IMG-LOGO

2024 දෙසැම්බර් මස 23 වන සඳුදා


‘‘මං හරි ලකී’’

df 

 

ස්වාධීන රූපවාහිනියේ මේ දිනවල විකාශය කෙරෙන රිතූ නාට්‍යයේ ප‍්‍රධාන චරිතයක් සමඟ රංගනයට පැමිණ සිටින ඇය පියුමි හංසමාලිය. එහි ශ‍්‍රියන්ත මෙන්ඩිස් සහ නිරෝෂා හේරත්ගෙ දියණිය ලෙස රඟපාන මේ පියුමි කවුද? අද සැඳැල්ල කතා බහ හැඩ කරන්නේ ඇයයි.

 


01”පියුමි” ඔබට පියෝ කියලත් කියනවා නේද?


යාළුවෝ පියෝ, පියෝ කියලා තමයි කතා කළේ. ඒත් දැන් කියන්නේ ‘‘රිතී” කියලයි.

 


01”රිතී” කියන්නේ?


සතියේ දින පහේම විකාශය කෙරෙන රිතූ නාට්‍ය මාලාව නිසයි. ස්වාධීන රූපවාහිනියෙන් රාත‍්‍රී 8ට රිතීව හමුවන්න පුළුවනි.

gj


01 ඔබ ගැන සඳහනක් කළොත්?


මගේ සම්පූර්ණ නම පියුමි හංසමාලි ගෝමස්. ගම රාජගිරිය. ඉගෙන ගත්තෙ ශ්‍රී සෝභිත විද්‍යාලයෙන්. ලග්නය කුම්භ. වයස අවුරුදු 22යි. අම්මායි-මමයි සතුටින් ජීවිතය ගත කරනවා. රඟපෑම තෝරා ගන්නට පෙර, මම නිරූපිකාවක ලෙස කටයුතු කළා. දැනටත් ඒ අංශයේ නියැලෙනවා. මොඩල් ඔෆ් දි ඉයර් නිව් ජෙනරේෂන් කියන ඉසව්ව හරහා තමයි ඒ ක්ෂේත‍්‍රයට ආවේ. රඟපෑම අහම්බයක්.

 


01 රඟපෑමට ආධුනික ඔබට රඟපාන්න ලැබුණාම කොහොමද ඒ ගැන හිතුණෙ?


ඇත්තටම බයක් ඇති වුණා. හැබැයි දැන් නම් හරි

 


01 රඟපෑම තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණද?


රඟපෑම ගැන සිහිනයක් තිබුණේ නැහැ. නමුත් ආරාධනාව ලැබුණා. ඉතින් බාර ගත්තා.

 


01 හැදෑරීමකින් තොරව රඟපෑම කියන දේ කරන්න පුළුවනිද?


මම රඟපෑම හදාරලා නැහැ. ඒක ඇත්ත. නමුත් තමන්ගෙ දැක්ම සහ අධ්‍යක්ෂවරයාගෙ මග පෙන්වීම මත රංගනයට ප‍්‍රවේශ වෙන්න පුළුවනි. දක්ෂ අධ්‍යක්ෂවරයකුට ඇත්තටම කළ හැකි දේ බොහෝයි. ලෝකයේ බොහෝ නිර්මාණවලට ඒ විදියට නළු-නිළියන් බිහි කරලා තියෙනවා.

 


01 රඟපාන කෙනාට කරන්න තියෙන්නේ මොකක්ද?


හැකියාව කියන දේ අනිවාර්්‍යයෙන් තිබිය යුතු දෙයක්. නමුත් ඒ හැකියාව නිවැරදිව හඳුනාගෙන නිවැරදි මෙහෙයවීම කරන්නේ අධ්‍යක්ෂවරයායි.

 


01 මේ නාට්‍යයේ රඟපෑමට ගිය අවස්ථාවේ මුල්ම දර්ශනයට පෙනී සිටි විදිය මතකද?


මෙහි මගේ පෙම්වතා ලෙස රඟපාන්නෙ විශ්ව කොඩිකාරයි. මම බස් නැවතුම්පොළක සිටියදී, තරුණයකු මා සිටින තැනට දිව එනවා, ඔහු පිටුපස පොලිස් නිලධාරීන් ලූහු බඳිනවා. ඔහු එක පාරටම මගේ ළඟට ඇවිත් කුඩය ඔසවාගෙන සිටි මට තුරුල් වී ඔයාගේ සහෝදරයාට උදව් කරන්න කියනවා. එතකොට මම, ”අනේ ඇයි මේ? මොකක්ද මේ කරන්නෙ” කියලා කියන්නයි තිබුණේ. අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීම අනුව මට එය හොඳට කරන්න පුළුවන් වුණා.

 


01 විශ්වගෙන් ඔබට ලැබුණු සහයෝගය මොන වගේද?


ඇත්තටම විශ්ව හොඳ කෙනෙක්. ඒ වගේම තමයි මෙහි මගේ අම්මා සහ තාත්තා ලෙස රඟපාන ශ්‍රීයන්ත මහතා සහ නිරෝෂා මහත්මිය. ඒ දෙන්නා මගේ තාත්තා-අම්මා වීම මට අදාහගත නොහැකි තරමේ දෙයක් වුණා. ඒ තරම් දක්ෂ දෙදෙනකු සමඟ රඟපෑමට ලැබීම ලොකුම වාසනාවක් වුණා. මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. ඒත් මට ඔහුට තාත්තා කියද්දි දැනුණු හැඟීම ඉතා ඉහළයි.

 


01 කොහොම වුණත්, එක්තරා අවස්ථාවක ඔබ රඟපෑමට ගොස් ආපසු හැරිලා ආවා කියන කතාව මොකක්ද?


රිතූ නාට්‍යයේ නෙවෙයි. ඊට පෙර, නාට්‍යයක රඟපෑම සඳහා ස්ක‍්‍රීන් ටෙස්ට් එකට (තිර පරීක්ෂණයට) ගියා. එහි අධ්‍යක්ෂවරයා හරිම සැරෙන් මට කතා කළේ. සැරෙන් බැන්නාම මට එපා වුණා. ඊට පෙර මම රඟපාලා තිබුණෙ නැහැ. ඉතින් එයාට ඒ ගැන කිව්වත්, සැරෙන් කතා කළේ.

 


01 ඔබ රංගනයේදී පෙම්වතිය නම් පෙම්වතාගේ චරිතයට ඔබට වඩාත් සුදුසු කවුරු කියල ද හිතන්නේ?


මම ආසම විජය කුමාරණතුංගයන්ට

 


01 දැන් ඔහු නැහැනේ?


ඔව්, දැන් ඔහු නැහැ. ඒත් විජයකුමාරණතුංගයන් සහ මාලිනි ෆොන්සේකා යුවළ රඟපෑ චිත‍්‍රපට අදටත් මම නරඹන්නෙ හරිම ආසාවෙන්. මගේ ප‍්‍රියතම සහ වැඩියෙන්ම කැමති තරු යුවළ ඒ දෙන්නයි.

 


01 ටෙලි තිරයේ පෙම්වතා හැටියට ඔබට වඩාත් ගැලපෙන්නෙ?


තවම චරිත ගොඩාක් රඟපාලා නැහැනේ. විශ්ව එක්ක තමයි ඉස්සලේලාම රඟපාන්න ලැබුණෙ. විශ්වගෙන් ලැබුණු සහයෝගය හරිම ඉහළයි. මම හිතන්නේ ඒ කතාවෙ හැටියට අපි දෙන්නා හොඳට ගැලපුණා.

 


01 රඟපෑම කියන විෂය ඇත්තටම ලෙහෙසියි ද? නැත්නම් අමාරුද?


ඇත්තටම අමාරුයි. ඒත් උත්සාහ කළොත් කරන්න බැරි දෙයක් නැහැ. මම මේක හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක්. සියල්ල ලැබෙන්න ඇත්තෙ පව් පිං කරලා තියෙන විදියට වෙන්න ඇති. කුඩා කාලයේ ඉඳලා මගේ සිහිනය වුණේ ගුවන් සේවිකාවක වීමටයි. ඒත් ඊටත් වඩා ලොකු වාසනාවක් හැටියට රඟපෑමට එන්න ලැබුණා. ඒ සතුට කියලා නිම කරන්න බැහැ. වෙලාවකට මං හරි ලකී කියලා හිතෙනවා.

 


01 ”රිතූ” රඟපාද්දි වෙච්ච දේවල් ගැන කිව්වොත්?


පොඩි දේටත් මට නිතරම හිනා යනවා. ඒ නිසා කැමරා අධ්‍යක්ෂ රොෂාන්ගෙන් නම් බැනුම් අහන වාර එමටයි.
දැන් ඒ බැණුම් අහන එකත් හරි ජොලි.

 


01 ”පියුමි” ඔබ ගැන ඔබට හිතෙන්නෙ මොන විදියටද?


ලැබෙන දේ උපරිම ගෞරවයෙන් කරන, කාටවත් කරදරයක් නැති මම හරි හොඳයි කියලා හිතෙනවා.


හැඩගැන්වීම - සුමුදු වසන්ත

 

sadun-gamage

 



අදහස් (0)

‘‘මං හරි ලකී’’

ප්‍රසාද් Sunday, 25 January 2015 10:56 AM

ඔබට සුබ අනාගතයක්.(හේ)

:       0       0

කුමාරි Tuesday, 20 January 2015 07:24 AM

ඔබ සුන්දරයි (නි)

:       0       0

නජිත් Thursday, 22 January 2015 05:56 AM

මම රිතු නාට්‍යයේ විකාශය වූ සියලුම කොටස් නැරඹුවා. එහි දේශපාලකයෙකුට මඩ ගැසීමක් තිබුනේ නෑ. හිටපු ජනාධිපති යුද්දය අවසන් කිරීමට තැත් කල ආකාරය ගැන නම් පෙන්නුවා. දැන් ඉතින් ඒක කාලේ එයා නොවෙයි කියල පිටපත රචනය කරලා පෙන්නන්න පුළුවන්නේ. (නදී)

:       0       0

ආසිරි Friday, 30 January 2015 07:42 PM

ඔබ හරිම සුන්දරයි (නි)

:       0       0

රුවන් Monday, 19 January 2015 05:14 AM

දසුනි රිතු විකාශනය නැවැත්තුවා.ඒක එක්තරා දේශපාලකයෙකුට මඩ ගැසීම පිණිස පටන් ගත් ටෙලි නාට්‍යයක් බව හෙළි වුන නිසා. මට නම් කණගාටු ශාන්ත සොයිසා වැනි දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් මේ වගේ මඩ ගොඩක වැටුණ එක. ඔහුගේ අමා , වරාමලි වැනි ටෙලි නාට්‍ය අපි ඉතා ආශාවෙන් නැරඹුවේ. නළු නිළියන්ටත් අතින් පාඩු ඇති. වෙනින් වැඩක් භාර ගන්න පුළුවන් දින මේකට වෙන් කරලා. මේවා හැමෝටම හොඳ පාඩම්.(දිල්)

:       0       0

දසුනි Tuesday, 13 January 2015 01:06 PM

කෝ දැන් "රිතු". (හේ)

:       0       0

චමලි Monday, 12 January 2015 08:33 AM

මේක දැකල තරහ ගන්න එපා. ඔබේ ඇහි බැම සකස් කරන ශිල්පිනිය නම් ඒ කාරිය හරියට කරන්නේ නැහැ. ඔබේ මුහුණට හරිම කෘතීම පෙනුමක් එන විදියට ස්වාභාවික ලස්සන නැති කරලා හරිම අස්වාභාවික පෙනුමක් ලැබෙන විදියට ඇහිබැම ඇඳලා. මෙය මම රිතු ටෙලි නාට්‍යයේත් දැක්කා. (නදී)

:       0       0

ගයාන් Tuesday, 13 January 2015 08:33 AM

ඇයි මෙයා මේ තරම් බොරු කියවන්නේ,.ඔච්චරටම මිනිස්සු රවට්ටන බොරු කියන්න එපා. (ස)

:       0       0

රුවිණි Sunday, 25 January 2015 09:22 PM

මේ නාට්‍යයෙන් ඉතා හරවත් දෙයක් දෙමාපියන්ට පෙන්වා දුන්නා. තරුණ ළමයිගේ ආදර සම්බන්දතා වලදී ඉවසීමෙන් කටයුතු කල යුතු අයුරු. ඒ වගේම නාට්‍යක් නවත්තල මේ රටේ යුද්දයක් තිබුන බව රටේ මිනිසුන්ට අමතක කරවන්න හදනවා නම් ඒ තරම් මෝඩ කමක් තවත් නැහැ. අපේ අතීත පාඩම් ඉදිරියට යාමට ඉතා වැදගත් වෙන බව විශේෂයෙන් දේශපාලකයන් ඇතුළු හැමෝම දැන ගත යුතුයි. (නදී)

:       0       0

ප්‍රසාද් Saturday, 24 January 2015 07:28 AM

මන් නම් රීතු නවත්තපු එකට කැමති නැහැ. හිටපු ජනාදිපතිට එ්කෙන් වාසියක් වෙන්න ඇති. එ්ත් එතුමා පරදුනානේ. ඒ නාට්‍යය ආදර කතාවක්. නමුත් ඒ අතරින් යුද්දයක් මේ රටේ තිබුන බව මිනිස්සුන්ට මතක් කර දුන්නා. එ්කෙන් මඩ ගැසීමක් උනා නම් උනේ එල්.ටී.ටී එකට. කොහොම උනත් කමක් නැහැ ඒ යුද්ද කතා අයින් කරලා හරි දිගටම මේ කතාව ගෙනියන්න පුළුවන්. අපි බොහොම කැමැත්තෙන් නරඹපු කතාවක්. (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 19 January 2015 10:17 AM

අර 'අායුබෝ වේවා මහරජා සිංදුව කියපු කෙනා දැන් කෝ? එයා ගැනත් විස්තරයක් පලකරන්නකෝ. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Friday, 16 January 2015 04:43 PM

අනේ පව් මේ රූමත් දැරිවි. පළමු ටෙලි නාට්‍යයෙන්ම වංචනිකයෝ රැලකට අහු වුනා. රිතූ නාට්‍යය ගල උඩ මොකක්ද කරපු බළලාගේ තත්වයට වැටුනා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රසේන සර්වජන බලයට එක්වෙයි
2024 දෙසැම්බර් මස 23 20 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා සර්වජන බලය පක්‍ෂයේ සාමාජිකත්වය අද (23) ගත්තේය.


පාසල් ජනවාරි 2 වැනිදා ඇරඹේ
2024 දෙසැම්බර් මස 23 23 0

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ලබන ජනවාරි මස 2 වැනිදා (බ්‍රහස්පතින්දා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය


නියඟ අවදානම අවම කිරීමට සෞදිය පෙරමුණ ගනී
2024 දෙසැම්බර් මස 23 49 0

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ‘දකුණු ආසියාව සඳහා කලාපීය නියඟ අවදානම් කළමනාකරණය සහ අවම කිරීමේ උපායමාර්ගය’ එළිදැක්වීමේ වැඩසටහන පසුගියදා


මාලඹේ- අඹතලේ පාරට විශේෂ ආරක්ෂාවක්
2024 දෙසැම්බර් මස 23 234 0

සොර සතුරන්ගේ ග්‍රහණයට නතුවී ඇතැයි කියන මාලඹේ සිට අඹතලේ දක්වා වන චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකසන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුක


නිධන් හොරු 5ක් පළායති:අයෙක් මාට්ටු
2024 දෙසැම්බර් මස 23 124 0

කහටගස්දිගිලිය,නෙකටුනවැව ප්‍රදේශයේ බඩ ඉරිගු වගා භුමියක නිධන් හැරිම සදහා පුද්ගලයන් පිරිසක් කැණිම් කරන බවට ලද තොරතුරක් මත ඊයේ (22) පොලිස් නිලධාරින් විසින


විදුලිය වැදී අලි 50 ක් මෙම වසරේ මැරිලා
2024 දෙසැම්බර් මස 23 82 0

මෙම වසරේ මේ දක්වා කාලයේ විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනකු පමණ මරණයට පත්ව ඇති බවත් එම අවස්ථාවලදී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම අනවසරයෙන් ගෙන තිබූ


මේවාටත් කැමතිවනු ඇති

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 36 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 372 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

Our Group Site