IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සාකච්ඡා අතරේ පැළවෙන අවිශ්වාසයේ බීජ

අධිකරණයට අපහාස කළේ යැයි තීන්දු කරමින් එස්.බී.දිසානායක මහතා සිරගත කිරීමට 2004 දෙසැම්බර් මස 7 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. වප් මඟුල් උත්සවයකදී දිසානායක මහතා අධිකරණ සම්බන්ධයෙන් අපහාසාත්මක ලෙස අදහස් දක්වා තිබීම මෙම නඩු විභාගයේ පදනම විය.

එවක පැවැති එක්සත් ජාතික පක්ෂ රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා වූයේ ඔහුය. ඔහුගේ අදහස් දැක්වීම අධිකරණය කෙරේ ජනතාව තබා ඇති විශ්වාසය පළුදු කිරීමේ සමත් බවත්, අධිකරණයේ ක්‍රියාවලියට සහ තීන්දුවලට එරෙහි මතවාදයක් නිර්මාණය කිරීමෙහිලා හේතුවක් විය හැකි බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබිණ. ඒ එදා නමුත් අද මුහුණ පා සිටින තත්ත්වය අනුව අවධානය වෙනතක යවා සිදුවන්නට ඉඩ තිබෙන අපහසුතාවයන්ගෙන් නායක දෙපළ ගළවා ගැනීම එස්.බී.දිසානායක මහතාගේ පරම අරමුණ වන්නට ඇති බවට සැකයක් නැත. එහෙත් ඒ සියල්ල නැවත භූමරංගුවක් මෙන් කැරකී ඔහු කරාම පැමිණියේ ය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වර්තමාන නායක ජී.එල්.පීරිස් මහතාද බත්තරමුල්ල නෙළුම් පොකුණ මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් කැඳවූයේය. මහින්ද රාජපක්ෂ මහතා ජනපති සිරිසේන මහතා හමුවට නොගිය බව ඔහුද කියා සිටියේය. 

මේ ආකාරයෙන් ජී.එල්. මහතා අදහස් දැක්වූ පළමු අවස්ථාවද මෙය නොවේ. නමුත් පීරිස් මහතාගේ විශ්වසනීයත්වයද එස්.බීට දෙවැනි නැත. 

පැවැති එක්සත් ජාතික පක්ෂ රජය සමයේ නෝර්වේ රජයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර පැවැති සාම සාකච්ඡාවල දී ඔහු රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියේය. සාම සාකච්ඡා අරබයා කොළඹ දී ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් පළව තිබූ පුවත්පත් වාර්තාවක් ප්‍රතික්ෂේප කිරීමට පීරිස් මහතා එම සමයේදී කටයුතු කළේය. ඒ හමුවේ කෝපයට පත්වූ නෝර්වීජියානුවෝ, විනිවිදභාවයක් පැවැතිය යුතු බව අවධාරණය කර, එම ප්‍රකාශය ඉවත් කරගන්නා ලෙසට පීරිස් මහතාට දැන්වූහ. ඒ අනුව එම ප්‍රකාශය ඉල්ලා අස්කරගත් ජී.එල් මහතා ඒ වෙනුවට වෙනත් ප්‍රකාශයක් නිකුත් කළ අතර, එය අපගේ වාර්තාවේ වූ තොරතුරු හා මනාව ගැලපිණ.

මෙම කරුණ දැන් ජනතාව අතරට ගොස් තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් පක්ෂයේ අවධානය යොමු කරන බව එම මාධ්‍ය හමුවේ දී පීරිස් මහතා පැවසුවේය. 

ඔහුගේ අදහස් දැක්වීම අඟහරුවාදා පුවත්පත්වල පළව තිබිණ. එදිනම ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු සහ ජේ්‍යෂ්ඨ සාමාජිකයන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබිණ. එයට සහභාගී වීමට පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කිරුල පාරේ පිහිටි පීරිස් මහතාගේ නිවස වෙත පැමිණියේ තම පියාවන මහින්ද රාජපක්ෂ මහතාද කැටුවය.
දෙදෙනගේ ආරක්ෂක පිරිවර සහ නිල රියැදුරු ඔවුන් පැමිණි ලෑන්ඞ් කෲසර් රථයේ පසුපස අසුන්ගෙන සිටියහ. සුදු සහ රතු වයින් පිළිගැන්වුනු භෝජන සංග්‍රහයේ දී ඉස්මතු වන්නට ගත්තේ මාධ්‍ය හමුවේදී පීරිස් මහතා පළකළ අදහස්වලට වඩා හාස්පසින්ම වෙනස් කරුණුය.

භාරකාර රජයක වාසි සහ අවාසි ඔවුහු සාකච්ඡා කළෝය. බැසිල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින්, තමන් හා ජනපති සිරිසේන මහතා හමුවූ බව සහතික කළේය. එය යහපත් දෙයක් ලෙස තමා සිතූ බව කියා සිටි බැසිල් රාජපක්‍ෂ මහතා, එසේවුවද හමුව පැවතියේ කොතැනද හෝ එයට තම සොහොයුරු මහින්ද රාජපක්‍ෂ මහතා එක්ව සිටියේද හෝ කිසිවක් හෙළි නොකළේය. 

ජනපතිවරයා හා පැවැති හමුවට තමාගේ සහභාගීත්වයද අවශ්‍ය වූයේ පිළිගත හැකි එකඟතාවයකට එළැඹීමට හැකිවන්නේ බැසිල් ද සිටියොත් පමණක් යයි ජනපති සිරිසේන මහතා ඉල්ලීමක් කර තිබූණු නිසා බව යන්න ගැනත් ඔහු කිසිත් නොකීවේය. තමාගේ පක්ෂපාතීත්වය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බවත්, කිසිදු අවස්ථාවක පක්ෂය පාවා නොදෙන බවත් බැසිල් රාජපක්‍ෂ මහතා අවධාරණය කළේය. 

ඔහුගේ මෙම ප්‍රතිචාරය පැමිණ සිටියෝ පිළිගත්තේ ඔල්වරසන් දෙමිනි. මෙම කිසිදු හමුවක් හෝ සාකච්ඡාවක් කෙරෙන්නේ තමන් එකිනෙකා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන කටයුතුවල අවසාන ප්‍රතිඵලයට හෝ රජයෙන් කිරීමට ඉඩ තිබෙන බාධාවන්ට හෝ බියෙන් නොවන බව සදහන් කළ ඔහු, පක්ෂය වෙනුවෙන් සහ රට වෙනුවෙන් යහපත් වන තීරණ ගැනීමේ හැකියාව මහින්ද රාජපක්ෂ මහතාට පවතින බව කීවේ ය.

“මෙය සාර්ථක වේවිද නොවේවිද කියා මම දන්නේ නැහැ” යයි සාකච්ඡාවල ඉදිරිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ය.

“අවස්ථාවක් තිබෙනවා නම් එය ග්‍රහණය කරගත යුතුයි” යයි හිටපු ක්‍රීඩා අමාත්‍ය, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේය.

විරෝධය පලකළ සාමාජිකයෝද වූහ. කලුතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අදහස් දක්වමින් එවැනි කටයුත්තකට තමා එකහෙළාම විරුද්ධ බවත් කෙසේ හෝ භාරකාර රජයක් සදහා එකගතාවක් ඇතිවුවහොත් විපක්ෂයේ අසුන්ගැනීම ගැන තමා දෙවරක් නොසිතන බවත් අවධාරණය කළේය. තමා ද වෙල්ගම හා එකග බව කියා සිටි මාතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එය හොඳ පියවරක් නොවන බව පැවසුවේය. 

“අපි කොහොමද ජනපති සිරිසේනව විශ්වාස කරන්නේ” යයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා විමසුවේ ය.

රාත්‍රී භෝජන සංග්‍රහයේදී සාකච්ඡාවට බදුන් වූ කරුණු සම්බන්ධයෙන් එයට සහභාගීව සිටි පාර්ලිමෙන්තු මන්ත්‍රීන් දෙදෙනෙක් සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ පහත පරිදිය.

සී.බී.රත්නායක (නුවරඑළිය දිස්ත්‍රිකය) මහතා මෙසේ කීවේය. 

“ආර්ථිකයේ සිට දේශපාලනය දක්වා රටේ තිබෙන ගැටලු සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කෙරුණේ. ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබාදීමට රජය අපොහොසත්ව තිබීමත්, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් උද්ගතවෙලා තිබෙන තත්ත්වයත්, රාජ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් අර්බුදය, වත්මන් ආර්ථික අර්බුදය සහ සංචාරකයන්ගේ පැමිණීම පහත වැටෙමින් තිබෙන නිසා සංචාරක ක්ෂේත්‍රයේ ඇතිවෙලා තිබෙන අර්බුදයත් යන දේවල් ගැන අපි සාකච්ඡා කළා”

“එක්සත් ජනතා නිදහස් සන්ධානයට රටේ ආර්ථිකය ගොඩනගන්නට සහ ස්ථාවර කරන්නට වඩා හොද හැකියාවක් තිබෙන බවයි සාමාජිකයන්ගේ අදහස වුනේ. ඉන්දියාව හා චීනය සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නටත් ඔවුන්ට හැකියාව තිබෙන බව ඔවුන් පෙන්වා දුන්නා. ආර්ථිකය ගොඩනඟන්නට අපට තිබෙන සැළසුම් ප්‍රසිද්ධියට පත්කරන්නට අපි අවසානයේ එකඟ වුනා” 

රංජිත් සොයිසා (රත්නපුර දිස්ත්‍රික්කය) මහතා මෙසේ කීවේය. 

“අධිකරණයට කුදලාගෙන ඒමෙන් අපේ සාමාජිකයන් බිය ගැන්වීමට දරන උත්සාහයේ කිසිදු ඵලක් නැති බවයි අපගේ මතය. ඔවුන් දිගටම වැඩ කරනවා. රට ඇත්තටම අර්බුදයක් කරා ගමන් කරමින් සිටිනවා නම් එයින් රට මුදවා ගන්නට තමන්ට හැකි බව ඔවුන් කීවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා භාරකාර රජයකට ඇතුලත්වීමේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ, මොකද තනිවම රට ගොඩනැගීමේ හැකියාව අපේ සාමාජිකයන්ට තිබෙන නිසා”

“රට ගොඩනැඟීමට යොදා ගත හැකි විවිධ අවස්ථා, රජයේ කටයුතු කාර්යක්ෂම කිරීමට තිබෙන සකස් කර තිබෙන සැළසුම් ආදිය අපේ සාමාජිකයන් පෙන්වා දුන්නා. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම සහාය ලබා ගැනීමට වුවමනාවක් තිබෙනවා නම්, එහි දී ඔහු අවංක නම්, එවැනි රජයකට සහාය දැක්විය හැකි බවයි ඔවුන්ගේ අදහස වුනේ”

ජනපති සිරිසේන මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවල දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ රට වෙනුවෙන් යහපත් වන ඕනෑම තීරණයකට එළැඹීමේ අවසරය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදීමට අවසානයේ දී ඒකමතිකව තීරණය විය. නුදුරේදීම පක්ෂයේ නායකයා ලෙස පත්වනු ඇති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂය වෙනුවෙන් සාකච්ඡා කිරීමේ බලය ද හිමිවූයේ එළෙසය.

භාරකාර රජයක් තැනීම සම්බන්ධයෙන් වන වැඩපිළිවෙල සෙමෙන් වුවත් මේ දක්වා සාර්ථක අයුරින් දියත්ව තිබෙන බව පසුගිය බදාදා පාර්ලිමෙන්තු සංකීර්ණයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන උප කමිටු හමුවේ දී තවදුරටත් පැහැදිලි විය. නිමල් සිරිපාල ද සිල්වා (සභාපති), මහින්ද අමරවීර (ලේකම් - එක්සත් ජනතා නිදහස් සන්ධානය), රෝහණ ලක්ෂ්මන් පියදාස (මහලේකම් - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය), එස්.බී.දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, මුත්තු සිවංලිගම් (ලංකා කම්කරු කොංග්‍රසය) සහ ඒ.ල්.එම්.අතාවුල්ලා (ජාතික කොංග්‍රසය) යන මහත්වරු එයට එක්ව සිටියහ.

උප කමිටු හමුවේ දී වැදගත් තීරණ 2ක් ගැනිණ.

මහින්ද රාජපක්ෂ මහතා හමුවී සභාග රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස ජනපති සිරිසේනගෙන් ඉල්ලා සිටීම ඉන් පළමු වැන්න විය. දෙවැන්න වූයේ 2019 පෙබරවාරි මාසයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා ලෙසට ජනපතිවරයාගෙන් ඉල්ලා සිටීමය. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වන මෙවැනි ඉල්ලීමක්, එනම් සභාග රජයේ ප්‍රධාන පාර්ශවකරුවකුගෙන්ම ඉදිරිපත් වන ඉල්ලීමක්, හරහා රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවකට ගොස් වර්තමාන සභාග රජයෙන් එක්සත් ජාතික පක්ෂය ඉවත් කිරීම සදහා වෑයමක යෙදීමට ජනපති සිරිසේන මහතාව කුලුගැන්වීමේ සමත්ය. 

මේ සා තත්ත්වයක් උද්ගතව ඇත්තේ වුවද එක්සත් ජාතික පක්ෂය තවමත් මුනිවත රකිමින් සිටී. නමුත් ජනපති සිරිසේන මහතා සහ අගමැති වික්‍රමසිංහ මහතා අතර විනාඩි 40ක පමණ කාලයක් ගෙවුණු හමුවක් පසුගිය සිකුරාදා පැවතියේය. වත්මන් තත්ත්වය සාකච්ඡාවට ගැනුණු බව සදහන් වුව ද එම තොරතුරු ලබාගැනීමට හැකියාවක් නොලැබිණ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටීම ද කරුණු කිහිපයක් නිසා මෙම අවස්ථාවේ දී වැදගත්ය. එයින් ප්‍රධානම කාරණය වන්නේ - මෛත්‍රී - මහින්ද සාකච්ඡා යහපත් අවසානයක් දුටුවහොත් ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට දෙපාර්ශවය එක්ව අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබීමය. මේ සම්බන්ධයෙන් දැනට තීරණයක් ගෙන නොමැති නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තොරතුරු මාර්ග පවසන්නේ එවැන්නක් සිදුවීමේ හැකියාව නොසළකා හැරිය නොහැකි බවයි.
එවැනි තත්ත්වයක් හමුවේ එක්සත් ජාතික පක්ෂයට සහ එහි මිතුරු පක්ෂවලට තනිව තරග කිරීමට සිදුවනු ඇත.



අදහස් (1)

සාකච්ඡා අතරේ පැළවෙන අවිශ්වාසයේ බීජ

hatharahina Saturday, 20 October 2018 05:21 AM

රෙදි ඇඳගෙනද මහින්ද එක්ක මෛත්‍රී එකතුවෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ටයිම්ස් දේ.තී.

දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රකාශකයෝ
2022 අගෝස්තු මස 27 7468 2

ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පැමිණීමට යොදාගත් පෞද්ගලික ගුවන්යානය සම්බන්ධයෙන් නිල කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප


උභතෝකෝටික ප්‍රශ්න
2022 අගෝස්තු මස 26 4550 1

කොතෙක් ආරක්‍ෂක මුරකපොලු තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ දෙවරක් ජනපතිවරයා වූද, දෙවරක් අගමැතිවරයා ද, වූ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේදී සන්ඩේ ටයිම්ස් කළ ආර


රජ ගෙදරටත් දැනෙන තනිකම, පාළුව
2022 අගෝස්තු මස 24 12800 10

විරෝධතා රටපුරා නැගෙමින් පැවතිණ. ආර්ථික අර්බුදය පුපුරා යමින් තිබිණ. එවන් පසුබිමක, පසුගිය මැයි මාසයේ දී පර්සි මහින්ද රාජපක්ෂ මහතා ඔහු එතෙක් දරමින් සිටි


මිරිහානේ නිවසට තව ටිකක් දුරයි
2022 අගෝස්තු මස 17 5551 1

සිංගප්පූරුවට පළාගොස් සති දෙකක් ගතවී තිබෙණ තැන, හිටපු ජනපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන්ට ආරක්ෂා සහිතව ජීවත්වීමට රැකවරණය ලබාදෙන රටක් සොයාගැනීමට


පොහොට්ටුවට යටත් නොවූ සර්ව පාක්ෂික ආණ්ඩුවක්
2022 අගෝස්තු මස 03 6836 1

ආර්ථික සහ දේශපාලන අර්බුද මැද ගෙවෙන කාලයක පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරෙන බව ගෙවුණු බ්‍රහස්පතින්දා හදිසියේම නිවේදනය කෙරුණේ රටක් පුදුමයට පත් කරමිනි. ගැ


රනිල් රජ කළ රාජපක්‍ෂ මෙහෙයුම
2022 ජුලි මස 26 4893 1

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 45ක් සපිරුණු, පසුගිය බදාදා දිනයේ, වාසනාව දොර හැරගෙන ඔහු දෙස බලා සිටියේය. වික්‍රමසිංහ මහතා ප්‍රථම වතාවට පාර්


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site