IMG-LOGO

2025 මාර්තු මස 29 වන සෙනසුරාදා


පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම සලකා බැලීම 15දා

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

අලි ඇතුන් හා සම්බන්ධ ජාතික සැලැස්මක් සකස් කරන ලෙසත් ,හබරණ ප්‍රදේශයේ සිදු වන අලි මරණ සම්බන්ධයෙන් වගකිවයුත්තතන් වහා අත්අඩංගුවට ගෙන , ඒවා සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශනය කරන ලෙසට වනජීවී අධ්‍යක්ෂවරයා, පරිසර අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ලබන ඔක්තෝබර් 15 වැනිදා සලකා බැලීමට නියමිතය.

ඒ අනුව මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි දන්වා යවන්නැයි අභියාචනාධිකරණය එම පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දෙන ලදී.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම ඉකුත්දා සලකා බැලිණි.

පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් , පරිසර අමාත්‍යවරයා , පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් පෙන්වා දෙන්නේ රටේ පවතින නීතියට අනුව අලි සම්බන්ධයෙන් කළමනාකරණ සැලැස්මක් සැකසීම පරිසර අමාත්‍යවරයාට හා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පැවතියද , එවැනි සැලැස්මක් සැකසීමට ඔවුන් කටයුතු නොකරන බවය.වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 68 (අ) වගන්තිය ප්‍රකාරව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට කටයුතු කළ හැකි බවත් , ඒ අනුව පරිසර අමාත්‍යවරයාගෙන් විමසා ජාතික සහ පාරිසරික ප්‍රතිපත්ති හා උපමාන වලට අනුකූලව වන ජීවීන් හා ඔවුන්ගේ වාස භූමි , ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා සැලසුම් සකස් කළ යුතුව තිබුණද ඔවුන් එම වගකීම් පැහැර හැර ඇතැයි පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සම මඟින් පෙන්වා දේ.

එබැවින් වර්තමානයට ගැලපෙන ලෙසින්  අලි ඇතුන් හා සම්බන්ධ ජාතික සැලැස්මක් සකස් කරන ලෙසත් ,හබරණ ප්‍රදේශයේ සිදු වන අලි මරණ සම්බන්ධයෙන් වගකිවයුත්තතන් වහා අත්අඩංගුවට ගෙන , ඒවා සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශනය කරන ලෙසට වනජීවි අධ්‍යක්ෂ ජනරාල් , පරිසර ඇමති සහ පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ද පරිසර යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් ඉල්ලා සිටි.

පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් රවින්ද්‍රනාත් දාබරේ , සවන්ති පොන්නම්පෙරුම , නිල්මල් වික්‍රමසිංහ යන නීතීඥවරුන් පෙනී සිටියහ.

 



අදහස් (0)

පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම සලකා බැලීම 15දා

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අසත්‍යකරුණු අධිකරණයට ඉදිරිපත් කළැයි නීතිඥවරිය රිමාන්ඩ්
2025 මාර්තු මස 28 720 0

අධිකරණය අපහාස වන අයුරින් හැසීරිම හා අසත්‍යය කරුණු අධිකරණය ඉදිරිපත් කළැයි කියන පුත්තලම මහඅධිකරණයේ පෙනී සිටි නීතිඥවරියක ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක්


මෙරට තරුණ කටයුතුවලට ජනගහන අරමුදලේ සහය
2025 මාර්තු මස 28 64 0

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නියොජිතය


දේශබන්දුගේ චෝදනා හොයන කමිටුව පත් කිරීම 08වැනිදා
2025 මාර්තු මස 28 210 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 ව


නාමල් තාත්තාගේ වැරදි පෙන්නයි
2025 මාර්තු මස 28 1222 2

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධ


චාමරට එරෙහිව තවත් චෝදනා: ’’කෝප්’’ අල්ලස් කොමිසමට යයි
2025 මාර්තු මස 28 1120 3

සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර


’’මියන්මාර භූ කම්පනයෙන් එරට ලාංකිකයන්ට අනතුරක් නෑ’’
2025 මාර්තු මස 28 571 1

මියන්මාරයේ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්‍රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කිසිවෙකුට අහිතකර බලපෑමක් එල්ල වූ බවට තොරතු


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 521 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 703 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1403 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site