IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කොරෝනා අසාදනය වී සිටි පොට්ට නවුෆර් මිය යයි

(නිමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ)

කෝවිඩ් ආසාදිත ව වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොහොමඩ් නියාස් මොහොමඩ් නවුෆර් නොහොත් "පොට්ට නව්ෆර්" ජීවිතක්ෂයට පත්ව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටියේ කෝවිඩ් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි මෙම රැඳවියාට වෙනත් නිදන්ගත රෝගාබාධ කිහිපයකටම ප්‍රතිකාර ලබමින් සිටි බවය.

බූස්ස බන්ධනාගාරය රඳවා සිටි පොට්ට නවුෆර් නමැත්තා ඉකුත් සතියේදී ගාල්ල කරාපිටිය රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් සිටියදී සිදුකල ඇන්ටිජන් පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබිණි.

පසුව ඔහු ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්විය.

හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොට්ට නව්ෆර් ඇතුළු කිහිප දෙනකුට මරණ දඬුවම නියම වූයේ 2004 වසරේ අගෝස්තු 4වැනිදාය.

 



අදහස් (22)

කොරෝනා අසාදනය වී සිටි පොට්ට නවුෆර් මිය යයි

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 28 August 2021 08:32 PM

පාතාලයකු හෝ මේ වසංගතයෙන් මැරෙනවාට අප කැමැති නැහැ. ඒත්, සරත් අඹේපිටිය වැනි විනිසුරුතුමෙකු ඝාතනය කළ අසමාජ්ජාතීන්ට යහපත් මරණයක් නම්,නැති බව දන්නවා.

:       2       88

Asoka gunasekara Saturday, 28 August 2021 08:41 PM

මොහු නිසා ජීවිත කියක් විනාස වෙන්න ඇතිද?

:       1       70

සඳුන් Saturday, 28 August 2021 08:49 PM

සමාව දීලා සංස්ථා සභාපතිකමක් දුන්නම් කොල්ලව ගොඩ දාගන්න තිබුනා.

:       44       63

Sri Lanka Saturday, 28 August 2021 09:00 PM

දැන් මැරෙන හැමෝටම කොරෝනා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. අහන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි.

:       53       19

නුවන් වික්‍රමසිංහ Sunday, 29 August 2021 09:44 AM

ඔයා නවුෆර්ගේ යාලුවෙක් නේද?

:       4       9

sampath Saturday, 28 August 2021 09:03 PM

කර්මය පලදීම ප්‍රමාද වැඩි වගේ

:       4       22

සමන් - ඕමානය Saturday, 28 August 2021 10:14 PM

අහිංසක ජීවිත නැති කල අපරාධකරුවකුට ස්වභාවධර්මයා විසින් දුන් දඬුවමක්.

:       4       28

Roshan Sunday, 29 August 2021 12:27 AM

නිකන් කන්න බොන්න දීලා ඔතන හිටියත් කරන්නේ වැරදි වැඩමනේ

:       0       7

Sunil Sunday, 29 August 2021 04:54 AM

අසාධාරණයෙන් ජිවත් වන අයට එච්චර හොඳ කාලයක් නෙවෙයි මේක.

:       0       6

ranji Sunday, 29 August 2021 05:44 AM

අපරාධකාරයන්ට මහජන මුදල් හොරකම් කරපු අයට හොඳ කාලයක් නෙවෙයි වගේ.

:       0       6

මුණසිංහ Sunday, 29 August 2021 07:01 AM

ආයුධ පෙන්නන්ඩ යන එකේ තවත් පැත්තක්.

:       1       5

Don Sunday, 29 August 2021 07:26 AM

තව කාලෙකින් විදේශ රටකින් ආයේ මතු වෙයිද.?

:       0       3

පිටිගල මිලානෝ Sunday, 29 August 2021 09:12 AM

මෙයාටත් අරයා වගේ ජනාධිපති සමාව ගන්න තිබුනනෙ....

:       0       5

Bamunuarachchi Sunday, 29 August 2021 10:18 AM

යහපාලකයෝ තවටික කලක් හිටියානම් නවුෆර් නිදහස්වෙලා ඇමති කෙනෙකුත් වෙනවා ෂුවර් ම ෂුවර්.

:       12       6

Lalith M Sunday, 29 August 2021 11:57 AM

බමුණාට වයර් මාරුවෙලා. එයා හිතන් ඉන්නේ තවම පරණ කෙනා ඉන්නේ කියල. දැන් අපේ පස්ස බිම ඇනිලා හුඟක් කල්.

:       2       9

සෙනෙවිරත්න Sunday, 29 August 2021 12:07 PM

දුමින්ද ගැනත් කියන්නකො, ඒක වෙච්චි දෙයක් නේ, යහපාලනය වසර පහක් තිබුනට ඔයා කියපු දෙය උනේ නැහැනෙ.

:       1       7

lanka Sunday, 29 August 2021 12:23 PM

බමුණා රෙදි ඇදගෙනද කොමෙට් දාන්නේ.?

:       2       9

BamunuarachchiMonday, 30 August 2021 07:11 AM

හිතුවද ඔහෙ වගේ රෙදි නැතුව කමෙන්ට්ස් දානවා කියලා. අපි ඔහේ ගැන හිතන විදිහට ඔහේ අපි ගැන හිතන්නේ එපා. කෙලින් අහන්න උත්තර දෙන්නම් බමුණට උත්තර හිඟ නැහැ.

:       2       0

කුසුම් දල්පදාදු Sunday, 29 August 2021 01:25 PM

මට බය පොට්ට නව්පර් ව එලියට දාලා . කොරෝන වලින් මැරුන වෙන කෙනෙකගේ මිනියක් බොඩි බෑග් එකකට දාලා , පොට්ට නව්පර් කියල ලේබලයක් වත් ඇලෙව්වද කියල...?

:       0       7

Nihal Sunday, 29 August 2021 01:56 PM

දෙවියන් වහන්සේට ගොඩක් ස්තුතියි .දෙවියෝ ඔක්කොම හදලා කරන්නේ

:       0       3

Bamunuarachchi Monday, 30 August 2021 07:22 AM

දැන් ඉන්නේ අලුත් එක්කෙනා කියලා අපි දන්නවා. එයාට පරණ වැඩ අදාළ නැහැ කියලාත් දන්නවා.

:       0       0

Bamunuarachchi Monday, 30 August 2021 07:24 AM

ලලිත් එම් උත්තර වහගෙන හැංගිලා රිටර්න් එක ලැබෙයි කියලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 58 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 45 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 70 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 261 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 428 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 149 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 766 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site