IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


කොරෝනා තියෙද්දී එල්.පී.එල්. සංවිධානය ක්‍රීඩකයන් අනතුරේ හෙලීමක්

(නිමල කොඩිතුවක්කු)

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ එල්. පී. එල් තරගාවලිය සංවිධානය කිරීම ක්‍රීඩකයන් අනතුරේ හෙලීමක් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා කොළඹදී පැවසීය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි  විපක්ෂ නායක කාර්යාලයේ අද(20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා මෙසේද කීවේය.

      "එල්. පී. එල් තරගාවලිය ලබන 26 වන දා ඉදන් ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා. කොරෝනා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙද්දී මෙවැනි තරගාවලියක් පවත්වන පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. තවත් කොරෝනා පොකුරක් ව්‍යාප්තවීමේ අවදානමක් මෙහි තිබෙනවා.

මේ තරගාවලියට සහභාගි වන්නේ අපට ජාතික වටිනාකමක් ලබා දෙන දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන්. මෙහි තරග කිරීමට පැමිණෙන විදේශ ක්‍රීඩකයන් කොරෝනා ආසාදිතයන් බවට පත්ව තිබෙනවා.

විවිධ රටවල් වලින් අපේ රටට  ක්‍රීඩකයන්, පුහුණු කරුවන්, මාධ්‍යවේදීන්, විස්තර විචාරකයන් ආදී කණ්ඩායම් සහභාගි වෙනවා. මේ අය කොරෝන අරන් අපේ රටට ආවොත් අපේ රට තවත් අවදානමකට පත් වෙනවා.



අදහස් (8)

කොරෝනා තියෙද්දී එල්.පී.එල්. සංවිධානය ක්‍රීඩකයන් අනතුරේ හෙලීමක්

CISCO Friday, 20 November 2020 10:52 AM

මෙයා අයි.පී.එල්. බලන්න නැතිව ඇති.

:       2       1

Kamal KoyralaSaturday, 21 November 2020 02:33 PM

CISCO, 69 ලක්ෂයේ බයියෙක් වෙන්න ඇති අයි. පි. එල්. සහ එල්.පී.එල්. මොකක්ද කියලා දන්නේ නැහැනේ.

:       0       1

විශ්ව Friday, 20 November 2020 11:08 AM

විදෙස් ක්‍රීඩකයන් ට අපෙන් කොරෝනා සෑදීමට ඇති ඉඩකඩ ඔවුන්ට කියා දීම මෙම මාධ්‍ය සාකච්ඡාවේ හරය බව පෙනේ. අවසාන මොහොතේ හෝ ඔවුන් තරගාවලියෙන් ඉවත් වුවහොත්, ඇතැමුන්ට ලැබිය හැක්කේ කාලකන්නි සතුටකි.

:       0       3

Prase Friday, 20 November 2020 11:16 AM

ඔව් ඒක ඇත්ත.

:       0       1

Nuwan Friday, 20 November 2020 11:51 AM

ඔය ක්‍රීඩා ඇමැති කියලා කෙනෙක් ඉන්නේ .... මෙලෝ රහක් නැහැ.

:       0       2

සේනානායක Saturday, 21 November 2020 04:22 AM

රටට කෙලවුණාට මොකද? අපේ නාමල් ඇමතිතුමාට හරි යනවා නම්

:       4       6

pradeepa Saturday, 21 November 2020 07:49 AM

අපි හරක් පාර්ලිමේන්තු යැව්වා නම් එයාලගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් හරක් වැඩ තමයි. රට මෙච්චර දරුණු තැනකට වැටිලා මිනිස්සු මහපාරෙ වැටිලා මැරෙනවා. ඒ මදිවට අපි ක්‍රිකට් ගහනවා.

:       3       3

මරතේනිස් අයියා Sunday, 22 November 2020 01:01 AM

ක්‍රීඩාකිරීම මේ වෙලාවේ අත්‍යවශ්‍යම දෙයක් නෙමේ නේද? ඒ නිසා මේවා පසුව සංවිධානය නොකරන්නේ ඇයි? බේබිට මාර හදිසියක්නේ තියෙන්නේ. ඒ වගේම තමයි පාසැල් ආරම්භ කිරීමත්... කලින් වතාවේ ඉතා සැලසුම් සහගතව ඩලස් ඇමතිතුමා ඒක සිදුකළා. එක දරුවෙක්වත් ගුරුවරයෙක්වත් ආසාධිත නොවන විදිහට. දැන් රටේ මෙච්චරටම බරපතල තත්වයක් තිබිලත් කිසිම සැලසුමක් නැතිව පාසල් අරින්න හදනවා. ඇත්තටම වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා පොතේගුරෙක් මිස මහ පොළවේ පය තබා සිටින මනුස්සයෙක් කියලා පෙනෙන්න නැහැ. ⁣දැන්නම් අපේ පාලකයින් සහ ඇමතිවරු කටයුතු කරන්නේ වියරුවෙන් වගේ එක එකා තමන්ට හිතන හිතන දේවල් කරනවා දිනපතා මිනිස්සු මැරෙනවා.. මොවුන්ට කිසිම ගාණක් නැහැ. පාසැල් යන එක දරුවෙකුට හැදුණොත් මොකද වෙන්නේ කියලා... මොවුන්ට කිසිම ගාණක් නැහැ... ක්ලෝරින් වතුරෙන් කකුල් හෝදලා ඉස්කෝලෙට ගත්තට වැඩක් තියෙනවද? ආසාධිත දරුවෙක් ඉස්කෝලේ ආවොත්? අවසානයේ ඉහළ තැන්වලින් කියාවි දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ වරදින් නැවත කොරෝනා පැතිරුනා කියලා.. ඇත්තටම අපි රට බාරදුන්නේ ජෝකර්ලා සෙට් එකකටද කියලා හිතෙනකොට හරිම කණගාටුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 878 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 211 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1549 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 1981 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


අදානිගෙන් කොළ එළියක්
2025 මාර්තු මස 11 1898 0

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 259 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site