(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුවිට බන්ධනාගාරයේ කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු හමු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කුරුවිට බන්‍ධනාගාරයේ කාන්තා රැඳිවියන් 78 දෙනකු අතරින් කළ පීසීආර් පරීක්‍ෂණ වලින් 14දෙනෙකු සහ නියාමකවරියන් දෙදෙනෙකු අතරින් එක් නියාමකවරියක් කෝවිඞ් 19 ආසාදිත බව තහවුරුවී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.
කොළඹ සිට සැකකාරියන් කිහිපදෙනෙක් කුරුවිට බන්‍ධනාගාරයේ කාන්තා අංශයට සති කිහිපයකට පෙරදී රැගෙනවිත් තිබුණි. ඔවුන් වෙනම රඳවා තබා තිබූ අතම මුලින් සැකකාරියන් 28 දෙනෙකුගේ සීසීආර් පරීක්‍ෂණ පවත්වා තිබුණි. සතියකට පමණ පෙර කළ එම පීසීආර් පරීක්‍ෂණ වලදී එක් සැකකරියකට කෝවිඞ් 19 ආසාදිත බව තහවුරුවී තිබූ බව ද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.
රත්නපුර කැටන්දොළ ප්‍රදේශයේ පදිංචි රිමාන්ඞ් භාරයේ සිටි සැකකාරියකට මෙසේ ආදිසත වී තිබූ අතර ඇය පල්ලන්සේන බන්‍ධනාගාර ප්‍රතිකාර මධ්‍යස්ථානයට යවනු ලැබිණි.
ඉන් අනතුරුව කුරුවිට බන්‍ධනාගාරයේ කාන්තා අංශයේ සිටි සැකකාරියන් පනස් දෙනෙකු සහ නියාමකවරියන් දෙදෙනක් පසුව පිසීආර් පරික්‍ෂණයට යොමුකළ බව ද පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.
රත්නපුර ශික්‍ෂණ මහතා රෝහලේ පීසීආර් පරීක්‍ෂණාගාරයේදි කළ එම පරීක්‍ෂණයෙදී සැකකාරියන් දහතුන් දෙනෙකුගේ සහ එක් නියාමකවරියකගේ කෝවිඞ් 19 ආසාදිත බව තහවරු වූ බව ද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.
දෙවනවර පරීක්‍ෂණයෙන් ආසාදිත බව තහවුරු සැකකාරියන් පිරිසගෙන් පස් දෙනෙක් කොළඹින් කුරුවිටට මාරුකළ කාන්තාවන් වන අතර සෙසු අට දෙනා රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බව කුරුවිට පළාත් සෞඛ්‍ය අංශ සඳහන් කළේය. මේ වනවිට බන්‍ධනාගාරයෙන් ආසාදිත බව තහවුරුවු සැකකාරියන් පොලොන්නරුව ගල්ලෑල්ලේ පිහිටි බන්‍ධනාගාර රැඳිවියන්ට කෝවිඞ් ප්‍රතිකාර කරන ප්‍රතිකාර මධ්‍යස්ථානයට යවා ඇත.
===කෝවිඞ් ආසාදිත බව තහවුරු වී ඇති නියාමකවරිය පීසීආර් පරීක්‍ෂණයෙන් පසු ඕපනායක පිහිටි ඇගේ නිවසේ සිටියදී ඇයට ආසාදිත බව තහවුරු වී ඇති බවට වාර්තාව ලැබීමෙන් පසු ඇයත් ඇගේ නව හැවිරිදි සහ හය හැවිරිදි දියණියන් දෙදෙනා ඇඹිලිපිටියේ පිහිටි කොවිඞ් ආසාදිත එහෙත රෝග ලක්‍ෂණ නොපෙන්වන බන්‍ධනාගාර නිලධාරින්ට ප්‍රකාරකරන මධ්‍යස්ථයේ ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරියාලයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
එසෙම ඇගේ නිවසට ආගිය බව කියන ග්‍රාම නිලධාරීවරයෙකු ද ඔහුගේ නිවසේ ම ස්වයං නිරෝධානයට ලක්කර ඇති බව ද කීවේය. මෙම නියාමකවරියගේ සැමියා ටික කලකට පෙර රියඅනතුරකින් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
මෙම ආසාදිතයන් හමුවීමෙන් පසු කුරුවිට බන්‍ධනාගාරයේ ඒ වනවිට සේවයේ යෙදී සිටි සියලුම නියාමකවරුන් සහ නියාමකවරින්ය බන්‍ධනාගාරය තුලම නිරෝධායනයට ලක්කර තිබේ.
බන්‍ධනාගාරයට පිටතින් ඇතුලුවීමට හෝ පිටවීමට තහනම් කරනු ලැබු බවත් බන්‍ධනාගාරයට ආහාර සපයන සැපයුම්කරුවෙක් ද නිරෝධායනයට ලක්කළ බව පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.
පසුගිය 13දා රාත්‍රී ආසාදිතයන් තහවුරුවූ වාර්තාව ලැබෙනවිට බන්‍ධනාගාරයේ නිලනිවාස, විව්කාගාර, රාජකාරී වැඩමුර, නිලධාරී නිවස්න වල සිටි හැට දෙදෙනෙක් පමණ වූ සේවක පිරිසකට සති දෙකක් වනතුරු බන්‍ධනාගරයෙන් පිටවීම තහනම් කළ බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරියාලයේ ප්‍රකාශකයෙක් පැවසුවේය. ඔවුන් බන්‍ධනාගාරයේ අභ්‍යන්තර රාජකාරී ආවරණය කිරිමට මේ කාලය තුල යොදවන ලෙසත්, විවේක සහ නිවාඩු ලබා නිවෙස්වලට ගොස් සිටි තවත් නියාමකවරුන් සහ නියාමකවරියන් සිය දෙනෙක් පමණ පැමිණීමට නියමිතව සිටි බවද එම ප්‍රකාශකයා පැවසුවේය.
කුරුවිට බන්‍ධනාගාරයේ නියාමකවරුන් 160ක සිටින අතර ඉන් 140ක් පිරිමි සහ 20ක් කාන්තාවන් බවද එම ප්‍රකාශකයා පැවසුවේය.
පසුගියදා කුරුවිට බන්‍ධනාගාර නියාමකවරියන්ට පහරදි සැකකාරියන් පිරිසක් පලායාමට උත්සාහ ගත් අවස්ථාවේ කාන්තා අංශයේ ඇතිවූ තත්ත්වය පාලනය කිරිමට ඒ අංශයට ගිය බවට සැකකරන නිලධාරින් 38 දෙනෙකු බන්‍ධනාගාරය තුලත් නිවාඩු ගිය පිරිස ඔවුන්ගේ නිවෙස්වලත් නිරෝධායනයට ලක්කළ බවද කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයා කීවේය.
මේ අතර ආසාදිත බව තහවුරු වු නියාමකවරියගේ යතුරු පැදියෙන් බන්‍ධනාගාරයේ සිට කුරුවිට නගරයට ආ බන්‍ධනාගාරරෝහලේ වෛද්‍යවරියක් ද කුරුවිට දෙල්ගමුවේ පිහිටි ඇගේ නිවසේම නිරෝධායනයට ලක්කළ බව ද පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා පැවසුවේය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කුරුවිට බන්ධනාගාරයෙත් 15 කට කොරෝනා