ලංකාවේ සිදුවන මරණවලට බලපාන හය වැනි ප්‍රධාන හේතුව ආඝාතය හෙවත් අංශභාගයයි. එමෙන්ම ආබාධිත වීමට හේතු වන පස්වැනි කරුණත් ආඝාතයයි. රටේ තත්ත්වය සේම ලෝක තත්ත්වය ගත්තද ලොව පුරාම සිදුවන මරණවලටත්, ආබාධිත වීමටත් ප්‍රධාන හේතුවක් වන්නේ මොළයට රුධිරය සපයන රුධිර නාලවල වෙනස් වීම් නිසා සිදුවෙන අවහිර වීම් මෙන්ම ඒවා පුපුරා යාමෙන් ඇති වන මෙම අංශභාග තත්ත්වයයි. ලෝක ප්‍රජාවගෙන් මිලියන 13.7ක් වාර්ෂිකව ආඝාතයට ගොදුරු වන අතර ඉන් මිලියන 5.5ක් මිය යති. ඉන් සියයට අසූ පහක්ම අඩු ආදායම් සහ මධ්‍යම ආදායම ලබන රටවල් ගොදුරු වේ.
සාම්ප්‍රදායික ජීවන රටාවෙන් මිදී අහිතකර ආහාරපාන ගැනීම මීට හේතු සාධක වේ. එනම් ලුණු - සීනි- තෙල් අධික ආහාර ගැනීම, ව්‍යායාම මඳකම, මානසික ආතතිය, දුම්පානය මෙන්ම මත්පැන් පානය මීට ප්‍රධාන ලෙස හේතු වී ඇත. එනිසා අධි රුධිර පීඩනය ඇති වීමට අවදානම වැඩි වන අතර ඒ හේතුවෙන් හෘදයාබාධ, අංශභාගය ඇති වීම සුලබ වේ. එපමණක් නොව දියවැඩියාව, පිළිකා ඇති කිරීමටද රුකුලකි.
වර්ෂ 2015දී සිදු කෙරුණු බෝ නොවන රෝගවලට හේතුවන අවදානම් සාධක හඳුනා ගැනීමේ ජාතික සමීක්ෂණයට අනුව (Steps Survey) ලංකාවේ අවුරුදු 18ත් 69අතර වයසේ පසුවන්නන්ගෙන් සියයට විසි පහකට අධික රුධිර පීඩනය ඇති බව සොයා ගෙන ඇත. ඒ සඳහා හේතුව වී ඇත්තේ අපේ අධික ලුණු භාවිතයයි. නියමිත ප්‍රමාණය ඉක්මවා ලුණු භාවිත කර සැකසෙන විවිධ ආහාරවර්ග අනුභව කිරීමෙන් ලුණු වැඩි වශයෙන් ශරීර ගත විය හැකියි. සමීක්ෂණ වාර්තාවලට අනුව අපේ ජනතාවගෙන් අඩක් බත් පිසින විට ලුණු එකතු කිරීමේ පුරුද්ද තවමත් සිදු කරයි. එසේම විවිධ සෝස් වර්ග, රසකාරක සේම කල් තබා ගන්නා ද්‍රව්‍යවලත් ලුණු සාන්ද්‍රණය අධික වේ. එක් පුද්ගලයකුගේ දෛනික ලුණු පරිභෝජනය කපාපු තේ හැන්දකින් එකකි. එනම් එය ග්‍රෑම් 05ටත් වඩා අඩු ප්‍රමාණයකි. ඒත් වැරැදි ආහාර පුරුදුවලට අනුගතව අපි එය තේ හැඳි දෙකක් තුනක් දක්වා භාවිතය ඉහළ නංවා ගෙන ඇත. එය ග්‍රෑම්වලින් ගත් විට දෛනිකව ග්‍රෑම් 9ත් 12ත් අතර ප්‍රමාණයකි.
තවද ක්ෂණික ආහාර, රයිස්, කොත්තු, සෝස් වර්ග, පීට්සා, රෝල්ස්, පැටිස්, පේස්ට්‍රි මෙන්ම පාන් පිටි නිෂ්පාදනවලත් ලුණු අඩංගු වේ.
කුඩා කල සිට මෙවැනි ආහාර වට්ටෝරුවකට හුරු වූවකුට අධික ලුණු භාවිතය නිසා සිරුරේ ජලය රඳන ප්‍රමාණය වැඩිවී යයි. එනම් අපේ රුධිර සංසරණ පද්ධතියේ පරිමාව වැඩි වේ. එවිට රුධිර වාහිනී ඝන වීම් මෙන්ම විවිධ වෙනස් වීම්ද ඇති කරවයි. සිරුරේ අභ්‍යන්තර පරිසරයේ සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා හෘදයට නොකඩවාම වේගයෙන් ක්‍රියා කිරීමට සිදු වේ. වකුගඩුවලට අතිරික්ත ජලය පිට කිරීමට සිදු වේ. ඉතා කලාතුරකින් ලුණු අධික ආහාරයක් ගත් පමණින් මෙවැනි හානියක් සිදු නොවන අතර නිතිපතා සාමාන්‍ය ආහාර ලෙස ගැනීමට පුරුදු වුවහොත් එහි අහිතකර විපාක රැසකි. කුඩා කල සිටම හෘදයට, රුධිර වාහිනීවලට මෙන්ම අනෙක් ඉන්ද්‍රිය පද්ධතිවලට හානි සිදු වීම වැළැක්විය නොහැකියි. එහි ප්‍රතිඵලය වන්නේ ඔබ හෝ ඔබේ දරුවා අධික රුධිර පීඩනයට ගොදුරු වීමයි. අධික රුධිර පීඩනය නිසා හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මණ්‍ය වීමට හේතුවකි. එබැවින් අධික රුධිර පීඩනයට ගොදුරු නොවී සිටීමට හැකි සෑම උත්සාහයක්ම දැරීම නිරෝගී සෞඛ්‍යයක් පවත්වා ගැනීමට ඇති කදිම විසඳුමයි. එවිට දියවැඩියාව, පිළිකා රෝග ඇති වීමේ අවදානමද අවම වේ.
ඒ සඳහා අප කුමක් කළ යුතුද?
* දිනකට සමබල ආහාර වේල් තුනක් ගත යුතුයි.
* උසට සරිලන නිසි බරක් පවත්වා ගෙන යාම. අධික තරබාරුවෙන් මිදීම .
* ලුණු, තෙල්, සීනි භාවිතය හැකිතාක් සීමා කිරීම.
* දිනපතා පැය භාගයක් පමණ ශරීරයට දැනෙන පරිදි ව්‍යායාමයක නිරත වීම. දරුවකුට නම් පැයක් දෙකක් දුවපැන ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දීම.
* දුම්පානය සහ මත් පැන් පානයෙන් වැළකීම.
* තරගකාරී මානසිකත්වයෙන් හැකිතාක් ඈත් වීම. නැතහොත් මානසික ආතතිය ඇති නොවන පරිදි ජීවිතය හැඩ ගස්වා ගැනීම. දරුවන්වද ක්‍රමානුකූල ජීවිතයකට අනුගත කිරීමට උනන්දු කළ හැකිය.
එහෙත් ඔබ අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නකු නම් නිසි අයුරින් ඖෂධ නොගත හොත් , නිවැරැදි ජීවන රටාවකට අනුගත නොවුණ හොත් ආඝාතය හෙවත් අංශභාගයට ගොදුරු වීමේ අවදානම ඉතා දැඩිය.
ඔබ අධික රුධිර පීඩනයෙන් පෙළෙන බවට වෛද්‍ය නිගමනය වුවහොත් පහත උපදෙස් පිළිපදින්න
* නොකඩවා නියමිත ඖෂධ නිසි වේලාවට ලබා ගන්න.
ඔබේ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත් වුවහොත් එසේ වන්නේ ඖෂධ හා ඔබේ ජීවන රටාවේ සකස් වීම මත බැවින් ඖෂධ නොගෙන සිටීමට කිසිදින උත්සාහ නොකරන්න. අවශ්‍ය වූ විටෙක ඖෂධ මාත්‍රාව අඩු, වැඩි කිරීම වෛද්‍යවරයා විසින් සිදු කරනු ඇත.
එහෙත් රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇතැයි සිතා ඔබ ඖෂධ භාවිතය අත්හළ හොත් එහි භයානක ප්‍රතිඵලය ආඝාතය වීමට බොහෝ දුරට ඉඩ ඇත. නොකඩවා ඖෂධ භාවිතය සේම මනසේ සැහැල්ලුවත් අත්‍යවශ්‍ය වේ. ඒ අනුව සිත සැහැල්ලු වන භාවනාවකට, ව්‍යායාමයකට යොමු වීම මෙහි අදහසයි.
* ආහාර වේල සැකසීමේදී ලුණු, සීනි,තෙල් අවම ප්‍රමාණයෙන් මුසුකිරීමට වග බලා ගැනීමත් වැදගත් වේ.
* ඔබ බර වැඩි පුද්ගලයකු නම් ,තරබාරුවෙන් පෙළේ නම් ක්‍රමානුකූලව බර අඩු කර ගැනීමට උනන්දු වන්න.
* වෛද්‍ය උපදෙස් මත සුදුසු ව්‍යායාමයක යෙදෙන්න.
එහෙත් කිසියම් මොහොතක රුධිර පීඩනය වැඩි වී පහත ලක්ෂණ පෙන්නුම් කළහොත් මොහොතක්වත් පමා නොවන්න. හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලක් වෙත යොමු වන්න.
අංශභාගය අඟවන රතු එළි
* කට පැත්තකට යාම.
* අතක අප්‍රාණිකත්වය. පණ නැති වීම.
* කතා කරන විට ගොත ගැසීම.
මේ ලක්ෂණ එකක් හෝ ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු විය යුතුය. පමාවෙන මොහොතක් පාසාම ඔබේ ජීවිතය අනතුරට පත් වීමේ , ආබාධිත වීමේ අවදානම වේගවත් වේ. එක්වරම සිදුවන ආඝාත තත්ත්වයකදී මොළයේ පටක සහ මිලියන ගණනක් වන මොළයේ ස්නායු සෛල විනාශ වීමේ ක්‍රියාවලිය ඇරැඹේ. ඊට ප්‍රථම හැකි ඉක්මනින් ප්‍රතිකාර ගත හොත් මෙම අවදානම අවම කර ගැනීම හෝ මරණයට පත් වීම වලක්වා ගැනීමටත් , ආබාධිත බවට පත් වීමෙනුත් මිදිය හැකි වේ.
ගතවන මොහොතක් පාසාම ඔබ ගෙවා දමන්නේ ජීවිතය රැක ගැනීමට ඇති වටිනාම නිමේෂය විය හැකියි. ඔබ මෙන්ම පවුලේ සාමාජිකයන්ද ඒ ගැන දැනුම්වත්ව සිටීම වැදගත් වන අතර අනවශ්‍යාකාරයෙන් කලබල නොවීමටද වග බලා ගත යුතුයි.
(FAST) අකුරු හතරක මතක් කිරීමක්
F- මුහුණේ වෙනස (Face drooping)
A- අතක අප්‍රාණිකත්වය (Arm weakness)
S- කතාව ගොත ගැසීම (Speech difficulties)
T- ක්ෂණිකව ප්‍රතිකාර වෙත යොමු වීම (Time to call for medical help)
ආඝාතයෙන් මිදීමටත්, වඩා හොඳින් පාලනය කර ගැනීම සඳහාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පියවර ගණනාවක් ක්‍රියාත්මක කරමින් පවතී.
නොමිලයේ පවත්වන මෙම සේවාවන් ගැන ප්‍රජාව දැනුම්වත් වීම අවශ්‍ය වේ.
* කුඩා රෝහල්වල ' සුව දිවි මධ්‍යස්ථාන ' සතියකට වරක් ක්‍රියාත්මක වේ. එමඟින් රුධිරයේ සීනි හා කොලෙස්ට්‍රෝල් මට්ටම මැනීම, රුධිර පීඩනය, උසට සරිලන බර(BMI) , මැන ගැනීම නොමිලයේ සිදු කර ගත හැකියි. මෙය බෝ නොවන රෝග කල්තියා හඳුනා ගැනීමට සහාය වනු ඇත. තවද රුධිර පීඩනය, බර පාලනය ආදී උපදෙස්ද ලබා දේ. මින් උපරිම පල නෙළා ගැනීමට උනන්දු වන්න.
* සියලුම ප්‍රධාන රෝහල්වල ඉහළ පුහුණුවක් ලත් සෞඛ්‍ය විශේෂඥයන්ගේ මූලිකත්වයෙන් විශේෂිත ස්නායු රෝග ඒකක පිහිටුවා ඇත. ආඝාත කළමනාකරණය සඳහා දිවයින පුරා විශේෂිත මධ්‍යස්ථාන කිහිපයක්ම පිහිටුවා ඇති අතර ලංකාවේ ප්‍රධාන රෝහල් 10ක විශේෂිත ආඝාත ඒකක ස්ථාපිත කොට ඇත.
* ජාතික ආඝාත සංගමය, ශ්‍රී ලංකා ස්නායු විශේෂඥයන්ගේ සංගමය සමඟ ආඝාත රෝගීන් දැනුම්වත් කිරීම සහ රැක බලා ගැනීම ප්‍රවර්ධනය සඳහා විශාල උත්සාහයක් දරනු ලැබේ. මේ හේතුවෙන් ආඝාතයට ගොදුරුව රෝහල් ගත වී නිසි ප්‍රතිකාර ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර මිය යන සංඛ්‍යාවද අඩු කර ගත හැකි වී ඇත. එබැවින් තව තවත් මෙම සේවාවන් වෙත යොමු වන්න.
සෞඛ්‍ය සේවාවන්හි මේ කැපවීම ජනතාවගේ නිරෝගීතාව උදෙසායි. ඒ සඳහා ඔබේ වගකීම ගැන දැනුම්වත්ව ක්‍රියාත්මක වන්න. සරලව කිවහොත් මොහොතක පමාව දිවියක නිමාව කර නොගන්න.
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අංශභාගයෙන් මිදීමේ මඟ