IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ජනපති-අගමැති කියන කතාවල හරය කුමක්ද

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය හේතුවෙන් මේ රට දේශපාලන වශයෙන් අස්ථාවර වූ බවද 18 වැනි සංශෝධනය තනිකරම ආඥාදායක ඒකාධිපති ක්‍රමයක් බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කළේය. මේ නිසා ශ්‍රී ලංකාව යහපත් රටක් වශයෙන් ගොඩනැඟීමට නම් 18 සහ 19 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙකම අවලංගු කළ යුතු බවද ජනාධිපතිවරයාගේ එම කතාවේ සඳහන් විය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදුකරන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එහි සිටියේය. 

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ රටේ මූලික නීතිය වෙයි. ඒ අර්ථයෙන් ගත් කල ජනාධිපතිවරයාගේ කතාවෙන් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ පවතින මූලික නීතියේ අවසන් වරට සිදු කෙරුණු සංශෝධන දෙකම රටේ ඉදිරි ගමනේ ප්‍රධාන මාර්ගබාධකයක් බවට පත්ව තිබෙන බවය. හරිනම් සංශෝධනයකින් සිදුවිය යුත්තේ තිබෙන වැරැදි නිවැරැදි කරගැනීමකි. ඒ අනුව බලන කල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225ගෙන් 215 දෙනකුගේ අනුමැතිය ඇතිව යහපාලනයක් සඳහා සම්මත කරගනු ලැබූ 19 වැනි සංශෝධනයෙන් ආණ්ඩුවට සිදු වී ඇත්තේ ඉඳුරුවේ ආචාරියාට සිදු වූ දේමය. එකක් කඩතොලු_ වසා ගන්නට ගොස් දහසක් කඩතොලු ඇතිකර ගැනීමය.

ජනාධිපතිවරයා විසින්ම සිදු කරන මේ ප්‍රකාශය රටේ පාලනයේ දැන් පවතින බරපතළ අස්ථාවරභාවයේ තරම පෙන්නුම් කරයි. බැලූ බැල්මට ඒකාධිපති ස්වරූපයක් තිබූ 18 වැනි සංශෝධනය රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට හානි සිදුකරන නීතියක් බවට ප්‍රබල චෝදනා එල්ල වී තිබිණි. 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රචාරය ව්‍යාපාරයේ කේන්ද්‍රීය පොරොන්දුවක් වී තිබුණේ 18 වැනි සංශෝධනය ද ඇතුළත් ඒකාධිපති, ආඥාදායක විධායක ජනාධිපති ක්‍රමයම ඉවත්කොට යහපාලනයක් ඇති කිරීම සඳහා 19 වැනි සංශෝධනය ගෙන එන බවයි. එකී සංශෝධනය මැති සබයේදී සම්මත කර ගැනීමෙන් පසුව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ තමාත් අගමැතිවරයාත් එකතු වී හොදි හලාගන්නේ නැතිව ගැටය ලිහාගත් බවය. එහෙත් ආණ්ඩුව පිහිටුවා වසර හතරහමාරක් ගත වෙද්දී වත්මන් ආණ්ඩුව නරක් වීමට ප්‍රධානම හේතුව 19 වැනි සංශෝධනය බව ජනාධිපතිවරයාම කියන විට අපට දැනෙන්නේ සියලු දෙනාම ඇඟ පුරාම හොදි හලාගෙන ඇති බව විනා වෙන කුමක්ද? එය සංශෝධනයේ වැරුද්දක්ද නැතහොත් ක්‍රියාත්මක කිරීමේ වැරුද්දක් ද යන්න විවාද සම්පන්න කරුණකි.

19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය පරිපූර්ණ වූවක් නොවන බව යථාර්ථයයි. එය රටේ දැනට පවතින සියලු_ අවුල් වියවුල්වලට එකම හේතුව ද නොවන බවත් සඳහන් කිරීම අවශ්‍යය. විධායක ජනාධිපති ක්‍රමය වසර 30කට අධික කාලයක් තුළ ක්‍රියාත්මක වීමේදී එහි අඩුලුහුඬුකම් රාශියක් දැකගත හැකි විය. ඒවා කාලානුරූපව වෙනස් කිරීම ද අවශ්‍ය විය. ඒ වෙනුවෙන් ගෙන ආ 18 වැනි සංශෝධනයෙන් සිදු වූයේ තිබුණු තත්ත්වය තවදුරටත් නරක අතට හැරීමක් පමණි. මේ නිසා 19 වැනි සංශෝධනයට පාර කැපුණේය. එහෙත් එම සංශෝධනයෙන් බලාපොරොත්තු වූ අරමුණ ඉටුකර ගත නොහැකි වී ඇති බව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වර්තමානයේ දී සිදු කරන ප්‍රකාශවලින් පැහැදිලි වෙයි.

ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙකම ඉවත් කළ යුතු බව කියද්දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ වාහනයක දෙදෙනකු ගමන් කරන විට පැදවීම අමාරු බවත් තනිවම ගමනකදී වේගයෙන් යා හැකි බවත්ය. මොනරාගලදී පැවැති උත්සවයකදී ඒ බව ප්‍රකාශ කර තිබූ අග්‍රාමාත්‍යවරයා දැන් බාධා කිරීමට කිසිවකු නැති බවද තනියම වාහනේ රැගෙන වේගයෙන් යාහැකි බවද කියා තිබිණි. මතුපිටින් රටේ සංවර්ධනය ශීඝ්‍රයෙන් කරගෙන යාම ගැන අගමැතිවරයා කළ එම කතාවේ දේශපාලනික වශයෙන් වැදගත් යටි පෙළ කියවා ගැනීම අපහසු නැත. මේ කියන්නේත් ජනාධිපතිවරයා කියන 19 වැනි සංශෝධනයේ ආදීනව ගැනමය.

රටකට සිටිය යුත්තේ එක නායකයකු පමණි. අනාගතයේ දී වුවද අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන් පවතින හැටියට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පක්ෂ දෙකකින් පත් වුවහොත් වැටෙන්නේ ලෝක අමාරුවකය. වත්මන් ජනපති සහ අගමැති පක්ෂ දෙකක් නියෝජනය කළත් දෙපළම ආණ්ඩුව බලයට පත්වීමේදී ක්‍රියා කළේ එකම දේශපාලනික අරමුණකිනි. එහෙත් දැන් සිදු වී තිබෙන්නේ 19 වැනි සංශෝධනය නොතිබුණා නම් මේ ආණ්ඩුව හොඳ ආණ්ඩුවක් යැයි පවසන ජනාධිපතිවරයකුත් දෙදෙනකුට එකට රට පාලනය කළ නොහැකි බව ව්‍යංගයෙන් ප්‍රකාශ කරන අග්‍රාමාත්‍යවරයකුත් බිහි වී සිටීමය. මේ තත්ත්වය තව මාස කිහිපයකින් එළැඹෙන මීළඟ ජනාධිපතිවරණයේ දී මෙරට ඡන්ද දායකයන් ඉදිරියේ උත්තරවලට වඩා ප්‍රශ්න ඇති කරන තත්ත්වයක් බවට පත්වෙමින් තිබීම කනගාටුවකි. 

ඒ කෙසේ වුවත් වත්මන් නායකයන් කියන පරිදි අපේ රටේ ඉදිරි ගමනට තිබෙන ප්‍රධාන බාධකය 18 සහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නම් ඒවා ඉවත් කිරීමට කටයුතු කිරීම මේ රටේ සියලු දේශපාලන නායකයන්ගේ යුතුකමක් සේම වගකීමකි. මොන දේශපාලනයක් කරන්නත් රට ඉතිරි වී තිබිය යුතුය. 

 



අදහස් (5)

ජනපති-අගමැති කියන කතාවල හරය කුමක්ද

appuhamy. Wednesday, 26 June 2019 06:50 AM

යහපාලනයක් සඳහායයි සම්මත කරගනු ලැබූ 19 වැනි සංශෝධනයෙන් සිදු වී ඇත්තේ ඉඳුරුවේ ආචාරියාට සිදු වූ දේමය. එකක් කඩතොලු වසා ගන්නට ගොස් දස දහසක් කඩතොලු ඇතිකර ගැනීම මෛත්‍රී - රනිල් බල යුගලය විසින් සිදුකර ඇතිවා පමණක් නොව ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව හමුවේ ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිරුපය සුණු විසුණු කර ඇති සෙයකි.

:       64       27

sanju senevirathnaWednesday, 26 June 2019 05:36 PM

දැන් නාගානන්ද මහත්මයා ඉදිරිපත් කරන ව්‍යවස්ථාව ඔබලා කියවලා තියෙනවාද?මම එය සම්පුර්ණයෙන්ම කියවා බැලුවා. ඉතාම හොඳ ඒ වගේම හොරුන්ට ගැලවෙන්න බැරි ව්‍යවස්ථාවක්. එතුමාට සියයට 51 ක ඡන්දයක් ලැබුනොත් අනිවාර්යයෙන්ම එය ක්‍රියාත්මක කරාවි.

:       28       40

nimal gunawardenaSunday, 30 June 2019 03:24 PM

නාගානන්ද මහතා ශ්‍රී ලංකා රේගුවේ (custom) රැකියාව කර, එයින් වැඩ තහනමට ළක් වූ බව පැවසෙනවා. අප මේ ගැන සොයාබලා එතුමා ගැන තීරණයක් ගත යුතුයි.

:       28       0

Deepal Nirosh Wednesday, 26 June 2019 08:12 AM

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණත් ඒ යටතේ හිටපු ජනාධිපතිවරයාට තරඟකර නැවත දිනිය නොහැකි වීම තුළ ප්‍රජාතන්ත්‍රවාදයට පටවැති නොවන බව ඔප්පු වුණා. ඇරත් ජනාධිපතිවරයා නැවත නැවත තරඟ කළත් ඔහුට ඡන්දය දීම හෝ නොදීම තීරණය කරන්නේ ජනතාවයි. එහි ඇති ඒකම අඩුපාඩුව ජනාධිපතිවරණය වර්ෂ 5කට හෝ 6කට වරක් පැවැත්විය යුතු අනිවාර්ය දිනයක් නිශ්චිත නොකිරීමයි. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය දැන් ක්‍රියාත්මක වන්නේ ඒ සඳහා අනිවාර්යය අවශ්‍යතාව වන ජනමත විචාරණයකින් සම්මත නොකර හුදෙක් පාර්ලිමේන්තු විශේෂ බහුතර සම්මතයකින් පමණක් වීම ව්‍යවස්ථා විරෝධීයි...

:       0       6

ranjith Wednesday, 26 June 2019 11:49 PM

රටේ ඉදිරි ගමනට බාධාව උගත්, නිර්භීත නායකයන් නැතිඑක සහ නාස්තිය නේද? මේ විදියට හොරකම් කරනකොට මුදල් අවභාවිතා කරනකොට රටක් ගොඩනගන්නේ කොහොමද? එක් එක් කෙනාගේ බලපොරයට මේවා එක්වෙනවා.. එ්කයි මේ විරසකේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

කොලම

ජනවරම රැකීමේ අභියෝගය
2025 ජනවාරි මස 31 392 1

මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ දේශපාලනයේ කිසියම් වෙනස් තත්වයක් පෙනෙන්නට තිබෙන පරිසරයකය. ‘‘වෙනස් තත්වයක්’’ යැයි මා කියන්නේ දේශපාලන බලයේ වෙනසක් සිදු වෙ


ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවට හිමි තැන
2025 ජනවාරි මස 27 2058 6

භූගෝලීය වශයෙන් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ද ඉතාමත්ම වටිනා ස්ථානයක පිහිටා ඇත. ආසියාවේ සිට ම


ජනාධිපති ආරක්ෂාවේ අපේක්ෂාව
2025 ජනවාරි මස 24 777 5

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ තීරණය සපුරාම දේශපාලන තීන්දුවක් බව ජනාධිපති අනුර පසුගිය දා කටුකුරුන්දේ රැස්වීමක දී කළ


වාහන ආනයනයේ වාසි - අවාසි
2025 ජනවාරි මස 20 975 1

තීරණාත්මක ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව වාහන ආනයන තහනම හඳුන්වා දෙන ලදි. විදේශ මුදල් අර්බුදය සහ වර්ධනය වෙමින් පැවැති ණය ගැටලු මධ්‍යයේ ක්‍


දවස් සියයේ විපරමක්
2025 ජනවාරි මස 17 440 0

වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව


ශ්‍රී ලංකා සංකල්පය සපලවේද?
2025 ජනවාරි මස 13 531 0

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය රජයේ වඩාත් වැදගත් ව්‍යාපෘතිය වූ “පිරිසුදු ශ්‍රී ලංකාවක්” වැඩසටහන 2025 වසර ආරම්භයේ දියත් කරනු ලැබුවේ, ජනාධිපති ලේකම් කර


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site