හිරාන් ප්‍රියංකර ජයසිංහ
“ඉතාලියේ රස්සාවට ගියාම අවුරුදු පහක් හිටියාම පුරවැසිකම ලැබෙනවා ඒ රටේ ඉන්න සුදුසුයි කියලා. නමුත් අපි අවුරුදු 30 ක් ඉදලත් තාම අපිට මේ ඉඩම්වලට ඔප්පුවක් නැහැ” යැයි කන්දකුලිය ඉච්චන්කාඩුව ඩබ්ලියු නලින්කා ප්‍රනාන්දු මහත්මිය දැඩි වේදනාවකින් කීවාය.
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කන්දකුලිය සහ ඉච්චන්කාඩුව ගම්මානවල වසර 50, 40, 30, 20 වැනි කාලවල සිට පදිංචි පවුල් 300 කට ආසන්න පිරිසකට මේ වන විට තමන් පදිංචිව සිටින ඉඩම් වලට ඔප්පු ලබා දී නැතැයි ද ඔවුහු කියති.
ඉඩම්වලට ඔප්පු නොමැති නිසා තමන් දැඩි අසීරුතාවයට පත්වී ඇති බව මෙම ගම්මානවල ධීවර රැකියාවෙන් ජීවිතය ගැට ගසා ගන්නා ජනතාව පවසති.
තම දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී අත්‍යවශ්‍ය ලියවිල්ලක් වන පදිංචි ඉඩමේ ඔප්පුව තවමත් නොමැති තමන් දැඩි ලෙස අසරණව සිටින බව ද ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
මේ වන විට තමන්ගේ දරු මුනුබුරන්ද වැඩි මහලු වී තුන්වැනි පරම්පරාවක් ද පදිංචිව සිටියද ඉඩමට නීත්‍යානුකුල ඔප්පුවක් නොමැති වීම හේතුවෙන් රජයෙන් සහ රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබීමට තිබූ බොහෝ සහන අහිමි වී ඇති බවද ගම්වාසීහු පවසති.
වසරේ මාස හයක කාලයක් පමණක් ධීවර රස්සාව කරන ඉතිරි මාස හයක කාලයේ අසරණ වන බවද ඔවුහු පවසති.
කන්දකුලිය ඉච්චන්කාඩුව සිංද්‍රාන්ත්‍රි මාතා ධීවර සමිතියේ ලේකම් නොයෙල් ප්‍රනාන්දු මහතා මෙසේ කීවේය.
“ අපි මේ ගම්මානවල පදිංචියට ඇවිත් අවුරුදු 40 කට වැඩියි. නමුත් මේ ඉඩම්වලට තාමත් අයිතියක් නැහැ. මේ නිසා අපේ වැඩ කටයුතු සියල්ලම අතරමග නතර වෙන තරමට මේ ඉඩම්වලට ඔප්පුවක් නැති එක ප්‍රශ්නයක්. අපි යන්න පුළුවන් හැම තැනකටම ගිහින් මේ පිළිබඳව දැන්වුවා. නමුත් තවමත් කිසිම බලධාරියකු අපිට නිසි පිළිතුරක් ලබා දී නැහැ.”
ඉච්චන්කාඩුව සුමිත් දිමුත් මහතා මෙවැන්නක් පැවසීය.
“ අපි අහසින් වැටුණ මිනිස්සු ගානට දාලා. ඉඩමක ඔප්පුව හදා ගන්න අවුරුදු 40 ක් විතර ගිහිල්ලාත් තවම අපට බැරි වුණා. නමුත් උතුරේ යුද්ධයෙන් පස්සේ මෙහාට ආව මුස්ලිම් ජනතාවට නම් මෙහෙත් ඉඩම්. දැන් එහෙත් නැවත ඉඩම් ලැබිලාලු. ඒ සේරටම ඔප්පුත් සකස් කරලා දීලා. ඇයි අවුරුදු 40කට වැඩිය පදිංචි වෙලා ඉන්න අපට ඉඩමට ඔප්පු ලබා දෙන්නේ නැත්තේ. අනික අපේ ඉඩමට දීලා තිබුණ බලපත්‍රයත් අවුරුදු දෙකකට කලින් ග්‍රාම සේවක නෝනා අරගෙන ගියා. ඒකත් නැතිව දැන් අපි තවත් අසරණ වෙලා.”
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවසීය.
“ මම ළඟදී කල්පිටියේ වැඩ භාර ගත්තේ. නමුත් මේ ගැන සොයා බලද්දි දැන ගන්න ලැබුණා මේ ඉඩම් සඳහා කලින් බලපත්‍ර ලබා දීඇති බව. ඉඩම් ගණනාවක ගැටලු තිබෙනවා. සමහර ඉඩම්වල මුල් පදිංචිකරුවන් නොවෙයි ඉන්නේ. නමුත් මේ ඉඩම් සඳහා අපෙන් විය යුතු කටයුතු අවසන් කරයි තිබෙන්නේ. ඉඩම්වල මැණුම් කටයුතු සඳහා මිනුම් අධිකාරියට යවා තිබෙනවා. ඉදිරියේදී මේ කටයුතු නිසි ලෙස සිදුවේවි.”
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කන්දකුලියේ පදිංචිකරුවෝ ඉඩම් ඔප්පු ඉල්ලති