( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , ඔහුව මුදා හරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජුනි 01 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කළේය.
එම පෙත්සම එල්.ටී.බී දෙහිදෙණිය, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර ය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (18) කැඳවිණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ නොතීසි තමන් වෙත ලැබුනේ ඉකුත් සිකුරාදා සවස් වරුවේ බවත් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා කරුණු දක්වමින් අත්අඩංගුවේ පසුවන නීතිඥ හිස්බුල්ලා මහතාගෙන් නඩු කටයුතුවලට අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට ඔහු හමුවීම සඳහා සාධාරණ කාලයක් ලබා දෙන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා සිටියේය.
මේ සම්බන්ධයෙන් තමන් ඉදිරි දිනයේ කරුණු දක්වන බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කියා සිටයේය.
සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම ලබන ජූනි 01 වැනිදා සලකා බැලීමට දින නියම කළේය.
නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය ගොනු කල මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ , එහි ස්ථානාධිපති ,නීතිපති ඇතුළු හය දෙනෙකු නම් කරනු ලැබ. සිටිති.
සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත් , නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා බැලීමට ඔහුගේ පවුලේ ඥාතීන්ට හා නීතීඥවරයෙකුට අවසර ලබා දෙන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.
ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.
පසුගිය අප්‍රේල් 14 වන දා රහස් පොලිසිය විසින් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගනු ලැබිය.
එම අත්අඩංගුවට ගැනීමට හේතු කිසිවක් ඉරිදිපත් නොකර තිබිණි.නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගත් දිනට පසුදා එනම් අප්‍රේල් 15 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පාස්කු දින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තම සේවාදායකයා අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කර තිබිණි.ඊට අමතරව එහිදී මාධ්‍යවේදියෙකු යොමු කල ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ නීතිපති උපදෙස් නොමැතිව මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥ හිස්බුල්ලා මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.
පෙත්සම්කරුව බැලීමට නීතීඥවරයෙකුට අවසර ලබා දෙන්නේ නැත.එසේම එම නීතීඥවරයා මෙතෙක් කිසිදු මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කොට නැත.තවද පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමට කිසිදු හේතුවක් නොමැත.ජනාධිපතිවරයා නොමඟ යවමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ක්‍රියාව සිදු කර ඇත.එබැවින් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගැනීමට නීතියට පටහැනි වේ.
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ යැයි කියන ප්‍රකට කුළුබඩු ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් යූසුෆ් ඊබ්‍රාහිම් නැමැත්තගේ සිවිල් නඩු දෙකකට නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා පෙනී සිට ඇත.එම නඩු කොළඹ දිසා අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම ලබන ජුනි 01 වැනිදා සලකා බැලේ
Tharindu Monday, 18 May 2020 10:50 AM
දැන් එතකොට මෙයා බබා?
බිනර Monday, 18 May 2020 05:16 PM
මේ ඉල්ලන අයිතිවාසිකම් අන් අපරාධ සැකකරුවන්ට ලබා දෙන අයිතිවාසිකම් හා සමාන නොවේ. ප්‍රවේශය ලෙස මෙහිදී අර්ත දක්වන්නේ පොලිස් නිලධාරීන් නොමැතිව නීතිඥවරුන්ට හමුවීමට අවස්ථාව ඉල්ලීමයි. මේ ඉන්නේ ත්‍රස්තවාදී කටයුතු පිලිබඳ සැකකරුවකු බැවින් ත්‍රස්ත විමර්ශන කොට්ටාශය ඊට අවස්ථාව ලබා නොදේ. ඔවුන් ඉඩ ලබා දෙන්නේ නිලදාරියකු සිටින විට එවැනි වූ සංවාදයක් කල හැකිය යන්නටය . පෞද්ගලික සංවාදයට ඉඩ දුන හොත් එමගින් සාක්ෂි විනාශ කිරීමේ අවදානමකට ලක්විය හැක.