(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 82දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය.
මෙය දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,727 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි අය 41 දෙනෙක් සහ කාන්තාවෝ 41 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 60 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 22 දෙනෙක්ද වෙති.
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .
බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොරෝනා මරණ 82ක් වාර්තා වෙයි
Ratne Thursday, 05 August 2021 06:09 AM
කොවිඩ් පලමු රැල්ල (මහ මැතිවරණයට පෙර) කැපවීමෙන් ක්‍රියා කර ඉතා සාර්ථක ලෙස පාලනය කිරීමට සමත් විය. ඉතාමත් කණගාටුවකට කාරණය නම්, අප රට තුළ පවතින කොවිඩ් තත්ත්වය මීට වඩා හොඳින් පාලනය කිරීමට හැකියා තිබීය දී, එය සිදු නොකර පාලකයින් විසින් ගත් අදූර දර්ශී ක්‍රියා කලාපය හේතුවෙන් මුළු රටම විශාල ව්‍යවසනයකට මුහුණ දෙමින් තිබේ. එන්නත් නොගත් විදේශිකයින් පවා විශේෂ වරප්‍රසාද ද ලබා දෙමින් ගෙන්වා, නැවත වරක් ව්‍යවසනය තීව්‍ය කිරීමට වංචනිකයකු ක්‍රියා කරමින් සිටීම කොවිඩ් යොදා ගනීමින් සිදු කරන මිනී මැරුම් ඉහල යාමට බලපානු නියතය.
මුණසිංහ Thursday, 05 August 2021 07:22 AM
ලබන සතියේ සිට ස්ථිරවම ලොක් ඩවුන් කරන්න වෙනවා. ගුරුවරු විතරක් නෙවෙයි මුළු රජයේ සේවයම ගෙදර නැවතුනොත් හොඳයි.
priyantha Thursday, 05 August 2021 09:56 AM
තවම ලංකාවේ මිනිස්සුන්ට බය දැනිලා නෑ .මිනී කඳු ගැහෙනකොට සර් ෆේල් .
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 05 August 2021 01:00 PM
මා මේ පවසන්නේ දේශපාලන වශයෙන් පැත්තකට බරව නොවෙයි.මේ වගේ පුංචි දූපත් රාජ්‍යයක,දිනකට 82 ක් මියයනවා කියන්නේ,එසේ මෙසේ කාරණාවක් එහෙම නෙමෙයි.මෙයින් පෙනීයන්නේ,සෞඛ්‍ය අමතිතුමිය, කෝවීඩ් පාලන අංශ මෙන්ම,පාලනයෙහි සිටිනා රජයද අසාර්ථක බවයි.