IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


චන්ද්‍රිකාගේ පෑනෙන් මතුවූ සන්ධානයේ බුලත් කොළය

 

කුමන පැතිමාන ඔස්සේ බැලුවද, පොදු අපේක්ෂකයා යථාර්ථයක් කරවීමත් ඒ පොදු අපේක්ෂකයා මෛත්‍රී ඇමතිතුමා වීමත් පිටුපස චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ඉටු කළ මහා කාර්ය භාරයද ඉතා වැදගත්ය. එතුමිය එම කාලවකවානුව තුළ පෙන් වූ දේශපාලන පරිණත බව, බුද්ධි ප්‍රභාව හා විචක්ෂණ බව සියලු දෙනාම ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත්තා වැනිය. චන්ද්‍රිකා මැතිනිය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි. පාක්ෂික මනෝභාවය බිඳී ගිය ආකාරය පිළිබඳ කෙරෙන සියුම් මනෝ විද්‍යාත්මත විග්‍රහයකදී පෙනී යන්නේ 2010 ජනාධිපතිවරණයට පෙරදින සරත් ෆොන්සේකා මහතා හොරගොල්ල සමාධියට ගොස් පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව හොරගොල්ල වලව්වට ගොස් චන්ද්‍රිකා මැතිනිය මුණ ගැසීම ඊට ප්‍රධාන හේතුවක් වූ බවයි.


සැබවින්ම එහිදී සිදු වූයේ එම ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර අවස්ථා පහ හයකදී පමණ සරත් ෆොන්සේකා මහතා දුරකථනය මගින් චන්ද්‍රිකා මැතිනිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ අතර අවසානයේදී එතුමිය සරත් ෆොන්සේකා මහතාට ප්‍රතිචාර දක්වා ඇත. එහිදී ෆොන්සේකා මහතා එතුමියගෙන් සහයෝගය ඉල්ලා ඇත. නමුත් චන්ද්‍රිකා මැතිනියගේ පිළිතුර වූයේ තමා නිහඬව සිටීමට තීරණය කර ඇති බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට දින දෙකකට පමණ පෙර ටිරාන් අලස් මහතා කථා කොට “මැඩම් ජනරාල් හොරගොල්ල සමාධියට එන්න තීරණය කර තිබෙනවා. එහිදී වැඩම්ව මුණ ගැසෙන්නත් බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පවසා ඇත. මෙම සිදුවිම ඒ ආකාර විය. 


අඛණ්ඩව වසර 17ක් විපක්ෂයේ සිට ශ්‍රී.ල.නි.පය. යළි ජයග්‍රාහී මාවතට පිවිසියේ චන්ද්‍රිකා මැතිනියගේ ආගමනයත් සමගය. 1993 පළාත් සභා මැතිවරණයෙන් බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිනිය වූ ඇය 1994 මාර්තු මාසයේ දී ප්‍රැන්සිස්කුකරණයට ලක් වූ දකුණු පළාත් සභාව ජයග්‍රහණය කරවීමේ පුරෝගාමී කාර්ය භාරය ඉටු කළාය. ඊට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා “පාද යාත්‍රා” හා “ජනඝෝෂා” කර තිබුණද 1993 පළාත් සභා මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 4 ම පරාජයට පත් වෙයි. නමුත් 1994 දකුණු පළාත් සභා මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය ප්‍රමුඛ සමස්ත දකුණු පළාතේම ජයග්‍රාහී මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය දෙන්නේ බස්නාහිර මහ ඇමතිනිය ලෙස චන්ද්‍රිකා මැතිනියයි. 


එවර පොදු ජන එක්සත් පෙරමුණ පළාතේ දිස්ත්‍රික් තුනෙහි මැතිවරණ කොට්ඨාස 21 අතුරින් බළපිටිය හැර අන් සියලුම මැතිවරණ කොට්ඨාස අතිවිශිෂ්ට ලෙස ජයගනී. ඇයගේ නායකත්වයෙන් මහ මැතිවරණ 3ක් ශ්‍රී.ල.නි.ප.ය ප්‍රමුඛ පෙරමුණ හා සන්ධාන ජයගෙන ඇති අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ශ්‍රී.ල.නි.ප.ය හා සන්ධානය වෙනුවෙන් ජයගත හැකි වූයේ 2010 මහ මැතිවරණය පමණි. මහින්ද රාජපක්ෂ මහතා 2005 දී ජනාධිපති අපේක්ෂකයා වූයේ බලයේ සිටි ශ්‍රී.ල.නි.පය. ප්‍රමුඛ සන්ධානය තුළින් වූ අතර චන්ද්‍රිකා මැතිනිය විසින් 2004 දී ගොඩ නැගූ එ.ජ.නි.ස. ආණ්ඩුව 2010 දක්වාම ගමන් කළේය. නමුත් අවාසනාවකට මෙන් 2005 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී.ල.නි. පක්ෂ කාර්යාලයේ සිට සියලු පක්ෂ කටයුතුවලදී චන්ද්‍රිකා මැතිනියගේ ඡායාරූපය ප්‍රදර්ශනය කිරීම පවා තහනම් කරන ලදී. තවද කලක පටන් සම්ප්‍රදායක්ව පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභාව ආරම්භයේදී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් හා මැතිනිය සිහි කරමින් පවත්වනු ලබන විනාඩියක නිශ්ශබ්දතාව න්‍යාය පත්‍රයෙන් කපා හරින ලදී. 


2003 අග භාගයේදී ශ්‍රී.ල.නි.ප.ය. ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනගන අවස්ථාවේදී මංගල සමරවීර, අනුර බණ්ඩාරනායක හා ලක්ෂ්මන් කදිරගාමර් යන පිරිස සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළහ. ආරම්භයේදී ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය මෙම නව සන්ධානයට එතරම් කැමැත්තක් නොදැක් වුවද අවසානයේ දී එතුමිය ද ඊට අනුකූලතාව පළ කළාය. ඒ අනුව මෙම නව දේශපාලන සන්ධානයට එතරම් කැමැත්තක් නොදැක් වුවද අවසානයේදී එතුමිය ද ඊට අනුකූලතාව පළ කළාය. ඒ අනුව මෙම නව දේශපාලන සන්ධානය නීත්‍යනුකූලව ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ දී ජනාධිපතිනිය ඊට මූලික වී ක්‍රියා කළාය. එහිදී එතුමියටද සබඳතා පැවැති බහුජන නිදහස් පෙරමුණ මෙලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙසට පරිවර්තනය කරනු ලැබීය. එම සන්ධානයේ ලකුණ වූ බුලත් කොළය සම්පූර්ණයෙන්ම චන්ද්‍රිකා මැතිනියගේ නිර්මාණයකි. කුඩා කල සිට ඉතා දක්ෂ ලෙස චිත්‍ර ඇඳීමේ දක්ෂතාවක් දැක් වූ ඇය එ.ජ.නි.ස. ගොඩනැගීම පිළිබඳ පැවති අවසන් සාකච්ඡාවක් අතරතුර කඩදාසියක් අතටගෙන තම අතෙහි වූ පෑනෙන් අඳින ලද බුලත් කොළයක්, අසල සිටි සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාට ලබා දුන් අතර මෙම ලකුණ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි කරන ලෙස දැන්වීය. එතැන් පටන් 2015 ජනවාරි 8 වැනිදා තෙක් අපරාජිත වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණ බිහිවෙන්නේ එලෙසය. 


2005 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට අනුර බණ්ඩාරනායක මහතාට අවශ්‍ය විය. එහිදී අනුර පිටුපස ශ්‍රී.ල.නි.පයේ. විශාල පිරිසක් සිටියහ. නමුත් චන්ද්‍රිකා මැතිනිය හා සුනේත්‍රා මැතිනිය දිනක් උදෑසන ආහාර මේසයට අනුර බණ්ඩාරනායක මහතාට ආරාධනා කොට ජනාධිපතිවරණය තරග කිරීමට ඇති අදහස ඉවත් කර ගන්නා ලෙසට ඉල්ලා සිටියහ. ඒ අනුව අනුර ඊට එකඟ විය. 
නමුත් රාත්‍රියේදී චන්ද්‍රිකා මැතිනියගේ නිවසට පැමිණි බොහෝ ජ්‍යෙෂ්ඨයින් ඇයගෙන් උදක්ම ඉල්ලා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබා නොදෙන ලෙසයි. නමුත් ඒ කිසිවකුට ඒ වන විට රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝගයක් කළ හැකි විකල්ප අපේක්ෂකයකු නොවීය.

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

චන්ද්‍රිකාගේ පෑනෙන් මතුවූ සන්ධානයේ බුලත් කොළය

ඔබේ අදහස් එවන්න

 

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4959 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14790 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5818 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 575 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1452 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2588 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 218 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 511 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site