IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ආසාදිතයකු හමුවීමෙන් ලංකාපුර ප්‍රා.ලේ කාර්යාලය වහයි

 

 

(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු කාර්යාල කාර්ය සහායකවරයකු කොරෝනා ආසාදිත බවට තහවුරු විමෙන් පසුව අද (30) දිනයේ සිට එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සෞඛ්‍ය හේතූන් මත තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා පවසයි.

ඒ අනුව ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිරෝධායනයට ලක්කළ යුතු පිරිස් හඳුනාගෙන ඔවුන් නිරෝධායනය සඳහා යොමුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ඒ සඳහා සෞඛ්‍ය කණ්ඩායම් මේ වන විට එහි ගොස් සිටින බවද ඒ මහතා කීය.

මීට දින දෙකකට පෙර පී.සී.ආර්.පරීක්‍ෂණ සිදු කරනු ලැබූ ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් අතුරින්  මෙම කොරෝනා ආසාදිතයා අලූතින්   හමුවූ බවද හෙතෙම පැවසීය.

ලංකාපුරින් හමුවූ කොරෝනා ආසාදිතයා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අංගොඩ උණ රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇතැයි ද වෛද්‍ය කුමාරවංශ මහතා කීවේය.

මීට පෙරද ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරියකු කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වූ බව පොලොන්නරුව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (4)

ආසාදිතයකු හමුවීමෙන් ලංකාපුර ප්‍රා.ලේ කාර්යාලය වහයි

කේ.ඩබ්. ආනන්දසිරි Thursday, 30 July 2020 06:08 AM

මැතිවරණ රාජකාරි සඳහා බාධාවක්...

:       0       0

දුෂ්මන්ත ලමාහේවා Thursday, 30 July 2020 06:57 AM

මේ අහුවෙන්නේ සාමාන්‍ය සමාජයෙන්. ඡන්දෙන් පස්සේ නගී. ටැක්සි මීටරේ වගේ...

:       0       3

සෝමකීර්ති Friday, 31 July 2020 12:47 AM

එම කාර්යාලයේ පමණක් නොව සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාවල දැව හෙලීම් කටයුතු කරන නිලධාරින් සහ ප්‍රවාහන බලපත්‍ර කටයුතු කරන අයත් අල්ලස නැමති බලවත් රෝගයෙන් පෙලෙන නිසා ඔවුන්ද නිරෝධායනය කළයුතුයි..

:       0       0

tharindu Friday, 31 July 2020 01:33 AM

එතකොට දැන් කොරෝනා සමාජගතවෙලා නැතිනම් කොහොමද මේ පුද්ගලයාට වැළඳුණේ? අහසින් කඩාපාත් වෙලාවත්ද?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 144 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 168 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 302 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1002 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 926 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1237 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 455 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site