IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඇමෙරිකාවෙන් පැය 24ට ආසාදිතයන් 100,000ක්

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් අනතුරුව පැය 24ක් ඇතුළත වයිරස ආසාදිතයන් 100,000 ඉක්මවා වාර්තා වූ පළමු රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව ඇත.

මීට පෙර දිනක් ඇතුළත වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ ඉන්දියාවෙන් වන අතර එම ගණන 97,894ක් විය. ඉන්දියාවෙන් දිනක් ඇතුළත එතරම් වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ය.

මේ පුවත වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට දින තුනක් තිබියදීය. එමෙන්ම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් මහා පරිමාණ රැලි පවත්වන අතර මුඛ ආවරණ පැලඳීම හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම යනාදිය ද නොසලකා හැර ඇත.

මෙවැනි ඉසවු හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප්, ඔවුන්ගේ දෙදෙනාගේ පුතු වන බාරෝන් ට්‍රම්ප්, ඔවුන්ගේ සමීපතමයන්, කාර්යමණ්ඩල සාමාජිකයන් මෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුටම නව කිරෝනා වයිරසය ආසාදනය විය.

නව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා දින කිහිපයක් රෝහල් ගතව ද ප්‍රතිකාර ලැබීය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුතු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් (කනිෂ්ඨ) ‘කොවිඩ්-19’ මරණ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරමින් ප්‍රකාශයක් ද කළේය. ‘‘මේවා නිකං ගණනක් විතරක්, ඇත්තටම මේකේ කිසිදෙයක් නැහැ’’ යැයි ඔහු කීවේය. එම ප්‍රකාශයත් සමඟ ඔහුට දැඩි විරෝධයක් ද එල්ල විය.

තවමත් ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකාව තුළ නව කොරෝනා වයිරසය මෙතරම් උත්සන්න වූයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ නිසා චෝදනා එල්ල වී තිබේ.


‘‘ජනාධිපති ට්‍රම්ප් ට ‘කොවිඩ්-19’ මර්දනය කරන්නේ කෙසේද කියලා තවමත් සැලැස්මක් නැහැ. ඔහු ඔබ අත්හැරියා, ඔබේ පවුල අත්හැරියා. ඇමෙරිකාව අත්හැරියා. ඔහු දිගින් දිගටම මේ භයානක අංක වැඩි වෙන්න ඉඩහැරියා. අපට තවත් අවුරුදු හතරක් මේ විදියට ඉන්න බැහැ. තවත් අසාර්ථක අවුරුදු හතරකට ඉඩ දෙන්න බැහැ’’ යැයි ජෝ බයිඩන් නිවේදනයක් නිකුත් කරමින් සෙනසුරාදා දිනයේදී පැවැසීය.

 
ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අවසන් හා දෙවැනි ධුර කාලය වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියි. ඔහු රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන අතර ඔහුගේ ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරයි. බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවන විට එම සමයේ එරට උප ජනාධිපති ධුරය හෙබවූයේ ජෝ බයිඩන් ය.
 
 
ඒ.එෆ්.පී./රොයිටර්
 
055 

 



අදහස් (1)

ඇමෙරිකාවෙන් පැය 24ට ආසාදිතයන් 100,000ක්

chandima Sunday, 01 November 2020 11:47 PM

එහෙනම් ඉතින් ලංකාවෙ කොරෝනා වැඩිවුණාට බය වෙන්න දෙයක් නැහැ. පාරට බැහැලා ඇමෙරිකාව ඉවරයි කිය කියා උන්නාම වැඩෙ හරි. අපි මළත් මොකද ඇමෙරිකාවට කෙළ වෙනවා නම් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 109 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1211 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 183 1

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1487 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 252 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 153 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site