(ජේ.කේ.එල් චාමින්ද)
කොග්ගල නිදහස් වෙළඳ කළාපයේ ඇගලුම් කම්හල් දෙකක කොරෝනා වයිරසය ආසාදනය වු සේවක සේවිකාවන් 39 දෙනාගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස 829 දෙනෙකු හඳුනාගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
මේ වනවිට එම සේවක සේවිකාවන් නිරෝධායනය කිරිමට කටයුතු කර ඇති බවද ඒ මහතා පවසයි. මෙකී තත්වයත් සමඟ ඇගලුම් කම්හල්වලින් රේජ්ජිපුර, මිදිගම කහද කුඹුරුපිටිය හා යක්කලමුල්ල යන ප්‍රදේශවලට බස් රථ මගින් ඇගලුම් සේවක සේවිකාවන් ප්‍රවාහනය කිරිම නතරකර එම බස්රථවල ගමන්ගත සේවක සේවිකාවන් දැඩි ලෙස නිරෝධායනය කිරිමට උපදෙස් ලබාදි ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා කීය.
මින් එක් ඇගලුම් කම්හලක සේවක සේවිකාවන් 3200 සේවය කරණ අතර ඉන් 7 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවද ඒ මහතා පවසයි.
මේ අතර අනික් ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 1200ක් සේවය කරන අතරදි දින 07ක කාලයක් තුළ එම ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 32 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මෙම කම්හලේ දැනට පවතින තත්වය විශාල ගැටළුවක් බවත් ඒ පිළිබද ක්‍රියාත්මක විය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දන්වා යැවීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
මේ අතර අද (15) දින හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය හා නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල්වල මානව සම්පත් කළමණාකරුවන් අතර සාකච්ඡාවක් පවත්වා ඇත.
කොරෝනා ආසාදිතයින් 32ක් වාර්තා වි ඇති ඇගලුම් කම්හල දින 14ක කාලයක් වසාදමන ලෙස තමන් ඉල්ලමික් කළ බව හබරාදුව සෞඛ්‍ය නිලධාරිවරයා සදහන් කළේය. එහෙත් ඒ සම්බන්ධව තීරණයක් නොගත් බවද හෙතෙම පවසයි.
පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් අන්තර්ජාලයෙන් සිදුකළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළල සේකර මාවතේ නිවසකට තෙරපිවරයකු ලෙස ගොස් වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභර
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.
සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අද (15) ප
හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ’’ආරච්චි’’වරයකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍යය ජාවාරම් කිරීමේ සැකයට අත්අඩංගුවට ගත් කාර්යාල කාර්ය සහායක තරිඳු න
සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර තරග දෙකක් ලබන පෙබරවාරි මස 12 සහ 14 දෙදින කොළඹ ආර්. ප්‍රේමදාස
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කොග්ගල ඇඟලුම් කම්හලක 829 ක් නිරෝධායනයට