ඉන්දියාවේ මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් ට නව කොරෝනා වයිරස ආසාදනය වී ඇත.
ලොව දෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.
“මට ‘කොවිඩි-19’ ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. මා රෝග ලක්ෂණ පෙන්නුම් කළේ නැහැ. නමුත් මා ඉතා හොඳින් ඉන්නවා” යැයි ඉන්දීය මහ බැංකු අධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
හැට තුන් හැවිරිදි ඉන්දීය මහ බැංකුවේ අධිපතිවරයාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ ඉරිදා ය.
ඉන්දීය මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් එරට නව කොරෝනා වයිරසය ආසාදනය වූ ඉහළ පෙළේ පුද්ගලයන් කිහිපදෙනා අතරින් කෙනෙකි.
“පසුගිය දින කිහිපයේදී මා ඇසුරු කළ පුද්ගලයන් ද දැනුවත් කළා. මා මේ වනවිට නිරෝධායනයට යොමු වී සිටිනවා. මහ බැංකුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙනවා” යැයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
ඉන්දියාවෙන් මේ වනවිට මිලියන 7.8 ඉක්මවා නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන අතර ඉන්දියාව දෙවැනි ඇමෙරිකා එක්සත් ජනපදයට පමණි. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 118,000 ඉක්මවයි.
බිලියන 1.3ක ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය, එරට මූල්‍ය කේන්ද්‍රස්ථානය වන මුම්බායි මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලට ද මේ වනවිට නව කොරෝනා වයිරසය පැතිර ගොස් තිබේ.
ඉන්දියාවේ සුපිරි නළු අම්තාබ් බච්චන් සහ එරට ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා යන අයට ද නව කොරෝනා වයිරසය ආසාදනය විය.
නව කොරෝනා වයිරසයත්, නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමාත් නිසා ඉන්දීය ආර්ථිකය දැඩි කඩාවැටීමකට ලක්ව තිබේ. මහ බැංකු අධිපතිවරයා ඉන්දීය ආර්ථිකය නැවත යථා තත්ත්වයට ගෙන ඒමේ ක්‍රියාවලියේ ප්‍රධාන පාර්ශවකරුවෙකි.
ආර්ථිකය නැවත යථා තත්ත්වයට ගෙන ඒමේ අරමුණින් ඉන්දීය ආණ්ඩුව සීමා ලිහිල් කළ අතර පසුගිය අගෝස්තු මාසයේ සිට දෛනික සාමාන්‍යයක් ලෙස වයිරස ආසාදිතයන් 50,000කට ආසන්න පිරිසක් හඳුනාගැනෙමින් තිබේ.
ඉන්දීය ආර්ථිකය පසුගිය අප්‍රේල් මාසයේ සිට ජූනි මාසය දක්වා කාලයේදී සියයට 23.9කින් පහළ වැටී තිබේ.
ඉන්දීය ආර්ථිකය මේ වසරේ දී සියයට 10.3කින් පහළ වැටෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉකුත් දිනෙක පුරෝකථනය කළේය.
ඒ.එෆ්.පී.
055
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉන්දීය මහබැංකු අධිපතිට කොරෝනා