(නිමන්ති රණසිංහ)
කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් අගෝස්තු මාසයේදී පමණක් පොලිස් නිලධාරීන් 10 දෙනකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව, කොරෝනා වයිරසය වැළැදීමෙන් මේ වන විට පොලිස් සාමාජිකයන් 27 දෙනකු මියගොස් ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
මෙලෙස මියගිය පොලිස් සාමාජිකයන්ගෙන් බහුතරය කොවිඩි නියුමෝනියා ත්තත්වෙයන් මියගොස් ඇතැයි ද සඳහන් වෙයි.
අගෝස්තු මස 01 වැනිදා සිට අද (27) දින වන විට මියගොස් ඇත්තේ කිතුල්ගල, ගලහ, දෙමටගොඩ, ගාල්ල, මෝදර, උඩුගම, අඹන්පොල, ජාතික පොලිස් විද්‍යා පීඨය, මඩකලපුව සහ කෑගල්ල යන පොලිස් ස්ථානවල සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන්ය.
කොරෝනා වැළැදීමෙන් මියගිය පොලිස් නිලධාරීන් අතර, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරු 6 දෙනකු, පොලිස් සැරයන්වරුන් 13 දෙනකු සහ පොලිස් කොස්තාපල්වරුන් 06 දෙනකු ද වෙති.
කොවිඩ් ආසාදිතව මියගිය ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා වූයේ ජාතික පොලිස් විද්‍යාලයට අනියුක්තව සේවය කළ වී. එම්. ඒකනායක මහතා වන අතර ඔහු ඉකුත් 10 වැනිදා කොවිඩ් නියුමෝනියා තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද පොලීස් ආරංචි මාර්ග සදහන් කරයි.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පළමු පොලිස් නිලධාරියා වූයේ මොනරාගල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක පී. ජී. අන්දිරිස් අප්පු මහතා වන අතර ඔහු ඉකුත් 2021 පෙබරවාරි මස 6 වැනිදා මරණයට පත්විය.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අගෝස්තු මාසයේදී පොලිස් නිලධාරීන් 10ක් කොරෝනාවට බිලි
SL Friday, 27 August 2021 01:41 PM
නිහඬ වීරයින්. පොලිසිය ලෙඩ හදාගන්නේම විනයක් නැති මිනිස්සු හින්දයි. අර දොස්තර කෙනෙක් තමන්ගේ ළමයින්ට විද්දා කියන එකටත් සමාවක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. හෙදියන්, සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වලට එන්නත දුන්නා නේද? නිවන් සුව....!!!
RaveendraFriday, 27 August 2021 02:09 PM
ඇත්ත වශයෙන්ම ඔබගේ අදහස් නිවැරැදිය. විනයක් නැත්තේ කොතැනද එතන මහා විනාශයකි. මෙය එයට කදිම උදාහරණයකි. අප සමාජයේ විනය අන්තයටම පිරිහී ඇති බවත් අප පිළිගත යුතුමයි.
Priyankara Friday, 27 August 2021 02:45 PM
කොහෙද යන්නේ මල්ලෙ පොල්....
අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය Saturday, 28 August 2021 01:40 PM
ඉතා කණගාටුයි...! මේ ඉන්නෙත් අප රටේ දූ පුතුන්, සහෝදරයන් සහෝදරියන් තමයි. මොවුන්ට සහාය දීමට ජනතාවත් උත්සාහ කළ යුතුයි. පාරේ වැඩ කරනවිට, ඔවුන්ට වෙලාවට කන්න බොන්නවත් වතුර පොදක් බොන්නවත් විදියක් නෑ. එවිට ශරීරයේ ප්‍රතිශක්තීකරණය අඩපණ වෙනවා. නැත්නම් එන්නත් විදලත් මෙහෙම වෙන්න විදියක් නෑනේ... මොවුන් රටේ නීතිය ආරක්ෂා නොකරන්නට අපිත් ඇෆ්ගනිස්තානයේ ඉන්නවා වගේ ඉන්න තිබ්බා. කිහිප දෙනෙක් වැරදි වැඩ කළ පලියට මොවුන්ගේ සහ හමුදාවන්ගෙන් මේ දිනවල සිදුවන සේවය මිලකළ නොහැකියි.