(දයාරත්න ඇඹෝගම)
ශ්‍රී ලාංකීය ශාසන ඉතිහාසයේ පළමුවෙන්ම ඉදි කළ චෛත්‍ය ලෙස සැලකෙන අනුරාධපුර මහමෙව්නා පුදබිමේ පිහිටි ථුපාරාමයේ නම සඳහන් ආදිතම සෙල් ලිපිය වන පාලුමැකිච්චාව සෙල් ලිපිය වසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ මතින් කොන්ක්‍රිට් බැම්මක් ඉදිකර ඇත.
අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මැකිච්චාව මංසන්ධියෙන් මීටර් 130 පමණ දුරින් පිහිටි පාලුමැකිච්චාව වැවේ පිට වානේ වාන් ගලක මෙම සෙල් ලිපිය කොටා ඇත. ‘පළමුවැනි ගජබා රජු කහවනු 5000 ක් වියදම් කර උපල විබජක පළාතේ මඩමනක වැව ථුපාරාමවාසී භික්ෂුන්ගේ සිවි පසය සදහා පරිත්‍යාග කළ වගයි‘ යනුවෙන් මෙම සෙල් ලිපියේ සටහන්ව තිබෙන බව මල්වතු මහා විහාර වාසී පුරාවිද්‍යා විශේෂවේදී මැද මහනුවර ධම්මසිරි හිමියෝ පැවසුහ.
මෙම වැව සහ ඒ යටතේ ඇති කුඹුරු යාය අස්වද්දවා ඉන් ලබා ගන්නා ධන ධාන්‍ය ථුපාරාම භික්ෂුන් වහන්සේලාට සිව්පසය සදහා ලබා දීම එසමයෙහි සිදුව ඇති බව මෙම සෙල් ලිපිය තහවුරු කරයි.
අදින් වසර 1800 ක් පමණ පැරණි ගාමිණී අබය (ගජබා) රජු - (ක්‍රි.ව.114-136) සමයේ කොටා ඇති මෙම සෙල් ලිපිය පේලි හයකින් සමන්විත වන අතර කොන්ක්‍රීට් බැම්ම ඒ මතින් ඉදිකිරීම හේතුවෙන් එහි පේලි 5ක් සම්පුර්ණයෙන්ම කොන්ක්‍රීට් බැම්මට යට වී තිබේ.
මෙම සෙල් ලිපිය දිගින් අඩි 8 කින් යුක්ත වන අතර අගල් 4 සිට 7 දක්වා උසකින් යුක්ත වේ.අගල් 2 සිට 5 දක්වා පුළුල් බවින් යුක්තව මෙහි අකුරු කොටා තිබේ. දෙවැනි ශතකයට අයත් අක්ෂර හා ඊට පැරණි අක්ෂර මෙම සෙල් ලිපියේ දක්නට ඇති බව ධම්මසිරි හිමියෝ පැවසුහ.
ථුපාරාමය පිළිබදව ග්‍රන්තයක් රචනා කරන මල්වතු විහාර වාසී මැද මහනුවර ධම්මසිරි හිමියන් පාලුමැකිච්චාව සෙල් ලිපිය පරික්ෂා කිරීමට එහි ගිය අවස්ථාවේ මෙම සිදුවිම දැක ඒ පිළිබද තොරතුරු හෙලි කළහ.
‘මෙම සෙල් ලිපියේ තිබෙනවා පච සහසි කහවණ දරිය කියා. පච සහසි කියන්නේ පන් දහසට. එම මුදල (දරිය යන්නෙන් සදහන්ව ඇත්තේ) යොදවලා නැතිනම් වියදම් කරල තමයි මේ වැව ප්‍රතිසන්ස්කරණය කර තිබෙන්නේ. කහවනු කියන වචනෙට යටින් හතරට බෙදපු හතරැස් කොටුවක් තිබෙනවා. එම ලාංඡනයෙන් කියන්නෙ රිදී කහවනු 5000 ක් වියදම් කළ බවයි. මේ තරම් ඓතිහාසික වශයෙන් වැදගත් ශිලා ලේඛනයක් තමයි මේ කොන්ක්‍රීට් බදාමට යට කරල තිබෙන්නේ‘
‘ලංකාවේ පළමුවෙන්ම හදාපු චෛත්‍ය ගැන තොරතුරු කියැවෙන ආදිතම ශිලා ලේඛනයයි මේ පාලුමැකිච්චාව වැවේ පිට වානේ ගල් තලාව මත තිබෙන්නේ. මෙය ඉතිහාසයේ ලංකාවේ ගෞරවය බේරා ගත්ත රජ කෙනෙකුගේ ශිලා ලිපියක්. තමන්ගෙ තාත්තගෙ කාලෙ මේ රටට වෙච්ච අවනම්බුවෙන් රට බේර ගත්ත රජතුමාගේ ශිලා ලේඛනයක්. ගජබාහු රජුගේ මෙම සෙල් ලිපිය කොඩි දාලා ආරක්ෂා කළ යුතුයි. ඒ තරම් ප්‍රබල රටේ ගෞරවය රැකගත්ත රජනෙක් තමයි මෙම සෙල් ලිපියට අයිතිවාසිකම් කියන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්පුර්ණයෙන් මේවට වගකිව යුතුයි. සාමාන්‍යෙයන් මෙවැනි ඉදිකිරීමක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයක් ලැබිය යුතුමයි. නමුත් එවැනි අවසරයක් ලබාගෙන ඇති ද යන්න සොයා බැලිය යුතුව තිබෙනවා‘
‘මේ වගේ ජාතික අපරාධයක් සිදු කිරීම පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ඊට සම්බන්ධ ආයතන මේ විනාශයට වගකිම යුතුයි‘ යැයි ද ධම්මසිරි හිමියෝ වැඩිදුරටත් පැවසුහ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ථූපාරාමය ගැන සඳහන් පැරණිම සෙල් ලිපිය අනතුරේ
supun Monday, 11 September 2017 06:46 AM
අහල පහළ මනුස්සයෝවත් බලාගෙන හිටියේ නැද්ද මේකේ තාප්පය හදනකොට...
විමල් නිව් යෝක්, ඇමෙරිකාව Monday, 11 September 2017 06:47 AM
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පන්සල්වල හාමුදුරුවෝ වැසිකිලියක් හදා ගන්න අවසර ඉල්ලුවත් අවසර නොදෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ගැන ගන්න පියවර කුමක්ද? අවුරුදු දෙසීයක පමණ කෙටි ඉතිහාසයක් ඇති ඇමෙරිකාව තම පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කර ගන්නවා. ආරංචියි ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය ආයෙත් පාසල් පෙළ පොතෙන් අයින් කරන්න යනවා කියලා. ජේ. ආර්. විශාල හානියක් කළා ඉතිහාස විෂය අයින් කරලා. බොහෝ බටහිර රටවල පුරවැසිකම දෙන්නේ නෑ. රටේ ඉතිහාසය මූලික කරගත් පුරවැසි විභාගය අසමත් වුණොත්. මම මේ දේ කිව්වේ පක්ෂ භේදයකින් තොරවයි. මගේ ළමයි දෙන්න නිව්යෝක් නගරයේ ඉපදිලා මෙහෙ පාසල් යන්නේ. නමුත් ඒ දෙන්නට මම ලංකා ඉතිහාසය සහ පුරාවිද්‍යාව උගන්වනවා. ඒ අය පාසලේදී ලංකාවේ ඉතිහාසය සහ පුරාවිද්‍යාත්මක ස්ථාන ගැන කළ රචනාවලට ඉහලම ලකුණු ලබනවා. (ඔච්චර ලංකාවට ආදරේනම් ඇයි ඇමෙරිකාවේ ඉන්නේ කියලා අදාල නැති ප්‍රශ්නය මගෙන් අහන්න නම් එපා. මම මෙහෙ උපයන මුදලින් ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුප්පත් ළමයින් හය දෙනෙකුට ශිෂ්‍යත්ව පිරි නමනවා). ඔබ ලෝකයේ කොහේ හිටියත් කමක් නෑ ලංකාවේ දේ අගය කරන්න. අපේ ප්‍රෞඩ ඉතිහාසය ගැන තමන්ගේ ළමයින්ට කියා දෙන්න.
RaveendraMonday, 11 September 2017 03:56 PM
විමල් නිව්යෝක් ඇමෙරිකාව මයා වෙත, ඔබගේ ඉතා වැදගත් අදහස් පිළිබඳව අප ඔබ හට ස්තුති වන්ත වන්නෙමු.
nilminiTuesday, 12 September 2017 03:34 AM
අදාළ නැති කතා කිවම මිනිස්සු අදාළ නැති ප්‍රශ්න අහන්නේ. ඔයාගේ ළමයි ගැනවත් ඔයා දෙන ශිෂ්‍යත්ව ගැනවත් මේ ලිපියට අදාළ නැති කතා අපිට මොකටද ?
මධ්‍යස්ථ මතධාරී Tuesday, 12 September 2017 06:43 AM
නම විමල් කට්ටියගේ හැටි වෙන්න ඇති. බොරු සොබ්බෙට තමයි රට ගැන කැක්කුම. දන්න රෙද්දකුත් නැහැ. කොරහේ කිඹුල්ලු දකිනවා. අන්තිමට තමන්වම ප්‍රොමෝට් කරගන්නවා. මෙහෙත් ඉන්නවා ඔහොම විමලෙක්.
අනුරාධ පියදාස Monday, 11 September 2017 07:09 AM
මේ සෙල්ලිපිය පිළිබඳ ව "දැයට අහිමි කළ පළමු වැනි ගජබා රජු ගේ පාළුමැකිච්චාව ගිරි ලිපිය" මැයෙන් ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කතිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල විසින් ශාස්ත්‍රීය ලිපියක් ලියා ඇත. ආකියෝලෝජි ඩෙට් එල් කේ වෙබ් අඩවියේ එම ලිපිය පළ කර ඇත.
perakum Monday, 11 September 2017 08:50 AM
වෙනත් ආගමිකයන්ගෙන්, ජාතීන්ගෙන් වෙනවට වඩා රාජ්‍ය ආයතන වලින් සිදුවෙන හානිය ගැන වගකියන්නේ කව්ද? මේ පිටුපස වෙනත් බලවේග ඇත්දැයි සොයාබැලීම වටී.
sandun Monday, 11 September 2017 09:11 AM
මෙය මෙතෙක් කල් තිබුණු තැන කිසිඳු ආවරණයක් ,ආරක්ෂාවක් නැතුව තිබුණු බව පළමු ඡායාරූපයෙන් පෙනෙනවා. මෙය මෙපමණ වැදගත් නම් මෙතුවක් කල් නිසි ක්‍රමවේදයක් රහිතව වැවක් ළඟ විනාශ වීමට හැරියේ ඇයිද? එහෙනම් සැබවින්ම වරද කාගේද?
perakumMonday, 11 September 2017 12:17 PM
ඒ කාලේ ඔය කියන හාමුදුරුවරු කොහෙද වැඩ හිටියේ ?
indikaTuesday, 12 September 2017 02:12 AM
මෝඩ කතා කියන්න එපා. ඒ හාමුදුරුවෝ දැක්ක වෙලාවේ තමයි කිව්වේ. මේ වගේ හිතන අය නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.
rangaMonday, 11 September 2017 01:42 PM
ඔව් එකත් ඇත්ත. මෙච්චර කලක් ඕක ඔහේ තිබ්බේ අයි? දැන්ද හාමුදුරුවන්ටත් මේක පෙනෙන්නේ ? අඩුම තරමේ මේතැන බැම්ම බදිද්වදිවත් කව්රුත් දැනන් ඉදල නෑ, ඒ කියන්නේ මෙතන අතහැරලා දාපු තැනක් වගේනේ ..
Ruwan Monday, 11 September 2017 10:53 AM
මේ ගල මෙච්චර කල් පාවිච්චි කලේ රෙදි හෝදන්න විතරයි. දැන් තමයි හැමෝම දන්නේ සෙල්ලිපියක් කියලා. දැන් ඉතින් අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා තේරුමක් තියෙනවද?
lalithsjm Monday, 11 September 2017 11:16 AM
හැම දේකින්ම සිංහල බෞද්ධයාගේ විනාශයයි... අපේ රටේ ආණ්ඩුවක් නැහැ නේ.
lalith Monday, 11 September 2017 03:51 PM
අැයි දැන් අරයා ඔය ඔක්කොම රකිනවා කියනවා නේද? ඒ විතරක්ද? සංචාරක මධ්‍යස්ථාන කරනවලු නේ? තවත් මොනවද බලන් ඉන්නේ? දැනුම් දෙන්න.
ධම්ම Monday, 11 September 2017 04:04 PM
සමහරු කිව්වේ 'ඉතිහාසය කන්නද' කියලා. ඔන්න අපේ පාලකයෝ.
lalith Monday, 11 September 2017 08:11 PM
ඔය වැව හදන වෙලේ කට පියාගෙන ඉඳලා දැන්ඉතින් ඉහිරුණු කිරට අඬල මොනවා කරන්නද? ඔය වාන කැඩුව කියල පරණ සෙල්ලිපිය මතුවෙන්නේ නැතිනම් වැඩක් නැහැනේ. අනික දැන් ඕන තරම් ඒ දවස්වල හිටපු රජවරු කරපුවට අලුත් රජවරුන්ගේ නම් දාල සෙල්ලිපි විවෘත කරන්නේ? මෙතනත් රජතුමා නැතිනම් යුව රජාගේ හරි නම දාල අලුතින් සෙල් ලිපියක් ගහමු අඩු තරමින් චන්දෙදිවත් ප්‍රයෝජනයක් වෙන විදියට?
susantha Monday, 11 September 2017 10:34 PM
ලංකාවේ සිංහල බෞද්ධ උරුමය ටිකෙන් ටික විනාශ කරනවා. හැබැයි අනිත් පැත්තෙන් අනිත් උදවිය නොතිබ්බ ඉතිහාසයක් හදාගෙන යනවා. තව අවුරුදු 100කින් කියාවි ලංකාවේ ශිෂ්ටාචාරය ගොඩනැගුනේ අහවල් ආගම මතය අහවල් ජාතිය මතය කියාලා, තව අවුරුදු 50ක් යද්දී මහා ජාතිය සුළු ජාතිය උනාම බලාගන්න පුළුවන් සෙල්ලම (ඔන්න දැන් මියන්මරෙත් පටන් අරන්).
mahesh Tuesday, 12 September 2017 01:24 AM
මෙවැනි දේට පුරාවිද්‍යා දේපාර්තමේන්තුව වගකිව යුතුයි. වෙන රටවල් නැති ඉතිහාසයක් මවන්න හදද්දි අපි එවා විනාශ කරනවා.
Lalani Tuesday, 12 September 2017 08:21 AM
මේ සිද්ධිය සිදුව ඇත්තේ මීට වසර 40 කට පෙර (1970/ 77 වකවානුවේ) මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීමේදීය. ඒ අවස්ථාවේ ගල් බෝර දැමීම ආදිය නිසා සෙල් ලිපිය අඩංගු ගල් පුවරුවේ වැඩි කොටසක් විනාශ වී ඇත. දැන් මෙය සංරක්‍ෂණය කිරීම අපහසු කරුණකි.
Dr. Edward Perera Germany Wednesday, 13 September 2017 01:50 AM
පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා විසිරී පැතිර තිබෙන කෞතුක වස්තුන් මෙන්ම සෙල් ලිපි වැනි දේ ගැන නොතකා හැරීම පිලිබඳ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ඇඟිල්ල දික්වූ පළමු අවස්තාව මෙන්ම අන්තිම අවස්ථාවත් මෙය නොවිය හැකියි. අපට තරම් වත් දීර්ඝ ඉතිහාසයක් නැති රටවල් පවා නුතන තාක්ෂණය යොදා ගනිමින් සංරක්ෂණ කටයුතු කරන අතර අපේ රටේ ඇතැම් දේශපාලකයන් සහ ආරක්ෂක අංශ වල ප්‍රධානීන්ද ඇතැම් විට නිධන් වස්තු සෙවීමේ ජාති භ්‍රෂ්ඨ ක්‍රියා වලියක් තුලින් අපේ අතීත උරුමයට කිසිදා පිළියම් නොකළ හැකි අන්දමේ විනාශකාරී කටයුතු වල නියැලෙනවා. ලංකාවේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි පාර්ලිමේන්තු මෙන්ම පළාත් සභා මන්ත්‍රී වරුනුත් අවශ්‍යය ප්‍රමාණයටත් වඩා සිටිනවා. සෑම පළාතකම ප්‍රාදේශීය ලේකම් කෙනෙක්, ග්‍රාම සේවකයෙකුත් ඒ වගේම පොලිස් කොට්ඨාසත් තිබෙනවා. මෙවැනි ඉතා වටිනා සෙල්ලිපියක් මතින් කොන්ක්‍රීට් දාන්න තරමට කවුරුන් හෝ ක්‍රියා කලේනම් එය බරපතළ වරදක් බව මුළු රටම අවබෝධ කර ගත යුතුයි.