IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ගම්මිරිස් ප්‍රතිඅපනයනය කාගේ හොර ජාවාරමක්ද

විදේශ ගම්මිරිස් කන්ටේනර් 156 ක් පසුගිය කාලයේදී ප්‍රති අපනයනය කිරීම සඳහා මෙරටට හොර රහසේ ගෙනැවිත් තිබෙන හෙයින් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ඊට අදාළ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවි බල ගැන්වීම් ඇමති දයා ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත් පත ඉකුත් දා වාර්තා ක​ෙළ්ය. 

විශේෂ අවධානය යොමු කළ යුතු ප්‍රවෘත්තියකි. මන්දයත් රටේ ආර්ථිකය කාබාසිනියා වන්නේ මෙබඳු ජාවාරම් නිසා වන හෙයිනි. ජාවාරම්කරුවාගේ මඩිය තරවුවත් මෙබඳු ක්‍රියා නිසා මුළු මහත් ආර්ථිකයම සැළුම් වෙවුළුම් කයි. එහි බලපෑම සමස්ත රටටමය. පොදු මහ ජනතාවටය. 

කන්ටේනරයක් යනු ගිනි පෙට්ටියක් නොවේ. එය අති දැවැන්ත වූවකි. එබඳු අති දැවැන්ත කන්ටේනර් 156 ක ගම්මිරිස් ප්‍රතිඅපනයනය සඳහා හොර රහසේ මෙරටට ගෙනැවිත් ඇතැයි ඇමතිවරයා පවසයි. මෙහි “හොර රහසේ” යන වචනයට විශේෂ අවධානය යොමු කළ යුතුය. එමෙන්ම කන්ටේනර් සංඛ්‍යාව 156ක් බවද සිහියට ගත යුතුය. මේ තරම් කන්ටේනර් ප්‍රමාණයක් හොර රහසේ මෙරටට රැගෙන ආවේ කෙසේද? තර කළ ආරක්ෂක විධි විධාන වේ නම් එසේ ගෙන ආ හැකිද? මේ අතට හසුවූ ජාවාරමකි. එසේ අතට හසු නොවූ ජාවාරම් තව කොතෙක් වේද? විශේෂ අවධානයට යොමු කළ යුතු වඩාත් වැදගත් කාරණාවක් වන්නේ එයයි. 

මෙරට ප්‍රබල තේ කර්මාන්තයක් පවතී. කරුංකා, ගොරකා, ගම්මිරිස් ආදියට ද ප්‍රබල පදනමක් තිබේ. මුළු රටේම ලක්ෂ ගණනක් එහි ජනයා මෙම කර්මාන්ත වලින් යැපෙති. ඊට අමතරව අපනයනය කිරීමෙන් ද විශාල විදේශ විනිමයක් උපයා ගැනිමේ හැකියාව පවතී. රටක ආර්ථිකය ශක්තිමත් වන්නේ ඒ අයුරිනි. මුදල් සංසරණයට මඟ විවර වන්නේ එමගිනි. රටක ආර්ථිකයක් අභ්‍යන්තරයෙන් පිබිදෙන්නේ ඒ ආකාරයෙනි. 

දයා ගමගේ ඇමැතිවරයා අනාවරණය කරන්නේ ප්‍රතිඅපනයනය සඳහා ගම්මිරිස් කන්ටේනර් 156ක් මෙරටට හොර රහසේ රැගෙන විත් ඇති බවය. ඒවා රැගෙන විත් තිබෙන්නේ ශ්‍රී ලංකා නාමය යටතේ ප්‍රතිඅපනයනය කිරීමටය. 

මෙය ආකාර ගණනාවකින් බලපාන ප්‍රශ්නයකි. පළමු වැන්න නම් මෙබඳු ජාවාරම් නිසා මෙරට ගම්මිරිස් ව්‍යාපාරිකයාට වැලේ වැල් නැති වීමය. ලක්ෂ ගණනක් පවුල් වලට වේලෙන් වේලට අලුත් වන බඩ ගින්න නිවා ගැනීමට නොහැකි වීමය.

දෙවැනි කාරණය නම් අපනයනයෙන් රජය අපේක්ෂා කරනු ලබන ආදායම රජයට අහිමි වීමය. එම ආදායමත්, ලාභයත් යන්නේ ජාවාරමා​ගේ සාක්කුවටය. රටේ ආර්ථික ප්‍රශ්න ලෙහා ගත නොහැකි නූල් බෝලයක් මෙන් පැටලිලි තත්ත්වයට පත් වන්නේ එහෙයිනි. රට ඉදිරියට නොයන බවක් දිස් වන්නේ මෙවැනි අාලාපාළුවන් නිසාය. ප්‍රතිඅපනයනය සඳහා ගම්මිරිස් කන්ටේනර් 156 මොන දීපංකරෙන් රැගෙන ආවේ දැයි අපි නොදනිමු. ඒ ඇතැම් විට ලෝක වෙළෙඳ පොළේ ඉල්ලුමක් නැති ගම්මිරිස් ඇති රටකින් විය හැකිය. එහෙත් එම ගම්මිරිස් ප්‍රතිඅපනයනය වන්නේ ශ්‍රී ලංකා නාමයෙනි. තත්ත්වයෙන් හා ප්‍රමිතියෙන් බාල මෙම ගම්මිරිස් වලට ඉල්ලුමක් ඇති වන්නේ නැත. ලෝක වෙළෙඳ පොළෙන් එ්වා ප්‍රතික්ෂේප වේ. එම කැළල ගම්මිරිස් වලට පමණක් නොවේ. ලංකාවෙන් අපනයනය කරන සෑම භව භෝගයකටම එම නින්දා සහගත කැළල අත් වේ. 

ශ්‍රී ලංකා තේ වලට ඉතා හොඳ ඉහළ ඉල්ලුමක් තිබිණි. එහෙත් එම ඉල්ලුම වේගයෙන් බිඳ වැටී තිබේ. ඒ බාල තේ ලෝක වෙළඳ පොළට යැවීම නිසාය. කරුංකා වලට ද එම ඉරණම අත් විය. රටක ආර්ථිකයක් සැලසුමක් ඇතිව ගොඩ නැඟීමට මෙම තත්ත්වය ඉතා බරපතළ ලෙස බලපායි. “සියල්ල යහපත් මහරජ!” ලීලාවෙන් සියල්ල හොඳම විධියට සිදුවෙමින් පවතින්නේ යැයි සිතාගෙන සිටියහොත් රටේ ආර්ථිකය අභ්‍යන්තරයෙන් පුපුරා ඉරි තලා යන තුරු තේරුම් ගැනීමට නොහැකි වනු ඇත. 

විශේෂ අවධානය යොමු කළ යුතු කාරණවක් තිබේ. එනම් මෙබඳු ජාවාරම් මෙහෙය වනු ලබන්නේ ගමේ පුංචි මුදලාලිලා විසින් නොවන බවය. මෙම ජාවාරම් සම්බන්ධයෙන් ඇමැතිවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහෝදරයන්ගේ හා හිතවතුන්ගේ නම් කියැවේ. ඒ පිළිල ඉවත් නොකර ආර්ථික සමෘද්ධිය අපේක්ෂා කිරීම විහිළුවකි. 



අදහස් (8)

ගම්මිරිස් ප්‍රතිඅපනයනය කාගේ හොර ජාවාරමක්ද

smn Tuesday, 26 March 2019 07:07 AM

මෙබඳු ජාවාරම් කිරීම මෙන්ම මෙහෙයවීමද නින්දිතයි..... උපන් රටට සිදු කරන ගුණමකු ක්‍රියාවක්…. විශාල අපරාධයක්...මේනිසා රටට ඇතිවෙන අපකීර්තිය එසේ මෙසේ නොවෙයි...ආර්ථික වශයෙන් සිදුවිය හැකි පාඩුව සුළුපටු නොවෙයි.… මෙවැනි ජාවාරම් දේශද්‍රෝහී ක්‍රියාවන් වශයෙන් සැලකිය යුතුයි...එවැනි ජාවාරම්වලට හවුල් වන අයවලුන්ට උපරිම දඬුවම් පමුණුවීමට නීති ප්‍රතිපාදන අවශ්‍යයි.

:       12       63

RaveendraTuesday, 26 March 2019 01:35 PM

smn මයා වෙතා ඔබගේ නිවැරදි අදහස් අප අගය කරන්නෙමු . මේ තමයි නියම දේශද්‍රෝහීන් . මිට පෙර අප සදහන් කල පරිදි කිසිවෙකුට තම රටට ද්‍රෝහීවීමට කිසිදු අයිතියක් නැහැ. එවන් දේශද්‍රෝහීන්ට දඩුවම ලෙස හිමි වන්නේ මරණය හැර වෙනත් කිසිදු නොමැත.

:       14       39

HarindraFriday, 29 March 2019 01:34 PM

දේශද්‍රෝහීන්ට දඬුවම් ලෙස හිමි වන්නේ මරණය හැර.... 88-89 ත්‍රස්තවාදීන් ඔය ආකාරයේ ප්‍රකාශ නිකුත් කළා! ඔබ ඊට සම්බන්ධද?

:       0       0

dimal Tuesday, 26 March 2019 07:22 AM

ඉල්ලුමට හරියන සැපයුම අපේ කම්මැලි ගොවියට දෙන්න බැරිනම් ගම්මිරිස් නොවෙයි අබ අටෙටත් ඔය වැඩෙමයි වෙන්නේ .. අනෙක ඔය අපනයනයෙන් ගොවියා නොවෙයි වැඩි වාසි ලබන්නේ

:       4       1

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 26 March 2019 01:59 PM

මා සෞදි අරාබියේ සේවය කරමි. ශ්‍රී ලංකා ටී කියා විවිධ වර්ගයේ තේ මෙහි ඇත. වෙළෙඳ පොලේ තිබෙන තේ වලින් සියයට 75ක්ම තේ කියා බිව්වත් එය නියම තේ කොල නොවන බව මෙහි සේවය කරන අපි දනිමු. තමාගේ සාක්කුව පුරවා ගැනීම සඳහා බාල වර්ගයේ තේ එවන නිසා අනාගතයේදී ශ්‍රී ලංකා තේ වලට මැද පෙරදිගත් ඉල්ලුමක් නොපවතිනු ඇති මා විස්වාස කරනවා.

:       0       11

kujitha Wednesday, 27 March 2019 03:18 AM

කෙටිම පිළිතුර - උපරිම දඬුවම් ,ඉතාම කෙටි කාලෙකින් ලබා දිය යුතු වේ.

:       0       8

Sriyal Wednesday, 27 March 2019 06:23 AM

දේශපාලකයින්ට ව්‍යාපාර කිරීම තහනම් කරන නීති සකස් කිරීම වැදගත් වේ. දේශපාලනයට පිවිසි අය රටට සේවය කරන අය විය යුතුයි. ඔවුන් ව්‍යාපාර කිරීම සඳහා දේශපාලන නොකිරීම අත්‍යවශ්‍ය වේ.

:       0       27

sarath kuru Wednesday, 27 March 2019 03:30 PM

මේවා සහගහන අපරාධ... අහිංසක ගොවියාට වහබොන්න තමයි වෙන්නේ...

:       0       11

ඔබේ අදහස් එවන්න

කොලම

ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 774 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 228 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම
2024 අගෝස්තු මස 26 289 2

දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනය


විකෘති කළ ඉතිහාසයේ යථාර්ථය
2024 අගෝස්තු මස 23 715 2

මෙවර කිවිදා දැක්ම ලියන්ගේ ජනාධිපතිවරණයට දින 30ක් ඉතිරිව තිබෙන පරිසරයකය. මෙවර ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක එකක් බව කාටත් පැහැදිලිය. ඒ තීරණාත්මක බව කථා


​ප්‍රශ්න විසඳන නායකත්වයක අවශ්‍යතාව
2024 අගෝස්තු මස 19 417 1

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක් වෙන්නේ වසර 2022 දී උද්ගත වූ මහජන අරගලයෙන් එවකට බලයේ සිටි ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site