IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


රිටිගල වන සංහාරය බලවතුන් දුටුවේ නැද්ද

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගනේවල්පොල රිටිගල කඳු පාමුල වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් කඳුබොඩ ප්‍රදේශයේ අක්කර 50ක් පමණ භූමියක වටිනා ගස් කපා එම ඉඩම් අත්පත් කර ගන්නා මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම වේගයෙන් පහත බැස ඇති බවත් එමනිසාම විදුලිය නිෂ්පාදනය සියයට 10ත් 15ත් අතර පහළ අගයකට වැටී ඇති බවටත් රිටිගල රක්‍ෂිතයේ වන සංහාරය සම්බන්ධ පුවත වාර්තා කළ දිනම අප පුවත්පත වාර්තා කර තිබිණි. වන සංහාරයේ බලපෑම එපරිදිය. එහෙත් වන සංහාරය මහා පරිමාණයෙන් සිදු කෙරෙමින් පවතී.

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කිසියම් භූමියක් රක්‍ෂිතයක් ලෙස නම් කරනු ලබන්නේ හේතුවක් ඇතිවය. එය එක්කෝ පුරාවිද්‍යාත්මක භූමියකි. නැතහොත් ඓතිහාසික භූමියකි. එමෙන්ම වැසිවනාන්තර ලෙස හඳුනා ගත් නිසාය. මෙබඳු රක්‍ෂිත ආරක්‍ෂා කළ යුතුය. එය සෑම පුරවැසියකුම සතු අනුල්ලංඝනීය වගකීමකි.

කරුණු කාරණා එපරිදි වුවද අප පුවත්පත වාර්තා කර තිබුණේ රිටිගල රක්‍ෂිතයේ අක්කර 50ක් කාන්තාරයක් බවට පත් කර ඇති බවය. එම රක්‍ෂිතයේ තිබූ සියලු වටිනා ගහකොළ කපා දමා එම සංහාරය කර තිබේ. එයට අමතරව එම භූමිය ගිනි තබා කජු පැළ සිටුවා තිබෙන බවය. විවිධ ඉඳිකිරීම් සඳහා අඩිතාලම් කපා ගඩොල් ද රක්‍ෂිතයට ගෙනැවිත් තිබෙන බවය.

ඓතිහාසික අතින් මෙන්ම පාරිසරික අතින් ඉතාම වැදගත් මෙම රක්‍ෂිතයට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව කිසිවකුට ඇතුළුවීම තහනම්ය. එබඳු තහනමක් පනවා තිබෙන්නේ එම භුමියේ ඇති වැදගත්කම නිසාය. එසේනම් මේ මහා වන සංහාරය සිදු කරන්නේ කවුද?

අප ප්‍රවෘත්තියෙහි සඳහන් වන්නේ දස වසරක් රජයේ ඉඩමක් භූක්ති වින්දහොත් සින්නක්කර ඔප්පු ලබාදීමේ රජයේ වැඩ සටහන යටතේ ඉඩම් ලබාගැනීමේ අරමුණ ඇතිව කිසියම් සංවිධානාත්මක පිරිසක් මේ මහා වන සංහාරය සිදු කර ඇති බවය. එම පිරිස කොතෙක් සංවිධානාත්මකව මෙම මෙහෙයුම සිදු කර තිබේද යන්න ඔප්පු වන්නේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ බවට ඇඟවෙන ලී කැබලිවලින් මායිම් සටහන් කර තිබෙන හෙයිනි.

සාමාන්‍ය පුරවැසියකුට මෙබඳු නොපනත්කමක් කිරීමට තරම් ශක්තියක් ඇතැයි අපි නොසිතමු. මේ වන සංහාරකයන්ට නියත වශයෙන්ම බලගතු හස්තයක රැකවරණය ලැබිය යුතුය. නැතහොත් එම බලගතු හස්තයම එම සංහාරය කරනවා විය හැකිය. ඒ වෙනුවෙන් විවිධ හේතු පාඨ ද තිබිය හැකිය. කෙසේ වුවත් මේ මහා වන සංහාරය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුමය.
අප රට ඉතා කුඩා රටකි. ඒ කුඩා රටට අවශ්‍ය ප්‍රමාණයේ වන ගහණයක් අප රට තුළ නැත. එය අනාගතයේදී අප රටට මුහුණදීමට සිදුවන බරපතළ ඛේදවාචකයකි. එක පැත්තකින් විල්පත්තුව ද අනතුරේය. ඒ සම්බන්ධයෙන් පරිසර සංවිධාන හඬ නගමින් සිටියි. සිංහරාජය ද අනතුරේය. ඒ සම්බන්ධ ප්‍රවෘත්ති වරින්වර වාර්තා වේ. බොහෝ වනාන්තර ද එම ඉරණමටම ගොදුරු වී තිබේ. අලුත්ම බිල්ල රිටිගල රක්‍ෂිතය වේ. මේ වන සංහාරය දිගටම කරගෙන යෑමට ඉඩ දුනහොත් අනාගතයේ බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවීම වැළැක්විය නොහැකිය.

අක්කර පනහක් යනු කුඩා බිම් කඩක් නොවේ. විශාල ප්‍රදේශයකි. එබඳු විශාල ප්‍රදේශයක ගස් කොළන් කපා දමා ගිනි තබා ඉදිකිරීම් ආරම්භ කිරීම, කජු වගා ආරම්භ කිරීම හොර රහසේ කළ හැකිද? එසේ කළ හැකිනම් එය විශ්වකර්ම වැඩකි. එයට හේතුව මේ රටේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවක් තිබෙන හෙයිනි. එම වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරිය විය යුත්තේ වනය සංරක්‍ෂණය කිරීමය. රිටිගල රක්‍ෂිතයේ අක්කර පනහක් කාන්තාරයක් බවට පත්කර තිබේ නම් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරිය නිසි රිසිලෙස ඉටුකර ඇතැයි කිව හැකිද?

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ද විවිධ උත්තර තිබේ. ‘අපට අවශ්‍ය තරම් නිලධාරීන් නෑ, අපට අවශ්‍ය තරම් වාහන නෑ, අවශ්‍ය තරම් පහසුකම් නෑ’ ආදී වශයෙන් උත්තර දිය හැකිය. ‘අපට අකුරටම රාජකාරිය කරන්න බෑ, දේශපාලනඥයන්ගෙන් බලපෑම් එනවා’ වැනි අඳෝනා ද නැඟිය හැකිය. එහෙත් ඒ කිසිවකින් මෙම සංහාරය නතර කළ නොහැකිය.

ජීවත්වීමට වාස භූමි නොමැතිකමින් මහා වනාන්තරවල නිවෙස් සාදා ගන්නා පුරවැසියන් සිටිය නොහැකිය. එහෙත් ජාවාරම්කරුවෝ එම අවශ්‍යතාව පෙරට දමා තම ජාවාරම කරගෙන යති. බලධාරීන් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර මෙම මහා වන සංහාරය නතර කිරීමට පියවර ගත යුතුය. එසේ නොවුනහොත් අනාගත පරපුරේ ශාපයෙන් ගැලවී යාම බොරුය.

 



අදහස් (6)

රිටිගල වන සංහාරය බලවතුන් දුටුවේ නැද්ද

gawus Wednesday, 17 July 2019 08:15 AM

රිෂාඩ් බදියුදීන් මේකට සම්බන්ධ නැති නිසා කාටත් පේන්නේ නෑ.

:       113       40

leel gunawardena Wednesday, 17 July 2019 06:25 PM

ඇයිi මේ සම්බන්ධව සංරක්ෂණ දෙපාර්තමේන්තුව බල වතුන්ට කියා නොසිටියේ මේක හරියට බඩුත් හොරුන්ගේ , නඩුත් හොරුන්ගේ වගේ වැඩක් තමයි .

:       0       41

leel gunawardena Wednesday, 17 July 2019 06:25 PM

ඇයි මේ සම්බන්ධව සංරක්ෂණ දෙපාර්තමේන්තුව බල වතුන්ට කියා නොසිටියේ මේක හරියට බඩුත් හොරුන්ගේ , නඩුත් හොරුන්ගේ වගේ වැඩක් තමයි .

:       0       2

බණ්ඩාර-(කැකිරාව) Thursday, 18 July 2019 02:34 PM

කාට කියන්නද යහපාලනය නිසා දෙවියන්ටවත් මේවා පෙන්නේ නැහැ .

:       0       0

සෙනෙවිරත්න Sunday, 21 July 2019 01:21 AM

මෙිවා කරන්න අයෙක් නම් කමක් නැහැ

:       0       0

some ayiya Sunday, 21 July 2019 04:58 AM

මොවුන් කොච්චර ගස් කැපුවත් ආණ්ඩුවට කොච්චර කිව්වත් වැඩක් නැති නිසා . මේක කාටත් පේන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

කොලම

ජනපති ඉන්දීය නිලගමනේ ප්‍රතිඵල
2024 දෙසැම්බර් මස 20 268 0

රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි


ජනපතිගේ ඉන්දීය ගමනේ අභියෝග
2024 දෙසැම්බර් මස 16 775 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිය පළමු නිල සංචාරය වශයෙන් ඉන්දියාව තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකා ඉන්දියා සබඳතා නවතම පැතිකඩකට යොමු කරන අවස්ථාවක් වනු ඇතැ


කතාවේ භාවිතාවේ පරතරය
2024 දෙසැම්බර් මස 13 583 1

ආණ්ඩුව විවිධ පෙරමුණුවල දැඩි පීඩනයට හසුවෙමින් තිබෙනු දැකිය හැකි ය. මෙහි විශේෂය නම් මෙම පීඩනය අන්කවරෙකු හෝ විසින් එල්ල කරන ලද එකක් නොව, තමන් විසින්ම නිර්


සංවර්ධනයට නිෂ්පාදන ආර්ථිකයක්
2024 දෙසැම්බර් මස 09 291 2

කොවිඩ් වසංගතයේ බලපෑම ලෝක ආර්ථිකයෙහි අර්බුද ඇති කළේය. භූ දේශපාලනය හා තාක්ෂණයේ දියුණුව බොහෝ රටවල තත්වය තවත් සංකීර්ණ කර ඇත. රටවල් ගණනාවක බරපතළ පෙරැළි සිද


කතාව දෝලාවෙන් ගමන ...?
2024 දෙසැම්බර් මස 06 2986 7

මේ ගෙවෙමින් තිබෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ පළමු මාසයයි. අලුත් ආණ්ඩුව පත්වීමෙන් පසුව සාමාන්‍ය ආකාරයේ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වූයේද මේ සතියේ


උතුරේ ජනවරම කුමක්ද?
2024 දෙසැම්බර් මස 02 590 2

ජ.වි.පෙ. පෙරමුණ ගත් “මාලිමා” මැතිවරණ ජයග්‍රහණ ගැන මේ වන විට බොහෝ දේ ලියැවුණි. කියැවුණි. 2024 සැප්තැම්බර-නොවැම්බර මැතිවරණ දෙකෙහි ඔවුන්ගේ ජයග්‍රහණ නිසැකවම ඓ


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 26 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 27 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 133 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site