IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


එ.ජා. මානව හිමිකම් සැසියේ ලංකාවට එහෙිව නව යෝජනාවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවරායට ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට ඇමෙරිකා එක්සත් ජනපදය දැනටමත් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

          එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත ය.

          ඉකුත් යහපාලන රජය ද සම අනුග්‍රහාය දැක්වූ එක්සත් ජාතීන්ගේ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට වත්මන් රජය පියවර ගත් අතර ඊට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමි විය.

          ශ්‍රී ලංකාවට එරෙහි නව යෝජනාවට ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය එක්ව වැඩ කරන බව ද දැනගන්නට ලැබේ.

          අදාළ 30/1 යෝජනාවේ දිගුවක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී 34/1 සහ 40/1 යනුවෙන් තවත් යෝජනා දෙකක් සම්මත විය.

          යුද සමයේ වගවීම් ක්‍රියාමාර්ග සහ පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සංහිඳියා (ප්‍රතිසන්ධාන) ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම යෝජනාවලින් අවධානය යොමු කර තිබිණි.
          මෙම සිදුවීම් මධ්‍යයේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී.ටෙප්ලිට්ස් මහත්මිය අතරේ හදිසි හමුවක් තානාපතිවරියගේ නිල නිවසේදී ඉකුත් දා පැවැත්විණි.

          ඇමෙරිකාව ගෙන ඒමට නියමිත නව යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ සහාය හිමිවන බව සුමන්තිරන් මහතා, එම හමුවේදී තානාපතිනියට දැනුම් දී තිබේ.
          වත්මන් ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ නිරත වන බැවින් වාර්ගික අර්බුදයට විසඳුමක් ලැබෙන පරිදි ගෙන එන නව යෝජනා වෙනස් කළ යුතු බව ද සුමන්තිරන් මහතා මෙහිදි තානාපතිනිය හමුවේ පවසා ඇත.

          පාර්ලිමේන්තුවේ සිටින අනෙකුත් දේශපාලන පක්ෂවල නායකයන් වන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් සමඟ ද සුමන්තිරන් මහතා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කිසිදු යෝජනාවකින් සැලකිය යුතු යමක් අත්පත් කරගැනීමට නොහැකි වූ බැවින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යා යුතුය යන්න එම නායකයන්ගේ අදහස වී තිබේ.

          නව යෝජනාවක් සඳහා එලෙස ක්‍රියාමාර්ග ගැනෙමින් තිබියදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම එහි දේශපාලන සහ සාමය ගොඩනැගීමේ

කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් රෝස්මරි ඒ. ඩිකාලෝ මහත්මිය ලබන වසරේ මෙරට සංචාරයක නිරත වීමට නියමිත යැයි ද වාර්තා වේ.
          අනෙකුත් බලපෑම් සහගත බටහිර රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ද මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කර තිබෙන අතර‌ මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ද අදහස් විමසීමට නියමිත ය.

          මේ අතර “පාර්ශවකාර රටේ සහයෝගය ප්‍රමාණවත් නොවීම” නිසා ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවේ රුපියල් බිලියන 89 ක එම්.සී.සී. (මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) ප්‍රදානය නවත්වන බව පසුගිය සතියේදී නිවේදනය කෙරුණි.
 
 සන්ඩේ ටයිම්ස්

055



අදහස් (7)

එ.ජා. මානව හිමිකම් සැසියේ ලංකාවට එහෙිව නව යෝජනාවක්

රොශාන් Sunday, 20 December 2020 12:08 PM

හැකි ඉක්මණින් කළ යුත්තේ යාපනයෙන් පැන්නූ මුස්ලිම් ජනතාව නැවත යාපනයේ ඉඩම් ලබා දී පදිංචි කිරීමයි. විල්පත්තුව කපන්න වුනෙත් ඕක නොකළ නිසා.

:       0       0

menna Sunday, 20 December 2020 01:38 PM

මොනවා මානව හිමිකම්ද? යුරෝපා සංගමය (පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි) විසින් ලංකාව ආක්‍රමණය කිරීමට පෙර ලංකාව තමිල්නාඩුව වෙනකම් පාලනය කරපු රටක්... ඉන්දියාව යුරෝපයේ සහාය අරන් ලංකාව පාවලා දීලා ලංකාවේ ණයවත් ගෙවලා නැහැ කියලා මට නම් හිතෙන්නේ. දැන් ඇමරිකාව ඉස්සරහට ගෙන නැවතත් ලංකාව අස්ථාවර කරන්න හදන්නේ...

:       0       0

thisara Sunday, 20 December 2020 02:49 PM

මේ ආණ්ඩුවේ පිස්සු වැඩ නිසා අපේ මව්බිම අනතුරේ...

:       0       0

Gamunu Sunday, 20 December 2020 03:22 PM

පත්වුණු දවසේ ඉඳලාම රටට හෙනේ... හොඳට තිබුණු රටක්... අපි වැටිච්ච තැනක්.

:       0       0

බර්තොලමිව් Sunday, 20 December 2020 08:02 PM

2005 ඉඳලා ඔය සල්ලි ඉල්ලුවා. ඒ මිනිස්සු අමාරුවෙන් තීරණය කරලා 2017 දෙන්න පොරොන්දු වුණා. නමුත් ලංකාවේ දේශපාලන කඹ ඇදිල්ල නිසා ඒක පරක්කු වුණා. මේකෙන් ඇමරිකාවට මදි පුංචි කමක් වුණු නිසා ඉස්සරහට කරදර කරන්න බලයි.

:       0       0

මුණසිංහ Monday, 21 December 2020 03:11 AM

එම්සීසීයට කැමති වුණා නම් ඔක්කොම ඉවරයි. මොවුන්ගේ මේ ක්‍රියාමාර්ගවලට එරෙහිව රටේ සියලු ජනතාව ශ්‍රී ලාංකිකයින් ලෙස එකට සිට කටයුතු කළ යුතුයි. නැත්නම් අපට දේශපාලනය කරන්නවත් රටක් නැති වේවි.

:       0       0

Rata Perata Monday, 21 December 2020 07:36 AM

ඔවා ගැන බයවෙන්න එපා. අපේ රට දැන් පාලනය කරන්නෙත් ඇමෙරිකන් කාරයොනේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 633 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 519 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 131 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1762 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site