IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අල ගොවියා වෙනුවෙන් ගත් තීරණය අගයමු

ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30කින් වැඩි කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ නව බද්ද රුපියල් 50ක් බව අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

අගය කළ යුතු තීරණයකි. දේශීය අර්තාපල් ගොවියා ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය පවසයි. බලධාරීන් යම් පමණකට හෝ අවදියෙන් සිටින බවත් මෙරට ගොවියා සම්බන්ධයෙන් යම් වගකීමක් දරන බවත් මෙම තීන්දුවෙන් පැහැදිලි වේ.
මෙරට විසි තිස් වසරකට ඉහත දී ගමේ ගොඩේ කැලෑවට වැටුණු එළවළු වර්ග පලතුරු වර්ග සියල්ලක්ම පාහේ අද පිටරටින් ගෙන්වනු ලබයි. පුවක් ගෙඩියේ සිට කොහිල දක්වා සියල්ලම පිටරටින් ගෙන්වීමට සිදු වී තිබේ. කලට වැසි වසින සම කාලගුණික තත්ත්වයක් සහිත රටක සරු පොළවක් අපට තිබිණි. සැබැවින්ම අපේ මවුපොළොව ධාන්‍යාගාරයක් බඳු විය. රටට අවැසි තරමට ධන ධාන්‍ය මේ පොළොවෙන් නෙළා ගත හැකි විය.

එහෙත් පස නිසරු විය. ‘‘නිසරු විය’’ නොව නිසරු කළහ. කෘමි රසායනික ද්‍රව්‍ය පොළොවට මුදාහැරිණි. අස්වැන්න හීන වී ගියේය. එයට සමාන්තරව ආර්ථිකය ද විවෘත විය. ඒ ඇරුණු දොරෙන් සියල්ල මෙරටට ගලා ආවේය. ධාන්‍යාගාරය කැයි කී රටට හාල් පිටරටින් ගෙන්වීමට සිදුවිය.

සියල්ලෙන් කියැවෙන්නේ මෙරට කෘෂි ආර්ථිකය විනාශ වී ගිය බවය. එය නවීන ජාතික ආර්ථිකයක් ලෙස ඔසොවා තැබිය යුතු වුවද සිදු වූයේ කෘෂි ආර්ථිකය වළපල්ලට යෑමය. මඩ සෝදාගත් කල්හි ගොවියා සිහසුනට සුදුසු යැයි කීවද බිඳ වැටුණු කෘෂි ආර්ථිකය තුළ මඩ සෝදාගත් ගොවියාට සිහසුන නොව සුසානය හිමි විය.

ගොවියා අත තිබූ කෘෂි නිෂ්පාදනය වෙළෙන්දන් අතට ගියේය. ඔවුහු පිටරටින් සියල්ල ගෙන්වීමට පටන් ගත්හ. එහිදී විවිධ සංවිධානාත්මක කටයුතු ද සිදු විය. පළමුව ආහාර ද්‍රව්‍ය ආනයනය කර ගබඩා කර ගනිති. ඒවා වෙළෙඳ පොළට යොමු නොකිරීම නිසා රට තුළ උග්‍ර ආහාර හිඟයක් ඇති වේ. හිඟයේ තාර්කික අන්තය භාණ්ඩයේ මිල ඉහළ යාමයි. වෙළෙන්දන්ගේ කරල පැසෙන්නට පටන් ගත්තේ ඒ අයුරිණි.

බලධාරීන්ගේ ද අවධානය යොමු වී තිබුණේ වෙළෙන්දන් කෙරෙහිය. ඒ කොමිස් නිසා බවට රහසක් නොවේ. අතිශය දුෂ්කර කොන්දේසි යටතේත් වගාව අත නොහැර එහිම නියැළෙන​ දුප්පත් ගොවියා අස්වැන්න නෙළන සමයටම බාධාවකින් තොරව එම වර්ගම රට ඇතුළට ආවේය. දේශීය ගොවියාගේ මිලට වඩා එම මිල පහළ අගයක වන බැවින් ගොවියා අන්ත අසරණ විය.

ගොවිතැනින් මහ ධන නිධානයක් පහළ නොවේ. ඇතැම්විට ජීවිතේ එදිනෙදා කටයුතු පියවා ගැනීමට එම මුදල ප්‍රමාණවත් වේ. ඊළඟ කන්නයේ දී ගොවිතැන් කිරීමට ගොවියා සතුව මුදල් නැත. ගොවිතැන් කරන ඉඩම, හිසට සෙවණ දෙන නිවෙස ඇප භාණ්ඩ බවට පත් වන්නේ එහෙයිනි. එහෙත් අස්වැන්න නෙළන සමයේදීම එම ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම නිසා අපේක්ෂිත ආදායම ගොවියා අතට පත් නොවේ. වී ගොවියාගේ සිට අර්තාපල් ගොවියා දක්වා සෑම තරාතිරමකම ගොවියන්ගේ ඉරණම ලියැවෙමින් තිබෙන්නේ එසේය. කනේරු ඇට කා, වස බී මිය යාමේ මාවත ගොවියාට තෝරා ගැනීමට සිදු වී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30කින් වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කිරීම වඩාත් වැදගත් පියවරක් ලෙස අගය කළ යුතු වන්නේ එහෙයිනි. එබඳු පියවර අනුගමනය කිරීමකින් හෝ දේශීය ගොවියා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවීම පැසසුමට ලක් කළ යුතුමය.

අවධාරණය කළ යුතු වඩාත් වැදගත් කාරණයක් තිබේ. දේශීය ගොවියාට අදාළව ක්‍රියාත්මක විය යුත්තේ තාවකාලික විසඳුම් නොවේ. පැලැස්තර විසඳුම් ද නොවේ. දියුණු කල්පවත්නා විසඳුම් ක්‍රියාත්මක විය යුතුය. පොදු නවීන ජාතික කෘෂි ප්‍රතිපත්තියක් ඒ වෙනුවෙන් නිර්මාණය කළ යුතුය. එය හෙටට කල් දැමීම ද ප්‍රමාදයකි.



අදහස් (1)

අල ගොවියා වෙනුවෙන් ගත් තීරණය අගයමු

Seneviratne Tuesday, 19 February 2019 09:18 AM

මම හිතන විදියට නම් පිටරටින් ගෙනෙන එළවලු නවත්වන්නම වෙනවා. බදු වැඩි කළා කියලා පිටරටට යන ඩොලර් නවතින්නේ නැහැ. අනික 1965-70 කාලේ වගේ ( ගොවි හමුදාව ) මහා වගා ව්‍යාපාරයක් කල යුතු වෙනවා. අතරමැදියා පාලනය කිරීමත් , රටට අවශ්‍ය ආහාර රටේම නිපදවා ගන්න ඕන. ඊළඟට පුළුවන් හැම දෙයම පිටරට වෙළඳ පොලට යවල විදේශ විනිමය රට තුලට ගැනීමත්, අනවශ්‍ය අනෙකුත් දේවල් පිටින් ගෙන්වීම පාලනය කිරීම අනිවාර්ය වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1057 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4549 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 411 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1679 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site