IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මාතර රැළියට සජිත් එයි

මාතර දී අද (23) පැවැත්වෙන ‘සජිත් එනවා’දෙවැනි ජන රැළියට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මීට සුළු වේලාවකට පෙර පැමිණියේය.

(ඡායාරූප - ශාන්ත රත්නායක)


(ඡායාරූප - ක්‍රිෂාන් ජිවක ජයරුක්)



අදහස් (18)

මාතර රැළියට සජිත් එයි

sirimal Friday, 23 August 2019 12:45 PM

"එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස "පැමිණෙන්නේ කොහොමද? තවම පක්ෂයෙන් එයා ජනාධිපතිවරණයට තෝරාගෙන නැහැනේ... යම් යම් මාධ්‍ය ආයතන නම් එයාව තෝරාගෙන දිනවලත් ඉවරවෙලා වගෙයි ප්‍රචාරය ගෙනියන්නේ. බදුල්ලේ වගේම මාතර රැස්වීමත් සජීවීව ප්‍රචාරය කරනවලු.

:       533       1180

විනිවිද Friday, 23 August 2019 01:49 PM

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාව " ඔබ අපේ අපේක්ෂකයා කියා නිලවශයෙන් පක්ෂය විසින් නම් කොට නැත" මේ සෙට් එකම මහා දවාලේ ලොකුවලක වැටෙන්නට යනබව නම් ඉතාම පැහැදිලියි. උගත් කියා ගන්න මුදල් සම්බන්ධ නියෝජ්‍ය කෙනෙකුත් අකමැත්තෙන් හෝ මෙතැනට ගොස් ඇත...

:       140       422

Lal Friday, 23 August 2019 02:58 PM

පාතාලය පෝෂණය කරමින්, සිංහල තරුණයන් ඝාතනය කරමින්, මිත්‍යා දෘෂ්ඨිකයන් ලෙස රට විනාශ කළ කාලයත් අපට අමතක නැහැ.

:       159       506

sirimal Friday, 23 August 2019 03:14 PM

අගමැතිකම ගන්න තාත්තා ජේ.ආර්.ට දාපු තෙරපීමට වැඩිය දහගුණයකින් ලොකු තෙරපීමක් පුතා ජනාධිපති අපේක්ෂකකම ගන්න රනිල්ට දානවා. ඒ වුණාට තාත්තාගේ කිසිම ගුණයක් පුතාට පිහිටලා නැහැ. එයා හදන්නේ මේ වතාවේ එජාපය පරද්දවලා 2025දී දිනන්නයි. අනිත් පැත්තේ කෙනා දිනුවොත් 2025 වෙනකොට එජාපය කියලා එකක් ඉතිරි වෙලා තිබුණොත් තමයි පුදුමේ.

:       75       685

de silva Friday, 23 August 2019 03:25 PM

රෝයල් ගැන්සිය කැමති වුණත්, නැතත් සජිත්ට අපේක්ෂකකම දෙන්න වෙනවා. නොදුන්නොත් අර ශ්‍රීලනිපෙ ටික ටික දියවෙමින් පොහොට්ටුව හැදුණා වගේ එජාපෙ දියවෙලා තව එකක් හැදෙන්න පුළුවන්... එහෙම වුණොත් රනිල් ප්‍රමුඛ රෝයල් ගැන්සිය අර මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රීලනිපෙ තත්වයට වැටෙනවා. ගෝඨා සමග සටනට එජාපෙ වෙන සුදුස්සෙක් නැත..

:       307       263

Raveendra Friday, 23 August 2019 03:38 PM

දන්නා කෙනෙකු සිටියි නම් අපගේ පැනයට සත්‍ය පිළිතුරු ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. දැන් මේ ගොයියාව මහ බූරුවා තෝරන තරගෙට වල් අලින්ගේ පැත්තෙන් තෝරාගෙනද තියෙන්නේ? අපගේ මතකය දිව යනවා ප්‍රේමදාස ගොයියා ජේ.ආර් උන්දැට පාට් දාලා බලෙන් තරගෙට ආපු විදිය...

:       217       772

බලාපොරොත්තුගේ සිමියොන් Friday, 23 August 2019 03:49 PM

ලංකාවේ දේශපාලනය එකම මඩ ගොහොරුවකි. මෙවැනි පසුබිමක් මත අපට කිසිම දවසක නැගිටින්නට වන්නේද නැත. ඔන්ලයින් ශ්‍රී ලාංකිකයන් දැන් ඩිජිටල් රණ්ඩු පටන් අරගෙන ඇත. පිසිකල් ශ්‍රී ලාංකිකයන් දැන් රියල් රණ්ඩු පටන් අරගෙන ඇත. මේ මොකටද? රට හදන්න මේ තරම් දඟලන්න ඕනෙද?

:       27       391

රණ්බන්ඩා Friday, 23 August 2019 04:12 PM

මේ අවුරුදු 4ක් ඇතුළත මහ බැංකු හොරකම් වෙද්දී, බුද්ධි නිලධාරීන් හිරේදාද්දී, හාමුදුරුවන් හිරේ දාද්දී, බෝම්බ පුපුරද්දී, ආර්ථිකය බිමටම වට්ටද්දී ඒ සඳහා මෙතන ඉන්න සියළු දෙනාම ඒ සඳහා පූර්ණ දායකත්වයක් දැක්වූ අයයි.. දැන් ආපහු වෙනත් විදිහකින් අලුත් ඇඳුමක් ඇඳලා ආවාට ඇතුළේ ඉන්නේ පරණ සෙට් එකම තමයි. උස් මිටිකම් අනුව රස්සාදෙන අපූරුව රටම දැක්කා.

:       71       292

hens Friday, 23 August 2019 04:36 PM

ඕවා නිකන් කොටලු වැඩ... මැදමූලනට යන පාර ක්ලියර්.. කොටළුවන්.. නාස් විදපු වස්සො දඟලනවා පුරුද්දට...

:       64       159

upali Friday, 23 August 2019 05:05 PM

අාර්යාව පේන්නේ නැහැ..

:       7       248

Bunkundaa Friday, 23 August 2019 05:56 PM

උපාලි විජේවර්ධන, කොබ්බෑකඩුව, රන්ජන් විජේරත්න මේ අය අදත් ජීවතුන් අතර, මෙයාගේ තාත්තා ඔවුන් විනාශ නොකළා නම්...

:       58       273

anura Saturday, 24 August 2019 01:18 AM

දේශපාලන රැස්වීම් වලට පොරකකා පැමිණෙන බොහොම දෙනෙක් එන්නේ ආපු බව පෙන්නලා අනාගතයේ දී සිදුසු කම් අඩු දුවට හරි පුතාට රස්සාවක් ලබා ගන්නා අදහසිනුයි.

:       0       4

ruhune api Saturday, 24 August 2019 03:57 AM

මාතර ජනතාව වෙත, මෙතන එක්රැස්වී සිටින ඔබ පාරම්පරික එජාප සාමාජිකයන් නමුත් අද සිටින්නේ ඔබට අයත් රටක නොවේ සිංහල බොදු වුණත් කොන්කරන ලද රටක සිට, මේ බව කීවේ ඔබේ පළාතේ නායකයා ඔහුගේ පියා නම් ජාතිය වෙනුවෙන් පෙනී සිටි නිර්බය නායකයෙකි.

:       0       15

රෝයල් ගැන්සිය Saturday, 24 August 2019 03:58 AM

මාතර එක්රොක් වන පිරිස අපිට අදාල නොවේ. එතරම් වැදගත් නොවේ.

:       2       55

isurandi Saturday, 24 August 2019 06:40 AM

අර එක රූපයක මංගල සමරවීරත් ඉන්නේ... එතකොට ඔය පහුගිය දවස්වල මාතර මිනිස්සු කිව්වේ මංගල සහභාගි වෙන කිසිම මීටිමකට එන්නේ නැහැ කියලා අර මොකක්ද මේ රට බෞද්ධයින්ගේ රටක් නෙමෙයි කියලා කියද්දී...

:       0       103

Jerami Saturday, 24 August 2019 11:48 PM

මේකේ කොමෙන්ට්ස් ටික කියවපුවම මට තේරුනේ එකී දෙයයි. කට්ටිය බයවෙලා තියන තරම.

:       1       472

Jehaan Sunday, 25 August 2019 11:44 AM

කවුරු ආවත් කමක් නැහැ. භාර්යාව වෙන්නත් කලින් ආර්යාව කියලා හිතපු බවලත්තු ඉස්සර කරගත්තොත් දේශපාලන ගමන විහිළුවක් වේවි. ඔය දැන් කාලේ ඉන්නවා කියන කොයි ආර්යාවටත්, එලීනා ජයවර්ධන සහ විජේතුංග මැතිණියගේ කොලිටිය ළඟින්වත් යන්න බැහැ. ඕවා පවුල් පසුබිමෙන් ලැබෙන දේවල් මිසක් දේශපාලන බලය හෝ සල්ලි විසිකර ලබාගන්න පුළුවන් දේවල් නෙවෙයි.

:       0       58

MP Monday, 26 August 2019 01:38 AM

මේ අයට මිනිස්සුන්ට අත වනන්නත්, සිනහවෙන්නත් මතක් වෙන්නේ මේ වෙලාවටම විතරයි. පුදුම කටුස්සෝ වගයක් තමා. මට නම් අප්පිරියයි දැක්කහමත්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 500 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 704 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 196 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 199 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 804 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 260 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site