(ප්‍රදීප් කුමාර ධර්මරත්න)
කෑගල්ල පොලිස් අධිකාරි කාර්යාලයේ පොලිස් නිලධාරින්ට කොවිඩ්-19 වයිරසය බෝවීමට ක්‍රියා කළ බව කියන පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට කෑගල්ල සහකාර පොලිස් අධිකාරි එච්.ඒ. කමල් පෙරේරා මහතා පියවර ගෙන තිබේ.
වැඩ තහනමට ලක්කර ඇත්තේ කෑගල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත ප්‍රවර්තන අංශයේ පොලිස් සැරයන්වරයෙකුගේය.
රඹුක්කන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන පොලිස් සැරයන්වරයාට ඔහුගේ වැඩ තහනම් ලිපිය කෑගල්ල සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මාවනැල්ල පොලිසිය මගින් ලැබීමට සලස්වා තිබේ.
පොලිස්පතිවරයා 2020.10.31 දින ආර්.ටී.එම්. අංක 1130 අනුව ක්‍රියා නොකිරීම, අනෙක් නිලධාරින්ට කොවිඩ්- 19 වයිරසය බෝවීම වළක්වා ගැනීමට තිබියදී එසේ නොකර වරදක් කර ඇති බැවින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2020.11.20 දින නිකුත් කරන ලද අංක 2202/24 දරන ගැසට් පත්‍රයෙන් තමා වෙත පවරා ඇති බලතල ප්‍රකාරව 12 වැනි දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කළ බව සඳහන් කරමින් සහකාර පොලිස් අධිකාරි කමල් පෙරේරා මහතා විසින් පොලිස් සැරයන්වරයාට වැඩ තහනම් කල ලිපිය යවා තිබේ.
වැඩ තහනම් කළ පොලිස් සැරයන්වරයාගේ පුතු පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වී සිටින අතර එම ආයතනය මගින් ඔහුට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර තිබේ. පොලිස් සැරයන්වරයා දෙසැම්බර් 30 සිට ජනවාරි 02 දක්වා ප්‍රවර්තන අංශයේ රාජකාරි සඳහා වාර්තා කර ඇති අතර සිය පුතු පී.සී.ආර් පරීක්ෂණයකට පෙනී සිටි බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම්දීමට කටයුතු නොකළ බවට සැරයන්වරයාට චෝදනා එල්ල වී ඇත.
පොලිස් සැරයන්වරයා ඉකුත් 02දා කළ පී.සී.ආර් පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති අතර දැනට ඔහු, පුතු සහ ඔහුගේ මාමා රඹුක්කන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබති. ඔහුගේ බිරිඳ උදුගොඩ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබයි.
කෑගල්ල පොලිස් අධිකාරි කාර්යාලයේ උසස් පොලිස් නිලධාරියෙකු ඇතුළු කෑගල්ල පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරින්, සිවිල් නිලධාරින්ද ඇතුළුව 15 කුට පමණ කොවිඩ්- 19 වයිරසය ආසාදනය වී ඇත.
යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති
නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .
පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහ
අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරිනිපතා වර්ෂාව සමග ඉගිණියාගල සේනානායක සමුද්‍රෙය් ජල මට්ටම අඩි 104 දක්වා ඉහල ගොස් ඇතැයි අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කෑගල්ල පොලිසියට කොරෝනා බෝකළ සැරයන්ගේ වැඩ තහනම්
Raveendra Wednesday, 13 January 2021 11:55 AM
එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආසාදනය වුනේ මොන පොකුරෙන්ද කියලා හමුදාපතිතුමා උත්තරයක් දෙන්නේ නැද්ද? ඒ වගේම වගකීමක් නැතුව හැසිරීම නිසා මන්ත්‍රීවරුන්ගෙන් කාර්ය මණ්ඩලවලට සහ ඔවුන් හමුවීමට ආ මහජනතාවට ආසාදනය වීම හෝ නිරෝධායන වීමට සිදුවීම නිසා එම වගකීමක් නැති මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර අහෝසි කරනවද?
RaveendraWednesday, 13 January 2021 01:48 PM
Raveendra මයා වෙත, ඔබගේ වැදගත් පැනයන් පිළිබඳව අප අගය කරන්නෙමු. අප තරයේ විශ්වාස කරනවා ඔබගේ මෙම පැනයන් පිළිබඳව අදාල නිලධාරීන් නිසි ලෙස පිළිතුරු ලබාදෙයි යන්න...
Nirmal Silva Wednesday, 13 January 2021 12:05 PM
එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න අයගේත් වැඩ තහනම්ද?
මහසෙන් Wednesday, 13 January 2021 12:15 PM
කැකිල්ලේ තීන්දු.. මහ එවුන්ට හැදුණු හැටි හොයාගත්තද දන්නෑ?
Prabha Wednesday, 13 January 2021 12:23 PM
පහත් තැනින්නේ ජලය ගලනවා කියන්නේ...!
Rata Perata Wednesday, 13 January 2021 01:14 PM
මේක තමයි නන්දසේනගේ ‘‘සෞභාග්‍යෙය් දැක්ම‘‘
Praba Wednesday, 13 January 2021 02:18 PM
පොලිස් සොක්කන්ට මොන මානව හිමිකම්ද? හීන දකිනවද?
SUNIL MILANO Wednesday, 13 January 2021 02:19 PM
නමට අගෞරව කරන කෙනෙක් මේ ... ජාතකයේ වැරැද්දක් තියෙනවා.
Anuruddha Wednesday, 13 January 2021 04:34 PM
අනුවණ පොලිස් නිලධාරියෙකුගේ මෝඩ තීරණයක්..