ශ්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන අවශ්‍ය යැයි වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා විය. ඒ අනුව පාර්ලිමේන්තුව මගින් 2016 මාර්තු 09 දින ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව 2017 සැප්තැම්බර් 21 දින එළි දැක්විණි. එම වාර්තාවේ දැක්වෙන පරිදි මෙහෙයුම් කමිටුව 73 වතාවක් රැස්වී ඇත. අතුරු වාර්තාවේ මූලික කොටස පිටු 27 කි. එම මෙහෙයුම් කමිටුවට සාමාජිකයන් 21 දෙනෙකු ඇතුළත් වූ නමුත් එම වාර්තාවේ මූලික කොටසට එකඟ නොවූ එහි සාමාජිකයන් 15 දෙනෙක් විසින් ඊට සංශෝධන ඉදිරිපත් කර ඇත. එම සාමාජිකයන්ගේ සංශෝධන නිසා අතුරු වාර්තාව පිටු 86 ක් බවට පත්වී ඇත. මේ අනුව පෙනී යන්නේ මූලික ලියවිල්ලට ඇත්ත වශයෙන්ම එකඟවී ඇත්තේ සාමාජිකයන් 6 දෙනෙකු පමණක් බවයි. පසුගිය දා ඇමැතිධුරයෙන් ඉවත් කළ විජේදාස රාජපක්ෂ මහතා ද එම 6 දෙනාගෙන් එක් අයෙකි. ඒ මහතා ද දැන් මූලික ලියවිල්ලට එකඟ දැයි පැහැදිලි නැත.
මෙම අතුරු වාර්තාවේ මූලික කොටසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සිදු කළ යුතු සංශෝධන පිළිබඳව නිශ්චිත අදහසක් දක්වා නැත. ඒ වෙනුවට ඇතැම් වගන්ති සඳහා එකිනෙකට පරස්පර විකල්ප කිහිපයක් යෝජනා කර ඇත. මින් පෙනී යන්නේ මෙම අතුරු වාර්තාව එකඟතාවයකින් තොර ලියවිල්ලක් බවයි.
ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය යැයි බොහෝ අය කල්පනා කරති. එහෙත් ඒ කුමකටද යන්න ගැන එකඟතාවක් නැත. එබැවින් සාකච්ඡා කළ යුතුව තිබුණේ අවශ්‍යතාවන් හා ඒවා අතර ඇති වෙනස්කම් හඳුනාගෙන ෙපාදු එකඟතාවක් ඇති කර ගැනීම සඳහාය. එහෙත් මෙම අතුරු වාර්තාවෙන් පෙනී යන්නේ එලෙස කිසිදු එකඟතාවක් ඇතිවී නොමැති බවයි. මින් සිදුවන්නේ කුමක්ද?
ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කර රට වඩා යහපත් තත්ත්වයකට ගෙන ඒමට තිබූ ස්වර්ණමය අවස්ථාවක් ගිලිහී යාමයි. විශේෂයෙන්ම ත‍්‍රස්තවාදය අවසන් කර සාමකාමී වටපිටාවක් ගොඩනැංවී ඇති අනාගතය සඳහා හොඳ අඩිතාලමක් දමාගැනීම අත්‍යවශ්‍ය වූ මොහොතකි මේ.
දැන් තත්ත්වය කුරුවල් වී ඇත. බොහෝ පිරිස් මේ වනවිට මෙම ව්‍යවස්ථා සංශෝධන ව්‍යායාමය පරාජයට පත් කිරීම සඳහා අවි ආයුධ මුවහත් කරමින් සිටිති. තවත් අය මෙම සංශෝධනය ආරක්ෂාකරගැනීම සඳහා මර්දනයේ හස්තය එසවීමට මාන බලමින් සිටිති. එම නිසා මෙම අවස්ථාවේ ඉතාම කල්පනාකාරීව වැඩකටයුතු කළ යුතුය. නැතිනම් සිදුවන්නේ ‘නටපු නැටුමකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ’ වැනි තත්ත්වයක් උද්ගත වීමයි. මෙම ලිපියේ උත්සාහය දැන් අපට කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමයි.
පළමුව ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය ඇයි යන ප‍්‍රශ්නය පැහැදිලිව හඳුනාගත යුතුය. ඉන් ආවරණය වෙන ප‍්‍රධාන කරුණු තුනකි.
1. මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම.
2. විධායක ජනාධිපති ධුරයේ ඒකාධිපති බලතල අහෝසි කිරීම
3. ජාතීන් අතර සංහිඳියාවට තුඩුදෙන වාතාවරණයක් ගොඩ නැංවීම.
මෙම කරුණු තුන වෙන්වෙන්ම සැලකිය හැකිය. එහෙත් ඒවා එකිනෙකට සම්බන්ධවෙන අවස්ථාද ඇත. එම නිසා ඉතා සුපරික්ෂාකාරීව මෙම ප‍්‍රශ්න තුන සඳහා පිළියම් සම්පාදනය කළ යුතු වේ.
මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම
අතුරු වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනවල මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමට වැඩි පිරිසකගේ එකඟතාව පළකර ඇත. මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ මනාප ක‍්‍රමය නැති කිරීම හා කොට්ඨාසයට වගකියන මන්ත‍්‍රීවරයෙකු පත් කර ගැනීම සඳහාය. දින සීයේ වැඩපිළිවෙළ යටතේ අප කණ්ඩායමක් එක්වී සම්පාදනය කළ, ලෝකයටත් අලුත් අත්දැකීමක් වූ නව ක‍්‍රමවේදය මෙම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවේ ද ඉදිරිපත් කර ඇති අතර ඊට බොහෝ දුරට සියලූ පක්ෂවල අනුමැතිය ලැබී ඇත. දැන් පළාත් පාලන මැතිවරණය සඳහා සම්මතවී ඇත්තේ අප කණ්ඩායම විසින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යෝජනා කළ නව ක‍්‍රමයමයි. නව ක‍්‍රමය නම් ‘සමානුපාතේ - මනාපේ වෙනුවට කොට්ඨාසේ’ යන්නයි. එම ක‍්‍රමයට පළාත් සභා සඳහාද පසුගිය දා සම්මත කරනු ලැබීය. එබැවින් මෙම නව ක‍්‍රමය මේ වන විටත් පළාත් පාලන මැතිවරණ ක‍්‍රමයට හා පළාත් සභා මැතිවරණ ක‍්‍රමයට හඳුන්වා දී නීති ගතකර හමාරය.
එම නව ක‍්‍රමය, කලින් පළාත් පාලන මැතිවරණය සඳහා සම්මත කර තිබූ මහාචාර්ය සුදන්ත ලියනගේ විසින් සකස් කළ දිනේෂ් ගුණවර්ධන ක‍්‍රමය වඩා වෙනස්ය. දිනේෂ් ගුණවර්ධන ක‍්‍රමයට අනුව කොට්ඨාස මන්ත‍්‍රීවරුන් වෙනම පත්වේ. පරාජිත අපේක්ෂකයන්ගේ ඡන්දවල අනුපාතයට ඉතිරි ආසන ටික බෙදේ. එවිට සුළු පක්ෂවලට ද යම් ආසන ප‍්‍රමාණයක් ලැබීය හැකිය. දිනේෂ් ගුණවර්ධන ක‍්‍රමයට සුළු පක්ෂවලට ලැබෙන ආසන සංඛ්‍යාව අඩු නිසා ඊට විවිධ හේතු ඉදිරිපත් කර එම පක්ෂ විරුද්ධ වූ බැවින් පළාත් පාලන මැතිවරණය ද දිගින් දිගටම කල් දැමීමට සිදුවිය. නව ක‍්‍රමයට සියලු පක්ෂ එකඟවීමේ රහස නම් සෑම පක්ෂයකටම තම පක්ෂයට පෙර පැවති ආසන ප‍්‍රමාණයම නව ක‍්‍රමය යටතේද ලැබීමයි.
නව ක‍්‍රමය සමස්තයක් ලෙස පෙර පැවති සමානුපාත ක‍්‍රමයමයි. ඒ නිසා ඒ සභාවලට ඒ ඒ පක්ෂවලින් පත්වන මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව වෙනස් වන්නේ නැත. මෙතෙක් පැවති මන්ත‍්‍රී සංඛ්‍යාවේ සංයුතියට සියලු පක්ෂ හිත හදාගෙන ඇති බැවින් මෙම ක‍්‍රමයට සියලුදෙනා එකඟ වී ඇත. නව ක‍්‍රමයේ ඇති වෙනස කුමක්ද? මනාපේ නැත. කොට්ඨාස ඇත. අපේක්ෂකයන් තරග කරන්නේ කොට්ඨාසවලට පමණක් හෙයින් ප‍්‍රචාරක ව්‍යාපාරය දියත් කළ යුත්තේ තම කොට්ඨාසය තුළ පමණි. නාස්තිය අඩුවේ. මැතිවරණ දිනීම සඳහා සල්ලිකාරයින් වීම අත්‍යවශ්‍ය නොවේ. ඒ ඒ පක්ෂයට හිමිවන මන්ත‍්‍රීධුර සංඛ්‍යාව තීරණය වන්නේ සමානුපාතයට අනුව වුවද එම පක්ෂයේ ලැබුණු ආසනවලට පත්වන්නේ කොට්ඨාස දිනන අපේක්ෂකයන්ය.
පළාත් පාලන මැතිවරණ ක‍්‍රමයේ දී භාවිතා වන්නේ කොට්ඨාස ක‍්‍රමයට 60% ක් හා සමානුපාත ක‍්‍රමයට 40% ලෙස වාර්තා විය. සුළු පක්ෂවල බලපෑම නිසා පළාත් සභා සඳහා කොට්ඨාස ක‍්‍රමයට 50% ක් හා සමානුපාත ක‍්‍රමයට 50% ලෙස වෙනස් කළ බව ද වාර්තා විය. මෙය තේරුම් ගැනීමේ වැරැද්දක් ඇත. නව ක‍්‍රමය යටතේ ඒ ඒ පක්ෂය ලබන ආසන සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ සමානුපාත ක‍්‍රමයටයි. එනම් 100% ක්ම සමානුපාතයයි. පළාත් පාලන ආයතනවල 60% ක් හා පළාත් සභාවල 50% සඳහා කොට්ඨාස ජයගත් අපේක්ෂකයින් පත්වේ. සෙසු පිරිස, පක්ෂය විසින් පත් කරන්නේ සිය පක්ෂයේ පරාජිත අපේක්ෂකයන් හෝ පොදු ලැයිස්තුවේ අපේක්ෂකයින් අතරිනි. එම නිසා නව ක‍්‍රමය යටතේ කොට්ඨාසවලට 50% ද 60% ද යන්න අනුව සමස්ත ප‍්‍රතිඵලය වෙනස් වන්නේ නැත. ඉන් සුළු පක්ෂවලට කිසිදු විශේෂ වාසියක් වන්නේ ද නැත. සුළු පක්ෂ කිහිපයක් පළාත් සභාවලදී කොට්ඨාස ප‍්‍රතිශතය 50% කට අඩු කිරීමට යෝජනා කළේ හේතුවක් ඇතුවය. එවිට සුළු ජන පක්ෂවලට ප‍්‍රධාන පක්ෂ සමඟ නිතරග ගිවිසුම් ගැසීමේ දී වැඩි මන්ත‍්‍රී ධුර ප‍්‍රමාණයක් අතිරේක ලැයිස්තුවෙන් ලබාගැනීම සඳහා කේවල් කිරීමට හැකිය. එහෙත් එය මැතිවරණ ක‍්‍රමය පිළිබඳ ප‍්‍රශ්නයක් නොව ප‍්‍රධාන පක්ෂවල නායකයින්ගේ ආකල්ප පිළිබඳ ප‍්‍රශ්නයකි.
නව ක‍්‍රමයේ දී කොට්ඨාස ප‍්‍රතිශතය වෙනස් වූවාට ඒ ඒ පක්ෂයට ලැබෙන මුළු ආසන ප‍්‍රමාණය වෙනස් වන්නේ නැත. එහෙත් තවත් ප‍්‍රශ්නයක් ඇත. කිසියම් පක්ෂයක් සමානුපාත ක‍්‍රමය යටතේ ලැබුණු ආසන සංඛ්‍යාවට වඩා වැඩි කොට්ඨාස ආසන සංඛ්‍යාවක් ජයග‍්‍රහණය කළහොත් එම පක්ෂයට වැඩිපුර ආසන දීමට සිදුවේ. එනම් මුළු ආසන සංඛ්‍යාව නියමිත ගණනට වඩා වැඩිවේ. එනම් පිට පනී. කොට්ඨාස ප‍්‍රතිශතය වැඩිවෙන විට මුළු ආසන සංඛ්‍යාව පිට පැනීමට ඇති ඉඩකඩ ද වැඩිය. එම නිසා කොට්ඨාස ප‍්‍රතිශතය අඩුවීම හොඳය. එහෙත් කොට්ඨාස ප‍්‍රතිශතය උවමනාවට වඩා අඩු කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හොඳ නැත. ඉතිරි මන්ත‍්‍රීවරුන් පත් කිරීම සම්පූර්ණයෙන්ම පක්ෂය විසින් කරන්නේ නම් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකර නොවේ. පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණවල දැන් අනුමත කර ඇති ක‍්‍රමවේදය එයයි.
විධායක ජනාධිපති ධුරය පිළිබඳ ප‍්‍රශ්නය දශක ගණනාවක් තිස්සේ සාකච්ඡා කළ ප‍්‍රශ්නයකි. එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මෙම අතුරු වාර්තාවේ යෝජනා කරති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට විරුද්ධ වී ඇත. විධායක ජනාධිපති ධුරය පිළිබඳ ප‍්‍රශ්නය සිංහල ජනතාවගේ ප‍්‍රශ්නයකි. සුළු ජන පක්ෂවලට මෙය තීරණාත්මක ප‍්‍රශ්නයක් නොවේ
දින සියයේ වැඩපිළිවෙළ යටතේ ඉදිරිපත් කළ මැතිවරණ ක‍්‍රමයට අතුරු වාර්තාව මගින් ඉදිරිපත් කළ ප‍්‍රධාන වෙනස නම් දිස්ත‍්‍රික් සමානුපාතය වෙනුවට පළාත් සමානුපාතය හෝ ජාතික සමානුපාතය විකල්ප ලෙස යෝජනා කර තිබීමයි. පළාත් හෝ ජාතික හෝ සමානුපාතය අනුගමනය කළහොත් දිස්ත‍්‍රික්කයට ලැබෙන ආසන ප‍්‍රමාණය නිශ්චිත නොවේ. එමෙන්ම අතිරේක මන්ත‍්‍රීවරුන් පත්කිරීමේ දී අදාළ පක්ෂයේ නායකයාට ලැබෙන බලය ද වැඩිවේ. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මවලට හිතකර නැත. ඒ වෙනුවට දිස්ත‍්‍රික්කය තුළ කොට්ඨාස ප‍්‍රමාණය 60% දක්වා අඩුකර දිස්ත‍්‍රික් සමානුපාතයට යාම ප‍්‍රඥාගෝචර වේ.
මෙම වටපිටාව තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සංශෝධන හැකි ඉක්මණින් සිදු කළ යුතුය. ඒ කොට්ඨාස නිර්ණය කිරීමට තවත් සැලකිය යුතු කාලයක් යන බැවිනි. මෙම සංශෝධනය කඩිනමින් නොකළහොත් ලබන මැතිවරණ මනාප ක‍්‍රමයට පැවැත්වීමට සිදුවේ. නැතිනම් මැතිවරණය කල් දැමීමට සිදු වේ. දෙකම හොඳ නැත. එබැවින් වහාම මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුය. ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ ද නැත.
විධායක ජනාධිපති ධුරයේ ඒකාධිපති බලතල අහෝසි කිරීම
විධායක ජනාධිපති ධුරය පිළිබඳ ප‍්‍රශ්නය දශක ගණනාවක් තිස්සේ සාකච්ඡා කළ ප‍්‍රශ්නයකි. එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මෙම අතුරු වාර්තාවේ යෝජනා කරති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට විරුද්ධ වී ඇත. විධායක ජනාධිපති ධුරය පිළිබඳ ප‍්‍රශ්නය සිංහල ජනතාවගේ ප‍්‍රශ්නයකි. සුළු ජන පක්ෂවලට මෙය තීරණාත්මක ප‍්‍රශ්නයක් නොවේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමත් විධායක ජනාධිපති ධුරයේ ඒකාධිපති බලතල අහෝසි කිරීමත් කරුණු දෙකකි. වර්තමාන ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණ ප‍්‍රකාශනය වූ මෛත‍්‍රී පාලනයක් ස්ථාවර රටක් හී සඳහන් කර ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම නොව විධායක ජනාධිපති ධුරයේ ඒකාධිපති බලතල අහෝසි කිරීමයි. ජනාධිපතිවරණය අහෝසි කිරීමට නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 30 (2) උපවගන්ති වෙනස් කළ යුතුය. ඊට ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්ය අවශ්‍යතාවයකි. එහෙත් මෛත‍්‍රී පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රකාශනයේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ ජනමත විචාරණයකට තුඩුදෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නොකරන බවය. එමෙන්ම 2015 මහ මැතිවරණයේදී ජනාධිපතිතුමා නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප‍්‍රකාශනයේ ද 19 වැනි සංශෝධනයෙන් ඔබ්බට ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු නොකරන බව ප‍්‍රකාශ කර ඇත. අනෙක් අතින් ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් එම තැනැත්තා නාමික ජනාධිපතිවරයෙකු බවට පත්වීම ද තේරුමක් නැත.
විධායක ජනාධිපති ධුරය පවත්ගෙන යාමේ තවත් විශේෂ අවශ්‍යතාවක් ඇත. 1978 දී මැතිවරණ ක‍්‍රමය වෙනස් කළේ විධායක ජනාධිපති ධුරය ඇති කළ අවස්ථාවේදීය. 1978ට පෙර පැවති මැතිවරණ ක‍්‍රමය සම්පූර්ණයෙන්ම කොට්ඨාස ක‍්‍රමය වේ. එම නිසා පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් පළමු ප‍්‍රධාන පක්ෂයට හිමි වේ. එහෙත් 1978 ට පසු පැවැති සමානුපාත මැතිවරණ ක‍්‍රමය යටතේ පළමු ප‍්‍රධාන පක්ෂයට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් නොලැබේ. එම නිසා පාර්ලිමේන්තුව අස්ථාවර වේ. පාර්ලිමේන්තුව සඳහා ඉදිරිපත්වී ඇති නව මැතිවරණ ක‍්‍රමය යටතේ ද පැහැදිලි බහුතරයක් පළමු ප‍්‍රධාන පක්ෂයට හිමි නොවේ. එසේ කළ හැකි එකම ක‍්‍රමය නම් පළමු ප‍්‍රධාන පක්ෂයට ප‍්‍රසාද ආසන සැලකිය යුතු ප‍්‍රමාණයක් ලබා දීමයි. එවිට ආණ්ඩුවක් පිහිටුවීමේ දී සුළු පක්ෂවලට ප‍්‍රධාන පක්ෂ සමඟ කේවල් කිරීම සඳහා දැනට ඇති ඉඩකඩ නැතිවේ. එම නිසා ඊට සුළු පක්ෂ විරුද්ධයි. එබැවින් ඒ පිළිබඳව එකඟතාවයක් ඇති කරගැනීම අපහසු බව අතුරු වාර්තාවෙන්ද පෙනේ.
මෙම වාතාවරණය තුළ රටේ ස්ථාවරභාවය උදෙසා විධායක ජනාධිපති ධුරය තවදුරටත් පවත්වාගෙන යාම අනිවාර්ය වේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිසන් සභා පත් කිරීමත් ජනාධිපතිවරයාගේ ඇතැම් බලතල පාර්ලිමේන්තුවට ලබාදීමත් මගින් ජනාධිපතිවරයාගේ ඒකාධිපති බලතල ඉවත් කර ඇත. දැන් සාකච්ඡා කළ යුත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන නොව තවත් අනිසි බලතල විධායක ජනාධිපති සතුවේ නම් ඒවා පාර්ලිමේන්තුවට ගැනීම පිළිබඳව පමණි. ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවේ.
ජාතීන් අතර සංහිඳියාවට තුඩුදෙන වාතාවරණයක් ගොඩ නැංවීම
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ සංවාදය ප‍්‍රධාන වශයෙන්ම මතු වූයේ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමට ඇති ඉඩකඩ පුළුල් කිරීම සඳහාය. එහෙත් මෙම අතුරු යෝජනාවෙන් පෙනී යන්නේ ඒ පිළිබඳ කිසිදු ප‍්‍රගතියක් නොමැති බවය. මීට අදාළව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ගණනාවක් වෙනස් කිරීමට අතුරු වාර්තාවෙන් යෝජනාවී ඇතත් එම සංශෝධන සියල්ලටම පාහේ මෙහෙයුම් කමිටුවේ සෙසු සාමාජිකයන්ගෙන් විරෝධතා එල්ලවී තිබේ.
එම යෝජිත සංශෝධන ප‍්‍රධාන කොටස් තුනකට බෙදිය හැකිය.
1. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සංකල්ප සුළු ජන වර්ගවලට ගැලපෙන පරිදි වෙනස් කිරීම
2. බලය මධ්‍යයේ බෙදාගැනීම සඳහා දෙවැනි මන්ත‍්‍රණ සභාවක් ස්ථාපිත කිරීම
3. පළාත්වලට වැඩි බලතල ප‍්‍රමාණයක් බෙදා හැරීම
මධ්‍යම රජයේ සංකල්ප සුළු ජන වර්ගවලට ගැලපෙන ලෙස වෙනස් කිරීම
මෙය බොහෝවිට සංකල්පීය ප‍්‍රශ්නයකි. අතුරු වාර්තාවෙන් මීට අනුරූපව වගන්ති ගණනාවක් වෙනස් කිරීමට යෝජනා කර ඇත. එම වගන්ති අතර ඒකීය රාජ්‍ය පිළිබඳ වගන්තිය හා බෞද්ධාගමට හිමි තැන පිළිබඳ වගන්තිය ප‍්‍රමුඛ වේ. මෙම යෝජනාවලිය මගින් ඒකීය රාජ්‍ය සංකල්පය වෙනස් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නායකයින් ප‍්‍රකාශ කරන නමුත් එසේ නම් එම වගන්තියට අත තබන්නේ මන්දැයි ප‍්‍රශ්නයක් පැන නගී. සත්‍ය වශයෙන්ම ඒකීයභාවයට අදාළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තිය වෙනස් කිරීමට යෝජනා කර ඇත. පළමුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දෙමළ භාෂාවෙන් ඒකීය රාජ්‍යය යන්නට යොදා ඇති ‘ඔට්ටි‍්‍රයාච්චි’ යන පදය ඉවත් කර ඒ වෙනුවට ‘ඔරුමිත්ත නාඩු’ යන පදය යෙදීමට යෝජනා කර ඇත. දෙවනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉංග‍්‍රීසි භාෂාවෙන් සඳහන් කර ඇති ‘යුනිටරි’ යන පදය ඉවත් කර ඒ වෙනුවට සිංහල ‘ඒකීය’ යන පදයත් දෙමළ ‘ඔරුමිත්ත නාඩු’ යන පදයත් ඉංග‍්‍රීසියෙන් ලිවීමට යෝජනාවී ඇත. මෙහි ඇති සැඟවුණු අරුත කිම? සිංහල හා දෙමළ ජනතාව එකවර රැවටීමයි.
ජනමත විචාරණයට තුඩු දෙන ඇතැම් වගන්තිවල ‘ශ්‍රී ලංකා ජනරජය’ යන්න වෙනුවට ‘ශ්‍රී ලංකාව’ යනුවෙන් පමණක් යෙදීම අත්වැරදීමක් විය නොහැකිය. අනිවාර්යයෙන්ම එය නීති ආරවුලකට යන වචන පෙරළියකි. මෙවන් ව්‍යාජ උපක‍්‍රම යෝජනා කිරීමෙන් සිදුවනුයේ සිංහල දෙමළ හා මුස්ලිම් ජන වර්ග අතර සිටින අන්තවාදීන් ශක්තිමත් වීමයි. මෙම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලින් සිදු වනුයේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම නොව තිබෙන සංහිඳියාවත් නැති වීමයි
‘ඔටිටි‍්‍රයාච්චි’ යනු එකීය යන්නට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යොදා ඇති දෙමළ වචනයයි. ‘ඔරුමිත්ත නාඩු’ යන ෆෙඩරල් අර්ථය දෙන දෙමළ වචනයකි. එම නිසා දෙමළ ජනතාව දිනා ගැනීමට දෙමළ පරිවර්තනයේ එම වචන පෙරළිය සිදු කෙරේ. එහෙත් සිංහලෙන් එය වෙනස් වන්නේ නැත. එම නිසා සිංහල ජනතාව ද සතුටිනි. ඉංග‍්‍රීසි භාෂාවේ පදය සිංහල හා දෙමළ දෙපිරිසම දන්නා බැවින් එම හොරය අහු නොවීම සඳහා ඉංග‍්‍රීසියෙන් ‘යුනිටරි’ යන පදය නොලියා සිංහල හා දෙමළ වචන ඉංග‍්‍රීසි පරිවර්තනයට ඇතුළත් කිරීමට යෝජනා වී ඇත. මෙය මුලාවකි. මීට දෙමළ හෝ සිංහල ජනතාව රැවටෙන්නේ නැත. එම නිසා එම යෝජනා පරාජයට පත් කිරීමට දෙමළ හා සිංහල දෙපිරිසම කටයුතු කරනු ඇත. මින් අවසන් වශයෙන් රැවටෙනුයේ එවැනි දුර්වල උපක‍්‍රම ඉදිරිපත් කළ අයමය. සංකීර්ණ වූ ජනවාර්ගික ප‍්‍රශ්නය මෙවැනි කොළය වසා ගැසීම්වලින් විසඳිය නොහැකිය. එම නිසා වඩාත්ම උචිත වන්නේ ඊට එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වූ බව නිහතමානීව පිළිගැනීමයි.
බෞද්ධාගම සම්බන්ධයෙන් ඇත්තේ ද එවැනි ප‍්‍රවේශයකි. බෞද්ධාගමට ඇති තැන වෙනස් නොවන්නේ නම් එම වගන්තියට අත තැබීමට අවශ්‍ය නැති බව අතුරු ව්‍යවස්ථා සම්පාදකයින් තේරුම් ගත යුතුය. ජනමත විචාරණයට තුඩු දෙන ඇතැම් වගන්තිවල ‘ශ්‍රී ලංකා ජනරජය’ යන්න වෙනුවට ‘ශ්‍රී ලංකාව’ යනුවෙන් පමණක් යෙදීම අත්වැරදීමක් විය නොහැකිය. අනිවාර්යයෙන්ම එය නීති ආරවුලකට යන වචන පෙරළියකි. මෙවන් ව්‍යාජ උපක‍්‍රම යෝජනා කිරීමෙන් සිදුවනුයේ සිංහල දෙමළ හා මුස්ලිම් ජන වර්ග අතර සිටින අන්තවාදීන් ශක්තිමත් වීමයි. මෙම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලින් සිදු වනුයේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම නොව තිබෙන සංහිඳියාවත් නැති වීමයි. මෙම අතුරු වාර්තාවට එවන් සම්මුතියක් නැති දේ යෙදීම නිසා එකඟවී ඇති කරුණු ද ක‍්‍රියාවට නැංවීමට නොහැකි වේ.
දෙවැනි මන්ත‍්‍රණ සභාව
දෙවැනි මන්ත‍්‍රණ සභාව පිළිබඳ යෝජනාව සාමාන්‍යයෙන් ඉදිරිපත් වෙන්නේ මධ්‍යයේ බලය බෙදාගැනීමේ උපක‍්‍රමයක් ලෙසය. පාර්ලිමේන්තුවේ සුළු ජන පක්ෂවලට 50% ක් ලබා ගැනීමට නොහැකි නිසා දෙවැනි මන්ත‍්‍රණ සභාව පිළිබඳ යෝජනාව ඉදිරිපත් වේ. ජී.ජී. පොන්නම්බලම්ගේ 50x50 යෝජනාව ද මෙම ප‍්‍රශ්නය අරභයා ඉදිරිපත් වූ අදහසකි. අතුරු වාර්තාවේ දෙවැනි මන්ත‍්‍රණ සභාවේ යෝජනාව සුළු ජන පක්ෂවලට සම ඉඩක් ලබාදීමට වඩා පළාත් සභාවලට මධ්‍යම ආණ්ඩුවේ තීරණවලට මැදිහත්වීමට ඉඩකඩ ලැබෙන අවස්ථාවකි. යෝජිත දෙවැනි මන්ත‍්‍රණ සභාවට පළාත් සභාවකින් 5 බැගින් 45 දෙනෙක්ද පාර්ලිමේන්තුවෙන් 10 ක්ද පත් කෙරේ. පාර්ලිමේන්තුවේ බලය මෙම යෝජනාව මගින් සීමා කර යම් අධීක්ෂණයක් දෙවැනි මන්ත‍්‍රණ සභාවට පැවරේ. පළාත් සභාවල බහුතරයක් පවතිනුයේ සිංහල දේශපාලන පක්ෂ අතේය. එබැවින් මෙම යෝජනාව මගින් දෙමළ සහ මුස්ලිම් ජනතාවට වැඩියෙන් තීරණවලට දායක වීමට අවස්ථාවක් නොලැබේ. එක්කෝ පාර්ලිමේන්තුවේ බලය දෙවැනි මන්ත‍්‍රණ සභාව හරහා සීමාවේ. නොඑසේ නම් දෙවැනි මන්ත‍්‍රණ සභාව සුදු අලියෙක් බවට පත්වේ. එම නිසා මෙය තවත් අර්බුදයක ආරම්භය බව නියතය. මෙම යෝජනාව පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් වැනිය.
මධ්‍යයේ බලය බෙදා ගැනීම ඉතා හොඳ යෝජනාවකි. සැබැවින්ම ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ගොඩනැංවීම සඳහා ඇති හොඳම ආයුධ ද එයයි. ශ්‍රී ලංකාවේ ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ සුළු ජන පක්ෂවලට රාජ්‍ය බලය භාවිතා කිරීමට ඇති ඉඩකඩ සීමා වීමයි. උඩරට දෙමළ පක්ෂ හා මුස්ලිම් පක්ෂ බොහෝ විට ප‍්‍රධාන පක්ෂයක් සමඟ එක්වී රජය පිහිටුවා රාජ්‍ය බලය භාවිතා කරයි. එසේ වුවද උතුරේ දෙමළ පක්ෂ පසුගිය දශක ගණනාව පුරාම සිටියේ විපක්ෂයේය. එම නිසා උතුරේ ජනතාවගේ නියෝජිතයින්හට රාජ්‍ය බලයට සම්බන්ධ වීමට අවස්ථාව නොලැබිණි. රටේ කැරලිකාරී තත්ත්වයක් ඇතිවීමට එය ප‍්‍රමුඛ හේතුව විය. එම නිසා අවශ්‍ය වන්නේ උතුරේ දෙමළ ජනතාවට තීරණ ගැනීමේ ව්‍යුහයට සම්බන්ධවීමට එනම් අමාත්‍ය මණ්ඩලයට උතුරේ දෙමළ නායකයින් හට ඇතුල්වීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම අවකාශ සලසාදීමයි. ඊට අවශ්‍ය උපක‍්‍රම පිළිබඳ සංවාදය ධනාත්මක වෙන අතර එවිට රට බෙදීමේ කුමන්ත‍්‍රණ පිළිබඳ චෝදනාව ද එල්ල නොවේ. සංවාදයට බඳුන් විය යුතු එක් විකල්පයක් වෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ පළාත් සංවර්ධනය පිළිබඳ අමාත්‍ය ධුරය එම පළාතේ වැඩිම ආසන ගන්නා පක්ෂයට ලබාදීමයි. නොඑසේ නම් පළාත් මහ ඇමතිවරු නිල බලයෙන් මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට පත්වීමයි. එය දෙවැනි මන්ත‍්‍රණ සභාවක් ස්ථාපිත කිරීමට වඩා ප‍්‍රඥාගෝචර වේ.
පළාත් සභාවලට වැඩි බලතල ප‍්‍රමාණයක් බෙදාහැරීම
පළාත් සභාවලට වැඩිදුර බලය පැවරීමේ යෝජනාව දැන් කලක් තිස්සේ අවධානයට යොමු වී තිබේ.
13+ ලෙස එම යෝජනා පිළිබඳව අවධානය යොමු විය. මෙහිදී වැඩිපුරම අවධානය යොමුවී ඇත්තේ සමගාමී ලැයිස්තුව වෙතය. සමගාමී ලැයිස්තුවේ ඇති ක්ෂේත‍්‍ර පළාත් සභා වෙත ලබාදෙනවාද නැතිද යන්න ගැන වාද විවාද පැවතිණි. මෙම අතුරු වාර්තාව මගින් සමගාමී ලැයිස්තුව පළාත් සභාව වෙත පැවරෙන ලෙසක් හැෙඟ්. එමෙන්ම ආණ්ඩුකාරවරයාගේ බලය දුර්වල වෙන වාතාවරණයක් විකල්ප ලෙස යෝජනා කර ඇත. මෙය සමස්තයක් ලෙස සිංහල ජනතාව තුළ බරපතල සැකයක් ඇති කෙරේ. එසේ හෙයින් මෙම යෝජනාව සමස්තයක් ලෙස ගත් කළ ප‍්‍රායෝගික නොවන සම්මත කළ නොහැකි යෝජනාවකි. මෙම යෝජනා ජාතීන් අතර සංහිඳියාව සඳහා නොව ජාතීන් අතර විරසකය තීව‍්‍රවෙන යෝජනා බවට පත්වේ. සම්මුතියක් ඇති කර ගැනීම සඳහා කළ යුත්තේ සමගාමී ලැයිස්තුවේ ක්ෂේත‍්‍ර සඳහා අදාළ පළාත් හා මධ්‍යම රජය අතර අවබෝධයක් ඇති කරගෙන ක‍්‍රියාත්මක කළ හැකි දේශපාලන විසඳුම් නොව පරිපාලනමය විසඳුම් සෙවීමයි. එය ප‍්‍රමාද වෙන සෑම මොහොතක් පාසාම දෙමළ ජනතාවගේ අභිලාශයන් ඉටු නොවී අසහනය තීව‍්‍රවීම නොවැළැක්විය හැක්කකි.
සමස්තයක් ලෙස ගත්විට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව තවත් ප‍්‍රශ්න රාශියක් සමාජය තුළ අලුතින් ඇති කරමින් තිබේ. එම නිසා යළිත් රටේ ත‍්‍රස්තවාදයක් ඇති කරවන සුළු වාතාවරණයක් නිර්මාණය විය හැකිය. ජාතීන් අතර සංහිඳියාව ඇති කරලීම උදෙසා උදාවූ ස්වර්ණමය අවස්ථාව ගිලිහෙමින් තිබේ. වඩාත් ව්‍යසනකාරී තත්ත්වයකට රට තල්ලුවෙමින් තිබේ.
සම්මුතිය යනු බලෙන් පැටවිය නොහැක්කක් බව මෙම අතුරු වාර්තා සම්පාදකයන් තේරුම්ගත යුතුය. විවෘත සංවාදයකින් කළ යුත්තේ මතභේදයට තුඩුදෙන යෝජනාවලට උඩගෙඩි දීම නොව එකඟ විය හැකි කරුණුවලට අදාළ යෝජනා පෙරට ගෙන ඒමයි. එසේ කිරීමට හිත හදාගැනීමට හැකිනම් තවමත් ප‍්‍රමාදවී නැත. එහෙත් කාලය ශීඝ‍්‍රයෙන් ගෙවී යන බැවින් ක්ෂණිකව නිවැරදි තීරණ ගැනීමද අත්‍යවශ්‍ය වේ.