ඉකුත් සතියේ දී ලොව වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් යැයි ද එම ගණන ලක්ෂ පහකට ආසන්න යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වූ එම ආසාදිතයන්ගේ ගණනත් සමඟ ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 1% ඉහළ ගොස් ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.
කෙසේ නමුත් කලින් සතිය හා සැසඳීමේදී පසුගිය සතියක කාලයේ දී ගෝලීයව වාර්තා වූ නව කොරෝනා වයිරස මරණ ගණන 3%කින් අඩු වී ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එසේ වුවද පෙර සතිය හා සැසඳීමේදී ගෝලීයව වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 1.8කින් ඉහළ ගොස් තිබේ.
ඇමෙරිකානු කලාපය තුළ ද නව කොරෝනා වයිරසය තවමත් වේගයෙන් පැතිර යමින් තිබෙන අතර ලොවපුරා වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් සහ නව කොරෝනා වයිරස මරණවලින් හරි අඩකට වඩා වාර්තා වන්නේ ද ඇමෙරිකානු කලාපයෙනි. කෙසේ නමුත් එම කලාපයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සහ වයිරස ආසාදිත මරණවල අඩුවක් දක්නට ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.
පේරු, මෙක්සිකෝ, කොලොම්බියා සහ ආර්ජන්ටිනාව යන රටවලින් ආසාදිතයන් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
අගෝස්තු 30 වැනි දිනෙන් අවසන් වූ සතියේ දී යුරෝපයෙන් වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ස්පාඤ්ඤය, රුසියාව, ප්‍රංශය සහ යුක්රේනය යන රටවලිනි. ඉකුත් මාර්තු සහ අප්‍රේල් මාසවලදී මෙන් ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් වාර්තා වීමේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. පසුගිය සතියේදී ඉතාලියෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වීමේ 85% ක වර්ධනයක් පෙන්නුම් කරන්නේ යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
කලින් සතිය හා සැසඳීමේදී අග්නිදිග ආසියාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩි වී තිබෙන අතර ඊට හේතු වී ඇත්තේ ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩිවීම යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවලට අනුව පසුගිය දින හතක කාලයේ දී ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 500,000ක් ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති අතර එය ඊට පෙර සතිය හා සැසඳීමේදී 9% වර්ධනයකි. සතියක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන මෙය යැයි ද පැවසේ.
අප්‍රිකානු කලාපයේ ද ආසාදිතයන් වාර්තා වීමේ යම් වර්ධනයක් දක්නට ඇතැයි ද ඉකුත් සතියක කාලයේදී ඉතියෝපියාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. අප්‍රිකානු කලාපයේ වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ දකුණු අප්‍රිකානු කලාපයයි. ලොව පස්වැනියට වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද අප්‍රිකාවෙනි. එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණනේ අඩුවක් පෙනෙන්නට ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
මීට පෙර වයිරසය වේගයෙන් පැතිර යමින් තිබූ ඝානාවල කෙන්යාවල ගැබෝන් සහ මැඩගස්කරය යන රටවලින් පසුගිය සතියේ දී ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් දක්නට ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. කෙසේ නමුත් වාර්තා වන ගණන් සම්බන්ධයෙන් නැවත වරක් විමසා බැලිය යුතු යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.
නැගෙනහිර මධ්‍යධරණී කලාපයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන්වල උස් පහත් වීම් ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එම කලාපයෙන් පසුගිය සතියක කාලයේ දී වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඉරාකය, ඉරානය, මොරොක්කෝව, සෞදි අරාබිය සහ කුවෙට් යන රටවලිනි.
ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට ගත් කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මේ වනවිට ලොවපුරා මිලියන 25.44 දෙනකුට ආසාදනය වී ඇත. ගෝලීයව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 847,965කි.
රොයිටර්
055
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉන්දියාවෙන් සතියකදී කොරෝනා ආසාදිතයන් ලක්ෂ 5 ක්