( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය විසින් රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඔහු නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම නීතීඥවරයාගේ පියා සහ සොහොයුරා ගොනු කර තිබූ හබයාස්කෝපුස් පෙත්සම් දෙක ඉල්ලා අස් කර ගැනීමට අභියාචනාධිකරණය අද (27) පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබා දෙන ලදී.
ඒ අනුව එම පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමටට අභියාචනාධිකරණය තීන්දු කළේය.
මෙම පෙත්සම් අද (27) කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා කියා සිටියේ තම සේවාදායකයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මේවන විට ගොනු කර ඇති බැවින් මෙම හෙබයාස්කෝපූස් පෙත්සම් දෙන ඉල්ලා අස් කර ගැනීමට අවසර ලබා දෙන ලෙසය.
ඒ ඉල්ලීමට අවසර ලබා දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලදී.
නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් ඔහුගේ පියා සහ සහෝදරයා විසින් ගොනුකර තිබෙන මෙම "හෙබෙයාස්කෝපුස්" පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ තිබිණි
පෙත්සම්කරුවන් සිය පෙත්සම් වල සදහන් කර සිටියේ ඉකුත් අප්‍රේල් 14 වැනිදා රහස් පොලිසිය විසින් කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගත් බවය.
මෙම අත්අඩංගුවට ගැනීම කිසිදු පදනමක් නොමැතිව සිදු කොට ඇති බව ද පෙත්සම්කරුවන්ගේ සිය පෙත්සම් වලින් කියා තිබිණි.
ඒ අනුව අත්අඩංගුවේ පසුවන නීතිඥ හිස්බුල්ලා ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා සිය නීතිඥවරුන්ට අවකාශ ලබා දෙන ලෙස රහස් පොලිසිය වෙත නියෝගයක් නිකුත් කර ලෙසත්, ඔහුව අත්අඩංගුවෙන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පියා - සහෝදරයා ගොනු කළ පෙත්සම් ඉල්ලා අස්කර ගනිති
සේන Thursday, 28 May 2020 05:28 AM
එදා සහරාන් නොමැරී බේරුණා නම් ඔහුගෙත් අයිතිවාසිකම් ගැන කතා කරලා නිදහස් වේවි. ප්‍රභාකරන් වුවත් එසේමයි. ඔවුන් විසින් නැති කළ රටක ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා නැත. මේ තත්ත්වය වෙනස් විය යුතුයි.