IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


කුරුණෑගල රෝහලේ කොරෝනා වාට්ටු පිරෙයි

(පුෂ්පකුමාර ජයරත්න)

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා වෙන්කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බව රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසික රෝගීන් අතරින් 85 දෙනකුම කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.

කොරෝනා බවට සැකකරන රෝගීන් සඳහා පමණක් ප්‍රතිකාර වාට්ටු 7 ක් මේවනවිට රෝහලේ පවත්වාගෙන යන අතර එම වාට්ටු සියල්ලට අමතරව වෙනත් සාමාන්‍ය ප්‍රතිකාර ඒකකවලට අයත් වාට්ටු ලින්ද කොරෝනා ආසාදිතයින් වාර්තා වන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

මෙම රෝගීන් සඳහා හැකි උපරිම ආකාරයට ප්‍රතිකාර ලබා දෙමින් අවශ්‍ය පීසීආර් පරීක්ෂණ සිදු කරමින් තිබෙන බවද නමුත් රෝගීන් බහුල වීම බරපතළ ගැටළුවක් වී ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

දිනෙන් දින කොරෝනා ආසාදිතයින් බවට සැක කරමින් පුද්ගලයන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වන බවද මීට අමතරව පීසීආර් පරීක්ෂණ සඳහාද දිනපතා විශාල පිරිසක් රෝහල වෙත පැමිණෙන බවද වෛද්‍ය කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (1)

කුරුණෑගල රෝහලේ කොරෝනා වාට්ටු පිරෙයි

sharm warn Tuesday, 18 May 2021 10:28 AM

ඇඳවල් දහස් ගණන් හැදුවට වැඩක් තියෙනවද? සෞඛ්‍ය සේවයේ ඉන්න සේවක සංඛ්‍යාව වැඩි වෙන්නේ නැතිනම්... ඇඳකට දැම්ම පළියට ලෙඩෙක් සුව වෙනවද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 85 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 846 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 772 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 221 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 219 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 868 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site