(ජේ.කේ.එල්. චාමින්ද)
පසුගිය සති දෙකක කාලය තුලදි බන්ධනාගාරවලින් ඇප ලබා නිදහස්ව ගොස් ඇති රැදවියන් තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් වෙත දුරකථන ඇමතුමක් මගින් ඒ ගැන දැනුම් දෙන්නැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
මොවුන්ගේ නිවෙස්වලටම පැමිණ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට කටයුතු යොදා ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි. මෙවැනි පුද්ගලයින් පිළිබද අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට ද දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
පසුගිය දින 14 තුල බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් සිටි රැදවියන් 38 දෙනෙකු ඇප ලබා නිදහස්ව ගොස් ඇති බවද හෙතෙම පවසයි. ඔක්තෝබර් මස 30 වැනිදින සිට මේ දක්වා කාලය තුලදි බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් ඇප ලබා නිදහස්ව ගිය රැදවියන් පිළිබද නාම ලේඛනයක් ලබාදෙන ලෙස බන්ධනාගාර දේපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි අතර එම රැදවියන් හැකි ඉක්මණින් හදුනාගෙන නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නලෙස පොලිසියට දැනුම් දී ඇති බවද හෙතෙම පවසයි.
රැදවියන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කරණ තෙක් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බව සදහන් කළ වසංගත රෝග විද්‍යාඥවරයා බන්ධනාගාර පොකුර සමාජගත නොවී පාලනය කිරීම සදහා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ සමග එක්වී මෙම පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් සදහන් කළේය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඇප ලැබූ රැඳවියන් සෞඛ්‍ය පරීක්ෂකට දැනුම්දෙන්න