IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


මමත් කාලෙකට ඉස්සර පේ‍්‍රම කළා

2016-07-10-ent-36

වැටෙන් එහා මල් පඳුරේ, ඩැෆඩිල් මල, ඔබෙ සුසුම් පවන්, පුදසුනක නිසල බව වැනි යුගයක ජනපි‍්‍රයම ගීත රාශියකට කට හඬින් පනදුන් දයාන් විතාරණ මෑතකදී තවත් අලූත් ගීතයක් ගායනා කළේය.

ඒ සඳකිරණ ගලා නම් වන ගීතයයි. ගී ලොවට සඳ කිරණ ගලද්දී, මේ අලූත්ම ගීතයක් ගැන කතාබහ කරන්නට අපි දයාන් විතාරණ මුණ ගැසුනෙමු.

 

මොකක්ද දයාන් මේ සඳ කිරණ ගලා ගීතය?

2016-07-10-ent-38දවසක් සුසන්ත පි‍්‍රයදර්ශන මට කතා කරලා කිව්වා, අලූත් සිංදුවක් තියෙනවා ගායනා කරන්න පුළුවන්ද කියලා. මං කිව්වා අපි ඉස්සෙල්ලා පදමාලාව බලල ඉම්මු කියලා...? මොකද අද කාලේ ලියැවෙන පදමාලාවල කිසිම අලූත් බවක් නැහැ. ඔයා රත්තරනේ වගේ වචනවලින් තමයි සිංදුවට ආදරය එකතු කරන්නෙ. ඒත් මම නම් ඔයා රත්තරනේ කියන වචන දෙක ගායනා කරන්නෙම නැහැ.

අනිත් එක අද තියෙන සිංදු තනිකරම විලාප මාව දාලා යන්න එපා කියලා සිංදුවෙන් අඬනවා.... මේවා සිංදු ද කියලා මට වෙලාවකට හිතෙනවා.

ඒත් බලන්නකො අර රත්තරං නෙත් දෙකින් සලා සිහිල් පවන් වගේ සිංදු.... රත්තරං කියන වචනෙ කොයිතරම් ලස්සනට ලියලා තියෙනවද කියලා. අද ලියැවෙන සිංදුවල එහෙම වචන භාවිතයක් නැහැ. ඉතිං මටත් බය හිතුනා. මේ අලූත් සිංදුව කොහොම එකක්ද කියලා ඒ නිසාම මං සිංදුව ගෙන්න ගෙන බැලූවා.

 

සඳ කිරණ ගලා

ඝනඳුරට එදා

දුන් සිහිල සදා

මතකයෙහි මෙදා

 

නෙත් කැළුම් විදා

ඉඳි කලද නුරා

මට ආයෙ ඉතින්

විය හැකිද මුලා

 

මධු සඳක් ලොවේ

මතු දකින තුරා

නිම්තෙරෙක ඉඳන්

මම හිඳිමි බලා

 

දුමින්ද හඳපාන්ගොඩ කියන දොස්තර මහත්තයෙක් තමයි මේ සිංදුව ලියලා තිබුණෙ. මේ පදවැල බලපු හැටියෙම මගේ හිත ගත්තෙ බොහොම සරල පද මාලාවක්. හැබැයි පද මාලාවෙන් කියැවෙන අර්ථයට යටින් වෙනත් අරුතක් තියෙනවා.

මේ පදමාලාව අරගෙන දොස්තර මහත්තයා ආවෙ ධම්මික බණ්ඩාර කියන ප‍්‍රවීණ ගීත රචකයත් එක්ක ධම්මික කොහොමත් සිංදුවල වචන යට තියෙන රසවත්කම මතුකරල ගීත විචාරය කරන්න දක්‍ෂයා.

කොහොම හරි මේ පදමාලාවෙ තියෙන්නෙ තමන්ව දාලා ගිය පේ‍්‍රමයෙන් පස්සෙ, දෙවෙනි පේ‍්‍රමයත් ඇති කරගන්න කථකයා තුළ තියෙන බය. ඒ දෙවෙනි පේ‍්‍රමයත් තමන්ව දාලා ගියොත් කියන බය. මේ අර්ථයත් හොඳයි. ඒ නිසා මම ඒ ගීතය ගායනා කරන්න කැමති වුණා.

පස්්සෙ නවරත්න ගමගේ මේකට ට‍්‍රැක් එක හදලා මට අහන්න දුන්නා. එයා සිංදුව ගායනා කරලා ඒ විදිහට මට ගායනා කරන්න කිව්වා. මම ගායනා කළා එයා හොඳටම සතුටු වුණා. සඳ කිරණ ගලා සිංදුවෙ තියෙන්නෙ මගේම දර්ශනයයි. ඒ නිසා මම මේ සිංදුවට ගොඩාක්ම කැමතියි.

 

මොකක්ද දයාන් ඔයාගෙ දර්ශනය?

පේ‍්‍රමය කියන්නේ ආත්මාර්ථකාමී කමේ උපරිමය. අපි පේ‍්‍රමකරනවා කියලා කියන්නෙ බදාගන්න එක. මමත් ඒ විදිහට කාලෙකට ඉස්සර පේ‍්‍රම කළා. මමත් පේ‍්‍රමය වැළඳගත්තා. ඒත් දවසක ඒ පේ‍්‍රමවන්තිය මාව හැරගියා. ඊට පස්සේ මං හිතහදා ගත්ත නොවිඳින වද වින්දා... අන්තිමේදි මම ගියේ අරියධම්ම හාමුදුරුවො ළඟට .... උන්වහන්සේ තමයි මට ආදරය කියන්නෙ මොකක්ද කියලා තේරුම් කරල දුන්නෙ. ආදරය කියන්නෙ බදාගැනීමක්. වෙන්වුනාම ඒක වේදනාවක් බවට පත්වෙනවා. ඒ දෙන්න පේ‍්‍රමයෙන් වෙන්නොවී සිටියත් කවදහරි දවසක ජීවිතයෙන් වෙන්වෙනවා. එතකොටත් දුකක්. ඒක තමයි පේ‍්‍රමයේ හැටි. ඒ බණෙන් මම මගේ හිත හදාගත්තා.

 

දයාන් තනිකඩව ඉන්න හේතුව ඒකද

සත්තකින්ම ඊට පස්සෙ මට හිතුනෙ නැහැ පේ‍්‍රමය බදාගන්න ආයෙත් මොකටද මං දුක්වෙන්නෙ කියලා හිතනවා.

 

ඒ වුණාට ඔයා සිංදු බදාගන්නවා. මං අහල තියෙන විදිහට ඔයා මහ ගොඩක් සිංදු මේ වෙනකොට කියලා තියෙනවා.

සිංදු නම් 330ක් කියලා තියෙනවා. ඒ වුණාට තවමත් රටේ මිනිස්සු දන්නෙ මං මුලින්ම කියපු සිංදු ටික මගේ පළවෙනි ගී එකතුවෙ තිබුණු සිංදු ටික ඒටික තමයි ජනපි‍්‍රය වුණේ.

 

ඇයි ඉතින් ඊට පස්සෙ කියපු සිංදු ජනපි‍්‍රය නොවුණෙ. දයාන්ගෙ කල් ඉකුත් වෙලාද?

සිංදු ජනපි‍්‍රය වෙන්න නම් මිනිස්සුන්ට ඇහෙන්න ඕනෙ. ඇහෙන්න නම් රේඩියෝවල ප‍්‍රචාරය වෙන්න ඕනෙ ඒත් අද කාලේ සිංදුවක් රේඩියෝ එකක ප‍්‍රචාරය කරගන්න සල්ලි දෙන්න ඕනෙ. ඒත් හරි නම් වෙන්න ඕනෙ රේඩියෝවල ප‍්‍රචාරය කරන සිංදුවලට අපිට කර්තෘ භාග ගෙවීමයි. ඒත් අද ඒ ක‍්‍රමය කණපිට හැරිලා ඒ නිසා මං සිංදුව කරල මගේ ළඟ තියාගෙන ඉන්නවා. කවදා හරි ජනපි‍්‍රය වේවිනෙ කියන හැඟීමෙන්.

 

දයාන්ට හිතෙන්නෙ නැද්ද අපරාදෙ සල්ලි යට කරන්නෙ කියලා.

නෑ මේ මගේ සල්ලි නෙමෙයි තමන්ගේ ගීතයක් නිර්මාණය කරන්න ආශාවෙන් ඉන්න ගීත රචකයන්ගේ සල්ලි මට තියෙන්නෙ සිංදුව ගායනා කරන්න විතරයි. ඒකටත් මට සල්ලි ගෙවනවා.

 

දයාන් විතාරණ කියන්නෙ ප‍්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් කියලයි අපි දැනගෙන උන්නෙ කොහොමද එයා ගායකයෙක් වෙන්නෙ.

මම කොළඹ එන්නෙ ගායකයෙක් වෙන්න. එතකොට මට අවුරුදු විස්සක් ඇති. මම නන්දා මාලනී සංගීතාශ‍්‍රමයට බැඳිලා ගායකයෙක් වෙන්න ඉගෙන ගත්තා. මමයි දීපිකා පි‍්‍රයදර්ශනියි එකම දවසෙ නන්දා මාලිනී මහත්මිය ළඟට ගියේ. ඊට පස්සෙයි මම ඡුායාරූප ශිල්පියෙක් වෙන්නෙ. මම ඡුායාරූප ශිල්පියෙක් වෙලා ඉන්නකොට නන්දා මාලිනී මහත්මිය මට කතා කළා. එයාගේ මලට රේනු කැසට් එකේ කවරෙට මට කියලා පින්තුර ගන්න ඕනෙ කියලා. ඔය වෙලාවෙදියි ඇය මගෙන් ඇහුවේ ඇයි සිංදුවක් නොකියන්නෙ කියලා. ඊට පස්සේ තැන හිටපු සුනිල් ආරියරත්න සර්ට කිව්වා දයාන්ට සිංදුවක් ලියල දෙන්න කියලා. වැටෙන් එහා මල් පඳුරේ සිංදුව බිහිවුණේ ඒ විදිහට. ඒ සිංදුව අදටත් ජනපි‍්‍රයයි.

ඊට පස්සේ මම ලක්‍ෂ විස්සක් විතර වියදම් කරලා අලූත් සිංදු ටිකක් කළා. ඔබේ සුසුම් පවන් කියන ගී එකතුව ආවෙ ඒ විදිහට ඒ ගී එකතුවෙ ගීත වලින් දහයක් විතර ජනපි‍්‍රය වුණා.

 

ශාන්ත කුමාර විතාන

 



අදහස් (0)

මමත් කාලෙකට ඉස්සර පේ‍්‍රම කළා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ UN කොමිසමේ අසුනක් ලංකාවටත්
2024 නොවැම්බර් මස 22 1 0

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්


තායිලන්තයට රැගෙන ගිය මුතූගේ දළ කපන්න යයි
2024 නොවැම්බර් මස 22 74 0

ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන


තනිව යන සංචාරකයන්ගේ හොඳම නවාතැන ලංකාව
2024 නොවැම්බර් මස 22 72 0

තනිව ලෝකය වටා ගමන් කරන සංචාරකයන් ලබන වසර සඳහා වෙන්කරගෙන ඇති ජනප්‍රියතම සංචාරක ගමනාන්ත දහය අතර ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බව ෆ්ලෑෂ් පැක් සං


මාදිවෙල නිල නිවාසවලට මන්ත්‍රීන් 35ක් පෝලිමේ
2024 නොවැම්බර් මස 22 162 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා නවක මන්ත්‍රීවරුන් 35 දෙනකු ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


කළුතරට වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයකු නැතිලු
2024 නොවැම්බර් මස 22 13 0

කලුතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශයට ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයකු නැතැයි සෞඛ්‍ය අංශ චෝදනා කරයි.


මහනදරාවේ ගොයමට තවම පොහොර සහානාධාර නැතිලු
2024 නොවැම්බර් මස 22 41 0

මහ කනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයට අයත් කුඹුරු අක්කර 8050 පොහොර සහනාධාරය ලැබී නැතැයි ගොවිහු චෝදනා නඟති.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 477 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 706 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1976 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site