(බිඟුන් මේනක ගමගේ)
කොරෝනා ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා ඇත.
එහි සේවකයෝ සිය නේවාසිකාගාරවල රැඳී සිටිති.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අදාළ කම්හල් වල ප්‍රකාශකයන් පැවසුවේ කොරෝනා ආසාදිතයින් සිටින බවට වූ සැකය මත පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බවයි.
සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් සොයා බලන ස්ටෑන්ඩප් මූවමන්ට් ලංකා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අශිලා දන්දෙනිය මහත්මිය පැවසුවේ මෙම ආයතනවල සේවකයන්ට නේවාසිකාගාරවලට යන ලෙස දන්වා ඇතත් ඔවුන් විධිමත් සෞඛ්‍ය පරීක්ෂණ ක්‍රියාවලියකට තවමත් යොමු කර නැති බවයි.
මෙම ආයතනවල සේවය කරන සේවකයන් සමග එකට නේවාසිකව සිටින වෙනත් ආයතනවල සේවක පිරිස් අදත් සේවයට වාර්තා කර ඇතැයි ද එය අවදානම් තත්ත්වයක් යැයි ද දන්දෙනිය මහත්මිය චෝදනා කළාය.
මේ සම්බන්ධයෙන් විමසීමට අමන්දොලුව ජයවර්ධනපුර ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා පැවසුවේ මෙම සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ වගකීම අදාළ ආයතන ගත යුතු නමුත් ඔවුන් වගකීම් විරහිතව ක්‍රියා කරමින් සිටින බවය.
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.
නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා
ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්
වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප
ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නොවේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනහමු කීපයක් අමතමින් පැවසීය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කටුනායක ඇඟලුම් කම්හල් තුනක් වහයි
banda Friday, 09 October 2020 09:23 AM
දැන් ලංකාවේ හැමතැනම කොරෝනා. පුලුවන් නම් කොළඹ ජාතික රෝහලේ ඉන්න රෝගීන් සියලුම දෙනාගේ PCR කරලා බලන්න. අන්න එතකොට බලන්න පුළුවන් ලංකාවේ දවසට කීයක් කොරෝනාවලින් මැරෙනවද කියලා. බොරුවට ලංකාව වටේ ඉන්න නිරෝගි පුද්ගලයන් PCR කරලා කන්දකාඩු ගෙනියන්න එපා.
AsankaSaturday, 10 October 2020 06:46 AM
කොරෝනා හැදුණාට කොරෝනා වලින් මැරෙන්නේ නැහැ. එය බොරුවක්... මැරෙන්නේ වෙනත් බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් තිබ්බොත්... වකුගඩු නරක් වීමක් වගේ... ඔබ ජාත්‍යන්තර විද්‍යා ප්‍රකාශන කියවලා බලන්න. කෝවිඩ් 19 වයිරසයේමරණ හැකියාව 0.04%... ඔබ කියවලා බලන්න වොෂිංටන් පෝස්ට් පත්තරය ඊයේ. මේ වෙලේ ජනමාධ්‍ය හරි නම් කරන්න ඕනෑ විද්‍යාත්මක ඇත්ත ජනතාවට දෙන එක මිසක් බොරු මනස්ගාත කියන එක නොවේ. ජන විඥාණය මොට කරලා බයකරන්න එපා.
රසික Friday, 09 October 2020 11:07 AM
සර්ට පළාත් සභා ටික තියාගන්න ඕනෑ වුණා නම් මේ පාරත් සුවවිරු වන්නම නටලා කොරෝනා පරද්දනවා. හැබැයි මේ පාර බදියුර්දීන්ලගේ වැඩේ අමතක කරන්න ඕන හින්දා කොරෝනා ටිකක් ඇදගෙන යනවා...
vidya Sunday, 11 October 2020 02:06 AM
පාලිත තෙවරප්පෙරුම, රංජන් රාමනායක, මේ දරුවෝ බඩගින්නේ තියන්න එපා. සොයා බලන්න.