ශබ්ද දූෂණයට තුඩු දෙන අධික ශබ්දයක් නිකුත් කරන නළා සවි කරන ලද වාහන වහාම අත්අඩංගුවට ගෙන දැඩි නීතිමය පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
ලෝකය දියුණු හා නොදියුණු යනුවෙන් දෙකොටසකට බෙදේ. එසේ බෙදෙන්නේ භෞතික දියුණුව මත පදනම්ව පමණක්ම නොවේ. ඒක පුද්ගල ආදායම් වාර්තා මත පදනම්ව පමණක්ම නොවේ. ළදරු මරණ අනුපාතය පහළ බැසීම වැනි වාර්තා හෝ යටිතල පහසුකම් වර්ධනය වී ඇති ආකාරය මත පදනම්ව පමණක්ම නොවේ. ලෝකය දියුණු හා නොදියුණු වශයෙන් දෙකොටසකට බෙදීමේදී මානව චර්යා ද ප්‍රධාන සාධකයකි. ඒ මානව චර්යා ඇගයීමේදී මාර්ග විනයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. රටක ඇත්ත අභ්‍යන්තරය මහ පාරේදී ප්‍රදර්ශනය වන්නේ යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.
ජනාධිපතිවරයාගේ උපදේශය වඩාත් වැදගත් වන්නේ ඒ අර්ථයෙනි.
‘‘පිට රටවල වාහනවල හෝන් ගහන්නේ නෑ’’ මේ සමාජයේ ප්‍රචලිත මතයකි. දියුණු බොහෝ රටවල වාහනයක නළාව හැඬවීම ‘‘කළුනික’’ බඳුය. නළාව හැඬවීම ඉතා පහත් ක්‍රියාවක් ලෙස දියුණු රටවල සලකනු ලැබේ. එයට හේතුව මාර්ග සංඥාවලට අවනතව හා මාර්ග නීතිවලට අනුකූලව සියල්ලන් කටයුතු කිරීමය.
ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. ඇතැම් රියැදුරන් වාහනය ධාවනය කරනු ලබන්නේ නළාවෙන් පමණි යැයි හැඟෙන තරම්ය. එම නළා අධික ශබ්දයෙන් යුක්තය. විවිධ නාද රටාවලින් යුක්තය. කන් බිහිරි කරවන සුළුය. ශබ්ද දූෂණය ගැන සැකයක් ඇති කරගත යුතු නැත.
ඉතාම හදිසි අවශ්‍යතාවකදී නළාව හැඬවීම එකකි. තමන්ගේ කඩප්පුලිකම, නැහැදිච්චකම ප්‍රදර්ශනය කිරීමට, තම මදාවිකම පෙන්වීමට නළාව හැඬවීම වෙනම එකකි. බොහෝ විට සිදුවන්නේ පළමු අවශ්‍යතාව වෙනුවට දෙවැනුවට කී කාරණාවලට නළාව හැඬවීමය. දුර ගමන් සේවා බස් රථවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබේ.
නීතියට අනුව ඩෙසිබල් 105ට වැඩි ශබ්ද තරංග නිකුත් කිරීම දඬුවම් ලැබිය යුතු වරදකි. ඩෙසිබල් 105ට වැඩි ශබ්ද තරංග නිකුත් කරන නළා හැඬවීමෙන් ශබ්ද දූෂණය වීම එයට හේතුවය. එම තත්ත්වය ජනතාවගේ සෞඛ්‍යයට ඍජුවම බලපායි. නිරෝගී පුරවැසියන් අපේක්ෂා කරන්නේ නම් ඔවුන් රෝගීන් බවට පත් කෙරෙන සියලු මාර්ග වසා දැමිය යුතුය.
ලංකාවේ නිරෝගී පුරවැසියන් බිහිකිරීමට අවශ්‍ය බොහෝ නීති සම්පාදනය වී තිබේ. නළා නීතිය ද එසේමය. එහෙත් ප්‍රශ්නය වන්නේ නීතිය ක්‍රියාත්මක නොවීමය. එක් අතකින් එම නීතිය පිළිබඳව බොහෝ රියැදුරන් දැනුම්වත් ද යන ප්‍රශ්නය පැන නඟී. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව අවධාරණය විය යුතුය. අනෙක් කාරණය වන්නේ නීතිය නොතැකීමය. එය ගණන් නොගැනීමය. නීතියට වඩා තමන් බලවත් යැයි සිතීමය. එය බරපතළ වරදකි. පොලිසිය වුවත් ඉරි කැපීම, වමෙන් ඉස්සර කිරීම, සුදු ඉර මතදී ඉස්සර කිරීම වැනි පෙනෙන වැරැදි සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත අධික ශබ්ද සහිත නළා හැඬවීමේ වරද වෙනුවෙන් අනුගමනය කරන බවක් පෙනෙන්නේ නැත.
ජනාධිපතිවරයා දුන් උපදේශය වඩාත් වැදගත් වන්නේ ද ඒ අර්ථයෙනි.
අධික ශබ්ද සහිත නළා හැඬවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළව පොලිසිය හා ආරක්ෂක අමාත්‍යාංශය අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් දා පැවැති බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් සියලු පොලිස් ස්ථානවලට නිකුත් කිරීමටත් මගීන්, බස් රියැදුරන්, පාසල් සිසුන් සම්බන්ධ කරගනිමින් ජාතික මට්ටමින් නිශ්ශබ්දතා දිනයක් ප්‍රකාශ කිරීමට තීරණය කළ බවත් අප පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.
සැබැවින්ම මෙවැනි ප්‍රාථමික කාරණා රටක් දියුණු නම් සාකච්ඡාවට බඳුන් වන්නේ නැත. එහෙත් මහ පාරේ ප්‍රාථමික නීතියක් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවීමෙන් පැහැදිලි වන එක් කාරණයක් වන්නේ අප රට කියන තරම් දියුණු නැති බවය. මාර්ග විනය සම්බන්ධයෙන් අප රටේ ජනයා දක්වන ආකල්පය වුවද එයට කදිම සාක්ෂියකි.
ඉහත තීරණයට එරෙහිව ඇතැම් විට බස් සංගම් විරෝධය දක්වනු ඇත. සමස්ත මහා බස් වර්ජන ප්‍රකාශයට පත් කරනු ඇත. නැතහොත් මෙම තීරණයට කොන්දේසි විරහිතව සහාය පළ කරනු ඇත. සිදුවන්නේ කුමක් ද යන්නෙන් අප රට දියුණු ද නැද්ද යන්න විනිශ්චය කෙරෙනු ඇත.
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිය පළමු නිල සංචාරය වශයෙන් ඉන්දියාව තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකා ඉන්දියා සබඳතා නවතම පැතිකඩකට යොමු කරන අවස්ථාවක් වනු ඇතැ
ආණ්ඩුව විවිධ පෙරමුණුවල දැඩි පීඩනයට හසුවෙමින් තිබෙනු දැකිය හැකි ය. මෙහි විශේෂය නම් මෙම පීඩනය අන්කවරෙකු හෝ විසින් එල්ල කරන ලද එකක් නොව, තමන් විසින්ම නිර්
කොවිඩ් වසංගතයේ බලපෑම ලෝක ආර්ථිකයෙහි අර්බුද ඇති කළේය. භූ දේශපාලනය හා තාක්ෂණයේ දියුණුව බොහෝ රටවල තත්වය තවත් සංකීර්ණ කර ඇත. රටවල් ගණනාවක බරපතළ පෙරැළි සිද
මේ ගෙවෙමින් තිබෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ පළමු මාසයයි. අලුත් ආණ්ඩුව පත්වීමෙන් පසුව සාමාන්‍ය ආකාරයේ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වූයේද මේ සතියේ
ජ.වි.පෙ. පෙරමුණ ගත් “මාලිමා” මැතිවරණ ජයග්‍රහණ ගැන මේ වන විට බොහෝ දේ ලියැවුණි. කියැවුණි. 2024 සැප්තැම්බර-නොවැම්බර මැතිවරණ දෙකෙහි ඔවුන්ගේ ජයග්‍රහණ නිසැකවම ඓ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
වාහනවල අධික ශබ්ද ජනතාවට හිරිහැරයක්
chandima Friday, 12 April 2019 05:41 PM
එහෙනම් ජනතාවට කනේ ගහගන්න රබර් ඇබ බෙදමු.
චමින්දSaturday, 13 April 2019 01:21 AM
බොහෝවිට අධික නලා හඬ බස්රථවලින් තමයි වැඩිපුර නිකුත් කරන්නේ. සමහරක් තුන් රෝද රථවල බෆල් වලින් අධිකව සංගීත ශබ්ද නිකුත් වෙනවා මේවා ජූලි මාසයේ සිට නතර කරනවාලු බලමු..
nandana Saturday, 13 April 2019 11:38 AM
දේශපාලකයින් ඇතුළු බොහෝ දෙනෙක් අද වාහනයේ නලාව භාවිතා කරන්නේ තමන්ගේ තේජස සහ හයිය අනුන්ට පෙන්වා, සියලු දෙනා පසුකොට ගමන් කිරීමටයි. මේ නැහැදිච්ච ක්‍රියාව නීතියෙන් තහනම් කිරීම හොඳ දෙයකි.
udeshSunday, 21 April 2019 03:13 AM
දේසපාලකයන් මෙතරම් වේගයෙන් ගමන් ගොස් කාලය රටට වැඩක් කලේනම් මේ රට කොයිබ තියෙන්නට තිබුණිද?
anura Saturday, 13 April 2019 02:05 PM
මහා මාර්ගයේ නලා අනවශ්‍ය අවස්ථා වලදී හැඬවීම හිසරදයක් බව මෙම ලිපියෙන් කියවේ. එසේම පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන මහජනයාට ඒවා ඇතුළත මහ හඬින් දමන ශබ්දවාහිණී නිසා වන හිරහැරය ගැන හරි අවධානයක් යොමු නොවීම කණගාටුවට කරුණකි. මම වාසය කරන මත්තේගොඩ ප්‍රදේශයේ සිට කොළඹ කොටුවට යාමට පැය දෙකක කාලයක් ගතවේ. මේ කාලය පුරාම කන් අඩි පැලෙන ලෙස ශබ්දවාහිණී දමාගෙන යාම සාමාන්‍ය සිරිත වේ. වෙනකක් තබා ආසන යටින් පවා ශබ්දවාහිණී සවිකර ඇත. සමහර රටවල වද දෙන ක්‍රමයක් වන්නේ සිරකරුවන් අධික ශබ්දයකට භාජනය කිරීමය. දැන් ලංකාවේ පොදු ප්‍රවාහණය භාවිතා කරන්නන් සියල්ලන් මෙම වද බන්ධනයට භාජනය වී හමාරය. මේවා වැළැක්විය හැකි පුද්ගලයන් පොදු ප්‍රවාහණ භාවිතා නොකරන නිසා ඔව්න් සමහර විට මෙය ගැන හරි හැටි දැනුවත් වී නැත.
balckhawk Tuesday, 16 April 2019 12:50 PM
ඔබේ කියමන හරියට හරි , පොදු ප්‍රවාහණවලට ශබ්දවාහිණී තහනම් කරයුතුය.
janahitha Saturday, 13 April 2019 02:48 PM
විශේෂයෙන් පුද්ගලික බස් රියදුරන් බසය දුවන්නෙම නලාවෙන් බවයි මට හැගෙන්නේ. හුඟක් වෙලාවට මට අහන්න හිතුනා ඇයි නලාව හඩවන්නේ කියලා. ඒත් යන ගමනේ මොකටද රණ්ඩු වෙන්නේ කියලා උන්න අවස්ථා අනන්තයි. ඕන නම් පුංචි බොරැල්ල හන්දියට වෙලා උන්නොත් ඔක්කොම බස් ටික දුවන්නෙම නලාවෙන් බව පෙනෙයි. රියදුරෙක් වීමට පෙර මනුස්සකම මොකක්ද කියලා කියා දිය යුතුයි.
M. Ganewatta Sunday, 14 April 2019 02:59 AM
ඇත්ත මේ තත්වය වෙනස් විය යුතු බවට හඬක් නැගීම අගය කරමි.
rasika Monday, 15 April 2019 10:19 AM
ඔය ගමන්ම බස් ඇතුලෙ මහ හයියෙන් දමන රේඩියෝ ටීවී නවත්තන්නත් ක්‍රියා කළානම් ඉස්තරම්. හදිසි දුරකතන ඇමතුමකටවත් උත්තර දෙන්න විදියක් නෑ.
Sugath Tuesday, 16 April 2019 03:28 AM
මේවා නවත්වන්නේ කොහෙද? පෞද්ගලික බස් මේවා ගණන් ගන්නේ නැහැ මොකද පොලිසියට මේගොල්ලන් පගාව දීල තියෙන නිසා.
dil Tuesday, 16 April 2019 06:06 PM
මුලින්ම හැදිය යුත්තේ රියදුරු බලපත් ලබා ගැනීමට පුහුණුව දෙන ලර්නස්වරුන්ය. දෙවනුව රියදුරු බලපත් විභාගයට ඇතුලත් කල යුතුය. මෝටර් රථ නියාමකවරුන් සිට කොමසාරිස්වරුන් දක්වා මෙය ගැන හරි හැටි දැනුවත් වී නැත. මා රියදුරු පුහුණුව ඉගෙනගත් 98 කලේ ඔහු විසින් මා පාරේ අහකේ යන බල්ලන් ටත් හෝන් ගැසීමට සිදු විය.
ජයරත්න Wednesday, 17 April 2019 01:08 AM
නළාව නම් හඩවන්නෙ කඩින්කඩ. නමුත් එහෙමද බස් රථය ඇතුළෙ ඇහෙන බෆල් එකේ ශබ්දය. කන් අඩි පැළෙනවා. අවර ගනයේ ගීත හා රූප බලන අයට විළිලැජ්ජාවෙ බෑ. ලංගම බස්වලටත් දැන් මේ වැඩේ බෝ වෙලා. මේක සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි. වග කිව යුත්තන්නෙ අවධානය මේ සදහාද යොමු විය යුතුයි
dias Thursday, 18 April 2019 09:46 AM
අනේ මන්ද, දැන්නම් ඔය බස් එක ඇතුළෙ ඇහෙන බෆල් එකේ ශබ්දය නැතුවත් බෑ කියල හිතෙනවා. මොකද, ඔකේ සද්දේ නැත්නම් රියදුරාට නින්ද ගිහින් වාහනේ පල්ලමකට යන්ට පුළුවන් නිසා.