මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 27 දෙනෙකුගේ කොට්ඨාස තුළ කොව්ඩ් - 19 වසංගත තත්වය අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශයට පත් කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු 7 දෙනෙකුගේ කොට්ඨාසද, ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 19 දෙනෙකුගේ කොට්ඨාස ද , කළුතර දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දෙකකගේ කොට්ඨාස ද මෙලෙස අධි අවදානම් කලාප ලෙස නම්කර ඇත.
මහනගර සභා බල ප්‍රදේශය, නුගේගොඩ, බත්තරමුල්ල, කොලොන්නාව, කහතුඩුව, මොරටුව සහ කඩුවෙල කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.
රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජාඇල, ඒකල, කටාන, සීදූව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැළණිය, මහර, දොම්පේ, පූගොඩ, මීරිගම, බියගම, මීගමූව සහ කටුනායක ගම්පහ දිස්ත්‍රික්කයේ අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ වාද්දුව කොරෝනා වයිරසය අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.
(28535)
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොළඹ-ගම්පහ-කළුතර දිස්ත්‍රික්කවල අධි අවදානම් ප්‍රදේශ රැසක්
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 27 October 2020 04:01 AM
අහෝ ... බ්‍රැන්ඩික්ස් රැල්ල කළ වීපතක මහත .... !!! ඒත්,ඒ ගැන කතා නොකරන්නේ සියලු චෝදනා වලින් ඔවුන් නිදහස් කොට ඔවුන් සෑම දෙනා සාධාරණීකරනය කිරීමට සමහරුන් වෙර දරන්නේ,ඔවුන් බේරා ගැනීමට වෙනත් පැති සොයන්නේ මන්දැයි ගැටලූවකි.
සමන්ත Tuesday, 27 October 2020 05:37 AM
මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කියනවා නම් මෙය ඇත්ත. ඔවුන් ගොමාලා වගේ බොරු බිල්ලන් මවන්නේ නැත. අර ප්‍රවෘත්ති නිවේදන දෙන ලොක්කාගේ ඇස් දෙක ලොකු කරන හැටි දැක්කාම බය හිතෙනවා කොරෝනා වලටත් වඩා. කොහොමත් ගම්පහ දිස්ත්‍රික්කයටම ඇදිරි නීතිය පනවා ඇති නිසා ගම්පහ දිස්ත්‍රික්කය ආරක්ෂාකාරී විය හැක. නමුත් කොළඔ අධි අවධානම් කලාප වලට ඇදිරි නීතිය පනවන්නේ නම් හොඳයි. නමුත් මෙහිදී සිදුවන්නේ කොළඔ මහ නගර සභා සීමාවට ඇදිරි නීතිය දමා දෙහිවලට නොදා හිටියොත් වැල්ලවත්තේ සිට පාර පැනීම පමණක් කර අවශ්‍යතා ඉටුකර ගත හැකියි. මේ නිසා සීමා මායිම් පැහැදිලිව වෙන් වෙන ප්‍රදේශය දක්වා ඇදිරි නීතිය පනවා මේ තත්වයෙන් ගොඩ ඒම වටී.
සමනලයා Tuesday, 27 October 2020 05:40 AM
දැන් ආර්ථිකය කඩන් වැටෙනවා කිය කියා ඉදලා වැඩක් නෑ. ඇදිරි නීතිය දමා මේ තත්වයෙන් ගොඩ ඒමට කටයුතු කරන්න. දැන් කොහොමත් රටේ ප්‍රධානම ආර්ථික මධ්‍යස්ථාන වන ගම්පහ දිස්ත්‍රික්කය සහ කොළඔ කොටුව, පිටකොටුව ප්‍රදේශ වලට ඇදිරි නීතිය දමා තිබේ. එබැවින් රටටම ඇදිරි නීතිය දැම්මත්, නොදැම්මත් එකම තමයි.
Nuwan Tuesday, 27 October 2020 06:32 AM
ඉතින් තව බලබලා ඉන්නේ නත්තල් පප්පා එනකල්ද?
චන්දන Tuesday, 27 October 2020 08:34 AM
පළමු වතාවෙ දිස්ත්‍රික් අතර ගමනාගමනය තහනම් කර වසංගතය පාලනය කලත් මෙම වාරයේ එවැන්නක් කර නැහැ. මෙනිසා බේරුවල පැත්තේ අය පවුල් පිටින් රත්නපුර දිස්ත්‍රික්කයේ ඔවුන්ගේ නෑයින් සොයා එනවා සැත්කම් වලට කියමින් පවුල් පිටින් ත්‍රීවීල්වල පැමිණ මුදල් එකතුකරනවා. මෙමගින් වෛරසය පැතිරීමේ අවදානම ඉතාම වැඩිවෙනවා. මෙයට නොපමාව විසදුමක් නොයෙදුවොත් ඉතා භයානක වෙන්න පුළුවනි. මාර්ග වසා කටයුතු කිරීමට බැරිනම් මාර්ග බාධක යොදා හෝ මෙම සංචරනයන් නවත්වන්න.
E D S G DE SILVA Thursday, 29 October 2020 03:09 AM
කරුණාකර මිලදී ගැනීම සඳහා ප්‍රදේශ ආවරණය වන පරිදි වෙළඳ භාණ්ඩවල ජංගම සේවා යැවීමට කාරුණික වන්න