ත්‍රිකුණාමලය, කින්නියා, කන්දකාඩු ප්‍රදේශයේ මහවැලි ගඟේ අනවසරයෙන් වැලි ගොඩදමමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය නාවික හමුදා කණ්ඩායමකට ප්‍රදේශවාසීන් පිරිසක් පහරදීම නිසා නාවික භටයන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. අනවසර වැලිගොඩ දමන්නන් වැටලීමට නාවික භටයන් ගිය අවස්ථාවේ තිදෙනකු මහවැලි ගඟට පැන ඇති අතර ඉන් දෙදෙනකුගේ මළ සිරුරු සොයා ගත් බවත් තවත් පුද්ගලයකු පීනා ගොඩට ආ බවත් සඳහන් විය.
පිට පළාත්වලින් පොලිස් බළ ඇණි ගෙන්වා තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
කාරණා ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.
සිද්ධියෙන් පුද්ගලයෝ දෙදෙනක් මිය ගොස් ඇත්තාහ. නාවික සෙබළු 12 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. ඒ සියල්ල සම්බන්ධයෙන් ලංකාදීපයේ සාතිශය සංවේගය පළමුව පුද කරමු.
අනවසර වැලිගොඩදැමීම බරපතළ ජාතික ව්‍යසනයක් බවට පත්ව තිබේ. ගංගා පතුල් හාරා වැලි ගොඩදමා විකිණීමේ ජාවාරම රටපුරා ජයටම සිදු කෙරේ. මේ සම්බන්ධයෙන් පාලකයන්ගේ ද දැඩි අවධානය යොමු වී ඇති බව ඔවුන් වරින්වර කරන ප්‍රකාශවලින් ද පැහැදිලි වේ. එයට අමතරව පරිසර සංරක්ෂණයට අදාළ නීතිරීති ද වරින්වර පැන වේ. එහෙත් වැලි ගොඩදැමීම පාලනය කිරීමට තවමත් හැකියාවක් නැත.
මහවැලි ගඟේ වැලි ගොඩදමමින් සිටියදී නාවික හමුදාව එනු දැක බියට පත්ව මහවැලි ගඟට පැනීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ දෙදෙනාගේ ජීවිත මේ වැලි ජාවාරමේ අංශු පමණි. ඇතැම්විට ඔවුන් දෛනික කුලීකරුවන් විය හැකිය. එහෙත් අවසානයේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වී තිබෙන්නේ ඔවුන්ටය. මහා ජාවාරම්කරුවෝ නිදැල්ලේ පසුවෙති.
අනවසරයෙන් වැලි ගොඩදැමීම වැනි ව්‍යාපෘතියක් හොර රහසේ කළ නොහැකිය. එය කළ යුතු වන්නේ විවෘතවය. සාමාන්‍ය මිනිසකුට එවැනි ජාවාරමක් කිරීමට ශක්තියක් නැත. මෙබඳු ජාවාරම් කළ හැකි වන්නේ එබඳු ජාවාරමක් කරනවිට එළැඹිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය ඇති ප්‍රබලයන්ට පමණි. එබඳු ශක්තියක් ගොඩනඟාගත හැකිවන්නේ දේශපාලනයෙනි. එසේනම් මෙම ජාවාරම් පිටුපස සිටින්නේ දේශපාලනඥයන් විය යුතුය. නොඑසේ නම් දේශපාලනඥයන්ගේ ආශිර්වාදය හා රැකවරණය ලබන්නන් විය යුතුය.
අනවසරයෙන් වැලි ගොඩදැමීම වැනි ජාවාරම් මැඬලීම අසීරු වී තිබෙන්නේ මෙම “දේශපාලන අදිසි හස්ත” නිසාය. කිනම් හෝ ක්‍රමයකින් ආරක්ෂාව සලසාගෙන තම ජාවාරම ජයටම කරගෙන යාමට ඔවුහු සමත් වෙති. මෙම ජාවාරම නිසා පරිසරයට සිදුවන හානිය සම්බන්ධයෙන් ඔවුහු අවධානය යොමු නොකරති. ගං ඉවුරු කැඩී බිඳී ගොස් ගඟේ වතුර ගමට ගලා ඒමෙන් සිදුවන හානිය ඔවුහු නොතකති. ඉකුත් සමයේ කැලණි මිටියාවතේදීත් ආසන්න මෑත සමයේ දී උතුරේදීත් අත්විඳි සත්‍යය එයමය. එහෙයින්ම මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට මරණ දඬුවම ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන්නා සේම අනවසර වැලි ගොඩ දමන ජාවාරමට ද එරෙහිව පැනවිය යුතු දඬුවම් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.
කින්නියාවේ දී ආරක්ෂක අංශ හා ප්‍රදේශවාසීන් අතර ගැටුමක් ඇවිළී ගියේය. මාධ්‍ය වාර්තාවලට අනුව ආරක්ෂක අංශ ඉතා බුද්ධිමත්ව හා ඉවසීමෙන් කටයුතු කර තිබේ. නැතහොත් තවත් කටුනායකක් හෝ රතුපස්වලක් ඉතිහාසයට එක්වීමට ඉඩ තිබිණි. සාමාන්‍ය ජනයා ද කල්පනා කළ යුතු වන්නේ ඕනෑම අවස්ථාවකදී නීතියට ඉඩ දී කටයුතු කිරීම සම්බන්ධයෙනි. නීතිය අතට ගෙන කටයුතු කිරීමට පෙළඹුණහොත් බරපතළ ප්‍රශ්න නිර්මාණය වන බවට උදාහරණ ඕනෑ තරම් තිබේ.
මෙබඳු අවස්ථාවක දී සාමාන්‍ය ජනයා කුපිත කරවා ඔවුන් ආවේගශීලීව හැසිරවීමට සංවිධානාත්මක පිරිස් සිටිති. ඔවුහු එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු නොව රංචුවක්ම බා ගැනීමට උත්සාහ කරති. එහෙත් අවසානයේ වන්දි ගෙවීමට සිදුවන්නේත් විඳවීමට සිදුවන්නේත් සාමාන්‍ය මිනිසාටමය. එහෙයින් ජාවාරම්කරුවන්ගේ උගුල්වල නොවැටී කටයුතු කිරීමේ ප්‍රඥාව සාමාන්‍ය ජනයා පහළ කරගත යුතුය. එසේ නොවන්නේ නම් ‘වෙච්ච දේට වඩා කරගත්ත දේ ලොකුයි’ කියා කීමට සිදුවීම වැළැක්විය නොහැකිය.
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල
ශ්රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
වැලි ගොඩ දැමීමේ විපාක ජනතාව දැනුවත් කරවනු
Raveendra Friday, 01 February 2019 06:09 AM
ජාවාරම්කරුවන් පිටුපස සිටින්නේ පාදඩ දේශපාලකයන් බව නොරහසකි. මෙය කින්නියා විතරක් නොව මුළු රටේ සැම ප්‍රදේශයකම සිදුවෙන්නකි. රටේ කිනම් තැනක පරිසර විනශයක් සිදුවන්නේද එතැන " මහජනතාව නියෝජනය කරන දේශපාලන මූසලයෙක් පිටුපස" සිටිනවාමය. එබැවින් සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමෙන් පලක් ලැබේද? කාරුණිකව ප්‍රශ්නය ප්‍රශ්නය ලෙස දකිමු. රෝගයේ බිජමුල සොයා බෙහෙත් කිරීමට, ගැනීමට කටයුතු කරමු.
Perakum Friday, 01 February 2019 07:15 AM
වැලිගොඩ දැමීමේ විපාක පිළිබඳව ජනතාව පැහැදිලිව දැනුවත් කිරීමේ උත්සාහයක් මෙතෙක් සිදුවී නොමැත. එසේ වූවා නම් මේ සඳහා ජනතා සහයෝගය ලැබෙනු නොඅනුමානයි.
Kumar Friday, 01 February 2019 05:20 PM
සාමාන්‍ය ජනතාවට වැලි ගොඩ දැම්මත් එකයි නොදැම්මත් එකයි. රජයට මුදල් ගෙවා ගොඩ දැම්මොත් ඒක නීතිමය ක්‍රියාවක් නොගෙව්වොත් වැරදි ක්‍රියාවක් වගේ පෙනෙන්නේ. පරිසරය දුෂණය ගැන කතාවක් නැද්ද?