IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


රාජපක්‍ෂ කඳවුරේ කසු කුසු

 අහිම්සා වික්‍රමතුංග විසින් ගොනු කරන ලද නඩුව පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්වූ පසු, දකුණු අප්‍රිකාව පදනම් කරගෙන ක්‍රියාත්මක වන ආයතනයක් වන ඉන්ටර්නැෂනල් ටෲත් ඇන්ඞ් ජස්ටිස් ප්‍රොජෙක්ට් (අයිටීජේපී) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, සිය ආයතනය, හවුස්ෆෙල්ඞ් සොලිසිටර්ස් නම් අන්තර්ජාතික නීති සේවා ආයතනය හා අත්වැල් බැදගනිමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව කැලිෆෝර්නියා අධිකරණය හමුවේ සිවිල් ආපදා නඩුවක් ගොනු කළ බවයි. මේ අනුව පැහැදිලි වන කාරණයක් නම්, මෙම නඩු දෙකම ගොනු කර තිබෙන්නේ එකම ආයතනය බවත්, එය මෙම අවස්ථා ද්විත්වය අතර යම් සම්බන්ධයක් ඇති බව ඇඟවෙන්නක් බවත්ය. 

ඉන්ටර්නැෂනල් ටෲත් ඇන්ඞ් ජස්ටිස් ප්‍රොජෙක්ට් යනු දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන ආයතනයකි. එහි ප්‍රධානියා වන්නේ සංක්‍රාන්තික යුක්තිය පිළිබද විශාරදයකු වන යස්මින් සූකාය. 

2009 වසරේ බෙදුම්වාදී යුද්දය අවසන් වූවායින් පසුව එම වසරේම අග භාගයේ දී මෙරට බලා පැමිණි එක්සත් ජාතීන්ගේ ත්‍රිපුද්ගල කමිටුවක ඇය ද එක් සාමාජිකයෙක් වූවාය. යුද්දයේ අවසන් භාගයේ දී සිදුව ඇතැයි චෝදනා නැගී තිබෙන අන්තර්ජාතික මානව හිමිකම් නීතියේ කඩවීම් අරබයා වගවීමේ ක්‍රියාවලියක් ගොඩනැගීමට යොදාගත හැකි ආකෘතීන්, තත්ත්වයන් සහ සංසන්දනාත්මක අත්දැකීම් විවරණයක් සම්බන්ධයෙන් අධ්‍යනයක යෙදී ඒ පිළිබදව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් දැනුම්වත් කිරීම මෙම කමිටුවේ කාර්යභාරය විය.

අයිටීජේපීය ගොනු කර තිබෙන නඩුවට පදනම සපයන්නේ වර්තමානයේ කැනේඩියානු පුරවැසියකු වන රෝයි සමතනම්ය.
2007 වසරේ කොළඹ දී අත්අඩංගුවට පත්ව තිබෙන ඔහුව, වසර 3ක කාලයක් රඳවා තබා ගනිමින් වධහිංසා පමුණුවා තිබෙන බවත්, ඔහුට නීතිඥවරුන් හා සම්බන්ධවීමට අවස්ථාවක් දී නොමැති බවත්, නඩුවේ වගඋත්තරකරුවන් වෙත නගා තිබෙන චෝදනාවයි. බීබීසි ආයතනය නියෝජනය කරමින් කොළඹ පදනමේ සිට ක්‍රියාත්මක වන ෆ්‍රාන්සස් හැරිසන් නම් මාධ්‍යවේදියා ද ලන්ඩනයේ සිට සම්බන්ධවන පුද්ගලයකු ලෙස මෙම නඩුවේ පැමිණිකාර පාර්ශවය නියෝජනය කරයි.

මේරි කොල්වින් සිදුවීම

මෙම නඩු දෙකම මෙහෙයවන්නේ අන්තර්ජාතික මානව හිමිකම් නීතිය සම්බන්ධයෙන් පිළිගත් නීතිඥයකු වන ස්කොට් ගිල්මෝර්ය. 
යුද අපරාධවලින් අගතියට පත් ලොව පුරා පුද්ගලයින් වෙනුවෙන් ඔහු පෙනී සිට තිබෙන අතර, අයි.එස්.එස්. සංවිධානය ප්‍රාණ ඇපකරුවකු ලෙස රදවාගෙන සිටි ජේම්ස් ෆෝලිගේ පවුලේ සාමාජිකයන් සහ හයිටියේ බේබි ඩොක් ඩුවලියර්ගේ වින්දිතයන් ඔවුන් අතරින් ප්‍රධානය. 

2019 ජනවාරි මාසයේ දී සිරියොවේ අසාඞ් රෙජීමයෙන් ඩොලර් ලක්ෂ 3036 ක වන්දි මුදලක් ඉල්ලා ගොනු කර තිබූ නඩුවක් වෙනුවෙන් පෙනී සිටි ගිල්මෝර් ඉන් ජයග්‍රහණය කළේ ය. ලන්ඩනයේ පළවන සන්ඬේ ටයිම්ස් පුවත්පතේ වාර්තාකාරිණී මේරි කොල්වින් ඝාතනය කළේ යැයි අසාද් රෙජීමයට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර, ඇය මියගියේ සිරියානු යුද්දය ආවරණය කරමින් සිටියදීය. 

ඇයගේ චන්ද්‍රිකා දුරකතනයට ලැබුණු හා ලබාගත් ඇමතුම්වලින් ඇය සිටිනා ස්ථානය නිශ්චය කරගැනීමට සිරියානු බුද්ධි අංශ සමත්ව සිට ඇතැයි පසුව අනාවරණය විය. ඇය ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවට සිරියානු බුද්ධි අංශ වෙත මෙම නඩුවෙන් චෝදනා නගා තිබිණ. නමුත් මෙම වන්දි මුදල් ගෙවීමට හිමිවූයේ සංකේතාත්මක වැදගත්කමකි. අසාද් රෙජීමය එම අධිකරණ නියෝගය ප්‍රතික්ෂේප කිරීම එයට හේතුව විය.

ඇමරිකානු පුරවැසියෙක් මෙන්ම ප්‍රකට යුද පුවත් වාර්තාකාරිනියක වූ කොල්වින් 2001 වසරේ අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ වාර්ගික යුද්ධය ආවරණය කිරීමේ කටයුතුවල නිරත වූවාය. එවක මම එක්සත් රාජධානියේ සන්ඬේ ටයිම්ස් පුවත්පතෙහි වාර්තාකරුවකු ලෙස කටයුතු කරමින් සිටියෙමි. 

මේරි කොල්වින් යුද්දයෙන් භ්‍රාන්තව තිබූ උතුර බලා පිටත්ව යෑමට පෙර දින රැයේ ඇය හා දීර්ඝ සාකච්ඡාවක යෙදීමට අවස්ථාවක් මට සැළසිණ. අප දෙදෙන අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ ගාලුමුවදොර හෝටලයේදීය. අනතුරුව ගතවූ වසර කිහිපයේ දී ඇය මගේ ළඟම මිතුරියක බවට පත්වූවාය. 

මන්නාරම පිවිසුමෙන් යුද කලාපයට පිවිසුනු ඇය යාපනයේ දින කිහිපයක්ම ගත කළාය. වවුනියාවට නුදුරු ඉදිරිපස ආරක්ෂක වළල්ල හරහා නැවත පැමිණෙමින් සිටිය දී යුද හමුදාව ඇයව සහ ඇය කැටුව පැමිණ සිටි එල්.ටී.ටී.ඊ ගරිල්ලා සාමාජිකයන් කොටු කරගත්තේ ය. දෙපාර්ශවය අතර සිදුවූ වෙඩි හුවමාරුවේ දී ඇයට එක් ඇසක් අහිමිවූවාය. 

ඇයව මරණයට අත්හළ එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ පළා ගියහ. ප්‍රතිකාර සදහා උතුරු මැද පළාතේ රජයේ රෝහලකට ඇයව ඇතුළත් කැරුණු අතර, ලන්ඩනයේ සන්ඬේ ටයිම්ස් පුවත්පත කොල්වින්ව ගුවන් ගිලන් යානයකින් ලන්ඩනය බලා ගෙන ඒමට කටයුතු සම්පාදනය කළද, සාමාන්‍ය යානයක නැගී යාමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් ඇය සතු බවට නිර්දේශයක් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු ලබා දුන්හ. සන්ඬේ ටයිම්ස් දකුණු ආසියානු වාර්තාකරු ජොන් ස්වේන් පැමිණ ඇයව ලන්ඩනය බලා රැගෙන ගියේය. වැඩිදුර ප්‍රතිකාර සදහා ඇය පසුව ඇමරිකාවට ගියේය. 

විදෙස් තීරුවේ සංස්කාරක ෂෝන් රයන් වරක් අදහස් දක්වමින්, කොල්වින්ගේ චන්ද්‍රිකා දුරකතන ඇමතුම් යනු පුවත්පතට ඉතාම ඉහළ වියදමක් දැරීමට සිදුවන අංගයක් බව පැවසුවේ ය. ශ්‍රී ලංකාවේ සහ සිරියාවේ ඇයගේ අත්දැකීම් අළලා දැන් හොලිවුඞ් චිත්‍රපටියක් ද නිර්මානය කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවල අරමුණ වන්නේ ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කිරීමේ කටයුතු ප්‍රමාද කරවීම හෝ ලත් තැනම ලොප් කිරීම බව ඉතාම පැහැදිලිය. මේ හමුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දෙබරයකට ගල් ගැසූ හා සමව ඇවිස්සී සිටී. ගෝඨාභය මහතාට එරෙහි නඩු, 2014 වසරේ දී ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිට එරෙහිව සීක්ස් ෆො ජස්ටිස් නම් සංවිධානයක් නිව්යෝරක් අධිකරණය හමුවේ ගොනු කළ නඩුවට හා යම් ආකාරවලින් සමය. 
ඉන්දීය අගමැතිනී ඉන්දිරා ගාන්ධි ඝාතනයෙන් පසුව සීක් ජාතිකයන්ට එරෙහිව ඇවිළී ගිය ප්‍රචණ්ඩ ක්‍රියාවලට නායකත්වය දුන් පක්ෂ නායකයින් ආරක්ෂා කරමින් සිටින බවට ඇයට එම නඩුවෙන් චෝදනා නඟා තිබිණ. නමුත් 2014 නොවැම්බර් මාසයේ දී, නඩුව ගොනු කිරීමෙන් මාස 6 කට පසු, එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණය නඩුවට පදනම්වන තොරතුරු ප්‍රමාණවත් නොවන බවත්, ස්ථීර ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් සදහන් කරමින් එම නඩුව ඉවතට දැමුවේය.

මෙතැන ඇති වැදගත් කරුණ වන්නේ නඩුව ඉවතට දැමීම සදහා ගතවූ කාලයයි - එය මාස 6කි. ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සැළකීමේ දී ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කළ බවට සහතිකයක් ඔහු මාස 6 කට පෙරාතුව ලබාගත යුතුය. එවන් කාලයක් ගෙවෙන තැන පැමිණෙන්නේ ජනපතිවරණයයි. 

හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ළඟම හිතවතෙකු වන, වරක් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකුව සිට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව අමාත්‍යවරයකු ලෙස පත්වූ මිලින්ද මොරගොඩ මහතාගෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නායකයන් දැනගෙන ඇත්තේ, ඔහුට (මොරගොඩට) සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීමට ගතව තිබෙන්නේ දින 10 ක පමණ කාලයක් බවය. 

ගෝඨාභය හා බැඳී තිබෙන සිදුවීම් ඒ අතින් ඉදුරාම වෙනස් බව ඔවුන් වටහාගනිමින් සිටින්නේ දැන්ය. ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නා ලෙස එදා කොතරම් උපදෙස් දුන්න ද, සිය පුරවැසිභාවය ඉවත් කරගැනීමට ගෝඨාභය මෙතරම් කාලයක් බලා සිටියේ ඇයිදැයි පැනයන් දැන් නැගෙමින් තිබේ. මේ හමුවේ සියලුදෙනාම සිටින්නේ දැඩි ආතතියකට සහ බියට පත්වය. ඒ අතරවාරයේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහි ප්‍රචාරක යාන්ත්‍රණය ද ක්‍රම ක්‍රමයෙන් ඉහළට පැමිණෙමින් තිබේ.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් රාජපක්ෂ කදවුරේ ඇතැමුන් ප්‍රසිද්ධියේම අදහස් දැක්වූයේ ය.

“මේක ඊළග ජනපති අපේකෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂව ඉදිරිපත් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය දියත් කරන විෂඝෝර ව්‍යාපාරයක එක් කොටසක් පමණයි” පසුගිය අගහරුවාදා පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මුල් පෙල සාමාජිකයෙක් වන ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය. වික්‍රමතුංගගේ ඝාතනයෙන් පසුව වසර 2ක කාලයක් පුරා බුද්ධි අංශ නිලධාරීන් 8 දෙනෙක් රඳවා තබාගෙන සිටි බවත්, අරමුණ වූයේ ගෝඨාභයව කොටු කිරීම බවත්, ඔහු කීවේය. 

හිටපු හමුදාපතිවරයා මෙම සිදුවීමට සම්බන්ධ බවට අගමැතිවරයා එදා ප්‍රකාශයක් කළ බව සිහිපත් කළ ඔහු, එම ප්‍රකාශය පාර්ලිමෙන්තුවේ හැන්සාඞ් වාර්තා අධ්‍යනය කිරීමෙන් සොයාගත හැකි බව පැවසුවේ ය.

වර්තමානයේ උද්ගතව තිබෙන මෙම තත්ත්වය 1982 වසරේ දී එවක ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා, හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ සිවිල් අයිතිවාසිකම් අවලංගු කිරීමෙන් පසුව, ජනපතිවරණය පැවැත්වීමට සැළසුම් කළ ආකාරයට සමාන කළ අලහප්පෙරුම මහතා වර්තමානයේදී ජයවර්ධනගේ ඥාති පුත්‍රයා ද සැරසෙන්නේ ඒ ආකාරයටම කටයුතු කිරීමට බවට චෝදනා කළේය. 

පසුගිය අගහරුවාදා සිට සැළකුවහොත් ජනපතිවරණයට තවත් ගෙවෙන්නට තිබෙන්නේ දින 179 ක් යැයි පැවසූ ඔහු, එවන් අවස්ථාවක මෙම වසරේ දෙසැම්බර් මස 7 වැනිදා ජනපතිවරණයක පැවැත්විය හැකි බව පෙන්වා දුන්නේය. ඒ අනුව නාමයෝජනා කැඳවීමේ අවසන් දිනය වනු ඇත්තේ ඔක්තෝබර් 21 වැනිදාය. අපේක්ෂකයින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ඔක්තෝබර් මස 5 වැනිදා වන විටවත් සිදුකළ යුතුය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදහස් දක්වමින්, ඇමරිකාවේ නඩු පවරා තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීමේ කටයුතුවලට බාධා පැමිණවීමට බව කිවේ ය.

නඩු පවරා තිබෙන්නේ පුරවැසිභාවය ඉවත්කිරීමට අවශ්‍ය ලියකියවිලි භාරදීමෙන් පසුව. ඒ නිසාම අධිකරණය ගන්නා තීරණයක් එය මත බලපෑමක් ඇතිකරන්නේ නැහැ. මේ ගැන අධ්‍යනය කර තිබෙන නීතිඥයින් ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබෙනවා. ඔහු පැවසුවේ ය. නඩුවලට හේතුපාදක වී තිබෙන සිදුවීම්වලට කිසිදු පදනමක් නොමැති බව පැවසූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිල නායක තැන වන ජී.එල්.පීරිස් මහතා, එයට හේතුව වන්නේ මෙම සිදුවීම් සියල්ලක්ම මීට වසර 10කට පමණ පෙර සිදුව තිබීම බව පැහැදිලි කළේ ය.

 

 



අදහස් (7)

රාජපක්‍ෂ කඳවුරේ කසු කුසු

සමන් Wednesday, 17 April 2019 06:40 AM

තමන්ගේ කැපවීම මේකෙන් පෙන්නනවා. පුරවැසිභාවය ඉවත් කරගැනීමට ගෝඨාභය මෙතරම් කාලයක් බලා සිටියේ ඇයි?

:       531       564

ravi Wednesday, 17 April 2019 08:04 AM

එක මිනීමැරුමක්, එක බොරුවක් , එක වංචාවක් ... වසාගන්න තව හුඟාක් එවැනි දේවල් කරන්න සිද්ද වෙනවා ..!

:       125       457

max Wednesday, 17 April 2019 09:27 AM

ප්‍රතිවාදියාගේ කකුල් කඩා තරගය දිනන්නට තැත් කිරීම එජාපෙට එකට අලුත් දෙයක් නොවේ. 82 ජනපතිවරණය ඊට හොදම උදාහරණය වන අතර මෙවර ද ඔවුන් සැරසෙන්නේ ඒ මග ම යමටයි. කෙසේ වුවත්, රටට හිතැති බොහෝ දෙනා ගෝඨාගේ නායකත්වය අපේක්ෂා කරන බව පෙනේ. ඔහුගේ නායකත්ව කුසලතා ඔහු විසින් රටට පෙන්වා දී තිබීම ඊට හේතුවයි. ක්‍රෝධය පමණක් තම දේශපාලනය කර ගත් කොටස් සහ එල්ටීටීඊ හිතවාදීන්ට ඊට බාධා කිරීමට ඇති හැකියාව මත ඔහුගේ ජයග්‍රහණය තීරණය වනු ඇති.

:       2345       2668

Nishan Wednesday, 17 April 2019 11:42 PM

ඔය කතා කරපු පුද්ගලයත් ඇමරිකන් පුරවැසියෙක්.

:       0       38

De Silva Thursday, 18 April 2019 03:01 AM

එතකොට මහ බැංකු වංචාව. ලොකු සමාගම් වලට බදු සහන දීල ඒවගෙන් ගහන කොමිස් කුට්ටි ?

:       52       82

janahitha Friday, 19 April 2019 03:34 PM

යුද්ධය යන්න අහන්න තරම් අමිහිරි වචනයක්. එහෙත් එය නැති කිරීම එයින් බැට කෑ අයට ආශීර්වාදයක්... යුද්ධය යනු සාන්ත දෙයක් නොවේ.. අවුරුදු තිහක් තිස්සේ ජනතාව විඳවපු දුක, බය නැති කරපු එකම මදිද කෙනෙකුට සලකන්න. මේ යුද්ධය නැති කල නිසා සමහරුන්ගේ බඩ ගෝස්තරයට නම් අනිවාර්යයෙන්ම වැදුණා. යුද්ධය ඇති කරපු අයට හා එයට සහාය දුන්න අයට ඕනෑම යුද්ධය තමයි නම්, යුද්ධය නැති කරපු එක වැරදි වෙන්න පුළුවන්... කොතැනක හෝ වැරැද්දක් වෙන්න පුළුවන්. එ්ත් අද ජනතාව විඳින සතුට ආයේ නැති කරන්න හදන්න එපා කියල කරුණාවෙන් ඉල්ලනවා.

:       109       235

Sanath Kandy Saturday, 20 April 2019 06:31 AM

සුළු ජාතික ඡන්ද 25%ක් වත් ලබා ගත නොහැකි පසුබිමක ගොඨාභයට ජනාධිපතිවරණය ජයග්‍රරණය කිරීම සිහිනයක් පමණක් වනු ඇත. ජවිපෙ වෙනම තරඟ කරන බව ප්‍රකාශ කර ඇති බැවින් රනිල්ට හෝ එජාපයේ කිසිවෙකුටද තනිව තරඟ කොට ජනාධිපතිවරණය ජයගත නොහැක. එබැවින් පළමු වටයේ ඡන්ඳ වලින් ජයග්‍රාහකයා තීරණය කිරීමට නොහැකි වනු ඇත. දෙවෙනි ඡන්ද ගණන් කිරීමේදී ජවිපෙ තීරණය වඩා තීරණාත්මක වනු ඇත. මේ අවිනිශ්චිත තත්වය තුළ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන පිලට අනිවාර්යය ජයක් හිමිවනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිවෙකු ගෝඨාභයගේ ජයග්‍රහණය නොපතන අතර ඔහුට තරඟයක් දිය හැකි පොදු අපේක්ෂකයෙක් වේ නම් ඒ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකයි. ජනාධිපති අපේක්ෂක අර්බුදයෙන් ගොඩඒමට මහින්දට ඇති හොඳම විසඳුම 20 වෙනි සංශෝධනයට එකඟවීමයි. මෛත්‍රී, රනිල් දෙදෙනාටත් තනිව තරග කර ජනාධිපතිවරණය ජයගත නොහැකි නිසා අනිවාර්යයෙන් මෙයට එකඟවීමට සිදුවෙනවා. 1978 සිට ඒකාධිපති විධායක ජනාධිපති ධුරයට එරෙහිව හඬනගන ජවිපෙ සුදුසුම අවස්ථාව බලා මේ වටිනා සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා. ජවිපෙ ඉතාමත් පරිණත දේශපාලන දැක්මක් සහිත පක්ෂයක් බව නැවතත් ඔප්පු කරමින් සිටිනවා...

:       735       623

ඔබේ අදහස් එවන්න

ටයිම්ස් දේ.තී.

දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රකාශකයෝ
2022 අගෝස්තු මස 27 7460 2

ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පැමිණීමට යොදාගත් පෞද්ගලික ගුවන්යානය සම්බන්ධයෙන් නිල කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප


උභතෝකෝටික ප්‍රශ්න
2022 අගෝස්තු මස 26 4539 1

කොතෙක් ආරක්‍ෂක මුරකපොලු තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ දෙවරක් ජනපතිවරයා වූද, දෙවරක් අගමැතිවරයා ද, වූ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේදී සන්ඩේ ටයිම්ස් කළ ආර


රජ ගෙදරටත් දැනෙන තනිකම, පාළුව
2022 අගෝස්තු මස 24 12785 10

විරෝධතා රටපුරා නැගෙමින් පැවතිණ. ආර්ථික අර්බුදය පුපුරා යමින් තිබිණ. එවන් පසුබිමක, පසුගිය මැයි මාසයේ දී පර්සි මහින්ද රාජපක්ෂ මහතා ඔහු එතෙක් දරමින් සිටි


මිරිහානේ නිවසට තව ටිකක් දුරයි
2022 අගෝස්තු මස 17 5546 1

සිංගප්පූරුවට පළාගොස් සති දෙකක් ගතවී තිබෙණ තැන, හිටපු ජනපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන්ට ආරක්ෂා සහිතව ජීවත්වීමට රැකවරණය ලබාදෙන රටක් සොයාගැනීමට


පොහොට්ටුවට යටත් නොවූ සර්ව පාක්ෂික ආණ්ඩුවක්
2022 අගෝස්තු මස 03 6831 1

ආර්ථික සහ දේශපාලන අර්බුද මැද ගෙවෙන කාලයක පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරෙන බව ගෙවුණු බ්‍රහස්පතින්දා හදිසියේම නිවේදනය කෙරුණේ රටක් පුදුමයට පත් කරමිනි. ගැ


රනිල් රජ කළ රාජපක්‍ෂ මෙහෙයුම
2022 ජුලි මස 26 4887 1

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 45ක් සපිරුණු, පසුගිය බදාදා දිනයේ, වාසනාව දොර හැරගෙන ඔහු දෙස බලා සිටියේය. වික්‍රමසිංහ මහතා ප්‍රථම වතාවට පාර්


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 24 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 24 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site