IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


මැතිසබේට වැයවන මුදල් යන්නේ කාගේ සාක්කුවෙන්ද

පාර්ලිමේන්තුව පසුගිය දිනවල මේ රටේ ලොකුම ප්‍රදර්ශනාගාරය බවට පත්වී තිබිණ. මැති ඇමැතිවරු එහි විවිධ වෙස්ගෙන රැඟුම් පෑහ. රටේ මහජනතාව ප්‍රේක්ෂකයෝ බවට පත්ව සිටිති. තානාපතිවරුන් පිරිසක් විනිශ්චය මණ්ඩලයක කාර්යභාරයක් ඉටුකරන බව ද පෙනෙන්නට තිබිණ. කිසිම ලන්සු තැබීමකින් තොරවම මේ අලකලංචියේ විකාශන අයිතිය නොමිලේම පවරාගෙන සිටින සුප්‍රකට විදේශ රූපවාහිනී මාධ්‍ය මේ සියලු රැඟුම් ලොව පුරා නොමිලයේම ප්‍රදර්ශනය කළේය. තවමත් මේ රැඟුම් ඉවර නැත.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ දිගහැරෙන අවිනීත, අශීලාචාර අලජ්ජිත නරිනාටක ලොව පුරා නොමිලයේ ප්‍රදර්ශනය කෙරුණත් ඒ සඳහා මේ රටේ ජනතාව මිලක් ගෙවති. එසේ ගෙවන මුදලේ අගය දිනකට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් ඉක්මවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. එම ආරංචිය ඔහු ලබාගෙන තිබුණේ පාර්ලිමේන්තුවේ තොරතුරු දැනගැනීමේ නිලධාරියාගෙනි. පසුගිය වසරේ පාර්ලිමේන්තු සැසිවාර 95ක් පවත්වා තිබුණු බවත් ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 245කට අධික බවත් එම නිලධාරියා විසින් හෙළිකර තිබිණි.

මේ අනුව අපට පෙනීයන්නේ පසුගිය දින තුනක සිදු වූ ගහ බැණ ගැනීම් ඇතුළු රටේ ජනතාවට මොනම ආකාරයකවත් වැදගත් නොවෙන ජනතාවගේ දැඩි පිළිකුලට ලක් වූ ප්‍රකෝපකාරී හැසිරීම්, පුටු කැඩීම්, පිහි ලෙලවා තර්ජනය කිරීම්, මිරිස් කුඩු ප්‍රහාර එල්ල කිරීම් වැනි අශික්ෂිත හැසිරීම් සඳහා මේ රටේ මහජනතාවගේ බදු මුදලින් රුපියල් කෝටි 8ක් පමණ වියදම් කර ඇති බවය. ජනතාවගේ පැත්තෙන් බැලුවොත් දින තුනේදී කෝටි 8ක් විනාශ කර දමා ඇති බවය. ජනතාවගේ ඡන්දයෙන් ජනතාව සඳහා බිහිකර තිබෙන ජනතාවගේ පාර්ලිමේන්තුව මේ ආකාරයට හැසිරෙන බව දන්නේ නම් ඒබ්‍රහම් ලින්කන් තම මිනීවළෙන් නැඟිට ඔහුගේ එම සුප්‍රකට ප්‍රකාශය ඉල්ලා අස්කරගනු ඇති බවට සැකයක් නැත. අඩුම වශයෙන් දිනකට තමන්ගේ යුතුකම් සහ වගකීම් ඉටුකිරීම සඳහා වැයකරනු ලබන රුපියල් දෙකෝටිපනස් ලක්ෂයේ මුදලේ වටිනාකම වෙනුවෙන් හෝ කිසියම් සේවාවක් ලබාදීම මැති ඇමැතිවරුන් විසින් අමතක කර කටයුතු කිරීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බව කිවයුතුය.

මේ යන වියදමට අමතරව අලි මදිවට හරක් කීවාක් මෙන් පාර්ලිමේන්තු සභාගර්භයේ දේපළවලට හානි පැමිණවීම ද ඒ හේතුවෙන් සිදු වූ අලාභය ද මේ වියදමට එකතුවිය යුතුය. මොන මට්ටමකින් බැලුවත් මේ සියල්ල මහජනතාව සතු පොදු දේපළ මිස පෞද්ගලික බූදලයක් නොවන බව මේ කලහකාරී වැඩට සම්බන්ධ වූ මැති ඇමැතිවරුන් විසින් අමතක කරනු ලැබ තිබේ. කැඩුවේ මයික්‍රොෆෝන් එකක්, පුටුවක් දෙකක් විය හැකිය. ඊට අමතරව පොත්පත් ඇතුළුව විවිධ භාණ්ඩවලින් දමාගැසීම් නිසා ද හානි සිදුවිය. මෙය මුදල්වලින් ගණන් බැලූ විට සංසන්දනාත්මකව සුළු අලාභහානියක් විය හැකිය. එහෙත් ඒ හරහා රටේ ජනතාව තුළ ඇති කරන ලද පිළිකුලට ගාණක් මිම්මක් තැබීම පහසු නැත. තමන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරුන් මේ ආකාරයට රටේ ජාතික ධනය වනසන ආකාරයට කටයුතු කරනු ඇතැයි ඔවුන් කිසිසේත් බලාපොරොත්තු වන්නේ නැත.

මේ අතර පසුගිය සඳුදා (19) පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 05කට සීමාවී තිබිණි. එදින සභාගැබට පැමිණි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හරියටම කොපමණදැයි අප නොදන්නා නමුත් සභාව විනාඩි කිහිපයකට හෝ පවත්වාගෙන යාමට කෝටි දෙකහමාරේ වියදමට ආසන්න මුදලක් වැයවන්නට ඇති බව නම් සිතාගැනීම අපහසු නැත. එදින සිදුවුණේ පවතින ගැටලුව විසඳීම සඳහා තේරීම්කාරක සභාවක් පත්කිරීමට ගෙන ඇති තීන්දුව ප්‍රකාශකොට ඒ සඳහා සහභාගී කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නම් ලබාදෙන්නැයි නියෝජ්‍ය කතානායකවරයා විසින් දැනුම් දීම පමණි. ඉන් අනතුරුව සභාව කල්තබනු ලැබීය. මේ විනාඩි පහේ එකම වැදගත්කම ඩෙඟානැටීම් කිසිවක් සිදුනොවීම පමණි. එහෙත් පාර්ලිමේන්තුව රැස්වෙන ඊළඟ දිනයේ එසේ සිදුනොවන බවට කිසිදු සහතිකයක් නැත. රටේ ජනතාව හැමවිටම සිටින්නේ පාර්ලිමේන්තුවේ සිදුවෙන්නේ කුමක්දැයි යන දෙගිඩියාවෙනි. මේ දෙගිඩියාව රාජ්‍ය නිලධාරි පැලැන්තිය අතරේ ද පැතිරී පවතින බව ප්‍රකට රහසකි. රට තුළ පවතින මේ අවිනිශ්චිත බවට, අස්ථාවර බවට විසඳුම් ලැබිය යුත්තේද පාර්ලිමේන්තුවෙන්ම පමණි. එම විසඳුම ප්‍රමාද වන තරමට රටට සිදුවිය හැකි හානිය ද ඉහළ යනු ඇත.

දකුණු ආසියානු කලාපයේ පැරැණිම ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ අපේ රටේ බව සඳහන් වෙයි. එසේම ආසියානු කලාපයේ රටවල් අතුරින් සුන්දරම පරිසරයක පිහිටි වඩාත් අභිමානවත් පෙනුමැති පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇත්තේ ද ශ්‍රී ලංකාවේ බවත් පැවැසෙයි. අප කනගාටු වන්නේ මේ අභිමානවත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇතුළේ ජෝගි නටමින් මහජන මුදල් කාබාසිනියා කරන මැති ඇමැතිවරුන්ගේ මජර කෙරුවාව විසින් මේ සියලු වැදගත්කම් බින්දුවට ඇද දමා තිබීම ගැනය.



අදහස් (0)

මැතිසබේට වැයවන මුදල් යන්නේ කාගේ සාක්කුවෙන්ද

ඔබේ අදහස් එවන්න

 

කොලම

රට යන ගමන නිවැරැදිද?
2025 මාර්තු මස 10 1066 3

වත්මන් ආණ්ඩුව පැති දෙකකින් අසාර්ථක බව මගේ තක්සේරුවයි. එකක් දේශපාලනික පැතිකඩයි. ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප්‍


ආණ්ඩුවේ ගමන් මග නිවැරැදිද?
2025 මාර්තු මස 07 471 4

ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී


ස්වාධීන අභිවෝදක මිථ්‍යාව යථාර්ථය
2025 මාර්තු මස 03 219 0

අපරාධ නඩුකටයුතු මහජනතාව දැඩි උනන්දුවක් දක්වන තීරණාත්මක කරුණකි. නඩුකටයුතුවල ප්‍රතිඵලය කුමක් වුවත්, පුරවැසියකු අපරාධ නඩුකීමට ලක් කිරීම, අපරාධ නඩුවක වි


ආණ්ඩුවේ මග කියන අයවැය
2025 පෙබරවාරි මස 28 170 0

වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙ


දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 2113 12

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


අයවැයේ දිශානතිය කොයි අතටද?
2025 පෙබරවාරි මස 17 322 0

ශ්‍රී ලංකාව නැවුම් ආර්ථික හා දේශපාලන අත්දැකීමක් සඳහා සූදානම්ව සිටියි. එනම් සමාජවාදී නැඹුරුව සහිත දේශපාලන සන්දර්භයක් යටතේ ඉදිරිපත් වන පළමු අයවැය ‍ලේඛ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site