(උපාලි ආනන්ද)
බාල වයස්කාර දැරියක වරින්වර අපයෝජනය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා 5ක් ලබා සිටි විත්තිකරුවෙකු, එකී අධිචෝදනා පහටම වරද පිළිගැනීමෙන් පසු වසර 30ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු, උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද (2) නියම කළේය.
මෙසේ දඩුවම් නියම වූයේ නොච්චියාගම පහළවැටියාව පදිංචි එම්. නිහාල් ලක්ෂ්මන් නැමැති 48 හැවිරිදි සිව්දරු පියෙකුටය.
විත්තිකරුට එරෙහිව එල්ල වී තිබූ අධිචෝදනා පහෙන් අධි චෝදනා තුනකට වෙන් වෙන් වශයෙන් වසර 7 බැගින් ද, තවත් අධිචෝදනා දෙකකට පිළිවෙළින් වසර 7 සහ වසර දෙක බැගින් ද මෙලෙස බරපතල වැඩ සහිතව වසර 30ක සිර දඬුවම් නියම කෙරිණ.
ඊට අමතරව පැමිණිලිකාර දැරියට මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසට විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළේය. තවද, මුදලින් රුපියල් 12, 500ක දඩ මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් වසර දෙකහමාරක සිර දඬුවමකටද යටත් කෙරිණ. නියම කළ 30 වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම එකවර ගෙවී යා යුතු බවටද නියෝග කෙරිණ.
2016 වසරේ ජනවාරි මස 1 දා සහ 2016 වසරේ ඔක්තෝබර් මස 6 වනදා අතර කාලය තුළ අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් නොච්චියාගම අන්දරකැළයදී විත්තිකරු වයස අවුරුදු 16 ට අඩු දැරියක අපයෝජනය කර ඇති බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 356 වන වගන්තිය ප්‍රකාරව අධිචෝදනා පහක් යටතේ වෙන් වෙන් වශයෙන් ඔහුට එරෙහිව නඩු දෙකක් අනුරාධපුර අංක දෙක මහාධිකරණය හමුවේ පවරා තිබිණ.
මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය තඹුත්තේගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති අතර විත්තිකරුට අධිචෝදනා බාරදීමෙන් පසුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර අංක දෙක මහාධිකරණයට යොමු කර තිබිණ.
පැමිණිලි පාර්ශවය වෙනුවෙන් රජයේ අධිනීතිඥ ක්‍රිෂාන් ද අල්විස් ගුනතිලක මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥවරුන් වන සුරංග මොහොට්ටි සහ ගයාන් සිරිවර්ධන යන මහත්වරු පෙනී සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සිව්දරු පියා හිරගෙට