ක්‍රිකට් තරගාවලියට උසස් නිලධාරී​න් හරහට හිටී
2025 මාර්තු මස 28 298 0

මහවැලි අධිකාරිය සංවිධානය කරන වාර්ෂික මහවැලි ක්‍රීඩා උළෙලේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වීමට නියමිතව තිබූ මහවැලි නිලධාරී ක්‍රි


මාර්ග සංවර්ධන අධිකාරියේ සියළු වැඩබිම් ප්‍රතිසංවිධානය කරයි
2025 මාර්තු මස 28 241 0

මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක පළාත් භාර අධ්‍යක්ෂ, ප්‍රධාන ඉංජිනේරු, විධායක ඉංජිනේරු, ව්‍යාපෘති, ප්‍රාදේශීය සැළසුම


දරුවන්ගේ ලිංගික දර්ශන විදේශීයන්ට ‌බෙදු අයෙකු අත්අඩංගුවට
2025 මාර්තු මස 28 399 0

කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ සහ ඡායාරූප විදේශීය ජාතිකයන්ට බෙදා හැරී 20 හැවිරිදි තරුණයෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 505 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 700 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1393 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site