ශ්රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 18) දිවුරුම් දුන්නේය.
මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද සුභ නැකතින් අනුරාධපූර රුවන්වැලි සෑ රඳුන් ඉදිරිපිටදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස සිය දිවුරුම් දීම සිදු කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී මෙම දිවුරුම් දීම සිදු කෙරුණ අතර ජනාධිපති ධුරය භාර ගැනීමේ නිවේදනය ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් ප්‍රකාශයට පත් කළේය.
ඊයේ (17) අවසන් වු ජනාධීපතිවරණයෙන් මහජන ඡන්ද 6,924,255 ලබාගත් රාජපක්ෂ මහතා ජනාධීපතිවරයා ලෙස තේරී පත්විය.
හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක , විපක් ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දින සැමරුමට සමගාමීව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
මැති ,ඇමැතිවරු, තානාපතිවරුවරු ඇතුළු දහස් ගණනක් පාක්ෂකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සබැඳි
හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය නම් ඔහු
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක
බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂය
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හත්වැනි විධායක ජනපති දිව්රුම් දෙයි
suranjith Monday, 18 November 2019 06:58 AM
ගරු ජනාධිපති තුමනි අපි ඔබට මැතිවරණයේදී සහයෝගය නුදුනෙමු එහෙත් ඔබතුම දැන් අපේ රටේ ජනයාගේ මුල් පුරවැසියාය සියලු ජාතීන්ට එක සේ සලකන්න. අපේ රටේ දියුණුව වෙනුවෙන් ඔබතුම ගන්න හොඳ දේවල් අපි අගය කරන්නෙමු. වැරදි දේ වැරදියි කියා කියන්නෙමු. ඔබතුමාට සුබ පතමු.