IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ජනපති අපේක්‍ෂකයා තේරීමේ දෙකොණ විලක්කුව


දෙපක්ෂය අත්වැල් බැදගන්නා වේදිකාව මතින් ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට ජනපති සිරිසේන මහතාට තිබෙන්නේ ඉතාම අල්ප හැකියාවකි. නමුත් එය මෙතෙක් සම්පූර්ණයෙන්ම බැහැර කර නොමැත. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරන තර්කය වන්නේ, රාජපක්ෂ සොහොයුරන් - ගෝඨාභය රාජපක්ෂ (ජනපති අපේක්ෂකයා ලෙසත්), මහින්ද රාජපක්ෂ (අගමැති අපේක්ෂකයා ලෙසත්) ඉදිරිපත් කිරීම ජනතාව දිනා ගැනීමෙහි ලා ඉතාම සාර්ථක වනු ඇති බවය. ඒ හරහා නැවත බලාපොරොත්තුවක් දල්වා ගත හැකි වනු ඇති බවය. නොඉවසිලිමත් ඔවුන් මේ අරබයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වහාම පිළිතුරක් බලාපොරොත්තු වේ.

ගෙවුණු සති කිහිපය පුරාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග අත්වැල් බැඳගැනීමක් ගැන කතා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් පෙළ සාමාජිකයන් දැන් ඔවුන්ගේ ස්වරය වෙනස් කරගෙන සිටීම පසුපස තිබෙන හේතුව ඇතැම් විට මෙය වන්නට පිළිවන.

අද එකක් කියා එය හෙට ප්‍රතික්ෂේප කරන පන්නයේ පුද්ගලයකු වන හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පෙර අවස්ථාවක දී සාවද්‍ය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දෙපාර්ශවය අතර පොදු සන්ධානයක් දැනටමත් පවතින බවය. මෙම සතියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දක්වන දේශපාලන පක්ෂ නියෝජනය කරන 29 දෙනෙකුගෙන් යුත් විශාල කණ්ඩායමක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතුවනු ඇති බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවක දී කීවේ ය.

මෙම කාරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පමණක් බව ඔහුට අමතකව ගොස් තිබූ සෙයකි. සන්ධානයක් ඇති කරගැනීම සදහා එම පක්ෂය ඉදිරිපත් කර තිබූ කොන්දේසිය නම් එයයි. 

වෙනත් ඕනෑම පක්ෂයකට යෝජිත සන්ධානය හා සම්බන්ධවීමට අවශ්‍ය නම් එය තනිව ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කර තිබෙන කොන්දේසියේ සදහන්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස අභිනවයෙන් පත්වූ දයාසිරි ජයසේකර මහතා පසුගිය දිනෙක කියා සිටියේ ඔහුගේ ප්‍රමුඛත්වය හිමිවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙත ගොස් සිටින කණ්ඩායම නැවත පක්ෂය හා එක්සත් කිරීමට බවය.

කෙසේ වෙතත් ගතවූ සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, හිටපු අමාත්‍යවරයකු සහ අදටත් ජනපතිවරයාගේ සමීපතමයකු වන මහින්ද සමරසිංහ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ඔවුන්ගේ පක්ෂයේ ජනපති අපේක්ෂකයා වන්නේ අන් කිසිවෙක් නොව මෛත්‍රීපාල සිරිසේන මහතා බවය. ඔහුට සහාය දක්වන්නේ ද නැති ද යන්න අනෙක් පක්ෂ ඔවුනොවුන් අතර තීරණය කරගත යුතු දෙයක් යන්න ඔහු අවධාරණය කළේය. 
ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය නායක සහ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද, කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී මෙයම නැවත වරක් කියා සිටියේය. ඔහු එම අදහස් දැක්වූයේ ජයසේකර පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා වශයෙන් වැඩ භාරගත් පසුවය. පෙර අවස්ථාවක මූලස්ථානයට පැමිණි ජනපති සිරිසේන මහතාද අදහස් දැක්වීමක් සිදුකරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පාලනය තවමත් පාලනය කරන්නේ තමා බව පැවසුවේය. පසුගිය උත්සව සමයේ පක්ෂ මූලස්ථානය වසා තැබුණු අතර, හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආධාරකරුවන් එය අත්පත් කරගනු ඇතැයි බියක් පළව තිබීම එයට ප්‍රධාන හේතුව විය.

සිරිසේන මහතා මෙන්ම බණ්ඩාරනායක මහත්මියත් යන දෙදෙනම මේ දිනවල සිටින්නේ එකිනෙකා මගහරිමිනි. පසුගිය අඟහරුවාදා යෙදී තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් කොළඹ ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවට උපහාර දැක්වීමට දෙදෙනම පැමිණ සිටියද හිටපු ජනපතිනිය සිය රථයෙන් පිටතට පැමිණියේ බණ්ඩාරනායක පිළිරුවට සිය ආචාරය දැක්වූ ජනපති සිරිසේන මහතා එතැනින් පිටත්ව ගියායින් පසුවය.

ජනපති සිරිසේන මහතා මේ දිනවල තවත් කාර්යයකට අත ගසා තිබේ. 

සිය අණින්ම ඉවත් කැරුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධාකවරුන්ව පළාත් මට්ටමින් තමා හමුවට කැඳවා ඔවුන් සමග සාකච්ඡා කිරීමට සිරිසේන මහතා කටයුතු කරමින් සිටී. පසුගිය සිකුරාදා ඔහු පළාත් 4 ක හිටපු ආසන සංවිධායකවරුන් හමුවූ අතර, සැළසුම් කර තිබෙන්නේ ලබන සතිය වන විට සියලුම රැස්වීම් අවසන් කිරීමටය. පක්ෂයේ සිටින කුමාරතුංග මහත්මියගේ හිතවතුන් පළවා හැර ඔවුන් වෙනුවට තමන්ට හිතවත්, බොහෝ විට දේශපාලනයට ආධුනික, පුද්ගලයින් පත් කරගැනීම ජනපතිවරයාගේ මෙම ව්‍යායාමයේ අරමුණයි. ඔහු මෙසේ කටයුතු කරමින් සිටින්නේ පක්ෂය ශක්තිමත් කිරීමට නම් එය හා ඇදී තිබෙන අවදානම අතිශය බියකරුය. 

තමන්ට නැවත පත්වීමක් නොලැබෙන බව දන්නා ආසන සංවිධායකවරුන් දැනටමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සමග අත්වැල් බැදගනිමින් සිටී. ගැටලුව වන්නේ වසරක කාලයක් ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලවත් හා ශක්තිමත් දේශපාලන පක්ෂයක් බවට පත්කිරීමේ හැකියාවක් පවතීදැයි යන්නය. පසුගිය වසරේ පැවැති පළාත් පාලන ආයතන මැතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ ද සහාය ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිනාගත හැකිවූයේ සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් 13%  කටත් වඩා අඩු ප්‍රමාණයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් සාමාජිකයන් මෙන්ම ජනපති සිරිසේන මහතාද, වර්තමානයේ කරමින් සිටින ප්‍රකාශයන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අවධානයට ලක්ව තිබේ. පක්ෂයේ මුල් පෙල සාමාජිකයන් ඇතැමෙකුගේ අවබෝධයට අනුව එවැනි ප්‍රකාශයන් නිකුත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වන්නේ ජනපතිවරණ අපේක්ෂකයා කවුරුන්දැයි ඉක්මන් පිළිතුරක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ලබාගැනීමටය. පසුගිය සතියේ අනාවරණය කළ පරිදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සාකච්ඡා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පක්ෂයේ දූත පිරිසට, මෙම මස 15 වැනිදාට ප්‍රථමයෙන් දෙපාර්ශව අතර එකගතාවයක් ඇති කරගැනීමෙහි ලා දැඩි වුවමනාවක් පැවතියේ මේ නිසාය. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙපළක් වන රොෂාන් රණසිංහ (පොළොන්නරුව දිස්ත්‍රික්කය) සහ ෂෙහාන් සේමසිංහ (අනුරාධපුර දිස්ත්‍රික්කය) මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට පෙළඹුනේ ඇයි ද යන්න මෙයින්ම තේරුම්ගත හැකිය. පසුගියදා පැවැති මාධ්‍ය හමුවක දී දෙදෙන අතරින් වඩා වේගවත් අදහස් දැක්වීමක යෙදුණු රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ මෙයයි.

“ජනපතිවරණ අපේක්ෂකයා තේරිය යුත්තේ අපේ නායකයා මහින්ද රාජපක්ෂයි. ජනතාව හිතනවා මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එකතුවෙලා ඉන්නවා කියලා. ජනපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් වක්‍රව ඇතැම් පුද්ගලයින් ඉවත් කරන්නට කටයුතු කළ ආකාරය අපි දැක තිබෙනවා. හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා අගයන ගමන් ඔහුගේ පුත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත්ව තමන්ගේ ළගින්ම තියාගන්න ජනපති සිරිසේන මහතා කටයුතු කරන හැටිත් අපි දන්නවා. සජිත් එක්ක තියෙන ඩීල් එක මොකක් ද කියලා ජනතාව අහනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක පැත්තක කරුණු විතරයි කියන්නේ. අනාගතයේ එක්සත් ජාතික පක්ෂයෙන් ජනපතිවරයෙක් පත්වෙන එක සිරිසේනට මහත්තයාට හොඳ නැහැ. ඒ නිසා, තමන්ගේම ආරක්ෂාව වෙනුවෙන්, ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වෙන රාජපක්ෂවරයකුට සහාය දැක්විය යුතුමයි” යයි රොෂාන් රණසිංහ මහතා කියා සිටියේය.

මෙම කරුණුවලට අමතරව ජනපතිවරණ අපේක්ෂයකු ලෙස ජනපති සිරිසේන මහතාට සහාය දැක්වීම නිශ්ඵල දෙයක් බවට මතයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයන් අතර ගොඩනැගෙමින් තිබේ. පෙර අවස්ථාවක දී පෙන්නුම් කළ ආකාරයට මෙවන් මතයක් ඇතිවීමෙහි ලා ප්‍රධානම සාධකය වන්නේ ජයග්‍රහණයක් අත්කර ගැනීමක් වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අතිශය දුෂ්කර කටයුත්තක් වීමය. 

කෙසේ වෙතත් දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙන බවක් පෙනෙන්නේ ජනපති සිරිසේන මහතා සහ හිටපු ජනපති රාජපක්ෂ මහතා අතර එකිනෙකා කෙරෙහි වන අවබෝධයයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රාජපක්ෂ මහතා සිරිසේන මහතාට යම් කිසි සහතිකයන් දෙන්නට ඇති ද?... මෙවැනි සබඳතාවයක ප්‍රතිඵලයක් ලෙස මතුවන්නට ඉඩ තිබෙන තවත් ගැටලු සහ අර්බුදයකින් තොරව එම ගැටලු සිය පක්ෂය හරහා ගෙන යෑමට, එවැන්නක් සිදුකිරීම ඔහුගේ කැමැත්ත වේ නම්, රාජපක්ෂ මහතාට හැකිවනු ඇතිදැයි යන්නත් වැදගත් පැනයකි.

 



අදහස් (3)

ජනපති අපේක්‍ෂකයා තේරීමේ දෙකොණ විලක්කුව

Sanka Wednesday, 16 January 2019 11:52 AM

මේ එස්.බී.කියන්නේ කයිවාරු කාරයෙක් විතරයි. පහුගිය කාලේ ගහපු හැම ගේමක්ම වැල්ලේ හදපු මාලිගා වගේ නිකම්ම මැකිලා ගියා. පච වෙලා ගියා විතරයි. ඇත්තටම ලැජ්ජාවක් කියලා දෙයක් මේ මිනිස්සුන්ට නැද්ද? මේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තට නැති කරලා දායි.

:       0       199

sandy123 Saturday, 19 January 2019 08:24 AM

මේ කයිවාරු කාරය ලඟ කොහොමත් නැති (එහෙමත් නැතිනම් පාර්ලිමේන්තු ශබ්ද කෝෂයේ නැති) වචනය තමා "ලැජ්ජාව". මුසෙල්මානුවන්ගේ "සුන්නත්" කරනවා වගේ මුන්ගේ "ලැජ්ජාව" "සුන්නත්" කරලයි තියෙන්නේ.

:       0       206

tharidu Saturday, 19 January 2019 09:47 PM

දෙකක් නෑ රාජපක්ෂ කෙනෙක් ආවොත්... බලාගෙනයි අඩි 6ය නෙමෙයි , ආවොත් අඩි 60 කටත් වඩා යටයන්න වෙනවා නියතයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

ව්‍යාපාරික ලෝකයට හැරීගේ ආදර්ශය
2025 පෙබරවාරි මස 05 326 0

හැරී ජයවර්ධන ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අධිරාජයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. තේ නිම්නයේ තේ රස බලන්නකු (ටී ටේස්ටර්) ලෙස රැකියාව අරඹා ස්ටැසන් සමූහ ව්‍යාපාරය යට


කෙන් සැබවින්ම විශිෂ්ඨයෙක්
2025 පෙබරවාරි මස 05 183 0

ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නට පෙර උපත ලැබූ මෙරට ව්‍යාපාර ලෝකයේ ඉහළින්ම නම සටහන් කරන්නට සමත් වූ විශිෂ්ටයකු හැත්තෑ හත්වැනි නිදහස් සමරුවට දිනයක් තිබිය දී


ආර්ථිකයේ තීරණාත්මක කාලයක්
2025 පෙබරවාරි මස 05 274 0

2024 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ආර්ථික අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව ශ්‍රී ලංකා මහබැංකුව දැන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අතරම මෝටර් රථ වාහන ආනයනය පිළිබ


හිරි වැටුණු සමාජයක සංස්කෘතික නිදහස අභියෝගයක්
2025 පෙබරවාරි මස 04 64 1

ප්‍රවීණ ගීත පද රචකයකු, ගුවන්විදුලි සන්නිවේදකයකු, විචාරකයකු ලෙස නූතන පරපුරේ සම්භාවනාවට පත් සුගත් සෝමවීර මහතාගේ නවතම ගේය කාව්‍ය සංග්‍රහය “මතක මඩකඩ” නම


දිනාගත් නිදහස අර්ථවත්ද?
2025 පෙබරවාරි මස 04 112 1

වසර 1948 පෙබරවාරි 4 වැනි දින හිමි වූ නිදහස අර්ථාන්විත ද යන්න ගැන විවාදයක් තිබේ. නිදහස ලැබීම යන්න ශාස්ත්‍රීය සාකච්ඡාවකට ලක් කිරීමේ දී සැලකිල්ලට ගත යුතු කාර


ක්ලීන් ශ්‍රී ලංකා කාටද? කුමටද?
2025 පෙබරවාරි මස 03 182 0

“සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනයක් තුළින් සමාජය ඉහළ තලයකට ඔසවා තැබීමේ” අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා මුලපිරීම දියත් කරන බව ජනාධිපති අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site