IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජ’පුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨය විවෘත කෙරේ

(ඉෂාන් සංජීව)

ශ්‍රී ලංකාවේ ඉදිවු ප්‍රථම අංගසම්පූර්ණ තාක්ෂණ පීඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය තාක්ෂණ පීඨය විවෘත කිරීම අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ හෝමගම පිටිපන තාක්ෂණ උද්‍යානයේදි සිදුකෙරිණි.

හෝමගම පිටිපන තාක්ෂණ උද්‍යානයේ අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයක මෙම තාක්ෂණ පීඨය ඉදිකර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 300ක් පමණ වේ.

සබැඳි - ජ’පුරේ තාක්ෂණික විද්‍යා පීඨය අද විවෘත කෙරෙයි 



අදහස් (29)

ජ’පුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨය විවෘත කෙරේ

සමිත සේනක අලුත්ගමගේ. (ශ්‍රී ජය.පුර.විශ්ව විද්‍යාලය.) Monday, 08 June 2020 10:51 AM

සත්‍ය වශයෙන්ම, මේ අගනා අවස්ථාවට සටහනක් තැබීමට ලැබීම භාග්‍යයක්. මේ සඳහා ඇප කැපවී ක්‍රියා කළ සියළුම විශ්ව විද්‍යාලයිය භවතුන් සැමටත්, මේ සඳහා සහභාගී වීමෙන්ද, මූලික වීමෙන්ද, කටයුතු කළ සියළුම දේශපාලක භවතුන්ටද, අනෙකුන් සැමටද, අපගේ බලවත් ප්‍රශංසාව පුද දෙමු.

:       12       1090

සෑම් Monday, 08 June 2020 12:57 PM

අමතක කරානං මතක් කරගන්න කියන්නේ... අද ඔය විවෘත කරන දෙන්නා ඒ කාලේ හෝමාගම පිටිපන ගමේ මිනිස්සුන්ව ඔය ව්‍යාපෘතියට එරෙහිව උසිගැන්නුවා. දිනේෂ් ගුණවර්ධන තාක්ෂණ විශ්ව විද්‍යාලයක් හෝමාගමට අවශ්‍ය නැහැ කියලා දින 100 හොර ආණ්ඩුව කාලේදී ඕකේ වැඩ නැවැත්තුවා. ඕක හදන්න මූලික වුනේ චම්පක රණවක මැතිතුමා... ඔකේ සමරු පලකයා විතරයි මේ ආණ්ඩුව හැදුවේ... අද ලැජ්ජා නැතුව මැතිවරණ අස්සේ මැතිවරණ නීති කඩලා ඡන්ද ඩැහැගන්න විවෘත කරනවා. අනුන් කරපු වැඩවල ලකුණු තමුන්ගේ එකවුන්ට් එකට දාගන්න එක කරන්නේ... හැම අතින්ම ලැජ්ජයි...

:       216       4240

සමිත සේනක අලුත්ගමගේ.Monday, 08 June 2020 01:27 PM

සෑම් මහතා, අමතක කොට නැහැ. මගේ සටහනේ ඒ සියළුම දෙනා ගැන සටහන් වෙනවා. ආණ්ඩුවේ පැත්තෙන් ආරාධනය නොකිරීම අඩුපාඩුවක් තමයි නේද? එහෙම තමයි මේ රටේ දේශපාලනය ...

:       15       329

athulaMonday, 08 June 2020 02:04 PM

මේ කතාව අැත්ත... මා පාඨලීගේ හෝ යූ.එන්.පී. අනුගාමිකයෙක් නොවුණත්... මෙහි පූර්ණ ගෞරවය පාඨලීට හිමිවිය යුතුයි.

:       85       1547

සපුමල්.Monday, 08 June 2020 07:23 PM

සෑම්, මේ සම්බන්ධව එජාපය ගැන සඳහන් කොට තිබෙනවා දුටුවේ නැතිනම් නැවත පුවත කියවන්න. ඒ සඳහා ආරාධනය කිරීම හෝ නොකිරීම රජය සිදුකළ දෙයක් වෙන්න ඇති. මෙයින් ඉගෙනගන්නේ රටේ දරුවන්... ඒ ගැන අැයි ඔබට සතුටුවෙන්න බැරි? අනික කොයි දේශපාලකයා කළත් මේවා ජනතාවගේ මුදල්. අනික ඉහත සටහනේ කිසිවෙකුගේ නම් නැති වුණත්, අදාළ සැමට ප්‍රශංසා කොට තිබෙනවා. එයත් නැවත කියවා බලන්න. ඕනෑම දේකට කොක්ක දාන කුහකයන් සිටිනවා. ඔබගේ දේශපාලනය මෙවන් හොඳ දේකදීවත් යොදවන්න. පාඨලී මහතාටද ස්තූතියි.

:       11       117

සමන් Monday, 08 June 2020 09:00 PM

මාස 6 කින් හදලා විවෘත කරන මේ බන්දුල ඔබලා දන්නේ නැතිවුනාට විශ්වකර්මයක්. මතක නැතිද බන්දුල කිව්වා බැරිනම් සක්කරයාගේ පුතා වීමටත් බැහැ කියලා. රුපියල් 2500 කින් කන්න දුන්නා..

:       0       152

විජිත් Tuesday, 09 June 2020 07:08 AM

සමිත, සුබ පැතුම් මගෙනුත්. විශ්ව විද්‍යාලයක් විවෘත කරනවා කියන්නේ රටට අවශ්‍යයම වූ සම්පත වන උගත් බුද්ධිමත් පුරවැසියන් බිහිකොට රටේ ඉදිරි ගමනට ඔවුන්ව දායක කරගැනීමයි. නමුත් ඒ උගතුන්ගේ අදහස් උදහස් නොඉවසන, 8 පන්තිය පමණක් සමත්, සමහරවිට පාසලකට නොගිය කුකුල් හොරුන් රට පාලනය කරන රටක " බුද්ධි ගලනය " තව තවත් වැඩිවෙනවා මිසක් අඩුවීමක් නම් වෙන්නේ නැහැ. මන්ද .. ඔය දියවන්නාවේ සිටින කුකුල් හොරුන්ට " සර් " කියන්න ඒ උගතුන්ගේ දිව නොනැමෙන බැවින්.

:       1       51

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 09 June 2020 09:41 AM

ස්තූතියි ! විජිත්. මේ පීඨය අප රටට හොඳ උගතුන් බිහි කරාවි. යම් දිනෙක අපගේ මේ අදහස් ඔවුන් අගය කරාවි.

:       0       29

Ata fail Monday, 08 June 2020 11:00 AM

දැඩි විනයක් ඇති සිසුන් තෝරාගෙන පාලනය කරගත යුතුයි. ඔලු පාලන, ටයර් මගින් මිනීමරන අය නම් එපා. රතු හරක්ගෙන් බේරාගත යුතුමයි. වැරදි කරන අයට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුමයි. විසිඑක්වන, විසිදෙවන ශත වර්ෂයට සුදුසු මිනිස්මොල වලට තිබිය යුතු තැනක් වේවා...!!!

:       581       506

Champa Monday, 08 June 2020 11:37 AM

වැය කළ මුදල අනාගත ආයෝජනයක්... කොරෝනා වෛරසය උගන්නපු පාඩම හරියට ඉගෙන ගත්තා නම් මෙතෙක් කලක් අනුගමනය කරපු යල් පැනගිය විශ්ව විද්‍යාල ක්‍රමය වෙනස් කරලා දැනට වඩා දෙතුන් ගුණයක් සිසු සිසුවියන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දෙන්න පුළුවන්...

:       1       26

arschfikaaMonday, 08 June 2020 11:04 PM

ඔබ හරි චම්පා. යල් පැනගිය සිස්ටම් තියාගෙන මේ අය තාමත් මුල්ගල් ඇර ඇර ඉන්නවා.

:       1       3

ChampaTuesday, 09 June 2020 12:09 PM

හැබැයි මම යල් පැනගියා කියලා කිව්වේ යල් පැනගිය ඉගැන්වීම් ක්‍රම මිසක් විශ්ව විද්‍යාලවල උගන්වන විෂයයන් ගැන නෙමෙයි. ඒ කියන්නේ මේ ජනාධිපතිවරයා කිව්වා වගේ අපේ විශ්ව විද්‍යාලවල සිංහල භාෂාව, බෞද්ධ දර්ශනය, පාලි හෝ සංස්කෘත ඉගැන්වීමෙන් වැඩක් නැහැ කියන එක නෙමෙයි. ඒව උගැන්නුවේ නැත්නම් රාජ්‍ය සේවයේ හැමෝම පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් වගේ විජය හොරා නමැති මිථ්‍යාව ඔලුවේ තියාගෙන අපේ සැබෑ ඉතිහාසය වළලන නිලධාරීන් වෙන්න තිබුණා. අපේ ඉතිහාසය, සිංහල සංස්කෘතිය, බුදුදහම ගැන ඉගෙන ගත්ත පරිපාලන නිලධාරීන් නිසා තමයි සමහර දේශපාලුවන් රට පාවා දෙන්න කොයිතරම් උත්සාහ ගත්තත්, අපේ රට මේ තරම්වත් ආරක්ෂා වෙලා තියෙන්නේ. එහෙම නොවෙන්න වහල් ආණ්ඩුව හෝ නැත්නම් වර්තමාන ජනාධිපතිවරයා හෝ මෙලහට MCC අත්සන් කරලා ඇමරිකාවට රටම පාවලා දීලා. අමාත්‍යාංශ ලේකම් තනතුරුවලට දැන් හමුදා නිලධාරීන් පත්කරගෙන යන්නේ ඉහළින් එන ඕනෑම නියෝගයක් ඔවුන් යාන්ත්‍රිකව පිළිපදින නිසා. සියලු වැදගත් අමාත්‍යාංශවලට තමන්ට යටත් රූකඩ හමුදා නිලධාරීන් පත් කරලා MCC මහපාවාදීම කරන්නයි බලා ඉන්නේ... ඇමරිකාව පත්කරපු රූකඩ ජනාධිපතිවරයා අපේ අධ්‍යාපනයත් පාවාදෙන්න ඉඩ තියෙනවා.

:       100       65

Ravi Monday, 08 June 2020 01:29 PM

මෙවැනි දායාද රටට ලබා දුන් එක්සත් ජාතික පක්ෂයට ස්තූතියි...

:       282       879

ලසන්තTuesday, 09 June 2020 12:59 AM

එක්සත් ජාතික පක්ෂය හෝමාගමට ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් සෑදීමට සකස්කල ඉඩමේ මේ අය කරන්න සූදානම් වුනේ ක්‍රිකට් පිටියක් හදන්නයි. බන්දුලගේ හදවතේ තවමත් එම අදහස තියෙනබව පසුගිය දිනක කියා තිබුනා. මෙම දෙගොල්ලගේ අදහස් වලින් සුදුසු කුමක්ද නුවනැත්තෝ සිතත්වා.

:       29       233

bandulaTuesday, 09 June 2020 04:03 AM

අනුන්ගේ ව්‍යපෘති තමන්ගේ වගේ නම ගහගෙන විවෘත කරනවා, කාටද ආඩම්බර.

:       42       166

binkunndaa Monday, 08 June 2020 05:38 PM

මේක විවෘත කරන එවුන්ට අසුචි වුණත් කන්න පුළුවන් උන්ගේ වාසියට...

:       150       2007

muthukumara Monday, 08 June 2020 06:04 PM

කවුරු කලත් පාඨලී වැනි බුද්ධිමත් දේශපාලන විද්වතකුගේ සේවය අමරණීයයි..

:       110       559

බන්දුල Monday, 08 June 2020 09:51 PM

හෝමාගම තාක්ෂණ විශ්ව විද්‍යාලයට විරුද්ධව පාරට බැස්ස අය ලැජ්ජා නැතුව තමන් හැදුවා වගේ විවෘත කරනවා...

:       55       588

මහින්ද මන් Monday, 08 June 2020 09:54 PM

අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න මහින්ද හරිම කැමති පුද්ගලෙයක් බව දන්නේ නැද්ද?

:       67       537

ChampaTuesday, 09 June 2020 03:54 PM

රටේම දරුවන්ට උප්පැන්න අහිමි කරන්න වහල් ආණ්ඩුව හැදුවා මතක නැත්ද?

:       1       11

ass charyaWednesday, 10 June 2020 03:46 AM

මේක තමයි නියම වහල් ආණ්ඩුව රාජ උෂ්නෙ ගහපු පවුලක් රජකම් කරනවා බලන්න කැමති ඔයාලා වගේ කට්ටිය තමයි මේ ආණ්ඩුවේ බහුතරය.

:       1       74

Clarence de Silva Monday, 08 June 2020 11:59 PM

ගොඩනැගිලි පින්තුර නැතිව, තාක්ෂණ උපකරණ වල පින්තුර දැම්ම නම් හොඳය.

:       0       6

දැන් සැපද Tuesday, 09 June 2020 12:26 AM

ජනතාව ගොනාට අන්දලා ඡන්දය ලබාගැනීම හා ඉන් පසු ඇරියස් අල්ලන්න අරමුණු කරගෙන කරන ලද ඇඳිලි හා කුමන්ත්‍රණ තුල වත්මන් ආණ්ඩුව අම්බානකට අනාගත්තේ අනපේක්ෂිත ලෙස කොරෝන පැමිණි බැවිනි - බලයට පත්වූ විගස නත්තල් සීය වගේ උපයන විට බදු ඉවත්කලේ රදවා ගැනීමේ බදු ඉවත් කලේ , මාර්තු දෙක පාර්ලිමේන්තුව විසුරව ජනතාව ගොනාට අන්දවා අසීමිත බලයක් ලබාගෙන ඉන්පසු ගෙනෙන "අයවැයෙන්" සියල්ල කණපිට හරවා ණය ගෙවීමට හැකිලෙස බදු අයකර ගැනීමයි.

:       60       586

ලුම්බිණි Tuesday, 09 June 2020 03:02 AM

අනුන්ගේ පහනෙන් එලිය බලනවා කියන්නේ මේකයි.

:       48       433

Nandalal DE SILVA - France Tuesday, 09 June 2020 07:33 AM

පසුගිය යහපාලන රජය සැලසුම් කර වැඩපටන්ගත්, ශ්‍රී ලංකාවේ ඉදිවූ ප්‍රථම අංගසම්පූර්ණ තාක්ෂණ පීඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය තාක්ෂණ පීඨයට... "මහින්ද රාජපක්ෂ තාක්ෂණ පීඨය" කියලා එල්ලපු බෝඩ්ලෑල්ලේ පින්තූරයකුත් දැම්මා හොඳයි නේද?

:       91       152

ravi Tuesday, 09 June 2020 08:09 AM

මුහුදු පතුල විකුණාගෙන කාලා දැන් රට ගිලාබහිනවා.. ඉතින් මොනවටද මේ විකාර..?

:       20       848

Keppetipola Tuesday, 09 June 2020 03:08 PM

කවුරු පෙරමුණගෙන හැදුවත් මේවා මහජන මුදල් මිස චම්පිකගේ පෞද්ගලික මුදල් නොවේ. ඇමති කෙනෙක්ව පාර්ලිමේන්තුවට යවන්නේ රටට වැඩ කරන්න මිසක් උඩ බලාගෙන ඉන්නවත්, හොරකම් කරන්නවත් නොවෙයි. අපිට මතකයි ගෝඨාභය මහත්මයා පටන්ගත්ත ව්‍යාපෘති යහපාලන රජය සමයේ යසඅගේට චම්පික විවෘත කරනවා. එතකොට චම්පික, ගෝඨාභය මහත්මයාට ආරාධනා කලේ නැහැ.

:       475       154

ධම්ම Thursday, 11 June 2020 03:13 AM

මේවා මේ රටේ සිදුවිය යුතු දේවල්. අරයා මෙයා මේකට අදාළ නැහැ.

:       0       1

duminda Thursday, 11 June 2020 09:35 AM

බෙලි අත්තට කෝච්චිය ගිය වෙලාවේ මෙයාගේ කට්ටිය නටපු නැටිල්ල මතකද? අද කෝ ඒවා...? පක්ෂ 2ක සහ පාක්ෂිකයින් දෙකොට්ඨාශයක වෙනස...

:       0       5

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18327 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site