IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කොරෝනා රෝගීන් සංඛ්‍යාවෙන් ඉන්දියාවේ මිලියන 4 ඉක්මවයි



අද පෙරවරු 9.00 න් අවසන් වූ පැය 24 ඇතුළත ඉන්දියාවෙන් හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 86,432 ක් වී තිබේ. මෙතෙක් එක දිනයකදී ඉන්දියාවෙන් හමුවූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙය වන අතර මෙම රෝගීන් පිරිසත් සමගින් ඉන්දියාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා ඇත.

ගෙවී ගිය පැය 24 ක කාලයේදී රෝගීන් 1,089 ක් මිය ගොස් තිබේ.

මෙම නවතම අගයන් සමගම කොරෝනා රෝගීන් මිලියන 4 ක් (ලක්ෂ 40) පසු කළ ලෝකයේ තුන්වැනි රට බවට ඉන්දියාව පත්වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නවතම කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඉන්දියාවයි.

ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,023,179 ක් වන අතර එය ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතුරින් තුන්වැනි ස්ථානය ගෙන තිබේ. එක්සත් ජනපදයෙන් රෝගීන්  මිලියන 6.3 කට  වඩා වාර්තා වී ඇති අතර බ්‍රසීලයෙන් කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 4.1 කි.  

කොරෝනා අර්බුදයෙන් පසුව ඉන්දීය ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ අරමුණින් රජය විසින් සීමාවන් ලිහිල් කරමින් සිටින නමුත් ඉන්දියාවේ දිනයකදී වාර්තාවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව  80,000 ක් ඉක්මවා තිබේ. දෛනික මරණ සංඛ්‍යාවද 1,000 ට ඉක්මවයි.

එක්සත් ජනපදයට සහ බ්‍රසීලයට වඩා වේගයෙන් කොරෝනා රෝගීන් වාර්තා වූ ඉන්දියාවේ දින 13 ක් තුළදී රෝගීන් සංඛ්‍යාව  මිලියන 3 සිට 4 දක්වා ඉහළ ගොස් තිබේ. එය එක්සත් ජනපදයේ සහ බ්‍රසීලයේ වාර්තා වූ වේගයට වැඩි වේගයකිනි.

වසංගතය දැන් ග්‍රාමීය ප්‍රදේශ හරහා ව්‍යාප්ත වී යමින් තිබේ. මෙම පළාත්වල සෞඛ්‍ය පහසුකම් ඉතා දුර්වල හෙයින් පැතිරීම වේගවත් වන අතරම වඩාත් ජනාකීර්ණ නගර වන දිල්ලිය සහ මුම්බායි වැනි විශාල නගරවලද තත්ත්වය එන්න එන්නම අයහපත් අතට හැරෙමින් තිබේ.

මුම්බායි නගරයද ඇතුළත් මහාරාෂ්ඨ ප්‍රාන්තය මාර්තු මාසයේදී අගුලු දමන ලදි. කෙසේ වෙතත් එය ඉන්දියාවේ රෝගය පැතිරීමේ කේන්ද්‍රස්ථානය වී තිබේ. කෝටි 130 ක් වන ඉන්දීය ජනගහණයෙන් දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාවෙන් හතරෙන් එකක් පමණ තවමත් වාර්තා වන්නේ මහාරාෂ්ඨ ප්‍රාන්තයෙනි.

ඉන්දියාවේ වසංගත ප්‍රවණතා සමීපව අනුගමනය කළ ආර්ථික විද්‍යා මහාචාර්යවරියක සහ හිටපු රජයේ උපදේශකවරියක වන ශමිකා රවී මහත්මිය කියා සිටියේ ඉන්දියාව “කොතැනකවත් උච්චතම ස්ථානයකට ආසන්න වී නැත” කියාය. කොරෝනා වෛරසයට එරෙහි ව්‍යාපාරයේදී මහාරාෂ්ට්‍රය “අවධානය” යොමු විය යුතු තැන බව ඇය කියා සිටින්නීය.

“මහාරාෂ්ට්‍රයේ පැතිරීම පාලනය නොකර කොවිඩ් -19 පාලනය කිරීමක් ගැන හිතන්නවත් බෑ ” යනුවෙන් ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියාය.

 

 



අදහස් (0)

කොරෝනා රෝගීන් සංඛ්‍යාවෙන් ඉන්දියාවේ මිලියන 4 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2356 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1260 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2891 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1031 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 816 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1016 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site