(ප්‍රියංකර ජාතුංගම)
කලවාන මූලික රෝහලේ ළමා වාට්ටුව බාරව සිටි වෛද්‍යවරියක ස්වයං නිරෝධානයට ලක් කිරීම හේතුවෙන් රෝහලේ ළමා වාට්ටුව වසා දැමිමට පියවර ගෙන තිබේ.
කලවාන මූලික රෝහල ප්‍රකාශ කලේ එම වෛද්‍යවරිය සමග සිටි තවත් වෛද්‍යවරුන් දෙදෙනකු හා හෙදියන් 16 දෙනෙකු කාර්ය මණ්ඩලයේ දස දෙනෙකු ස්වයං නිරෝධානයට ලක්කර ඇති බවය.
ළමා වාට්ටුව බාරව සිටි වෛද්‍යවරියගේ පී.සී.ආර් වාර්තා ලැබෙන තෙක් ළමා වාට්ටුව යළි විවෘත නොකරන බවත් එය එම වාට්ටුවට පැමිණෙන අයගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා ගත් පියවරක් බවත් කලවාන මූලික රෝහලේ ප්‍රකාශකයකු කීය.
ළමා වාට්ටුව හැර අනෙකුත් වාට්ටු හා ප්‍රතිකාර සුපුරුදු ලෙස සිදුවන බවත් සායන කටයුතු රෝගින්ගේ සෞඛ්‍ය වාර්තා තබන පොත් බලා ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇති බවත් කලවාන මූලික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.
රෝහලේ වෛද්‍යවරුන් හා හෙදියන් කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට ලක්වීම හේතුවෙන් රෝහල් කටයුතු ඉතා අසීරුවෙන් පවත්වාගෙන යන බවද කලවාන මූලික රෝහලේ ප්‍රකාශකයකු කීය.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කලවාන රෝහලේ ළමා වාට්ටුව වසා දමයි