(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 36ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (30) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1441 ක් දක්වා ඉහළ ගියේය.
මෙම මරණ අතරින් 7 ක් ඊයේ (30) දිනයේත් සෙසු ඒවා මැයි 2 සිට 29 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.
මින් හය දෙනකු නිවසේදී මියගොස් ඇත.
හැටන් ප්‍රදේශයේ 74 හැවිරිදි පිරිමි අයෙක්, කදුරුවෙල ප්‍රදේශයේ 68 හැවිරිදි පිරිමි අයෙක්, ගාල්ලේ 69 සහ 78 වයස්වල හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්, හොරණ ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමි අයෙක්, මතුගම ප්‍රදේශයේ 83 සහ 86 වයස්වල කාන්තාවන් දෙදෙනෙක්, ගලගෙදර ප්‍රදේශයේ 72 හැවිරිදි පිරිමි අයෙක්, උතුරු කළුතර ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමි අයෙක්, කළුතර 86 හැවිරිදි කාන්තාවක් සහ 63 හැවිරිදි පිරිමි අයෙක්, අනුරාධපුර 68 හැවිරිදි කාන්තාවක්, හෙට්ටිපොළ ප්‍රදේශයේ 60 හැවිරිදි පිරිමි අයෙක්, බද්දේගම ප්‍රදේශයේ 68 හැවිරිදි පිරිමි අයෙක්, උඩලන්ද ප්‍රදේශයේ 66 හැවිරිදි කාන්තාවක්, වේයන්ගොඩ ප්‍රදේශයේ 75 හැවිරිදි කාන්තාවක්, කොළඹ 6 ප්‍රදේශයේ 56 වියැති කාන්තාවක්, යාපනයේ 88 හැවිරිදි කාන්තාවක්, මහනුවර 80 සහ 73 හැවිරිදි පිරිමි අය දෙදෙනෙක්, දකුණු කළුතර ප්‍රදේශයේ 63 හැවිරිදි පිරිමි අයෙක්, ගෝනමුල්ල ප්‍රදේශයේ 83 හැවිරිදි පිරිමි අයෙක්, රාජගිරිය ප්‍රදේශයේ 49 හැවිරිදි කාන්තාවක්, මග්ගොන ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක්, ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ 74 හැවිරිදි පිරිමි අයෙක්, බදුල්ලේ 62 හැවිරිදි පිරිමි අයෙක්, කට්ටුව ප්‍රදේශයේ 46 හැවිරිදි පිරිමි අයෙක්, බත්තරමුල්ල ප්‍රදේශයේ 64 හැවිරිදි කාන්තාවක්, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ 84 හැවිරිදි පිරිමි අයෙක්, මරදන්කඩවල 70 හැවිරිදි පිරිමි අයෙක්, බලංගොඩ 70 හැවිරිදි කාන්තාවක්, රත්නපුර 70 සහ 58 වයස්වල කාන්තාවන් දෙදෙනෙක්, කහවත්ත ප්‍රදේශයේ 75 හැවිරිදි කාන්තාවක්, වටපොළ ප්‍රදේශයේ 65 හැවිරිදි කාන්තාවක්, කුරුවිට ප්‍රදේශයේ 74 හැවිරිදි පිරිමි අයෙක් මියගිය අය අතර වෙති.
මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොරෝනා මරණ තව 36ක් වාර්තා වේ