IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


අම්බලන්ගොඩ පාසල් දෙකක 9-11 ශ්‍රේණිවල ගුරුවරුන්-සිසුන් ස්වයං නිරෝධායනයට

(ඩී.ජී.සුගතපාල සහ සිරංගිකා ලොකුකරවිට)
 
අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන පාසල් දෙකක ඉගෙනුම ලබන එකම පවුලේ ළමයින් දෙදෙනෙකුගේ මවට සහ පියාට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (24) තහවුරුවීම නිසා එම පන්ති දෙකේ සිසුන් සහ ගුරුවරුන්  ස්වයං නිරෝධායනයට යොමු කිරීමට උපදෙස් දුන් බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ.සිංගාරච්චි මහතා පැවසීය.
 
නව පාසල් වරාය ආරම්භ වීමෙන් පසු, ඊයේ (23) දිනයේදී එම සිසුන් පාසල් වෙත පැමිණ තිබිණි.
 
අම්බලන්ගොඩ තිලකපුර පදිංචි මෙම සිසුන්ගේ පියා ආරක්ෂක අංශ සාමාජිකයෙකි. ඔහු ඉකුත් 16වන දින නිවසට පැමිණිමෙන් පසු ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදි ඊයේ දහවල් ඇතිවු හදිසි අසනීප තත්වයක් පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර ඇත.
 
වහාම ගිලන් රථයකින් ඔහු කරාපිටිය රෝහල වෙත ගෙන ගොස්  ඇති අතර එහිදි කරන ලද පී.සී.ආර්.පරික්ෂණයේදි ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ. මේ හේතුවෙන් ඔහුගේ බිරිඳගේද පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කර ඇත. එහිදි ඇයටද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
 
මේ නිසා  එම සිසුන් දෙදෙනාගේද පී.සී.ආර්.පරික්ෂණ හෙට(25) දිනයේ සිදු කරන බවත්  එහි වාර්තා ලැබෙන තෙක් පාසල් දෙකේ 9 සහ 11 ශ්‍රේණිවල සිසුන් 30දෙනෙකු සහ ගුරුවරුන් 8දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකළ බවත් එම පරීක්ෂණ වාර්තා අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් වෙනුර කේ.සිංගාරච්චි මහතා පැවසීය.



අදහස් (6)

අම්බලන්ගොඩ පාසල් දෙකක 9-11 ශ්‍රේණිවල ගුරුවරුන්-සිසුන් ස්වයං නිරෝධායනයට

pakeer Tuesday, 24 November 2020 01:23 PM

කවුද කෙනෙක් කිව්වා නේද වගකීම බාරගන්නවා කියලා? පාසල් පටන් ගන්න ඉස්සෙල්ලා.

:       0       38

mihira Tuesday, 24 November 2020 03:00 PM

ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි...

:       0       0

Prasad Tuesday, 24 November 2020 03:33 PM

අර ලියන්න කියලා කෙනෙක් වගකීම ගන්න කිව්වා නේද?

:       0       2

wije Tuesday, 24 November 2020 04:52 PM

යස අගේට ගෙවල් වලට වෙලා ආරක්ෂිතව හිටපු ළමයි ටික මේ හදිසියේ ගෙන්නලා කරපු විනාශයක හැටි. තව ටික දවසක් බලලා පාසල් ටික පටන් ගන්න නේද තිබුණේ?

:       0       0

vikum Tuesday, 24 November 2020 05:02 PM

රජය අනිවාර්යෙන්ම මෙහි වගකීම බාරගත යුතුය. අනෙක් රටවල පාසැල්වල කොරෝනා සමයේ සුරක්ෂිතතාවය සඳහා මාස්, අත්මේස් විෂබීජ නාශක දියර වෙනුවෙන් රාජ්‍ය මුදල් යොදවති. අප රටේද මෙය අනිවාර්යයෙන්ම විය යුතුය. 72 නිදහස ලබලා මාස 6ක් මිනිස්සුන්ට කන්න දෙන්න කිසි පාලකයෙකුට රට දියුණු කරගන්න බැරිවුණා. වෙන රටවල ඔලුවට කිරන අල්ල අල්ලා ඉන්නෑ. ස්වයංක්‍රීයව උණ පරීක්ෂා වෙනවා. ස්වයංක්‍රීයව එය කියනවා. පිස්සු පාලකයින් එදත් අදත් ඉන්නවා...

:       0       1

කපිල Tuesday, 24 November 2020 05:47 PM

අධ්‍යාපනය බාරදෙන්න ඕන පොලවේ පය ගහලා පුරුදු ඩලස් වගේ කෙනෙකුට. දැන් පේනවනේ වෙලා තියෙන තත්ත්වය. ටයි කෝට් දාගෙන A/c කාමරේ ඉන්න අධ්‍යාපන ඇමති කෙනෙකුට මේ වගේ අවදානම් කොළඹින් පිට තියෙනවා කියලා තේරෙන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

මහ පුවරුව

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 481 1

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1831 10

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


බන්ධනාගාර හිටපු නිලධාරියකු වෙඩි තබා මරලා
2025 මාර්තු මස 13 4305 23

බන්ධනාගාර හිටපු අධිකාරිවරයකුට නාඳුනන තුවක්කුකරුවකු අද සවස එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.


කෝපාවට ආ ’’ආර්.එම්.වී’’ ලොක්කන් ගෙදර යවයි
2025 මාර්තු මස 13 3949 5

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම්ව නොපැමිණීම හේතුවෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) එම නිලධාරීන්ට දැඩි



වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරු අධිකරණයට ගෙනූ
2025 මාර්තු මස 12 2699 6

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 223 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 518 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 250 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site