අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායකයකු හා සංගීත අධ්‍යක්ෂවරයකු වූ සිසිර සේනාරත්න මහතාගේ දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු 7 වැනි සෙනසුරාදා සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.
50 දශකයේ අග භාගයේ ගායන ලොවට පිවිසි සේනාරත්න මහතා මෙතෙක් ගායනා කර ඇති සරලගී සහ චිත්‍රපට ගී ප්‍රමාණය 1500 කට ආසන්නය.
ඔහු ගැයූ යුග ගී සඳහා තම බිරිය වන ඉන්ද්‍රාණි විජේබණ්ඩාර පමණක් සහභාගි කරගැනීම ඔහුගේ ඇති විශේෂත්වයකි.
අධිකරණය අපහාස වන අයුරින් හැසීරිම හා අසත්‍යය කරුණු අධිකරණය ඉදිරිපත් කළැයි කියන පුත්තලම මහඅධිකරණයේ පෙනී සිටි නීතිඥවරියක ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක්
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නියොජිතය
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 ව
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධ
සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර
මියන්මාරයේ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්‍රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කිසිවෙකුට අහිතකර බලපෑමක් එල්ල වූ බවට තොරතු
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
සිසිර ජීවන ගීයේ අවසන් පදවැල ගයයි
මැණික් Thursday, 05 February 2015 11:21 AM
හොඳ ආදර්ශවත් යුගදිවියක් ගත කළ කලාකරුවන් යුවළක්. ඔහුට නිවන් සුව පතමි. (දිල්)
සරත් Thursday, 05 February 2015 11:21 AM
සහෘදයානෙනි ඔබට නිවන් සුව!(හේ)
ශිරන්ත Thursday, 05 February 2015 11:25 AM
ඔබට නිවන් සුව පතමි.! (ර)
මාධව Thursday, 05 February 2015 11:28 AM
තම නිහතමානිත්වයත්, සන්සුන් බවත්, තුලින් මනා පෞර්ෂයකින් ජන හද දිනු සොඳුරු කලාකරුවෙක්. නාලන්දා විදුහල් මෑණියන්ගේ සුජාත පුතෙකු වූ සිසිර සේනාරත්න නම් වූ කලාකරුවාණෙනි, අප ඔබට අමා මහ නිවන් සුව ප්‍රර්ථනා කරන්නෙමු.! (ර) නාලන්දා විද්‍යාලීය 2002 ආදී සිසුන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නාලන්දියන්.
ටිරෝන් Thursday, 05 February 2015 11:30 AM
සුන්දරම සුන්දර මිනිසෙක්. ඉතාම කනගාටුයි. නිවන් සුව පතමු.! (ර)
ලලිත් රත්නායක Thursday, 05 February 2015 11:37 AM
නිවන් සැප ලැබේවා.! (ර)
සුනිල් - රාජගිරිය Friday, 06 February 2015 03:30 AM
නොසිඳෙන ගී ගඟුලකින් අප සැනසු ශ්‍රේෂ්ඨ සංගීතවේදියාණෙනි, ඔබට නිවන් සුව! (නි)
හේමන්ත Friday, 06 February 2015 10:46 AM
හෙට දවසේ සිංහල සංගීතයේ උන්නතිය උදෙසා නැවත අප අතරම ඉපදීවා.ඔබට නිවන් සුව.(හේ)
කිත්සිරි Thursday, 05 February 2015 11:50 AM
අප කවුරුත් අනිවාර්යෙන්ම යන ගමන තමයි. ඒත් හරිම දුකයි. ඔබ අප කළ යම්තාක් කුසල් හේතු වී ඔබතුමාගේ සසර ගමන කෙටි වේවා!(දිල්)
දිනේෂ් Thursday, 05 February 2015 12:05 PM
ඔබට නිවන් සුව! (ර)
ලලිත් කදාගොඩ Thursday, 05 February 2015 12:16 PM
"නිල් මිණි දෑසේ මැව් ආලෝකය හද මැදුරේ නැත නිවුණේ" ආදරණීය ගායකයාණෙනි, ඔබට නිවන් සුව. (හේ)
රන්ජනී Thursday, 05 February 2015 12:25 PM
නිවන්සුව ලැබේවා ,(හේ)
පද්මිණි Thursday, 05 February 2015 12:29 PM
ඉන්ද්‍රානි මැතිනියනි, ඔබ සියලු දෙනාට අපගේ හදපිරි සංවේගය පිරිනමන්නෙමු. (හේ)
ශාන්ත ලාල් Thursday, 05 February 2015 12:29 PM
ජාති ජාතිත් ඔබ අප අතරම ඉපදේවා.ඔබට නිවන් සුව වේවා.(හේ)
චින්තක Thursday, 05 February 2015 12:43 PM
මින් වසර 3 කට පමණ පෙර ඔබතුමා අහම්බෙන් මෙන් කොහුවල වෙළඳ සලකදී හමු වූ අයුරු අද මෙන් මතකයි.මාගේත් ඔබගේත් නම් තුල සේනාරත්න නම අඩංගු බව පැවසූ විට ඔබ පලකල අව්‍යාජ නිහතමානී සිනහව අදටත් මට සිහිපත් වේ. අඩසිය වසකටත් වඩා ඔබගේ සුබාවිත ගීතයෙන් දෙයම පෝෂණය කල පිනම ඔබතුමාට නිවන් සම්පත්තිය ලබන්නට හේතු වාසනා වේවා. ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාණෙනි, ඔබට නිවන් සුව ඇත වේවා. (හේ)
අරුණ Thursday, 05 February 2015 01:01 PM
මිලින උවත් ,මිලින නොවූ අමිල නිමල තවත් එක් තරුවක නික්ම යමක් . ඔබට නිවන් සුව ! (හේ)
භානුක Thursday, 05 February 2015 01:19 PM
"සීත සුළගින් ගෙනාවේ ආදරේ " කවදත් නොමෙකෙයි ඔබගේ ගී. නිවන් සුව ලැබේවා.(හේ)
පිටබැද්දර ජයා Friday, 06 February 2015 04:16 AM
සංගීතවේදියාණෙනි, ඔබට නිවන් සුව! (නි)
චමින්ද අතුකෝරල Friday, 06 February 2015 04:26 AM
ඔබට නිවන් සුව.(හේ)
දයානි Thursday, 05 February 2015 02:10 PM
මහතාණෙනි . සැබවින්ම ඔබ ගැයූ බොහෝ ගී මාහට අති සුන්දර ඒවාය. 'සඳ වැසුනට ඉර ගිලුණට කමක් නැහැ'. ගීතය ඔබ ගැයූ ගී වලින් මගේ ප්‍රියතම ගීතයකි.තවද ඔබ සැබවින්ම නිරහංකාර අයෙකි.ඔබට නිවන් සුව!(දිල්)
අසෝකා Thursday, 05 February 2015 03:08 PM
ඉපදෙන අප සැවොම දිනයක මිය යනවා..... මේ ලෝ දහම වෙනසක් නැතුවම යනවා.....කළ හොද නරක පමණක් අප ගෙනයනවා.......අප දෙසවන් පිනවූ නුඹ දෙව් ලොව යනවා!(හේ)
සුජිව Thursday, 05 February 2015 03:14 PM
පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමේ නැත මහා; මන්දිරේ මෙය සත්‍ය බව ගීතයෙන් පවා කියාදුන් ඔබට නිවන් සුව අප අතරම ඉපදේවා.(හේ)
භානු Thursday, 05 February 2015 03:22 PM
නිවන් සැප ලැබේවා. !(හේ)
චින්තන Thursday, 05 February 2015 03:47 PM
නිවන් සැප ලැබේවා.....!!! (නි)
මහින්ද Thursday, 05 February 2015 04:05 PM
මුළු ලොවම අමතකයි ඔබ ළඟ සිටින වෙලාවේ...... (නි)
රොහාන් චමින්ද Friday, 06 February 2015 05:54 AM
" මාගේ පුතුට මල් යහන සාදන්නේ ... ඒ මල් යහනේ පුතු නැළවෙන්නේ " ..... මිහිරි ගීයෙන් සිත් නිවාලූ ඔබට සදා සැනසීම ලැබේවා .....!(හේ)
මලිති යසෝදා Thursday, 05 February 2015 05:04 PM
ඔබට නිවන් සුව පතමි! (නි)
උපාලි Friday, 06 February 2015 07:01 AM
මා සතුව එතුමාගේ පැරණි ගී තැටි කිහිපයක්ම ඇත. ඒවා සිහිවටන ලෙස තබා ගනිමි. එතුමා ගායකයෙක් පමණක් නොවේ. සංගීත අධයක්ෂකවරයෙක්ද වෙයි. එතුමාට නිවන් සුව ලැබේවා (නදී)
චන්ද්‍රා චන්ද්‍රසිරි Thursday, 05 February 2015 08:03 PM
ඔබට නිවන් සුව ලැබේවා.(හේ)
සිසිර Thursday, 05 February 2015 09:02 PM
ඔබට නිවන් සුව! (නි)
නදී Thursday, 05 February 2015 10:56 PM
හිතවත් සහෘදයාණෙනි, ඔබ සැබවින්ම සුන්දර මිනිසෙක්. ඔබේ කටහඩ හැමදාමත් අපේ දෙසවන් අතර නොමියනු ඇත (නි)
නිමල්කා Thursday, 05 February 2015 11:06 PM
ඔබට නිවන් සුව සිසිර සේනාරත්නයනි! (නි)
හියුගෝ Friday, 06 February 2015 12:35 AM
සිසිර, ඔබ අද සුවසේ නිදි...!! නිවන් සුව ඔබට! (නි)
නුවන් Friday, 06 February 2015 12:38 AM
නිවන් සුව පතමි! (නි)
ජයසිංහ රංජනි Friday, 06 February 2015 09:00 AM
ඉන්ද්‍රානි මැතිනියනි, ඔබ සියලු දෙනාට අපගේ හදපිරි සංවේගය පිරි නමන්නෙමු (නදී)
ලාල් Friday, 06 February 2015 02:15 AM
ඔබට නිවන් සුව! (නි)
දුමින්ද Friday, 06 February 2015 02:18 AM
අනිත්‍ය සත්‍යය නැවත පසක්කළ මොහොතක් (නි)
ඇසළ Friday, 06 February 2015 09:43 AM
අර්ථවත් ගීත වලින් මිහිරි හඩින් රසිකයන් අතරට පිවිසි ඔබට නිවන් සුව.(හේ)
වසන්ත Thursday, 05 February 2015 10:52 AM
සසර වසනා ජාති ජාතිත් අපත් සමගම ඉපදේවා.(හේ)
සරත් Thursday, 05 February 2015 10:56 AM
අමරණීය සින්දු ගොඩක් කියලා ගියා.දුක තමයි .නිවන්සුව .(හේ)
නිමල් Thursday, 05 February 2015 11:02 AM
ඔබ අමරණීයයි සැමදා. (ර)
අනුරශාන්ත Friday, 06 February 2015 02:54 AM
ඔබගේ වියෝව කෙසේ දරාගම්ද? ඔබට නිවන් සුව! (නි)
දිලන්ක Thursday, 05 February 2015 11:10 AM
ඔබට නිවන් සුව ලැබේවා (දිල්)
සාලිංග Thursday, 05 February 2015 11:20 AM
හිතවත් සහෘදයාණෙනි ඔබ සැබවින්ම සුන්දර මිනිසෙක්. ඔබේ කටහඩ හැමදාමත් අපේ දෙසවන් අතර නොමියනු ඇත. යුග ගණනක් ගෙවී යත්ම ඔබේ මියුරු ගී තව තවත් රසබර වනු ඇත. ඔබට නිවන් සුව! (දිල්)
බටගල Friday, 06 February 2015 02:59 AM
ඔබගේ සොඳුරු ගතිලක්ෂණ සඳහා වෙනත් අටුවාටීකා අවශ්‍ය නැත. ඔබ ගයා ඇති ගීතවල එම සොඳුරු බව සදාතනීය ලෙසම ගැබ්වී ඇත. ඔබට නිවන් සුව. (නි)